නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Online Money තොණ්ඩුවලට රැවටෙන්න එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

Online Money තොණ්ඩුවලට රැවටෙන්න එපා

Published April 22, 2024

අද වනවිට සෑම ප්‍රශ්ණයක් සඳහාම සමාජ මාධ්‍ය තුළින් විසඳුම් සෙවීමට බොහෝ දෙනා පුරුදු වී සිටින නිසාම හදිසියට පොඩි අතමාරුවක් කරගන්නත් සමාජ මාධ්‍ය භාවිත කරන ආකාරය මේ දිනවල සුලබව දැකිය හැකියි.

“ඔන්ලයින් ලෝන්” කියන්නෙ මොකක්ද?

“ඔන්ලයින් ලෝන්” ලෙස හඳුන්වන මේ සේවාව තුළින් ඔන්ලයින් පෝරමයක් පුරවා පැය කිහිපයක් ඇතුළත ණය මුදල බැංකු ගිණුමට බැර කරනවා. ඒ සඳහා ණය ගන්නා පුද්ගලයාගේ ඡායාරූප, සමීපතමයන්ගේ දුරකථන අංක වැනි අවශ්‍යතා කිහිපයක් සපුරාලීම ප්‍රමාණවත්. මේ ක්‍රමය භාවිත කර ණය අරගෙන පසුතැවිලි වන අයත් දුර්ලබ නැහැ. මේ නිසාම අපි ඔන්ලයින් ණය ලබා දීම පිළිබඳව අංශ කිහිපයකින් සාකච්ඡා කිරීමට අපේකෂා කරනවා.

ණය දෙන්න පුළුවන් කාටද?

අපි හදිස්සියට අසල්වාසියෙක්ගෙන් හෝ හිතවතෙකුගෙන් අතමාරුවක් කරගත්තට පොළියට ණය දීමට හෝ මුදල් තැන්පතු ලෙස බාර ගැනීම සඳහා හැකියාවක් ලැබෙන ක්‍රම කිහිපයක් තියෙනවා.

1988 අංක 30 දරණ බැංකු පනත යටතේ බලපත්‍රලාභි වාණිජ බැංකුවකට හෝ බලපත්‍රලාභි විශේෂිත බැංකුවකට,

2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලත් මුදල් සමාගමකට,

1972 අංක 5 දරණ සමූපකාර සමිති පනත යටතේ ලියාපදිංචි කරන ලද සමූපකාර සමිතියකට හෝ පළාත් සභාවක ප්‍රඥප්ති යටතේ ලියාපදංචි කරන ලද සමූපකාර සමිතියකට,

2013 අංක 1 දරණ දිවිනැගුම පනත යටතේ පිහිටුවන ලද දිවිනැගුම ප්‍රජාමූල බැංකුවකට සහ දිවි නැගුම ප්‍රජාමූල බැංකු සමිතියකට,

2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනත යටතේ ඇති කරන ලද අස්ථිත්වයකට,

2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත යටතේ බලපත්‍රලාභී සමාගමකට ආදී නීත්‍යනුකූල ක්‍රමවේදයන්ට අනුව ලියාපදංචි මූල්‍ය සමාගම්, සමිති හෝ බැංකු වලට පමණයි. ඒ අනුව පොළියට ණය ලබා දීමේ නෛතික හැකියාවක් ඔන්ලයින් ණය දෙන ආයතන සතුව නැහැ.

ඔන්ලයින් ණය දෙන ආයතන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්ද?

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් කියන්නේ 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත යටතේ බලපත්‍ර ලබාගත් සමාගමකට. ඒ සමාගම් නිරන්තරයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණ යටතේ ක්‍රියාත්මක විය යුතුයි. ඔවුන්ට හිතුමනාපයට ණයකරුවන්ගෙන් පොළිය අයකර ගැනීමට හෝ වෙනත් බලපෑම් සිදු කිරීම මගින් ලබා දුන් ණය අයකර ගැනීමේ හැකියාවක් නැහැ.

ඔබට අවශ්‍ය නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය තුළින් ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභි ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ලැයිස්තුව ලබා ගැනීමේ හැකියාව පවතිනවා. නමුත් ඔන්ලයින් ණය ලබා දෙන ස්ථාන පිළිබඳව විමසා බැලීමේ දී පෙනීයන කාරණයක් වන්නේ එම ස්ථාන නිසි ලෙස ලියාපදංචි කර හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය මත ක්‍රියාත්මක වන ආයතන නොවන බවයි. ඒ නිසා ඔන්ලයින් ණය දෙන ආයතන කිසිවක් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන කියන කාණ්ඩයට අයත් වන්නේ නැහැ.

ඔන්ලයින් ණය දෙන ආයතන මහ බැංකුවෙන් නියාමනය වෙනවද?

එවැනි පෞද්ගලික මුදල් භාවිත කර ණය දෙන ආයතන ලියාපදංචි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ වගේම ඒවා නියාමනය කිරීමේ ක්‍රමවේදයකුත් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව නැහැ. නමුත් මෙවැනි ව්‍යාපාර සිදු කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක හෝ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයක ලියාපදිංචි වී තිබීම අනිවාර්යය කරුණක්. තොරතුරු සොයා බැලීමේදී මේ කිසිදු ආයතනයක් රජයේ ලියාපදිංචි වී නැති බවයි පෙනෙන්නෙ.

ඔන්ලයින් ණය දෙන ආයතනයකට ගිවිසුමකට එළැඹීමේ හැකියාවක් පවතිනවද?

ගිවිසුමක් සඳහා එළැඹීමේ හැකියාව ඇත්තේ යම් පුද්ගලයෙකුට හෝ නෛතික පුද්ගලභාවයක් ඇති සමාගමකට පමණයි. ඒ කියන්නේ යම් පුද්ගලයෙක්, පුද්ගලයින් කිහිපදෙනෙක් හෝ 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදංචි වෙලා ඉන්න සමාගමකට පමණයි ගිවිසුමකට එළැඹීමේ හැකියාව පවතින්නේ.

ඒ වගේම සමූපකාර සමිතයක් ලෙස පළාත් සමූපකාර කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කිරීම, සීමාසහිත සමිතියක් ලෙස 1891 අංක 16 දරණ සමිති ආඥා පනත යටතේ ලියාපදංචිවීම (මේ සඳහා ද ලියාපදංචිවීම සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව හරහා සිදුකළ යුතුයි.) හෝ භාරයක් ලෙස ලියාපදංචිවීම තුළිනුත් නෛතික පුද්ගලභාවයක් හිමිකර ගැනීමේ හැකියාව පවතිනවා.

ඔන්ලයින් ණයදෙන ආයතන පිළිබඳව සැලකීමේ දී එම ආයතන කිසිවක් සමාගම් ලියාපදංචි කිරීමේ පනත යටතේ ලියාපදිංචි සමාගම් ලෙස හෝ අනෙකුත් නෛතික පුද්ගලභාවයක් ලබා දෙනු ලබන ප්‍රතිපාදන යටතේ ලියාපදිංචි වී ඇති බවක් පෙනී යන්නේ නැහැ. ඒ අනුව ඔවුන්ට සමාගමක් ලෙස ගිවිසුමකට එළැඹීමේ කිසිදු හැකියාවක් නැහැ. එම නිසා එම සමාගම් එළැඹෙන ගිවිසුම් සඳහා නීත්‍යානුකූලභාවයක් හිමිවන්නේ නැහැ.

ඔන්ලයින් ණය දෙන ආයතනවලට ණය ගෙවන ලෙස තර්ජනය කරන්න පුළුවන්ද?

කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට ණය ලබාගත් පුද්ගලයෙකුට දුරකථනයෙන් හෝ වෙනත් යම් ක්‍රමවේදයක් භාවිත කිරීමෙන් තර්ජනය කිරීමේ හැකියාවක් නැහැ.

ඒ වගේම ණය ලබා ගත් තැනැත්තාගේ හිතවතෙකුට, ණය ලබා ගත් තැනැත්තාගේ ආයතනයට කතා කොට ණය ලබා ගත් තැනැත්තා විසින් ණය මුදලක් ලබා ගත් බව පවසමින් ඒ තැනැත්තා අපහසුතාවයට පත් කිරීමේ හෝ වෙනයම් කිසිදු ක්‍රියාමාර්ගයක් තුළින් අපහසුතාවයට පත් කිරීමේ හැකියාවක් එම ආයතන සඳහා නොපවතින බව පැවසිය යුතුයි. ඔවුන්ට ඒ සඳහා සිදු කළ හැකි එකම ක්‍රියාමාර්ගය වන්නේ ලබාදුන් ණය ආපසු අයකර ගැනීම සඳහා නෛතික ක්‍රිමාර්ගයන්ට එළැඹීම පමණයි.

නීතීඥ චතුරංග හතුරුසිංහ
chathurangadaal@gmail.com


 

TAGGED: Online Money
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?