නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මේ පාරත් සිංහල අවුරුදු චාරිත්‍ර කළ යුත්තේ ඇයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

මේ පාරත් සිංහල අවුරුදු චාරිත්‍ර කළ යුත්තේ ඇයි

Published April 8, 2024
                    පැරණි නැකැත් සීට්ටුවට අනූව

අලුත් අවුරුද්ද යන්නෙන් අදහස් කරන්නේ රවි, මීන රාශියෙන් මේෂ රාශීගත වීමයි. නැතහොත් අවුරුදු කුමරාගේ සම්ප්‍රාප්තියයි. සූර්ය දිව්‍ය රාජයාට අධිපති ඊශ්වර දිව්‍යරාජයාය. එම දෙවියන්ගේ අවතාර ලත් මිහිඟු නම් දිව්‍ය පුත්‍රයා තෙළෙස් රියන් උස ඇති, සත් රියන් ඔටුනු පැලඳු, රන් ආභරණයෙන් සැරසී, වෛරෝඩි සයුරේ ගිලී නෘත්‍ය, ගීත, වාද්‍ය, තූර්ය සතර දිග පතුරවමින් අවුරුදු කුමරා ලෙස වඩින බව පැරණි පොත පතෙහි සඳහන් වේ.

නව සඳ බැලීම

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 11 වන බ්‍රහස්පතින්දා දින, අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 10 වන සිකුරාදා දින නව සඳ බැලීම මැනවි.

නවග්‍රහ මණ්ඩලයේ මව චන්ද්‍ර දිව්‍ය රාජයා ලෙස සැලකේ. ඇයට අයත් රාශිය කටක රාශිය වේ. ඇය ජලයටද අධිපති වේ. වැව් පොකුණු තැනීම, ළිං කැපීම ආදී ජලය සම්බන්ධ වැඩවල දී ජලයේ සිටින සඳු බලවත්ව නැකැත් සෑදීමෙන් ප්‍රතිඵල සාර්ථකව ලබාගත හැකිය.

මෙම වසරේ පරණ අවුරුද්ද හා අලුත් අවුරුද්දේ සඳු වෘෂභ රාශියේ උච්චව ගමන් කරයි. මිනිස් ශරීරයේ හිසට, පපුවට, බඩට, හන්දි යන ස්ථානවලට කාරක බැවින් මෙම වසරේ නව සඳ බැලීමෙන් එම කිරණ බලපෑමෙන් සඳු බලවත් අයට ඉතා යහපත් වේ. පත්තිනි මෑණියන් උදෙසා පහන් දල්වා වැඳ නව සඳ බැලීම ඉතා යහපත් වේ.

පරණ අවුරුද්ද සඳහා ස්නානය

මෙම වසරේ අප්‍රේල් මස 11 වන බ්‍රහස්පතින්දා දින බෝ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය මැනවි.

එදින ගුරු දින බැවින් එදිනට අධිපති ගුරු දිව්‍යරාජයාට අයත් රුක්ෂය බෝ ගස වේ. එම නිසා නානු සමග බෝ පත් යුෂ මිශ්‍ර කර නානු ගෑම යහපත් වේ. මේ දින සඳුගේ බලයත් සමග ඉතා යහපත් වේ.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අපර භාග 9 පසු වී විනාඩි 05 ට සිංහල හා හින්දු

අලුත් අවුරුද්ද උදාවේ.

සූර්යා මීන රාශියේ සිට මේෂ රාශිය දක්වා මාස 12 ( දින 365 1/4 ) ක් තිස්සේ අස්විද නැකතේ සිට රේවතී නැකත දක්වා පසු කරමින් විත්, නැවත සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සම්ප්‍රාප්තවීම අලුත් අවුරුදු උදාව ලෙස සැලකේ.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන ශනි දින අපර භාග 2 පසු වී විනාඩි 41 සිට අප්‍රේල් මස14 වන ඉරිදා දින අලුයම 3 පසු වී විනාඩි 29 දක්වා පුණ්‍ය කාලය ලෙස සැලකේ.

මෙම නොනගතය හෙවත් පුණ්‍ය කාලයේ දී පරණ අවුරුද්දේ කරන සියලු වැඩ කටයුතු අතහැර යුතු බැවින් එය උපවාස කාලයක් ලෙස සැලකේ. එම නිසා මෙම කාලය තුළදී ආගමික කටයුතු කිරීම සුබවේ.

ආහාර පිසීම

අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින රාත්‍රී 11 පසු වී විනාඩි 06 ට දකුණු දිශාව බලා තල හා හකුරු මිශ්‍ර කිරිබතක් හා තල මිශ්‍ර කැවිලි වර්ගයක් සාදා ගැනීම මැනවි.

ග්‍රහ පූජා සඳහා විශේෂ බැවින් තල ශරීරයට ශක්තිජනක බැවින් තල නීරෝගී බව රැකීම සඳහාද තල හා උක් හකුරු මිශ්‍ර කිරිබත් හා කැවිලි සාදා ගැනීම සුදුසු වේ. සෙනසුරාදා දිනයට අධිපති ශනි දිව්‍ය රාජයා බැවින් ඔහුට අයත් වර්ණය නීල වර්ණය බැවින් නීල වර්ණයෙන් සැරසී ආහාර පිසීම ශුභ වේ. එදා පඬිපුර ගිනි නිවීමට පත්තිනි මෑණියන් එළකිරි ඉතිර වූ අනුසාරයෙන් එළකිරි ඉතිරවීම ශුභ වේ.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීම

අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින රාත්‍රී 12 පසු වී විනාඩි 06 ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.

අපගේ ආයුෂ, වර්ණය, සැපය, බලය ලැබීමට, නීරෝගී බව රැකීමට, ශරීරයේ සප්ත ධාතු නිපදවීමට ආහාර හා ජලය අවශ්‍ය වේ. එම නිසා නව වසරේ නැකතට ආහාර පිස, නැකතට ආහාර අනුභව කිරීම ශුභයි.

එය පළමු කොට ගෙදර ප්‍රධානියා විසින් ඉෂ්ට දේවතාවුන් වහන්සේට පහන් දල්වා, කිරිබත් ගුලියක් වෙන් කොට, පසුව ඔහු අනුභව කොට ගෙදර අයට බෙදා දෙයි. ඉන්පසු ළිඳ සමග ගණුදෙණු කරයි.

පළමුව මල් පොකුරක්, පඬුරක්, අඟුරු කැබැල්ලක් ළිඳ තුළට දමා, ළිඳට වැඳ, ගෙවී ගිය වසරේ ලබාගත් වතුර බෝතලය ඉවත් කොට, එම බෝතලයටම නැවුම් වතුර බෝතලයක් පුරවා ගනියි.

පසුව නව අවුරුදු උදාවට පෙර ආරාධනා කරන ලද හිතවත් කෙනෙකු එදිනට විත්, ගෙදර අයගෙන් සංග්‍රහ ලබා, නිවැසියන් සමග ගණුදෙණු කරයි. මෙම වර්ෂයේ යෙදෙන නැකත සරස්වතී දේව මෑණියන්ගේ වේලාවකි. එය රාත්‍රී 12 පසු වී විනාඩි 03 සිට රාත්‍රී 12 පසු වී විනාඩි 15 දක්වා පවතී. ඉගෙනුම ලබන ළමයින් මෙම වේලාවට සරස්වතී මෑණියන්ට පහනක් දල්වා ආශීර්වාද ලබාගෙන වැඩ ඇල්ලීමට පොත් කියවීම ශුභයි.

හිස තෙල් ගෑම

අප්‍රේල් මස 15 වන සඳු දින පූර්ව භාග 10 පසු වී විනාඩි 17 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද, පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ද, තෙල් ද ගා ස්නානය කිරීම මැනවි.

සඳුදා දිනයට අධිපති සඳු දිව්‍යරාජයාට අයත් වෘක්ෂය දිවුල් වෘක්ෂය බැවින් දිවුල් කොළ හිසටද, ඊට පෙර දින එනම් ඉරිදා දිනයට අධිපති හිරු දිව්‍යරාජයාට අයත් වෘක්ෂය ඉඹුල් වෘක්ෂය බැවින් ඉඹුල් කොළ පයටද තබා, දිවුල් කොළ යුෂ මිශ්‍ර නානු ගා, හිස තෙල් ගල්වා, ස්නානය කිරීම ශුභයි.

කලාඳුරු අල
කුංකුනප්පු
විෂ්ණුක්‍රාන්ති
ගෝරෝචන
නෙළුම් දඬු
බෙලි මුල්
කස්තුරි
සස්සඳ මුල්
ඉරිවේරියා
නස්නාරං මුල්
සැවැන්න මුල්
ගොඩ මානෙල් අල
සමන් පිච්ච
මල්ගෙන තෙල් සිඳ වෛද්‍යවරයෙක් හෝ ස්වාමීන් වහන්සේ නමක් “සියලු රෝගල දෝෂ, පීඩා දුරු වේවා” යි කියා ආශිර්වාද කරනු ලැබීම මැනවි.

රැකියා සඳහා පිටත් වීම

අප්‍රේල් මස 17 වන බුද දින පූර්ව භාග 6 පසු වී විනාඩි 52 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී රැකියා සඳහා පිටත්ව යෑම මැනවි.

ඒ සඳහා ගිතෙල් හා හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කොට රැකියා සඳහා පිටත්ව යෑම ශුභයි.

පැළ සිටුවීම

අප්‍රේල් මස 18 වන ගුරු දින පූර්ව භාගඅ 10 පසු වී විනාඩි 16 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිශාව බලා පැළ සිටුවීම ශුභයි.

මෙය විශේෂ මංගල්‍යයකි. සත්ත්වයාට ආහාර සැපයීම, වාසස්ථාන ලබා දීම, ජලය, ඖෂධ ලබා දීම, පරිසරය අලංකාර වීම වැනි කරුණු රාශියක් ශාක විසින් ලබා දෙන බව අප හොඳින් දන්නා කරුණකි. එය පැවැත්මට පැළ සිටුවීම ඉතා වැදගත් වේ.

කැඬුම් බිඳුම්, මානසික රෝග,
සර්වාංග රෝග පිළිබඳ දේශීය වෛද්‍ය,
වෛද්‍ය ශිරෝමනී පණ්ඩිත
එම්.කේ.ජී. ජගත් සිසිර කුමාර
ජෝතිර් විශේෂඥ

පාරමී කෞෂිකා ✍️

 

TAGGED: පැරණි නැකැත් සීට්ටුව, සිංහල අවුරුදු චාරිත්‍
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?