නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ලෝකයේ ට්‍රෙන්ඩින් Landscaping
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ලෝකයේ ට්‍රෙන්ඩින් Landscaping

Published April 15, 2024

Trend of Landscaping

කාන්තාවන් මේ දිනවල ගේ දොර වගේම ගෙමිදුල අලංකාරයට සකසා ගන්න උත්සාහ කරන කාලයක්. ලෝකයේ බොහෝ රටවල ගෙවතු අලංකරණය කියන්නේ බොහොම ජනප්‍රිය සංකල්පයක්.මේ වනවිට ලංකාවෙත් වැඩි පිරිසක් ගෙවතු අලංකරණයට යොමු වී සිටිනවා. මේ දිනවල ඔබේ නිවෙසට අලුත් මුහුණුවරක් ලබා දිය හැකි ගෙවතු අලංකරණ ක්‍රම කිහිපයක් පිළිබඳව ඔබට ගෙන ආවා...

එඩිමෙන්ටල් ක්‍රමයෙන් ඔබේ ගෙවත්ත සුන්දර කරගන්න

මෙම ගෙවතු අලංකරණ ක්‍රමය ලෝකයේ බොහෝ රටවල ඉතාම ජනප්‍රියයි. කුඩා ඉඩකඩක් හිමි ඔබට සුන්දර ගෙවතු අලංකරණයකට උචිතම ආකාරය ලෙස එඩිමෙන්ටල් ක්‍රමය හදුන්වා දෙන්න පුළුවන්. එඩිමෙන්ටල් යන යෙදුම නෝර්වේ ජාතික ස්ටීවන් බාර්ස්ටෝ නිර්මාණය කළ යෙදුමක් ලෙස සැලකෙනවා. ඉන් අදහස් කරන්නේ උද්‍යාන අලංකරණ ශාක හෝ ආහාරයට ගත හැකි එළවළු, පලතුරු බඳුන්වල වගා කිරීමයි.

එහිදී බඳුන්ගත කරන්නේ වසරකට වැඩි ආයුකාලයක් සහිත ශාක මෙන්ම බහු වාර්ෂික පලතුරු, පඳුරු සහ ගස් නිවෙසේ පෝච්චියක පැළ කළ දොඩම් පැළයකම ගෙඩි පිරී ඵලදරා තිබේ නම් එය කෙතරම් අපූරුද? කුඩා ඉඩකඩක වගා කිරීමට නොහැකි යැයි මැසිවිලි නගනවාට වඩා එඩිමෙන්ටල් ක්‍රමයෙන් ඔබේ ගෙවත්තත් අලංකාර කරගන්නට උත්සාහ කරන්න.

ස්වාභාවික ගස් රෝපණය කරන්න

1980 මුල් භාගයේදී නෙදර්ලන්තයේ මෙම ස්වාභාවික ගස් රෝපණය කිරීම සිදු කිරීම ආරම්භ වුණා. එය පසු කලෙක ජනප්‍රිය ගෙවතු අලංකරණයක් බවට පත් වුණා. මේ වනවිට ස්වාභාවික ගස් රෝපණය කිරීම ලෝකය පුරා ව්‍යාප්ත වී තිබෙනවා. තණකොළ සිටුවීම වගේම විශාල ගස් සිටුවීමත් මෙහිදී සිදු කරනවා.

නව වසරේ ඔබේ ගෙවත්ත වැසි වනාන්තරයක් ලෙස සකසා ගන්න

ඇතැමුන් වැසි වනාන්තරයක ස්වභාවයෙන් තමන්ගේ ගෙමිදුල සකසා ගන්න උත්සාහ කරනවා. ඔබේ ගෙමිදුල වැසි වනාන්තරයක් ආකාරයෙන් නිර්මාණය කරන්නට උත්සාහ දරනවා නම් ප්‍රථමයෙන්ම ඔබේ ගෙවත්තේ වැසි වනාන්තරවල වැවෙන ශාක වගා කරන්න. ඒ සඳහා තෙත් වූ පසක් යොදා ගන්න. දිය ඇලි, පොකුණු ඉදිකරන්න. විශේෂයෙන්ම වැසි උද්‍යානයක් සකසන්නට පෙර ඔබේ නිවෙස පිහිටි ප්‍රදේශයේ දේශගුණය පිළිබඳව අවධානය යොමු කරන්න. වියළි කලාපයක වැසි උද්‍යානයක් සකසන්නට බැහැ.

එළිමහන් අවකාශයක් ඇති ගෙවතු අලංකරණයකට යොමු වන්න

නිදහස් මනසක් වගේම සරල නිවෙසක් ඇතිකරගන්න බොහෝදෙනා හිස් අවකාශයක් භාවිත කරනවා. එය කලාත්මකව ගෙවතු අලංකරණය සඳහාත් යොදා ගන්නවා. විශාල ගස් නොමැතිව කුඩා පඳුරුවලින් පමණක් වට කළ පොළවේ තණකොළ වැවීම මෙහිදී සිදු කළ හැකියි. විශාල ගස් වගා නොකර ගෙමිදුලට හොඳින් හිරු එළිය ලැබෙන පරිදි සකස් කර ගැනීම මේ සඳහා උචිත වෙනවා.

නිවෙසේ සුන්දරත්වය පෙනෙන පරිදි වැට ඉදි කරන්න

ලස්සන නිවෙසක් සෑම කෙනෙකුගේම සිහිනයක්. නිවස වටා ඉදිකරන වැටෙන් නිවෙසට එක්වන්නේ අපූරු සුන්දරත්වයක්. තාප්ප සහ බැමි නිසා ඔබ විශාල මුදලක් වැය කර සකසන නිවෙසේ සුන්දරත්වය මැකී යනවා. ඒ නිසා බොහෝ දෙනා තාප්ප වෙනුවට ලී හෝ කොන්ක්‍රීට්වලින් සැකසූ වැටක් භාවිත කරනවා. වියදම් අධික වීමත් නිවසේ සුන්දරත්වය වඩාත් ඉස්මතුවී පෙනෙන නිසාත් මෙය අපූරු ගෙවතු අලංකරණයක් වෙනවා.

විශාල මල් පෝච්චි වෙනුවට මල් පාත්ති සැකැසීම

බොහෝදෙනා අපේක්ෂා කරන්නේ සරල නිවෙසක්. ඒ නිසා විශාල මල් බඳුන් වෙනුවට මල් පාත්ති සකසනවා. බොහෝවිට වැට මායිම දිගේ වගේම නිවෙසේ පේමන්ට් එක වටා සිමෙන්ති යොදා මල් පාත්ති සකසනවා. ඒවායේ මල්, කුඩා ඉද්ද පැළ වැනි කප්පාදු කළ හැකි පැළ සිටුවනවා. එමගින් ගෙවත්තේ සුන්දරත්වය වැඩි කරගන්නට පුළුවන්. මෙයද නව වසරේ ගෙවතු අලංකරණය වෙනුවෙන් එක්වෙන ලාභදායී අලංකරණ ක්‍රමයක්.

ගෙවත්තේ පලතුරු වගා කරන්න

ලෝකයේ බොහෝ රටවල පලතුරු වගා කිරීම විලාසිතාවක් වෙලා. ගෙඩි පිරුණු පලතුරු ගසකින් ඔබේ ගෙවත්තට එක් වන්නේ අපූරු සුන්දරත්වයක්. ඉන් ගෙවත්තේ සුන්දරත්වය මෙන්ම ආහාර අවශ්‍යතාවද පිරිමසනවා. කුඩා ඉඩකඩක පවා බදුන්වල වගා කළ හැකි පලතුරු පවතිනවා. ගෙඩි පිරුණු ගසකින් ඔබේ සිතට ප්‍රබෝධවත් හඟීමක් ඇති කරනවා.

ගෙවත්තේ ඉඩකඩ ඇත්නම් විශාල ගසකට වැවෙන්නට ඉඩ හරින්න

මෙය කුඩා ගෙවත්තක් ඇති කෙනකුට කළ හැකි දෙයක් නොවේ. නමුත් ඉඩකඩ පහසුකම් ඇති අයකුට නම් ගෙවත්තේ විශාල ගසක් වවන්නට පුළුවන්. මල් පිපෙන විශාල ගසක් නම් එතැන සුන්දරත්වය තවත් වැඩි වෙනවා. විශාල ගසක් වැවීමෙන් කුරුල්ලන් වැනි සතුන් ගෙවත්තට පැමිණෙනවා. ඉන් ගෙවත්තේ සුන්දරත්වය දෙගුණ තෙගුණ වෙනවා. ඔබේ ගෙවත්තේ ඇති ඉඩකඩ සලකා බලා නව වසරට ගසක් සිටුවන්න.

ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී
රංජිත් කළුආරච්චි

අර්චිත ඉඳුවර ✍️





 

TAGGED: Landscaping, එඩිමෙන්ටල්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?