නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔයාටත් ඉලක්කෙට යන්න ඕනේ නම් බිහිරි ගෙම්බෙක් වගේ ඉන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඔයාටත් ඉලක්කෙට යන්න ඕනේ නම් බිහිරි ගෙම්බෙක් වගේ ඉන්න

Published April 22, 2024

මම මේ මාතෘකාව පටන් ගන්න කලින් බිහිරි ගෙම්බගේ කතාව ඔයාලට කියලා ඉන්නම්. දවසක් කැලේක හිටපු ගෙම්බෝ රංචුවක් ගමනක් යමින් ඉද්දි මේ ගෙම්බෝ රංචුවෙන් කීපදෙනෙක් පාරෙ තිබුණ ගැඹුරු වළකට වැටුණා. වළ වටේට එකතු වුණ අනිත් ගෙම්බො ටික වළට වැටුණු ගෙම්බො දිහා බලාගෙන කලබලෙන් කෑගහන්න පටන් ගත්තා. වළට වැටුණු ගෙම්බෝ උඩ පනිමින් වළෙන් ගොඩට එන්න කොච්චර උත්සාහ කළත් වළ ගැඹුරු වැඩි නිසා මේ ගෙම්බන්ට වළෙන් ගොඩ එන්න පුළුවන් වුණේ නෑ. ගෙම්බන් වළෙන් ගොඩට එන්න දරන උත්සාහය දැකලා උඩ හිටපු ගෙම්බො ටික මෙහෙම කියන්න පටන් ගත්තා.

“අනේ පව්… මේක එයාලගේ කරුමෙ”

“අවාසනාවක මහත…”

“මේ ගැඹුරු වළෙන් නම් ගොඩ එනවා බොරු…”

“කන්න බොන්නවත් නැතුව මෙයාලට වළේම මැරෙන්න වෙයි.”


අන්තිමට “අපි මෙයාලා වෙනුවෙන් තවත් බලන් ඉඳලා වැඩක් නෑ අපි යන එක තමයි හොඳ” කියලා කතා වුණ ගෙම්බො ටික වළේ හිටපු ගෙම්බෝ දුකින් බලන් ඉද්දි තමන්ගේ ගමන යන්න ලෑස්ති වුණා. උඩ හිටපු ගෙම්බො කියපු කතා අහන් හිටපු වළේ හිටපු ගෙම්බෝ එකින් එක්කෙනා තමන්ගෙ උත්සාහය අත්හැරියා. එක එක්කෙනා වළ ඇතුළෙම මියයන්න පටන් ගත්තා.

නමුත් මේ අය අතර හිටපු එක ගෙම්බෙක් වළ පතුළෙ ඉඳන් පියවරෙන් පියවර හෙමීට කණ්ඩිය දිගේ බඩ ගාගෙන වළේ කට ගාවට ඇවිත් පිම්මක් පැනල ගොඩට ආවා. මේ ගෙම්බගෙ ජීවිතේ බේරුණා. මේ ගැන ආරංචි වුණ ගොඩ හිටපු ගෙම්බො ටික වළට වැටුණු අනිත් හැම ගෙම්බම මැරෙද්දි එක ගෙම්බෙක් විතරක් වළෙන් ගොඩට ආවේ කොහොමද කියලා හොයලා බැලුවා.

බොහොම සංයමයෙන් වළෙන් ගොඩට ඇවිත් බේරුණ ගෙම්බා බිහිරි ගෙම්බෙක් කියලා මේ ගෙම්බෝ ටික දැනගත්තා. මේ බිහිරි ගෙම්බාට වළ වටේට එකතු වෙලා හිටපු ගෙම්බෝ ටික කියපු අසුබවාදි කතා ඇහුනෙ නෑ. බිහිරි ගෙම්බට පෙනුණ එකම දේ වළ වටේට හිටපු ගෙම්බො ටික අත් හොලවපු එක විතරයි…

උඩ ඉන්න ගෙම්බෝ ටික වළ ඇතුළේ ඉන්න තමන්ට වළෙන් ගොඩට එන්න අත් වන වනා දිරිමත් කරනවා කියලා හිතපු බිහිරි ගෙම්බා බොහොම අමාරුවෙන් තමන්ගේ උත්සාහය අත්හරින්නැතුව කණ්ඩිය දිගේ බඩ ගාගෙන වළෙන් ගොඩට ඇවිල්ලා තමන්ගේ ජීවිතේ බේරගත්තා.

මේ බිහිරි ගෙම්බගෙ කතාවෙයි මිනිස්සුන්ගේ කතාවෙයි තියෙන වෙනස මොකක්ද කියලා අපි දැන් බලමු. ඔබ යමක් පටන් ගන්න සූදානම් වෙනකොට ඒ ගැන ඔබේ ඥාතියකුට මිත්‍රයකුට කිව්වොත් ඒ අය සමහරවිට කියයි ‘ඕවා හරි යන වැඩ නෙවෙයි,’ ‘ලංකාවෙ නම් ඔය බිස්නස් එක හරියන්නෙ නෑ ඕවා ගැළපෙන්නෙ පිටරටවලට,’ ‘ඕවා එච්චර සාර්ථක වෙන වැඩ නෙවෙයි’ වගේ අසුබවාදී කතා.

හරියට අර වළ උඩ හිටපු ගෙම්බො වගේ. ඉතින් මේ සියල්ලම අහගෙන හිටපු කෙනා වළ පතුළට වැටිලා සිය උත්සාහය අත්හැරපු අලස ගෙම්බන් වගේ තමන්ගේ බලාපොරොත්තු, සිහින ඔක්කොම උපන් ගෙයිම මරල දානවා.

ගොඩක් වෙලාවට අපිට අපේ සාර්ථකත්වය අහිමි වෙන්නේ අපි අපි ගැන විශ්වාසය තියාගන්නවට වඩා අපේ වටේ ඉන්න ගෙම්බො කියන කතාවලට විශ්වාසයෙන්, ඇහුම්කන් දෙන්න යන නිසා. ඒ නිසා ඔබ ඉලක්කයක් හදාගන්න. ඒ ඉලක්කය වෙත යන ගමන බිහිරි ගෙම්බෙක් වගේ යන්න.

එවිට ඔබට අපේක්ෂිත ඉලක්කය වෙත යන්න පුළුවන්. ඔය යන ගමනෙදි කෙනෙක්ගෙ හොඳ උපදෙසක් පිළිගත්තට කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මතක තියාගන්න අපි යමක් කරනකොට සමාජයේ ඔබට ‘එය කළ නොහැකියි’ කියන පිරිස වැඩියි. ඔවුන්ගෙන් බේරිලා තමන්ගෙ ගමන යන කෙනෙකුට විතරයි වළෙන් ගොඩට එන්න පුළුවන් වෙන්නේ.

ප්‍රවීණ මානව හැකියා
සංවර්ධන පුහුණුකරු හා
මනෝ විද්‍යා උපදේශක
මොහාන් පල්ලියගුරු

එරංදි කෞශල්‍යා ✍️
 

TAGGED: බිහිරි ගෙම්බෙක්, මානව හැකියා
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?