නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වැඩි කෑදරකමට වැඩි වාසි මූල්‍ය ආයතනවල තියෙන සොච්චමත් තැන්පත් කරන්න එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

වැඩි කෑදරකමට වැඩි වාසි මූල්‍ය ආයතනවල තියෙන සොච්චමත් තැන්පත් කරන්න එපා

Published April 15, 2024

බොහෝදෙනා දුක් මහන්සියෙන් උපයාගන්නා මුදල් ආරක්ෂාව සඳහාත්, ආයෝජනයක් වශයෙනුත් විවිධ මූල්‍ය ආයතනවල තැන්පත් කිරීම වර්තමානයේ සුලබ වශයෙන් දැකිය හැකිය. මෙම තැන්පත් කිරීම් සඳහා එම මූල්‍ය ආයතන විසින් තැන්පත්කරුවන් වෙත පොලී මුදලක් ලබා දීමද සිදු කරයි. එහෙත් මෑත කාලීනව ඉතාමත්ම ආකර්ෂණීය ඉහළ පොලී අනුපාතයන් ලබාදෙන බව දක්වමින් ජනතාවගේ මුදල් තැන්පතු භාරගැනීමත්, පසුව ඒවාට නිසි පොලිය ගෙවීම හෝ තැන්පත් කරන ලද මුදල ආපසු ලබා නොදී වංචා කිරීම පිළිබඳව පුවත් නිතරම වාර්තා විය.ශ්‍රී ලංකාවේ ජනතාව විසින් යම් මූල්‍ය ආයතනයක මුදල් තැන්පත් කිරීම හෝ ණය මුදලක් ලබා ගැනීම සිදු කරන්නේ නම් එම කාර්යය නියාමනය කිරීම සම්බන්ධව පූර්ණ බලය පැවරී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවටයි.

මහජනතාවගේ මුදල් තැන්පතු භාරගන්න පුළුවන් කාටද?

මහජනතාවගේ මුදල් තැන්පතු භාරගැනීමට මෙන්ම එම මුදල් නැවතත් ණයටදීම හෝ වෙනත් ව්‍යාපාරවල ආයෝජනය කිරීම සඳහා යම් ආයතනයක් කටයුතු කරන්නේ නම් ඒ සඳහා මහ බැංකුවේ ලියාපදිංචි බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් හෝ පළාත් සභාවක් යටතේ ලියාපදිංචි කර පිහිටුවා ඇති සමුපකාර සමිතියක් විය යුතුයි.

ලියාපදිංචි බැංකුවක් කියන්නේ මොකක්ද?

මහ බැංකුව විසින් 1988 අංක 30 දරණ බැංකු පනත යටතේ කාණ්ඩ 02 ක් ලෙසින් බැංකු ලියාපදිංචි කිරීමට කටයුතු කර ඇති අතර එම බැංකු පිළිබඳව මහ බැංකු වෙබ් අඩවියේ තොරතුරු දක්වා ඇත.

බලපත්‍රලාභී විශේෂිත බැංකු ලියාපදිංචි කරන ලද බලපත්‍රලාභී විශේෂිත බැංකු 06 ක් මේ වන විට ක්‍රියාත්මකව පවතී

  • ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථා බැංකුව.
  • ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
  • ප්‍රාදේශීය සංවර්ධන බැංකුව.
  • සණස ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී.
  • ශ්‍රී ලංකා සේවින්ග්ස් බෑන්ක් ලිමිටඩ්.
  • රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව.

බලපත්‍රලාභී වාණිජ බැංකු ලියාපදිංචි කරන ලද වාණිජ බැංකු 24 ක් වන අතර ඉහතින් දක්වා ඇති බලපත්‍රලාභී විශේෂිත බැංකු හැර බැංකු වශයෙන් ලියාපදිංචි වී ඇති අනෙකුත් බැංකු එම බලපත්‍රලාභී වාණිජ බැංකු ලෙස දැක්විය හැකිය.

බලපත්‍රලාභී මූල්‍ය සමාගම් කියන්නේ මොකක්ද?

2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ පිහිටුවා ඇති හා මහ බැංකුවේ අධීක්ෂණයට හා නියාමනයට ලක්වන, මහජනතාවගේ මුදල් තැන්පතු භාරගැනීමට මෙන්ම එම මුදල් නැවතත් ණයට දීම හෝ වෙනත් ව්‍යාපාරවල ආයෝජනය කිරීම සඳහා අවසරය ලබා දී ඇති බලපත්‍රලාභී මූල්‍ය සමාගම් ගණන මේ වනවිට 34 ක් වන අතර, එම මූල්‍ය සමාගම්වල තොරතුරු මහ බැංකු වෙබ් අඩවියේ දක්වා ඇත.

එම මූල්‍ය ආයතනවල ක්‍රියාතාරීත්වය සම්බන්ධව මහ බැංකුව අධීක්ෂණය කරන අතර සමහර අවස්ථාවන්හිදී නිසි ක්‍රමවේද අනුගමනය නොකරන මූල්‍ය සමාගම් වෙත තැන්පතු භාරගැනීම හෝ ණය නිකුත් කිරීම පිළිබඳව සීමාවන් පැනවීම කළ හැකි අතර තවදුරටත් ගැටලුකාරී තත්ත්වයන් පවතින්නේ නම් තැන්පතු භාරගැනීම හෝ ණය නිකුත් කිරීම අත්හිටුවීමටද කටයුතු කරයි. මෙම කටයුතු කරනු ලබන්නේ තැන්පතුකරුවන්ගේ තැන්පත් මුදල් ආරක්ෂා කර ගැනීමේ අපේක්ෂාව ඇතිවය.

අනවසර තැන්පතුකරුවන් හඳුනාගන්නේ කොහොමද?

මෙවැනි අනවසර තැන්පතුකරුවන් විසින් අනීතිකව තැන්පතු ලබා ගැනීම සඳහා ජනතාව නොමග යැවීමේ අරමුණින් විවිධ ආකර්ෂණීය ක්‍රමවේද භාවිත කරනු ලබයි. ඒවායින් කිහිපයක් නම්,

අනෙකුත් බැංකු හා මූල්‍ය ආයතන ලබා දෙන පොලියට වඩා ඉතා ඉහළ පොලී අනුපාතික ලබාදෙන බව දැක්වීම.

විවිධ ආයෝජන සැලසුම් ප්‍රවර්ධනය කරමින් ඉහළ ලාභ ලැබිය හැකි බව දක්වමින් මුදල් තැන්පතු කිරීම සඳහා දිරිමත් කිරීම.

තව තවත් සාමාජිකයින් එකතු කිරීම මගින් කොමිස් මුදල් වැඩිපුර ලබාගත හැකි බවට දක්වමින් ඒ සඳහා දිරිමත් කිරීම ( Network Marketing Pyramid)

අතථ්‍ය මුදල් ( Virtual Money ) භාවිත කිරීම මගින් අන්තර්ජාලය හරහා ගණුදෙණු කිරීම.

මුදල් තැන්පත්කරුවන්ට වෙළෙඳ දැන්වීම් නැරඹීම (Add Click) තුළින් අතිරේක මුදල් ඉපැයිය හැකි බවට පැවසීම මගින් පොළඹවා ගැනීම.

බලපත්‍රලාභී බැංකුවක හෝ මූල්‍ය ආයතනයක හැර වෙනත් ආයතනයක මුදල් තැන්පත් කිරීම අවදානම් සහගතද?

අනවසර තැන්පතු මුදල් ලබාගන්නා ආයතන හෝ පුද්ගලයින් බොහෝ අවස්ථාවන්හිදී විවිධ නීත්‍යානුකූල නොවන ව්‍යාපාර කටයුතුවල නිරත වන බැවින්, මුදල් තැන්පතුකරුවන්ද ඒවාට වක්‍රාකාරව දායකවීම තුළින් අනවශ්‍ය නඩු කටයුතුවල පැටලීමට සිදුවිය හැකිය.

අනවසරයෙන් පවත්වාගෙන යන මූල්‍ය ආයතනවල කටයුතු මහ බැංකුව විසින් අත්හිටවනු ලදහොත්, තමන්ගේ තැන්පතු මුදල් ආපසු ලබා ගැනීමට අපහසු විය හැකිය.

අනවසර තැන්පතු මුදල් ලබාගන්නා පුද්ගලයින් මියගියහොත් හෝ විදේශ ගත වුවහොත්, තම තැන්පතු මුදල් ආපසු ලබා ගැනීමට නොහැකි විය හැකිය.

මේ අනුව ඔබගේ මුදල් යම් මූල්‍ය ආයතනයක තැන්පත් කිරීමේ අපේක්ෂාවක් ඇත්නම් ඒ සඳහා බලපත්‍රලාභී බැංකුවක් වෙත යාම හෝ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වෙත යාම මගින් ඔබගේ මුදල් වල ආරක්ෂාවට මෙන්ම අනවශ්‍ය ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීම වළක්වා ගත හැකිය.

නීතිඥ  අංජුල බණ්ඩාර
anjulacab@gmail.com


 

TAGGED: මූල්‍ය ආයතන
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?