නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අලුත් අම්මට හොඳම නැති වැඩි රස්නෙ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අලුත් අම්මට හොඳම නැති වැඩි රස්නෙ

Published April 22, 2024

ගර්භණී අවධියේදී අධික උෂ්ණත්වයට නිරාවරණය වන කාන්තාවන් මළ දරු උපත් සහ ගබ්සාවන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බැව් ඉන්දියාවේ සිදු කරන ලද අධ්‍යයනයක් මගින් පෙන්වා දී තිබෙනවා. 2017 වසරේදී චෙන්නායිහි රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන හා පර්යේෂණායතනය මගින් සිදු කරන ලද අධ්‍යයනයක් මගින් මේ බැව් පෙන්වා දී තිබෙනවා. මෙම අධ්‍යයනය වෙනුවෙන් කාන්තාවන් 800 ක් සම්බන්ධ කරගත් අතර ඔවුන් අධික උණුසුම් කාලගුණ තත්ත්වයන්හිදී එයට නිරාවරණය වෙමින් රැකියාවන්හි නිරත කාන්තාවන් විය.මෙම අධ්‍යයනය වෙනුවෙන් පර්යේෂකයන් විසින් තෙත්-බල්බ-ගෝලීය-උෂ්ණත්වය (WBGT) යන මිනුම් ක්‍රමය භාවිත කරන ලදී. මෙහිදී උෂ්ණත්වය පමණක් නොව ආර්ද්‍රතාවය, සුළගේ වේගය, මිනිස් සිරුර මගින් අවශෝෂණය කර ගන්නා තාපයේ බලපෑම මනිනු ලබනවා. එක්සත් ජනපදයේ වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය පරිපාලන ආයතනයට අනුව බර වැඩ කරන පුද්ගලයෙකුගේ ආරක්ෂිත උෂ්ණත්ව සීමාව 27.5C (WBGT) ලෙස නම් කර තිබෙනවා.

ඉන්දියාවට පමණක් සීමා වන්නේ නැහැ

මෙම අධ්‍යයනය ඉන්දියාව මුල්කර ගෙන සිදු වුණත් මේ තත්ත්වය ඉන්දියාවට පමණක් සීමා නොවන බව එක්සත් රාජධානියේ ප්‍රසව වෛද්‍ය උපදේශක පර්යේෂණායතනයේ ගෝලීය කාන්තා සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය හර්ස්ට් විසින් සඳහන් කර තිබෙනවා.

අද වනවිට පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක තුනකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මෙම උණුසුම් කාලගුණය නිසා අනාගතයේදී ගැබිණි කාන්තාවන් බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බැව් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා.

පාරිසරික සාධක වෙනස් වුණත් කාන්තාවක් විසින් මවක වීමේ අනාගත සිහිනය අත හැර දැමීමට හැකියාවක් නැහැ. ඒ නිසා උණුසුම් පාරිසරික තත්ත්වයක් තුළ ගර්භණී කාන්තාවක විසින් තමාගේ වගේම කුසයේ සිටින දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් සැලකිළිමත් වීම වැදගත් බැව් මහාාචර්ය හර්ට්ස් සඳහන් කරනවා. ඒ වෙනුවෙන් ගර්භණී කාන්තාවක් කටයුතු කළ යුතු අන්දම ගැනත් ඇය මාර්ගෝපදේශ ලබා දී තිබෙනවා.

  • උණුසුම් පරිසරයක් තුළ දීර්ඝ කාලයක් රැඳී සිටීමෙන් වැළකීම.
  • උණුසුම් දිනවල වැඩ කරනවා නම් සෙවණ ඇති තැනකට ගොස් විවේක ගැනීම.
  • දීර්ඝ වේලාවක් උණුසුම් කාලගුණයක් සහිත පරිසරයක වයායාම කිරීමෙන් වැළකී සිටීම.
  • නිතර ජලය පානය කිරීම.

නමුත් බොහෝ කාන්තාවන් නිරන්තරව මුත්‍රා කිරීමට ඇති වන අවශ්‍යතාවය නිසා ජලය පානය කිරීමට මැළි කමක් දක්වනවා. වැඩ කරන අතරවාරයේ වැසිකළි යෑම හිරිහැරයක් ලෙසින් සැලකීම ඊට හේතුවක් මේ නිසා බොහෝ ගර්භණි කාන්තාවන් උණුසුම් කාලගුණයට නිරාවරණය වීමට අමතරව මුත්‍රා ආසාදන ඇතුළු විවිධ රෝග තත්ත්වයන්ටත් මුහුණ දී සිටින බැව් මෙම අධ්‍යයන වාර්තාව මගින් පෙන්වා දි තිබෙනවා.

(බී. බී. සී පුවත් ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

TAGGED: WBGT, ගර්භණී, රස්නෙ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?