නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අන්තිම මොහොතෙත් කඩේ යන අයට ස්මාර්ට් බජට් ප්ලෑන්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අන්තිම මොහොතෙත් කඩේ යන අයට ස්මාර්ට් බජට් ප්ලෑන්

Published April 15, 2024

අලුත් අවුරුදු අත ළඟටම ඇවිල්ලා. ගොඩක් අය අවුරුද්ද ජයටම සමරන්න ලෑස්ති වුණත් මේ ගෙවෙන්නේ ආර්ථිකව ගැටලු පිරුණු කාලයක්. ඉටු කරන්න තියෙන යුතුකම් සහ යන්න තියෙන ගමන් මේ අවුරුදු කාලයේ අපි හැමෝටම තියෙනවා. ඒ වගේම ඒ හැමදෙයක්ම අවසන් වෙන්නේ වෙනදාට වඩා අපේ මුදල් වියදම් වෙලා. අලුත් අවුරුද්ද ආදරයෙන් සහ එකමුතුකමින් සමරන අපි ලෝබකම් කරලා හරියන්නේ නැහැ තමයි. ඒත් හැමදෙයක්ම පිළිවෙළකට ස්මාර්ට් විදියට සැලසුම් කර නොගත්තොත් අපේ බජට් එක අපිට පාලනය කර ගන්න අමාරු වෙන එක ස්ථිරයි ඉතින් අලුත් අවුරුද්දෙන් පස්සෙ ණය වෙලා මාසෙ ඉතුරු දවස් ටික ගත කරන්න වෙන තත්ත්වයක් ඇති නොවෙන විදියට අතේ තියන මුදල් කලමණාකරණය කරගෙන සතුටින් අවුරුදු සමරන්න පුළුවන් නම් කොහොමද? ඉතින් අපි අද කියන්න හිතුවේ අලුත් අවුරුද්දට ස්මාර්ට් විදියට බජට් එක ප්ලෑන් කරන විදිහයි…

මුලින්ම ගන්න ඕන දේවල් ලිස්ට් එකක් හදාගන්න…

ඔයා තෑගි දෙන්න ඕන කාටද කියලා ලැයිස්තු ගත කරගන්න. ඔයා අවුරුදු වෙනුවෙන් උයන්නෙ මොනවද කියලා පිළිවෙලකට රෙසිපි ලෑස්ති කරගන්න. ගෙදර අලුත් කරන්න තියෙන තැන්, අලුතෙන් ගේන්න ඕනෙ දේවල්, පිරිසිදු කිරීමේ උපකරණ හැම දෙයක්ම මේ හදන ලිස්ට් එකකට ගන්න.

දැන් ඒ අත්‍යවශ්‍ය දේවල් සදහා පමණක් යන මුදල දළ විදියට වෙන් කර ගන්න. ඊට පස්සේ ඔයා මිලට ගත යුත්තේ ඒවා විතරමයි. ඒ වෙන් කරන මුදලින් එහාට මුදල් අනවශ්‍ය ලෙස වියදම් නොකිරීමට නම් ඔබට යම් විනයක් තියන්නම ඕන.මිල පහළ ගිය භාණ්ඩල වට්ටම් ඇති භාණ්ඩ, දැක්කම ගන්නම හිතෙන ඇඳුම් කිසිම දෙයක් ගන්න එපා. ලිස්ට් එකෙන් බාහිරව කොණ්ඩ කට්ටක්වත් නොගෙන ඉන්න පුළුවන් නම් ඔබ දිනුම්.

අඩුවට හොඳ දේවල් තෝරමු…

අලුත් අවුරුදු මහා සේල් කියලා බෝඩ් තියෙන හැම තැනකම අඩු ගාණකට බඩු ගන්න බැරි බව ඇත්ත. හැබැයි ඔබට පුළුවන් නිමි ඇඳුම් කඩවල ෆේස්බුක් පේජ් පරීක්ෂා කරන්න. ඊට පස්සේ හැමදාම කරනවා වගේ ස්ක්‍රීන් ෂොට්ස් ටිකක් අරන් තියාගෙන ටිකක් අඩුවට හොඳ කල්පවතින ඇඳුම් විකුණන සාප්පුව හොයා ගන්න.

එළවළු, මස්, මාළු වුණත් නරක් නොවී අලුත් පිට ලබා ගන්න ආර්ථික මධ්‍යස්ථානයක් වගේ තෝරා ගන්න පුළුවන් නම් ඒකත් සෑහෙන ලොකු ඉතිරියක්.ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් හා ඩෙබිඩ් කාඩ්වලින් ලැබෙන වට්ටම්වලින් ඇඳුම් පැළඳුම් මිලදීගෙන ඔබ ඒ සඳහා කලින් වෙන් කළ මුදලින් ඒ බිල් පියවන්න ඔබට පුළුවන්. හැබැයි සියල්ල කලින් ඔබ සදා ගත් බජට් එක ඇතුළේ පමණයි.

දකින දකින හැම එකක්ම ගන්න යන්න එපා…

ඔබ මේ වෙද්දී ඇඳුම් පැළඳුම් මිලට අරගෙන ඉවර නම් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් උඩපහළ යන ගමන් දකින දකින ලස්සන ඇඳුම් ඕඩර් කරන්න යන්න එපා. ආසාවෙන් මිලට ගත්තට ඔබේ පර්ස් එක දැන් දැන් රතු එළි නිකුත් කරමින් ඉන්න බව ඔබට අමතක ඇති.

ඒ නිසා කඩවල්වලින් රෙදිපිළි අරන් ආවා නම් ආයේ ඔන්ලයින් ෂොපින් යන එක අනවශ්‍ය වැඩක්.මොකද අපි කොයිතරම් බජට් ප්ලෑන් හැදුවත් අපි ඒක අමතක කරල දකින දකින එක මිලට ගන්නව නම් අවුරුදුවලින් පස්සේ ගෙවන්න වෙන්නෙ මූල්‍යමය අතින් අපහසු කාලයක් කියන එක අමතක කරන්න එපා.

අවුරුදු හෙට කියලා ෂොපින් යන්න එපා…

මේ ගැනත් ඔබ සැලකිලිමත් වෙන්න. ඔබ ඇඳුම් පැළඳුම් මිලදී ගන්න තීරණය කරලා කලින්ම සැලසුමක් හදන් ගන්න අවශ්‍ය දේවල් සදහා වට්ටම් ලැබෙන තැන් ගැන සොයා බලන්න.විශේෂයෙන්ම ක්‍රෙඩිට් හෝ ඩෙබිඩ් කාඩ් වලට ලැබෙන වට්ටම්වලින් වාසියක් ඔබට ලබා ගන්න පුළුවන්.

අවුරුදු ළං වෙන නිසා හැම ෂොප් එකකම රෙදිපිළි අහස උසට නගින ගමන් තියෙන්නෙ. ඒ අතරේ හදිසියේ ශොපින් කරන ඔබ කලබලේට ඩැමේජ් වුණු ඒවා පරණ ඒවා වුණත් අරන් එන්න පුළුවන්.ඒ නිසා කලබලේට දුවලා ගිහින් වැඩි ගාණට මොනමොනවා හරි උස්සගෙන එන්නේ නැතුව හරිම පරිස්සමින් කල්පනාවෙන් දැන්ම තියා ෂොපින් යන්න.

අනවශ්‍ය සාද හා ගමන් බිමන්…

අවුරුදු කාලෙ කියන්න නෑදෑයන්ට වගේම මිතුරන්ටත් සතුටු වෙන්නෙ එකතු වෙන්න හොඳම කාලෙ. ඉතින් පාර්ටි කියන්නෙ මේ කාලෙ අපිට සතුට ගේන දෙයක් වුණාට ආර්ථිකේට නම් ටිකක් අවාසි දෙයක්.

ඉතින් බොහෝ දෙනෙක්ගෙ ආදායම් අඩු මේ කාලෙ අවබෝධයක් ඇතිව මේ පිළිබඳව දෙවරක් සිතීම වටිනවා. අරය දීපු නිසා අපිත් දෙන්න ඕන කියල පාර්ටි ඕගනයිස් කරනවට වඩා ඇත්තටම අවුරුදු කාලෙ වැදගත් වෙන්නෙ හැමෝම එක්ක අවංක සුහදශීලී මිත්‍රත්වය වර්ධනය කර ගැනීම.

ඉතින් ඒ සදහා අනවශ්‍ය සෝබන වියදම්වලින් තොර මිතුරු හමුවක් සූදානම් කරන්න ඔබට පුළුවන් නේද? ඔබේ ආකල්ප වෙනස් කර ගත්තොත් අපි කරන බොහෝ අනවශ්‍ය වියදම්වලට තිත තියන්න පුළුවන්ග ඒක මේ දවස්වල බජට් එකට වගේම සෞඛ්‍යයටත් වාසි.

අර්චිත ඉඳුවර ✍️



 

TAGGED: smart, බජට් ප්ලෑන්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?