නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අවුරුදු උදාවත් එක්ක අපේ ජීවිතයත් වෙනස් වුණොත් හොඳයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අවුරුදු උදාවත් එක්ක අපේ ජීවිතයත් වෙනස් වුණොත් හොඳයි

Published April 15, 2024

ඉර, සඳ අනුව අපි කාලය ගෙවනවා. අවුරුද්දක් ගෙවිලා තවත් අලුත් අවුරුද්දක් ලබනවා. හැමදාම සිදුවන මේ ක්‍රියාවලියට අපි මුහුණ දෙනවා. අලුත් අවුරුද්දක් එළැඹුණ විට අපි කියන්නේ අවුරුදු එයි.. යයි.. අපේ වයස ගෙවිලා මරණයට ටික ටික ළං වෙනවා හැර වෙන මොනවාද? කියලයි. ජිවිතයේ යථාර්ථය එය බව ඇත්ත. අපට මේ තත්ත්වයට මුහුණ නොදී සිටින්න බැහැ. නමුත් වසරක් ගෙවි තවත් වසරක් එළැඹෙන විට අපේ ජිවිත හැඩගසා ගත යුත්තේ කොහොමද?

ආපසු හැරී බලන්න

අතීතයේදී නම් අපේ සමාජයේ අලුත් අවුරුද්ද ගැන බාහිරව වගේම සිතිනුත් අලුත් වුණා. තරහ, මරහ සියල්ලම අවුරුදු කාලයේදී අවසාන වුණා. ඔවුන් සිතින් සාමය උදාකර ගත්තා. ඒ නිසාම මානසිකවත් යම් නැවුම් බවක් ඔවුන්ගේ ජීවිතවලට ලැබුණා. එය සැබැවින්ම විය යුත්තක්. බුලත් අතකින් සමාව දුන් ඒ අතීත යුගය අදටත් ගළපා ගත හැකි නම් කොතරම් සුන්දරද?

වසරක් ගෙවෙන විට ඔබ ගෙවුනු වසර දෙස නැවතත් හැරී බලන්න. මේ වසර ඔබ ඵලදායි ලෙසින් ගෙවුනාය යන සෑහීම ඔබටම ගොඩනඟා ගන්නත් පුළුවන්. ඒ අතරම ජිවිතයේ යම් යම් අඩු පාඩු ඔබට දැනෙනවා ඇති. කිසිම විටෙක ඉටු නොවුනු දේ ගැන ළතැවෙන්න එපා. තවත් වසරක් ඔබ ඉදිරියේ ඇත. ඒ වසර තුළ ඔබට නොහැකි වුණ අරමුණු ජය ගැනීම වෙනුවෙන් නව වසරේ ඉලක්ක ඔබටම ගොඩනඟා ගත හැකියි.

සැලසුම් සහගත වෙන්න

වසරක් කියන්නේ බොහොම කෙටි කාලයක්. ඒ පැත්ත බලා මේ පැත්ත ගෙවෙන විට අවසාන වන තරමට කෙටියි. මේ මාස දොළහ තුළ කළ යුතු දේ ගැන සැලසුම් ගොඩනඟා ගන්න. අපේ ජීවිතයට සැලසුමක් අත්‍යවශ්‍යයි. සැලසුමක් නැති තැනකදී ජීවිතය ඉදිරියට ගෙන යන්නත් අපහසුයි. ඒ නිසා අලුත් නව වසර වෙනුවෙන් වූ සැලසුමක් ගොඩනඟා ගැනීමත් ඉතාම වැදගත්.

සමාජශීලි කටයුතු

මාවත් මගේ පවුලත් රැකුණොත් මදිද? සංකල්පයෙන් අත්මිදී සමාජශීලිව කටයුතු කිරිමට යොමුවන්න. අසල්වැසියාගේ මෙන්ම ඥාතීන්ගේ කටයුතු වෙනුවෙන් සහභාගි වෙන්න. මරණයක්, මඟුලක්, දානයක්, පිංකමක් යනු හැම දෙනාගේ සහභාගිත්වයයි. වසරක් එළැඹෙන විටම මේ පිළිබඳව යම් දැනීමක් ඔබට තිබෙනු ඇත.

ඒ වෙනුවෙන් දැනටමත් ආරාධනාවන් ලබා ඇත. නොඑසේනම් ආරාධිතයන්ගේ ලැයිස්තුවේ ඔබ සිටින බවට තක්සේරුව ඔබටත් ඇත. එවන් අවස්ථාවන් මග නොහැර සිටීමට නම් මේ වෙනුවෙන් ඔබේ කාලය වෙන්කර ගැනීම අවශ්‍යයි. අනේ නිවාඩුවක් තිබුණේ නැහැ. නිවාඩු ගන්න විදිහක් තිබුණේ නැහැ. යන සාම්ප්‍රදායික ලැයිස්තුව වෙනුවට ඒ වෙනුවෙන් කාලය වෙන් කරන ගැනීමට වසර මුල පටන්ම උනන්දු වන්න.

විනෝදාංශයක් වෙනුවෙන් කාලය

ජීවිතය පීඩනයක්ය යන සිතුවිල්ලේ නොසිට විකල්ප මගින් පීඩාව දුරු කර ගැනීමට උනන්දු වන්න. මේ සඳහා ඔබට කිසියම් විනෝදාංශයක් තෝරා ගත හැකිය. මේ විනෝදාංශය ඔබට ආදායමක් උපයන්නටත් හැකියාව තිබෙනු ඇත. තවත් අතකින් ඔබේ ජීවිතය මේ නිසා සමබර වනු ඇත. පොත් පත් කියවීම, ගෙවතු වගාව වැනි කටයුතුවලින් ඔබට ජීවිතයේ තෘප්තිමත් බවක් ලබා ගත හැකියි. එය ඔබේ ජීවිතයටත් මනා වූ සහනයක් විය හැකියි.

ව්‍යායාම

අපිට ලැබෙන ව්‍යායාම හොඳටම ඇති කිව්වත් මොළයට යහපත් පරිදි රුධිරය සැපයෙන ව්‍යායාමයන්හි යෙදීම වැදගත්ය. ඒ වගේම භාවනාවන්හි යෙදීම පුරුදු කරන්න. බුදු ගුණ භාවනාවේ යෙදෙන ඔබට බුදු ගුණයම ආශීර්වාදයක් වේවි. ආනාපානාසති භාවනාවේ යෙදෙන ඔබගේ ශ්වසන පද්ධතිය ඉතා හොඳින් ක්‍රියාකාරී වීම නිසා ඔබගේ ශ්වසන පද්ධතිය වගේම මොළය නීරෝගී වේවි.

මෛත්‍රි භාවනාවේ යෙදෙන ඔබට සුවසේ නිදා ගැනීමට, සුවසේ පිබිදීමට, නපුරු සිහින නොදකින, පියකරු වීම වැනි ආනිශංස ලැබෙනු ඇත. සතිමත්බව පුරුදු කරන ඔබට වගේම ඔබේ පවුලේ උදවියට එදිනෙදා ජීවිතයේ කටයුතු ඉතා සාර්ථක ලෙසින් ඉටු කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. අපේ හිත හීලෑ නැති බව ඇත්ත. නමුත් සතිමත් බව පුරුදු කිරීම නිසා ඔබට ලෞකික වශයෙන් ජීවිතයේ කටයුතු ඉතා සාර්ථක ලෙසින් ඉටු කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

ආගමික කටයුතු

සෑම ආගමක් මගින්ම මිනිසාට ලබා දෙන්නේ යහ පැවැත්මයි. මේ නිසා ආගමික පසුබිමක් තුළ ජීවිතය හැඩ ගසා ගැනීම ඉතා වැදගත්ය. භාවනාව විද්‍යාත්මක ලෙසින් පවා මිනිසාගේ සහ මානසික වෙහෙස පාලනය වෙනුවෙන් වැදගත් මෙහෙයක් ඉටු කරනු ඇත.

කනස්සල්ලෙන් මිදෙන්න

අප කිසිම කෙනකුට අපට අවශ්‍ය සෑම සියලු දෙයම ලැබෙන්නේ නැත. ලද දෙයින් සතුටු වීමේ හැකියාව ඔබට ඇත්නම් සැබැවින්ම වාසනාවන්තයෙක්.

සන්තුස්සකො ච සුභරොච
අප්පකිච්චො ච සල්ලහුකවුත්ති
සන්තින්ද්රියො ච නිපකොච
අප්පගබ්භො කුලෙසු
අනනුගිද්ධො


බොහෝ දේ නොසොයන තමාට ඇති දෙයින් පමණක් සතුටු වන්නෙක් වන්න. ඇති දෙය නරකය. ලද දෙය නරකය නොසිතන්න. පාවහන් නොමැතිව හඬන විට පාද අහිමි පුද්ගලයෙකු දැක සෑහීමට පත් වෙන්නා සේ තමාට ලද දෙය ගැන සෑහීමෙන් සිටින්න. නොලැබුණ දේ ගැන ළත නොවී ලබා ගත හැකි ඉලක්ක ඇත්නම් ගොඩනඟා ගන්න. එවිට ඔබේ සිතට බෙහෙවින් සහනශීලිත්වයක් ඇතිවනු ඇත.

සුබවාදීව සිතන්න

වසරක් ගෙවීම අපට වළක්වා ගත නොහැක. වසරක් ලැබීමත් ඒ සමග බැඳුන අනිවාර්ය සංසිද්ධියකි. මේ අවස්ථාවන් වෙනුවෙන් සුබවාදීව බලන්නට අපට හැකි විය යුතුය. හැම දෙයක්ම අනේ අපට බැහැ වෙනුවට ඔව් අපිට කළ හැකිය යන සිතුවිල්ලේ රැඳිය යුතුය. එවිට ජීවිතය ජයගැනීම එතරම් අපහසුවක් නොවනු ඇත.

කිවියර, ගීත රචක ශාස්ත්‍රපති
පූජ්‍ය මහගම සීලානන්ද
ස්වාමින්වහන්සේ
ශ්‍රී අරියනන්දනාරාමය
වේයන්ගොඩ, කටුවස්ගොඩ


පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️
 

TAGGED: අවුරුදු උදාව, අවුරුදු උදාවත් එක්ක අපේ ජීවිතයත් වෙනස් වුණොත් හොඳයි
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?