නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මොන සිගරට් දුමත් වාතයක්ම තමයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

මොන සිගරට් දුමත් වාතයක්ම තමයි

Published April 15, 2024

දුම්පානයේ අහිතකර ගැන විස්තර කිරීමට තවත් අවශ්‍ය නැත. දුම්පානයෙන් හෘද නාළ අවහිරවීම, ඝනවීම ගැන අවදානම ලෝකයම දන්නා කරුණක්. සිදු කරන ලද සමීක්ෂණයකට අනුව ඇමරිකාවේ සිදුවන මරණ සංඛ්‍යාවෙන් 70 % ක්ම සඳහාම හෘදයාබාධ හේතු වන බව හෙළි වී තිබෙනවා. 1960 වසරේ පටන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්වැටි භාවිතයෙන් හෘදයාබාධ සිදුවන බවට වූ අනතුරු දැන්වීම නිකුත් කළා.

ඊ සිගරැට්ටුව (e-cigarette )

මේ අතර දුම්කොළ භාවිතයෙන් නිපදවන සම්ප්‍රදායික සිගරැට්ටුව වෙනුවට ඉලෙක්ට්‍රොනික් සිගරැට්ටුවක් පිළිබඳව 2016 දී අවධානය යොමු වුණා. ඊ සිගරැට්ටුව හඳුන්වා දීමේ අරමුණු කීපයක් තිබුණා.

  • දුම්කොළවලින් ඇතිවන හානිය අවම කිරීම.
  • නිකොටින් නැති නිසා ශරීරයට සිදුවන හානිය අවම වීම.
  • දුම්පානය කිරීමෙන් ලැබෙන අත්දැකීමට සමාන අත්දැකීමක් ලැබීම

ඊ සිගරට්ටුවක ක්‍රියාකාරීත්වය

ඊ සිගරට්ටුවක ක්‍රියාකාරීත්වය සිදු වන්නේ මේ විදිහටයි. මෙම සිගරැට්ටුව නිෂ්පාදනය සඳහා වූ අමුද්‍රව්‍ය ලෙස සංයෝග කීපයක් යොදා ගන්නවා.

  • ප්‍රොපිලීන් ග්ලයිකෝල්
  • Vegetable Glycerine
  • රසකාරක
  • සමහර විට නිකොටින්

මේ අන්දමින් නිෂ්පාදනය කරන ලද ඊ සිගරැට්ටුව තාපයට භාජනය (vapping) කරමින් දුම් නිෂ්පාදනය කිරීම සිදු වෙනවා. මෙම සංයෝග තනිව තනිව ගත් විට හානියක් නැහැ. නමුත් මෙම සංයෝග සිගරට්ටුව උරා බීමේදී තාපයට භාජනය කරනවා. එවිට මෙහි අන්තර්ගත රසායනික සංයෝග වෙනස් වී ශරීරයට අහිතකර අන්දමින් බලපාන්න පුළුවන්.ඒ විදිහට හානි කරන සංයෝග ලෙස ඔවුන් හඳුනාගත් ශරීරයට අහිතකර සංයෝග මෙසේය.

  • Silicate particles
  • Metal Particles (Nickle, Silver)
  • Acetaldehyde

2010 වසරේදී ඊ සිගරට් විෂ වීම ගැන වාර්තාවන් 0.3% ක් ඇති අතර 2014 අවසාන වනවිට මෙම ප්‍රතිශතය 42% ක් තරමට ඉහළ ගොස් තිබෙනවා. 2019 වසරේදී රෝයල් කොලීජිය මගින් මේ පිළිබඳව අධ්‍යයනයක් සිදු කළ අතර ඊ සිගරට් දුම් උරා බීම නිසා 208 දෙනෙක් රෝහල්ගත කළ අතර එයින් 68 දෙනෙක් මරණයට පත් වී තිබෙනවා. මෙම සිගරට් වෙනුවෙන් යොදාගෙන ඇති පලතුරු සහ වෙනත් රස නිසා දරුවන්ද මේ වෙනුවෙන් ඇබ්බැහි වීමේ ප්‍රවණතාවය ඉහළ බවත් වාර්තා වෙනවා.

ජෝර්ජියාවේ ඊ මෝර් විශ්වවිද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යයනයක් මගින් පෙන්වා දෙන අන්දමට මෙම දුම්වැටිවල අන්තර්ගත රසායන සංයෝග නිසා සිරුරේ සෛලවලට හානි සිදුවන අතර දියවැඩියාව, පිළිකා වැනි රෝග තත්ත්වයන් ඇති වීමේ අවදානමක්ද තිබෙනවා.

ඒ වගේම වැඩිහිටියන් විසින් මෙම ඊ සිගරැට් දුම් පානය කරන විට ඒ අසල සිටින (second-hand vaping) ඔවුන්ගේ දරුවන් මෙම දුමට නිරාවරණය වීමේ වැඩිම අවදානමකට පත් වන පිරිසක් බැව් අමතක කළ යුතු නැහැ.

ඒ වගේම මෙම දුම්වැටි වෙතින් මුදා හරින සුවඳ මිහිරි පලතුරු සුවඳකට සමාන නිසා දරුවන්ද ඒ සුවඳ ප්‍රිය කරනවා. ඒ නිසා සාමාන්‍ය සිගරට් දුමක් මෙන් ඔවුන් මේ සුවඳ අප්‍රිය කරන්නේද නැහැ.

Second- hand vaping සහ දරුවන්

මේ වෙනුවෙන් වූ අධ්‍යයනය සඳහා ඊ සිගරට් දුමට නිරාවරණය වන වයස අවුරුදු 12 න් පහළ දරුවන් පිරිසක් තෝරාගෙන ඔවුන්ගේ රුධිර සාම්පල ලබා ගත්තා. ඒ අතරම මෙම දරුවන් ඊ සිගරට් දුම වෙනුවෙන් නිරාවරණය නොවන දරුවන් සමග සංසන්දනාත්මකව සලකා බලන විට දුමට නිරාවරණයවන දරුවන්ගේ සෛලවලට හානි සිදු වී තිබුණ අතර ඔවුන්ගේ සතුටු හෝර්මෝන ඉතා අවම මට්ටමක පැවැති බැව් පෙනී ගියා.

මව්පියන් දැනුවත් කිරීම

මෙම අධ්‍යයන වාර්තාවේ ප්‍රතිඵල ගැන සමාජය දැනුවත් කිරීමක් සිදුවුණ අතර එහිදි මව්පියන් තුළ ඊ සිගරට් ගැන ඇති දැනුම පරීක්ෂා කළා. ඊ සිගරට්ටුවක් පානය කිරීම නිසා ඇතිවන හානිය අවම යැයි ඔවුන් මෙතෙක් සිතන ලද බැව් මව්පියන් 19 දෙනෙක් අතරින් 11 දෙනෙක් ප්‍රකාශ කර සිටියා. ඊ සිගරට්ටුව ඉතාම ආරක්ෂිත බැව් තමා උපකල්පනය කළ මව්පියන් 22 දෙනෙක් අතරින් 12 දෙනෙක්ම කියා සිටියා.

දැනටමත් බ්‍රිතාන්‍යයේ මිලියන 1.3 ක් පමණ නිකොටින් ආඝ්‍රාහණය සහිත ඊ සිගරට්ටුවට හුරු වී ඇත. දුම ශ්වසන කිරීම අහිතකර බව පෙන්වා දෙන අධ්‍යයනයන් අවධාරණයෙන්ම සඳහන් කරන්නේ කෘත්‍රිම ලෙසින් දුම නිපදවීමෙන් එම අවදානම තුරන් නොවන බවයි.

බ්‍රිතාන්‍යයේ දුම්වැටි විරෝධී සංවිධානය පවසා සිටින්නේ මත්ද්‍රව්‍ය විරෝධී සංවිධාන පවසා සිටින්නේ මත්ද්‍රව්‍ය පාලනාධිකාරියේ වගකීම විය යුත්තේ වඩා යහපත් වන්නේ දුම්බීමේ ක්‍රම හඳුන්වා දීම නොව ඒවා පාලනය කිරීම අනිවාර්යෙන්ම සිදු විය යුතු බවයි.

(Mail on line  ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?