නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දැනුම හා සුවිශේෂී කුසලතා තුළින් ජීවිතය ජයගත් ඇය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දැනුම හා සුවිශේෂී කුසලතා තුළින් ජීවිතය ජයගත් ඇය

Published March 25, 2024

ජීවන ගමනේ විවිධ භූමිකාවන් නිරූපණය කරන කාන්තාව වෘත්තීය මට්ටමින් ද විවිධ භූමිකාවන් නිරූපණය කරමින් රටේත් සමාජයේත් හෙට දවස වෙනුවෙන් ඉටුකරන සේවය/කැපවීම සුළුපටු නැත. පවුලක සාර්ථකත්වය පිටුපස ඇති දැවැන්ත සෙවණැල්ල වන ඇය ආයතනික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන් සිය භූමිකාව නන් අයුරින් ඉටු කිරීමට දිවා රෑ නොබලා කටයුතු කරයි. ඇයට සමාජයෙන් එල්ල වන විවිධ බාධක ඔස්සේ ස්වාධීනව නැඟී සිටීම වෙනුවෙන් එදා සිට අද දක්වාම කාන්තාව සිදු කරන්නා වූ අරගලය පුදුමාකාරය. එකී කාන්තාවට සමාජයේ හිමි විය යුතු ගෞරවය එලෙසම ලබා දෙන බහුතරයක් දෙනා අතරේ එසේ නොකරන සුළුතරයක් ද අප අතරේ නැතුවාම නොවේ.

එසේ කාන්තාවට ලැබිය යුතු නිසි ගෞරවය, සුදුසුම තැන ලබාදෙමින් ඔවුන්ගේ ජීවින තත්ත්වය ඉහළ නංවමින් සහ ඇගේ හැකියාවන්ට නිසි වටිනාකමක් එක් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා සුවිශේෂී කාර්යභාරයක නියැළෙන මෙරට ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයා වන MAS ආයතනය මගින් සිදුකරනු ලබන්නා වූ සේවය මෙහිදී අමතක කළ නොහැක. MAS ආයතනය කාන්තාවන් සවිබල ගැන්වීමේ විවිධ වැඩසටහන් හරහා කාන්තාවන්ට ලබාදුන් පන්නරය තුළින් ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගත් අවස්ථා පමණක් නොව සමාජයේ ගෞරවණීය චරිත බවට පත් වූ අවස්ථා ද බොහෝමය. ඉතිං අද අපගේ කතා නායිකාව වන්නේ ද MAS ආයතනය සමඟින් එක්ව ජීවිතය ජයගත් අභිමානවත් දිරිය කාන්තාවක්. ඇය නමින් සුමුදු ජයසිංහ. මේ ඇගේ කතාවයි.

දිරිය දියණියකගේ ගමනක ඇරඹුම

MAS  ආයතනය සමඟ එක්ව දිවිය ජයගත් කාන්තාවන් අතර ඇය ද සුවිශේෂී චරිතයකි. MAS  සෙවණේ දහස් ගණනක් සහෝදරියන් අතරේ හැදී වැඩෙමින් සමාජයේ ගෞරවණීය චරිතයක් බවට පත්වෙතැයි ඇය කිසිදා නොසිතන්නට ඇත.

“මම සුමුදු ජයසිංහ. පදිංචි වෙලා ඉන්නේ කඩවත. මම විවාහකයි. මට ඉන්නේ දුවලා දෙන්නෙක්. 2013 වසරේදී තමයි මම MAS  Intimo එකට සම්බන්ධ වෙන්නේ. එහි සමාජ තිරසාරත්වය (Social Sustainability) අංශයේ තමයි මම කටයුතු කරන්නේ. අපේ ආයතනයේ Community Development Centre නම් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය මගින් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට නොමිලයේ පවත්වා ගෙන ‘සිතුල’ කියන පෙර පාසලේ ව්‍යාපෘති සම්බන්ධීකාරක ලෙස තමයි මම MAS ආයතනයට සම්බන්ධ වුණේ.

ඊට අමතරව ‘කාන්තාවන් පෙරමුණටම (Women Go Beyond ) වැඩසටහන, ආයතනික සමාජ සත්කාර (CSR)  සහ පාරිභෝගික ව්‍යාපෘති (Customer Projects) වැනි අංශවලටත් මම මගේ දායකත්වය ලබාදෙනවා. ඇත්තටම එදා මම MAS ආයතනය සමඟ එක් වෙද්දී මගේ ජීවිතය මෙතරම් සුවිශේෂී/සුබවාදී ආකාරයට වෙනස් වෙයි කියලා මම හීනෙකින්වත් සිතුවේ නෑ.

MAS සෙවණේ හැදී වැඩෙමින් ලැබුණු අමතක නොවන අත්දැකීම්

MAS  ආයතනය මගින් පවත්වනු ලබන සියලුම ව්‍යාපාරවල සහ එහි ප්‍රජාවන්හි කාන්තාවන්ට නායකත්ව භූමිකාවන් වෙත යාමට ඇති වන අභියෝග ජයගැනීමේ වැදගත්කම ආයතනය හොඳින් වටහා ගෙන තිබේ. වෘත්තීය සංවර්ධනය ඇතිකිරීම මගින් කර්මාන්තශාලාවල සේවය කරන සියලුම කාන්තාවන් සවිබල ගැන්වීම MAS  ආයතනයේ ප්‍රධාන අරමුණකි.

MAS ආයතනයේ සේවය කරන කාන්තාවන් වෙනුවෙන් පවත්වන විවිධ වැඩසටහන්වලට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඊට අමතරව ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ අයිතිවාසිකම් පිළිබඳ (SRH) පුහුණුකාරිණියක් ලෙසටත් කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. එය මම MAS ආයතනයෙන් මගේ ජීවිතයට ලබාගත්ත වටිනාම අත්දැකීම කියලා කියන්නේ නිහතමානී සතුටකින්.

ඒ හරහා අයතනයටත් පෞද්ගලිකවත් ඒ වගේම සමාජයටත් දැනුම බෙදා දෙන්නත් නිවැරදි තොරතුරු සමාජගත කරන්නත් මට අවස්ථාව ලැබුණා. එපමණක් නොවෙයි පුහුණුකාරිණියක් ලෙසට මා විසින් පවත්වනු ලබන පුහුණුවීම් හරහා මගේ පෞරුෂත්ව වර්ධනය කරගැනීමටත් මට හැකි වුණා. ඉස්සර මම පිරිසක් ඉදිරියේ කතාකරන්න දක්ෂ වූ කෙනෙක් නොවෙයි. නමුත් දැන් මට විශ්වාසයෙන් යුතුව ඕනෑම කෙනෙක්, පිරිසක් ඉදිරියේ කතා කිරීමට හැකි ආකාරයේ පුද්ගලික වර්ධනයක් මා තුළ ඇති වෙලා තිබෙනවා.

Women Go Beyond (WGB) හරහා ජීවිතයට ලැබුණු පන්නරය තුළින් වෘත්තීයමය සාර්ථකත්වය කරා

‘කාන්තාවන් පෙරමුණටම’ :(Women Go Beyond- WGB) යනු විවිධ ක්ෂේත්‍රවල කාන්තාවන් සවිබල ගැන්වීමේ පුළුල් වැඩසටහනක් මෙන්ම MAS හි අනන්‍යතාවයේ සලකුණක්. මෙම වැඩසටහන නිර්මාණය වන්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීමේ ශක්තිමත් සැලසුමක් සමඟින්. එය ලොව පුරා කාන්තාවන් දහස් ගණනක් සවිබල ගන්වා තිබෙන අතර කාන්තාව වෙත අපමණ වූ අගයක් ලබා දීමට ද සමත්ව ඇත.

ඇත්තටම Women Go Beyond  වැඩසටහන මගේ ජීවිතය වෙනස් කළා කිව්වොත් නිවැරදියි. අද මම සමාජයේ යම් තැනක සිටිනවාද එහි සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ MAS  ආයතනයටයි. මම ‘කාන්තාවන් පෙරමුණටම’ (WGB)  හරහා කරපු Train the trainer කියන වැඩසටහනට සම්බන්ධ වී පුහුණුකාරිණියක් ලෙස තවත් කෙනෙක්ව දැනුවත් කරන්න අවශ්‍ය දැනුම සහ පුහුණුව ලබාගත්තා. එම වැඩසටහන යටතේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ අයිතිවාසිකම් සම්බන්ධ (SRH) පුහුණුකාරිණියක් ලෙස අපට ලබා දුන් පුහුණුව මගේ ජීවිතයට විශාල වටිනාකමක් එකතු කළා.

ඒ තුළින් අපේ ආයතනයේ ඉන්න තරුණ පිරිසට විශේෂයෙන්ම අලුතෙන් ආයතනය හා එක් වන අයට මේ දැනුම ලබාදෙන්න මට පුළුවන් වුණා- ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ අයිතිවාසිකම් (SRHR)වැනි සමාජසේ කොන්වුණු, අසම්මත යැයි සලකන වැදගත් මාතෘකා ගැන MAS ආයතනය තුළ මෙන්ම මම ජීවත් වන සමාජය තුළත් කතා බහක් ඇතිකිරීමට හැකිවීම ගැන පුහුණුකාරිණියක් ලෙස මම ඇත්තටම සතුටු වනවා වගේම එය මා ලද විශාල ජයග්‍රහණයක් ලෙසයි මා දකින්නේ.

මේ අතරේ ආයතනයේ ගැටලු විසඳන්න මම මැදිහත් වෙනකොට මට මනෝ උපදේශනය ගැන අදහසක් ආවා. ඉතින් මම මනෝ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාවක් හැදෑරුවා. එහිදී එන පවුල් උපදේශනය (Family Counselling) වැනි කොටස් සඳහා පුහුණුකාරණියක් ලෙස MAS  ආයතනය තුළින් ලබාගත් දැනුම ඉතා ප්‍රයෝජනවත් වුණා. මේ වන විට පෞද්ගලික ජීවිතේ මම මනෝ උපදේශිකාවක් ලෙස කටයුතු කරනවා. ඒ අංශයෙන් ආයතනයට මගෙන් සහයක් අවශ්‍ය වුණොත් ඒ සහාය ඕනෑම වෙලාවක උපරිම ලෙස MAS ආයතනය වෙනුවෙන් ලබාදීමට මම සූදානම්.

සමාජයේ ගෞරවණීය කාන්තාවක් ලෙස නොනැවතී ඉදිරියටම

අද වන විට ඕනෑම අවස්ථාවකදී ආයතනය තුළ මෙන්ම සමාජය තුළත් මා ඉගෙන ගත් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ අයිතිවාසිකම්, පවුල් සැලසුම් කිරීම් හා ලිංගිකව බෝවන රෝග පිළිබඳ දැනුම ආශ්‍රයෙන් ප්‍රශ්නයකදී වඩාත් පැහැදිලිව හා විවෘතව ඒ පිළිබඳව දකින්නටත් ඒ දේවල් පිළිබඳව කිසිඳු පැකිලීමකින් තොරව කතා කරන්නටත් මට හැකියි. MAS ආයතනයට අලුතින් සම්බන්ධ වෙන සාමාජික සාමාජිකාවන්ව ආයතනය ගැන මේ මාතෘකා සම්බන්ධයෙන් දැනුවත් කිරීම මම කරනවා. ඇත්තටම ඒක මම කරන්නේ හරිම ආසාවෙන් වගේම මගේ ඒ රැකියා භූමිකාවට මම හරි කැමතියි.

MAS ආයතනයට මම සම්බන්ධ වීමට පෙර සහ අද මම සමාජයේ සිටින තත්ත්වය දෙස බැලුවොත් මට මා ගැනම තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. මට අවශ්‍ය වන්නේ ඉදිරියටත් MAS ආයතනයට මගේ සේවය ලබාදෙමින් මගේ වෘත්තීයමය හා පෞද්ගලික ජීවිතය තව තවත් සාර්ථක කරගන්නයි.

ඇය සමාජයට ලබාදෙන පණිවිඩය

මම ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ අයිතිවාසිකම් පිළිබඳ (SRH) පුහුණුකාරිණියක් ලෙස කටයුතු කරද්දී මම තේරුම් ගත්ත දෙයක් තමයි මේ මාතෘකාව කොයිතරම් කාලෝචිත ද සහ වැදගත් ද කියන එක. බොහෝ දෙනෙක්ට මේ ගැන නිසි දැනුමක් නෑ. මෙයට ප්‍රධානතම හේතුව ලෙස මම දකින්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ අයිතිවාසිකම් ( SRHR) යන මාතෘකාව එතරම් කතාබහට ලක් නොවීමයි.

මට හැඟෙන්නේ මේ දේවල් විවෘතව කතා කළ යුතුමයි කියලා. මට ඉන්නෙත් දුවලා දෙන්නෙක්. ඉතිං මම ඉගෙන ගත්ත දැනුමෙන් එයාලගේ පාසලේ නොකරපු පාඩම ඔවුන්ට සම්පූර්ණයෙන් කියාදෙන්න මට පුළුවන් වුණා.කාන්තාවන් රටට දැයට මහත් අභිමානයකි. ඉතිං එවන් අභිමානවත් දිරිය දියණියන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පමණක් නොව වෘත්තීය සංවර්ධනය තුළින් ඔවුන් සවිබල ගැන්වීමට රටේ ගෞරවණීය ආයතනයක් ලෙස MAS  ආයතනය ලබාදෙන ආදර්ශය ඉතා අගනේය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?