නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: තාප කඩදාසි සෞඛ්‍යයට හොඳ නැහැලු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

තාප කඩදාසි සෞඛ්‍යයට හොඳ නැහැලු

Published April 22, 2024

ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය කියන කතාවක්

භාණ්ඩ සහ මුදල් ගනුදෙනු කිරීමේදී අදාළ වටිනාකම වෙනුවෙන් රිසිට් පතක් ලබා දීම සහ ලබා ගැනීම අපේ අයිතියක්. අතීතයේදී අතින් ලියන ලද බිල්පත් ලැබුණත් අද වනවිට එය වෙනස් මුහුණුවරක් ගෙන තිබෙනවා. අපට ලැබෙන රිසිට් පත් ප්‍රභේද දෙකකින් යුක්තයි.

  • තීන්ත මගින් මුද්‍රණය කරන රිසිට් පත්
  • තාප රිසිට් පත් (thermal receipts )

තීන්ත මුද්‍රණයෙන් ලබා දෙන රිසිට් පත් පිළිබඳව සෞඛ්‍ය අවදානමක් නොමැති වුණත් තාප රිසිට් පත් නිසා ඇති අවදානම පිළිබඳවත් දැන් කතාබහ ආරම්භ වී තිබෙනවා.

තාප රිසිට් පතක් හඳුනා ගන්නේ කෙසේද?

ඔබට ලැබෙන බිල්පත තාප රිසිට්පතක්ද යන්න හඳුනා ගැනීමට ඔබට හැකියාවක් තිබීම ඉතාම වැදගත්. මෙම කඩදාසිය ඇතැම් අය fax paper යනුවෙන් හඳුන්වනවා. ඒ අනුව තාප රිසිට්පතක් හඳුනා ගත හැකි ලක්ෂණ කීපයක් තිබෙනවා.

තාප කඩදාසි සුදු පැහැතිය.

එහි නිමාව දිලිසෙන සුළුය.

කාසියකින් මෙම රිසිට්පත සිරූ විට හෝ රළු මතුපිටක ඇතිල්ලූ විට කළු වර්ණය මතුවීම.

තාප කඩදාසියක් අපට අහිතකර වන්නේ ඇයි?

තාප කඩදාසි අපට අහිතකර වන්නේ කඩදාසිය මතුපිට ඇති ප්‍රධාන සංඝටකය BPA යනුවෙන් හැඳින්වෙන අතර සමහර තාප කඩදාසිවල Bisphenol-S හෙවත් BPS රසායනය ආලේප කර තිබෙනවා. මෙම රසායනික සංඝටක මගින් තාප කඩදාසියේ මුද්‍රණ ක්‍රියාවලිය හෙවත් අපට ලැබෙන බිල්පත මුද්‍රණය ( Thermally activated printing process) වෙනවා.

අද වනවිට ගෝලීය වශයෙන් තාප කඩදාසි සංසරණයේ වේගවත් වීම නිසා මේ පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ අවශ්‍යතාවය වැඩි වී තිබෙනවා. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය මගින් ජාතික සෞඛ්‍ය හා පෝෂණ පරීක්ෂණයක් සිදු කරනු ලැබුවා.

මෙය 2003-2004 අතර කාලයේදී සිදු කරන ලද අතර ඒ වෙනුවෙන් වයස අවුරුදු හයක් සහ ඊට වැඩි වයස අයගේ මුත්‍රා සාම්පල 2517 ක් යොදා මෙම සාම්පල අතර 93 ක්ම සංයෝග ඉහළ අගයකින් පැවැති බැව් පර්යේෂකයන්ට පෙනී ගොස් තිබුණා.

ඒ අතර තාප කඩදාසි ආශ්‍රිත රැකියාවන්හි නිරත වන පුද්ගලයන්ගේ මුත්‍රා සාම්පලයක BPA නැනෝ ග්‍රෑම් වෙනත් රැකියාවන්හි නිරත පුද්ගලයන්ට සාපේක්ෂව බලන විට එය ඉහළ අගයක් බැව් පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබෙනවා.

McGill  විශ්වවිද්‍යාල වෙබ් අඩවිය විසින් එක්සත් ජනපදයේ ප්‍රාන්ත 22 ක සහ කොලම්බියා දිස්ත්‍රික්කයේ දාම වෙළෙඳසල් 144 කින් ලබා ගත් රිසිට් පත් 374 ක් පරීක්ෂා කළා. සිල්ලර සහ තොග වෙළෙඳසල් ජාලාවල මෙම තාප රිසිට්පත් භාවිත කිරීම වඩාත් සුලබව සිදු වුණා.

නමුත් 2017 සිට මෙම වෙළෙඳසල්වලත් තාප රිසිට් පත් භාවිතයේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බැව් McGill university පර්යේෂකයන් සඳහන් කරනවා. ඒ වගේම වොෂිංටන් ප්‍රාන්තයේ පරිසර දෙපාර්තමේන්තුව විසින් 2023 ආරම්භයේ පටන් තාප කඩදාසි භාවිතය තහනම් කර තිබෙනවා.

BPA ශරීරගත් වීම අහිතකරද?

අපේ සිරුරට මෙම BPA  සංයෝගය ඉතාම අහිතකර ලෙසින් බලපානවා. බිල්පත ගැනීමෙන් පසුව අත් නොසෝදා ආහාරයක් අනුභව කිරීම සමගත් BPA සිරුරට ඇතුළු වීමට පුළුවන්. නමුත් පරිවෘත්තීය ක්‍රියාවලියේදී මෙම සංයෝග මුත්‍රා මගින් බැහැර කිරීම සිදු වුණත් චර්මය ඔස්සේ ශරීරගත වන BPA ඒ අන්දමින් බැහැර වීමක් සිදු වන්නේද නැහැ.

  • තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ගැටලු
  • තරබාරුව
  • දියවැඩියාව
  • හදවත් රෝග
  • අක්මාව ආශ්‍රිත ආබාධ
  • ලිංගික බෙලහීනතාවය
  • පුරුෂ ශුක්‍රාණු ආශ්‍රිත ගැටලු

තාප කඩදාසි භාවිතය අවම කිරීම

තාප කඩදාසි භාවිතය අවම කිරීම වෙනුවෙන් විවිධ විකල්ප භාවිත කිරීමට හැකියාවක් තිබෙනවා. කඩදාසි නිසා පරිසරය අපිරිසිදු වීම ගැන වැඩි අවධානයක් දැක්වූවත් අද වනවිට ඊට වඩා මෙහි ඇති සෞඛය අවදානම ගැන අවධානය දැක්වීමට අවශ්‍ය වී තිබෙනවා.

තාප රිසිට් පතක් ලබා දීම වෙනුවට ගනුදෙනු කිරීමේදී අදාළ බිල්පත කෙටි පණිවිඩයක් හෝ විද්‍යුත් තැපෑලෙන් යැවීම.

රිසිට් පතක් ස්පර්ශ කිරීමේදී එහි පිටුපස පමණක් ස්පර්ශ කරන්න. මෙහි අන්තර්ගත BPA සංයුතිය තාප කඩදාසියේ මුහුණත ප්‍රදේශයට වඩා අඩු අගයකින් යුක්ත වෙනවා.


සනීපාරක්ෂක දියර භාවිත කිරීමෙන් ආරක්ෂාවක්

කොව්ඩ් වසංගතයත් සමග අපි සැනටයිසර් භාවිත කිරීමට හුරු වුණත් තාප කඩදාසියේදී මෙවැනි ක්‍රමවේදයන්ගෙන් අපට විසඳුමක් නොලැබෙන බව වෛද්‍ය චොම් සාල් විසින් සඳහන් කර තිබෙනවා. සනීපාරක්ෂක දියර Sunscreen හෝ මොයිස්චරයිසර් යොදාගෙන තාප කඩදාසි භාවිත කරන ලද පුද්ගලයන්ගේ රුධිරගත BPA  අගය 185 ගුණයකින් ඉහළ ගොස් තිබුණා. ඔබ තාප කඩදාසි භාවිතයේදී සනීපාරක්ෂක දියර භාවිතයෙන් අපේක්ෂිත ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.

(The Minnesota Pollution Control Agency ඇසුරෙන් )

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

TAGGED: fax paper, thermal receipts, තාප කඩදාසි
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?