නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නිවසක සුබ වේලාවට ළිප ගිනි මෙලවීමෙන් සෞභාග්‍ය තව තවත් වැඩිවේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

නිවසක සුබ වේලාවට ළිප ගිනි මෙලවීමෙන් සෞභාග්‍ය තව තවත් වැඩිවේ

Published April 1, 2024

පුරාතන යුගයේ සිටම මිනිසුන් විසින් ජීවත්වීම උදෙසා නිවාස ඉදිකර ගන්නා ලදි. එම යුගවල ඉදිකළ නිවාසවල අත්තිවාරම සහ බිත්ති ඉදිකිරීමට ප්‍රථමව වහලය නිර්මාණය විය. එය සිදු වන්නේ මානව පරිණාමයත් සමග හෝමෝ ඉරෙක්ටස් මානවයා විසින් ගින්දර සොයා ගැනීමත් සමගය.

එකල මිනිසුන් ගිනි දැල්වූ එම ගිනි මැල නොතෙමී තබා ගැනීම උදෙසා ගිනි මැලයට ඉහළින් ස්වභාවික සෙවිලි ද්‍රව්‍ය යොදා ගනිමින් ඉදිකළ වහලයත් සමඟ නිවාස නිර්මාණය යන සංකල්පය ලොවට බිහිවිය.

පසුව ක්‍රමයෙන් දියුණු වෙමින් පැමැණි නිවාස තුළ ප්‍රධානම ගෘහ අංගයක් ලෙස මුළුතැන්ගෙය නිර්මාණය වූ අතර අතීතයේදී මෙය නිවසින් පිටත නිර්මාණය වුවද කල්යත්ම පහසුව හා කාර්යබහුලත්වය නිසා මෙම මුළුතැන්ගෙය නිවසත් සමග එකම අත්තිවාරම මත නිර්මාණය විය.තවද නිවසක පිරිසිදුවම තිබිය යුතු ගෘහ අංගයක් වන මුළුතැන්ගෙය වාස්තු විද්‍යාත්මක කරුණු හා සිද්ධාන්ත මත සැලසුම් කළ යුතුය.

නිවසක මුළුතැන්ගෙය තිබිය යුතු සුදුසුම දිශාව වනුයේ ගිනිකොණ දිශාව වන අතර විකල්පයක් වශයෙන් දෙවනුවට වයඹ දිශාව මේ සඳහා යොදා ගැනීම ඉතාම සුදුසුය. නමුත් මේ සඳහා උතුර, ඊසාන සහ නිරිත දිශාවන් ගැනීම නුසුදුසුය.සාමාන්‍යයෙන් නිවසක මුළුතැන්ගෙය  ගිනිකොණ දිශාව තුළ සැලසුම් කර ගැනීමේ හැකියාව ඇත්නම් එය ඉතාම සුදුසුය.

මෙහිදී ගිනිකොණ දිශාවේ මුළුතැන්ගෙය  ඇතිවිට පහසුවෙන්ම නැගෙනහිර දිශාවට ජනේලයක් සැලසුම් කර ගැනීමේ හැකියාව පවතින අතර එමඟින් උදෑසන පායන හිරු කිරණ ප්‍රථමව මුළුතැන්ගෙය තුළින් නිවසට ලබා ගත හැකිය. වාස්තු ශාස්ත්‍රය තුළ මුළුතැන්ගෙට පළමු හිරු කිරණ ලැබීම සුබ කරුණක් ලෙස සලකය.

තවද හිරු එනම් සූර්යයා පදනම් කර ගනිමින් උදාවන සූර්ය මංගල්‍යය හෙවත් අලුත් අවුරුදු සිරිත්වල අලුත් අවුරුදු උදාවෙන් පසුව සිදු කරනු ලබන්නේ ළිප ගිනි මෙලවීමේ නැකත හා ඉන්පසු වැඩ අල්ලා ගනුදෙනු කර පසුව ආහාර අනුභව කිරීමේ නැකත්ය. මෙම කාරණාව සිදු වන්නේ හිරුගේ ගින්දරත් ළිපේ ගින්දරත් කුසේ ගින්දරත් යන කාරණා තුනම එකතු වීමෙන්ය. මෙහිදී ද මූලික වන්නේ මුළුතැන්ගෙය හා ඒ තුළ ඇති ප්‍රධානම අංගය වන ළිප මූලික කරගෙනය.

වසරකට පසුව උදාවන සුවිශේෂි අවස්ථාවක් වන සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම පදනම් කර ගනිමින් ගෘහණියන් ළිප ගිනි මෙලවීමේ චාරිත්‍රය වෙනුවෙන් අලුත් අවුරුදු උදාවට පෙර සිටම ඉතා උනන්දුවෙන් ඒ වෙනුවෙන් සූදානම් වෙයි.

මෙහිදී මුළුතැන්ගෙය පිරිසිදු කිරීමත් දර කුස්සියක් ඇත්නම් ගොම, මැටි ආලේප කර ළිප අලුත් කිරීම හෝ අලුත් ළිපක් ඒ සඳහා යොදා ගැනීම සාමාන්‍ය සිරිතය.ඉන්පසු අලුත් අවුරුදු උදාවෙන් පසුව ළිප ගිනි මෙලවීමේදී අලුතින් සකස් කරගත් ළිපට අලුතින් පලාගත් දර කැබලි යොදා අදාල වසරට ගැළපෙන වර්ණ සහිත වස්ත්‍රයන්ගෙන් සැරසි සහ එම වසරට හා දිනයට ගැළපෙන දිශාව බලා නියමිත වේලාවේ ළිප ගිනි මෙලවීම සිදු කරනු ලබයි.

තවද මේ සඳහා අදාල වන මුං, තල වැනි ධාන්‍ය වර්ගයක්ද යොදා ආහාර පිසීමද සිදු කරනු ලබන අතර මෙම ළිප ගිනි මෙලවීමේ චාරිත්‍රය වෙනුවෙන් පරණ දිරාගිය දර යොදා ගැනීම නොකළ යුතුය.මෙහිදී අදාල වසර අනුව ලබාදෙන වස්ත්‍රයන්ගේ වර්ණයන් සහ දිශාවන් මඟින් මෙම චාරිත්‍රයේ සාර්තකත්වය තව තවත් වර්ධනය වීම සිදු වේ.

පෙර සඳහන් කළ පරිදි පුරාතන මානවයා ගින්දර සොයා ගැනීම මානව පරිණාමයේ විශේෂ සොයා ගැනීමක් විය. පසුව නිවාස නිර්මාණයද එම නිසාම ලොවට බිහි විය. පසුව එම ගින්දරම යොදාගනිමින් ළිප ගිනි මෙලවීමේ චාරිත්‍රය ආරම්භ වූ අතර එය සුබ වේලාවකට සිදු කිරීම මඟින් නිවසකටද සෞභාග්‍ය හා වාසනාව ළඟා කරගත හැකිය.

එමෙන්ම මීට අමතරව සාමාන්‍ය පරිදි නිවසක ළිප සැසුම් කිරීමේදී ළිප ගිනිකොණ දිශාවේ නම් නැගෙනහිර දිශාව බලා ආහාර පිසිම සුදුසු වන අතර ළිප වයඹ දිශාවේ ඇති අවස්ථාවක උතුරු දිශාව බලා ආහාර පිසීම වඩාත් සුදුසුය.

පොරණුවට ඉහළින් ජල ටැංකිය ඉදිකිරීමද සාමාන්‍යයෙන් සිදු කරනු ලබයි. නමුත් එය නොකළ යුතු දෙයක් මෙන්ම මුළුතැන්ගෙයි තුළ ඇති ජල කරාමය හා බීමට ගන්නා ජල භාජනයන් ළිප අසලම තැබිමද නොකළ යුතුය. මෙය වාස්තු ශාස්ත්‍රය තුළ ජල ගිනි ගැටුම වශයෙන් හඳුන්වනු ලබන ගැටලුකාරි තත්ත්වයකි.

ගින්දර හා ජලය මඟින් අවකාශයේ ඇති වාතය ඉහළ හා පහළ යාම සිදු වන අතර පෙර සඳහන් කළ පරිදි ජලය හා ගින්දර එක ළඟ තිබීම මත එම වාතය නිතර කැළඹීමට ලක්වෙයි. මෙම හේතුව මත ගෘහණියන්ට කායික රෝගි තත්ත්වයන්ටද ලක්වීමට සිදු වේ.

මුළුතැන්ගෙය තුළ බීමට ගන්නා ජල භාජන තිබීමට සුදුසුම දිශාව වනුයේ මුළුතැන්ගෙයි ඊසාන දිශාවය. තවද යම්කිසි රෝගි තත්ත්වයකට ගනු ලබන ඖෂධ වර්ග මුළුතැන්ගෙයි තබා නොගැනීමද ඉතාම වැදගත්වන අතර ඒ සඳහා සුදුසුම දිශාව වනුයේ නිවසේ ඊසාන දිශාවය. නිවසේ ප්‍රධාන දොරෙන් එක එල්ලේ මුළුතැන්ගෙයි ළිප නොපෙනෙන ලෙස සැලසුම් කර ගැනීම ඉතාම සුදුසු වේ.

මුළුතැන්ගෙට ඉහළින් ඉහළ මහලේ වැසිකිළි, නාන කාමර සැලසුම් කිරීමත් නොකළ යුතු අතර නිදන කාමරයක් ඇත්නම් ළිපට ඉහළින් නිදන ඇඳ හෝ වටිනා භාණ්ඩ තැන්පත් කළ අල්මාරි වැනි ගෘහ භාණ්ඩ ඇත්නම් එම ගෘහ භාණ්ඩ තරමක් වෙන්ස්කර පිහිටුවා ගැනීමද ඉතාම සුදුසුය.

වර්තමානයේ ඉතා කාර්යබහුල ජීවිත ගත කරන බොහෝදෙනා තම නිවස තුළ ආහාර පිසීමට තරමක් අකමැති වුවද දිනකට එක් වරක් හෝ ළිප දල්වා කෙටි ආහාර වේලක් හෝ පිස ගැනීම නිවසක මුළුතැන්ගෙය හා නිවස සක්‍රීය කර ගැනීමක් හා සමානය.

මේ අයුරින් ගත්විට නිවසක මුළුතැන්ගෙය හා ළිප යනු නිවසක් සක්‍රීය කර ගැනීමට බලපානු ලබන ප්‍රධානම ගෘහ අංගයක් හා අයිතමයක් වේ. නිවසක සුබ වේලාවක ළිප ගිනි මෙලවීම වැනි චාරිත්‍ර මඟින් එම සක්‍රීයතාවය තව තවත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන අතර නිවසක සෞභාග්‍ය වර්ධනය වීමටද එය මනා පිටිවහලක් වේ.

වාස්තුවිද්‍යා විශාරද නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes, මිනුවන්ගොඩ
(Aloka Homes vasthu FB Page )

අර්චිත ඉඳුවර ✍️



 

TAGGED: සුබ වේලාව, සෞභාග්‍ය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?