නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මොන්ටිසෝරියට,ඉස්කෝලෙට බබා බාරදුන් මුල් දවස්වල අඩන්නෙ ඇයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

මොන්ටිසෝරියට,ඉස්කෝලෙට බබා බාරදුන් මුල් දවස්වල අඩන්නෙ ඇයි

Published April 15, 2024

ළමයි 25 දෙනෙකුගෙන් එක්කෙනෙකුට Separation Anxiety එහෙමත් නැත්නම් වෙන්වීමේ කාන්සාවක් තියෙනවා. මුලින්ම කියන්න ඕනේ මොන්ටිසෝරියට හෝ පාසලට දරුවෙක් බාරදුන්න මුල්ම දවසේ ඒ දරුවා අඬන එක සාමාන්‍ය දෙයක්. ඒකට හේතුව අපි අපේ ජීවිතයේ විශ්වාස කරන මිනිස්සු ඉන්නවා. පුංචි කාලෙදි ළමයා විශ්වාසය සහ අවිශ්වාසය අතර දෝලනය වෙනවා. සමහර පවුල් ඇතුළේ දරුවාට තමන්ගේ දෙමව්පියෝ විතරයි විශ්වාස.

තවත් සමහර ළමයින්ට තමන්ගේ වටපිටාවේ ඉන්න කිසිම කෙනෙක් විශ්වාස නෑ. දරුවො වැඩිපුරම විශ්වාස කරන්නේ තමන්ගේ අම්මවයි තාත්තවයිනේ. අම්මයි තාත්තයි තමයි දරුවගේ Comfort Zone එක. එහෙමත් නැත්නම් සුවපහසු කලාපය. වැඩිහිටි අපි වුණත් අපේ සුවපහසු කලාපයෙන් මිදෙන්න කැමති නෑනේ. සුවපහසු කලාපයට පස්සෙ දරුවා මූණදෙන ඊළඟ කලාපය තමයි Fear Zone එක. ඒ කියන්නේ තර්ජනාත්මක කලාපය. ඉතින් මනුස්සයෙක් විතරක් නෙවෙයි සතෙක් වුණත් කැමති තමන්ගේ සුවපහසු කලාපයේ ඉන්න විතරයි.

ඒවගේම තමන්ට තියෙන ඒ සුවපහසු කලාපය තව වැඩිදියුණු කරගන්න දරුවන් කැමති නෑ. ඒ තර්ජනයක් එල්ල වෙයි කියන බයට. තමන්ගේ අම්මයි තාත්තයි තමන්ගේ සුවපහසු කලාපය කරගත්ත දරුවෝ ඒ කලාපයෙන් එළියට බහින තැන තමයි මොන්ටිසෝරිය සහ පාසල.

තමන්ගෙ සුවපහසු කලාපයෙන් එළියට ගියාම එයාලට ඇතිවෙන බය නිසා තමයි ගොඩක් වෙලාවට දරුවෝ අඬන්නේ. මොකද මොන්ටිසෝරිය සහ පාසල කියන්නේ වෙනම පරිසර පද්ධතියක්. ඒ නිසා ඇතැම් දරුවන් තුළ තියෙන වෙන්වීමේ සාංකාව නැතිවෙන්න යම් කාලයක් ගත වෙනවා.

මොන්ටිසෝරි කියන සංකල්පය ඇති කලේ මාරියා මොන්ටිසෝරි. මාරියාට ඕනේ වෙනවා AMI කියලා මෙතඩ් එකක් හදන්න. මේ මෙතඩ් එක ෆලෝ කරන අය දන්නවා මේ කාලෙදි දරුවෙක් තුළ ඇතිවෙන මනෝ විද්‍යාත්මක වෙනස මොන වගේද කියලා. මේ ගැන හොඳ අවබෝධයක් තියෙන අය තමයි මොන්ටිසෝරි ටීචර්ස්ලා වෙන්න සුදුසු.

නැතුව හතු පිපෙනවා වගේ දාගන්න මොන්ටිසෝරිවත්, ටීචර්ස්ලවත් නෙවේ. එතකොට දරුවා ගෙදරින් ගැලවිලා මොන්ටිසෝරිය පැත්තට එනකොට ටීචර් දන්නවා මේ දරුවා බයකින්, කුතුහලයකින් එන බව. පාසලට ඇතුළත් වෙලා මාස හත අටක් යනකනුත් අඬන දරුවෝ ඉන්නවා. ඒකට වෙනත් හේතුවක් තියෙන්න පුළුවන්.

ගොඩක් අම්මල තාත්තලා දරුවගේ හිතේ එළියේ සමාජය ගැන බයක් හදවනවා. ළමයව තමන් යටතේම ඩිපෙන්ඩ් කරගන්න උත්සාහ කරනවා. ඉතින් කවදාවත් ඉගිලිලා නැති කුරුල්ලෙක් එක පාරටම එළියට දැම්මම ඉගිල්ලෙන්නේ කොහොමද? ඒ නිසා ගෙදරින් මොන්ටිසෝරියට යන පාලම හදන එකේ වගකීම දෙපැත්තේ ඉඳන් ගන්න ඕනේ අම්මයි තාත්තයි. ඒ වගේම ඒ වගකීමේ කොටසක් ගුරුවරුන්ටත් පැවරෙනවා.

සමහර දරුවෝ අම්මට ඉස්කෝලේ ගේට්ටුව ගාව දවසම ඉන්න කියන්නේ වෙන මුකුත් නිසා නෙවෙයි අම්මා ගියොත් ආයෙත් එන්නැති වෙයි කියන බයට. ඒ නිසා මම අම්මලට දෙන උපදෙස දරුවා මොන්ටිසෝරියට යවන්න කලින් ගෙදරදිම දරුවාව ඒ වටපිටාවට හුරුකරවන්න. මොන්ටිසෝරියේ, පාසලේ කරන පොඩි පොඩි ක්‍රියාකාරකම් ගෙදරදි කරවන්න. එතකොට දරුවට පුළුවන් ඊළඟ ස්ටෙප් එක බයක් නැතුව තියන්න.

පහුගිය දවසක මං ගාවට එක්ක ආවා දරුවෙක්. මේ දරුවා පාසල් යන්න පටන් අරන් සති දෙකයි. මොන්ටිසෝරි කාලෙත් විවිධ අඩන්තේට්ටම් වලට මුහුණ දීපු ළමයෙක්. දරුවා දැන් පාසල් යන්නත් කැමති නෑ.

අම්මයි තාත්තයි දෙන්නම පොලිසියේ. දරුවා පාසල් යන්න කැමති නැත්තේ පන්තියේ තව ළමයෙක් මේ ළමයගෙ මූණේ කෙළ ගාන නිසා. ඉතින් මේ දරුවා පාසල් නොයන හින්දා අම්මා හොඳටම ගහනවා.

අම්මගෙන් ගුටි කන්න වෙන නිසා දරුවා පාසල් යනවා. පාසල් ගියත් ඉන්නේ මුල්ලකට වෙලා. ටීචර් මේ ගැන වැඩි දැනුවත්කමකුත් නෑ. දැන් ළමයා අම්මා ගාවට කිට්ටු වෙන්නවත් කැමති නෑ. දරුවට අම්මා ගැන වගේම පාසල ගැනත් තියෙන විශ්වාසය නැතිවෙලා තියෙන්නේ.

දරුවෙක් පාසලට ඇතුළත් කරලා සති දෙක තුනක් ගිහිනුත් දිගටම අඬනවා නම් ඒ ගැන පොඩ්ඩක් දෙමව්පියෝ සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද දෙමව්පියන්ගෙන් ඈත්වන සාංකාව ඇරුණම එතන පන්ති කාමරයේ හෝ ගුරුවරියගේ ගැටලුවක් තියෙන්නත් පුළුවන්.

දරුවට පුංචි හෝ වගකීමක් පොඩි කාලේ ඉඳන්ම දෙන්න. හැමදේකදිම දරුවා ගැන බය වෙන්න එපා. එහෙම නැතුව හැදෙන ළමයි තමයි වැඩිහිටියෝ බවට පත්වුණාමත් වගකීමක් ගන්න බය. දරුවා තමන් යටතෙම තියාගන්න හැදුවොත් පසුකාලීනව බිහිවෙන්නෙ පරාදීන පෞරුෂයක් සහිත පුද්ගලයෙක්. දරුවෙක්ව තමන්ගේ ළඟම තියාගන්න ඕන කාලයක් තියෙනවා. නමුත් නියමිත කාලෙදි දරුවව ලිමිට් එකක් ඇතුව සමාජයට නිරාවරණය කිරීම වැදගත්.

මනෝ විද්‍යාඥ,
ආචාර්ය අශෝක් ප්‍රියදර්ශන


එරංදි කෞශල්‍යා ✍️



 

TAGGED: Comfort Zone, Fear Zone, මොන්ටිසෝරිය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?