නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: රටවල් 29ක චිත්‍ර බිස්නස් කරන ලංකාවේ කෙල්ල
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

රටවල් 29ක චිත්‍ර බිස්නස් කරන ලංකාවේ කෙල්ල

Published March 18, 2024

ෂාමෙන් වෝකර්

තම ව්‍යාපරවලින් ලෝකය ජයගත් පිරිස් ගැන අපි ඕනෑ තරම් අසා තිබෙනවා. නමුත් එවැනි දුරක් ගිය කාන්තාවන් ඉන්නෙ අතලොස්සක් පමණයි. එවැනි දිගු ගමනක් ගිය අපූරූ කලාකාමී ව්‍යවසායිකාවක් අපට හමුවුණේ අහම්බයකින්. ඒ සමාජ ජාලයේ එහා මෙහා ගිය වීඩියෝ පටයකින්. ඉතින් අපි ඇයව එකතුකර ගත්තා තම ජීවිතය ජයගත් හැටි දැනගන්න. ඇය මෙහෙමයි තමන් පැමිණි ගමන් මග ගැන අපට කිව්වේ...

ෂාමෙන් ගැන කියලම මේ කතාව පටන් ගමු…

මගේ නම ෂාමෙන් වෝකර්. මට තාත්තා නැහැ ඉන්නෙ අම්මා විතරයි. අම්මගෙ නම මේනකා රණසිංහ. එයා සින්ගල් පේරන්ට් කෙනෙක්. ජීවත් වෙන්නෙ බණ්ඩාරවෙල. මම ඉස්කෝල පහකින් ඉගෙන ගත්තා. ඒත් මම වැඩිම කාලයක් ඉගෙන ගත්තෙ පානදුර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සහ කොට්ටාවේ ධර්මපාල විද්‍යාලයෙන්. මම උසස් අධ්‍යාපනයට සයිප්‍රස්වල ව්‍යාපාර කළමනාකරණ උපාධියක් හදාරල ඉන්නෙ. මම නිතරම අප්ඩේට් වෙන්න ට්‍රයි කරන කෙනෙක්.

මොකද මේ අමුතුම නමක් ?

ඒක මගේ තාත්තගෙන් ලැබුණ දෙයක්. එයා බර්ගර් ජාතිකයෙක් නිසා වෝකර් කියන නම මට ලැබුණේ. තාත්තා මං වෙනුවෙන් ගොඩක් දේවල් නොකළත් එයාගේ නම නිසා මට සුවිශේෂී තැනක් හම්බුණා. ගොඩක් අය කියන දෙයක් තමයි ඔයාගේ නමත් එක්ක හම යන්නෙ නැහැනේ කියල. ඒ වගේ එක එක හේතු නිසා මගේ නම ගොඩක් දෙනෙකුට අමතක වෙන්නෙ නැහැ. ඒකට මම තාත්තාට ස්තූතිවන්ත වෙනවා.

චිත්‍ර අඳින්න යොමු වුණේ කොහොමද?

පොඩි කාලෙ ඉඳලම චිත්‍ර අඳින්න ඕනෙ කරන හැකියාව සහ කැමත්ත මගේ ළඟ තිබුණා. වලාකුළුක් දැක්කත් මම එකෙන් වෙනස් රූපයක් දකිනවා. පොඩි කාලෙ අම්මා රට ඉන්නකොට එයාට ලියුම් ලියද්දි මම පොඩි පොඩි චිත්‍ර ඇදල එයාට යවනවා. මම මගේ හැඟීම් ප්‍රකාශ කරන මාධ්‍යක් විදිහට පොඩි කාලෙ චිත්‍ර පාවිච්චියට ගත්තා. ඒකත් හේතුවක් කියල මම හිතනවා චිත්‍ර කලාවට යොමු වෙන්න.

උසස් අධ්‍යාපන කටයුතු ඉවරවෙලා ලංකාවට ආවට පස්සෙ තමයි චිත්‍ර අදින එක හරියටම කළේ. මුලින්ම පටන් ගත්තෙ පැන්සල් සිතුවම්වලින්.මම පැන්සල් සිතුවම් අඳින්න පටන් ගන්නකොට ලංකාවේ කවුරුත්ම මේ වැඩේ පටන් අරගෙන තිබුණෙ නැහැ. සෝෂල් මිඩීයා වුණත් එතකොට ලංකාවේ ලොකුවට තිබුණේ නැහැ.

ඒ 2012 දී.ඒ කාලෙම වගේ මම ඇන්දා සංගාගෙයි මහේලගෙයි පෝට්ට්‍රෙට් එකක්. ඒ චිත්‍රය නිසා මම ගොඩක් ප්‍රසිද්ධ වුණා. 2016 දී වගේ මම මේ වැඩේ කම්පැනියක් විදිහට රෙජිස්ටර් කළා. දැන් මම මගේ බිස්නස් එකට වෙබ්සයිට් එකකුත් හදල තියෙන්නේ.

මේ වගේ වැඩක් ලංකාවේ මුලින්ම පටන් ගන්නකොට මොනවගේ අභියෝගද තිබුණේ?

මට මුලින්ම තිබුණ අභියෝගය තමයි ඉන්ඩස්ට්‍රි එකක් හදන එක. මොකද එතකොට රැල්ලක් තිබුණේ නැහැ කාටහරි තෑග්ගක් විදිහට චිත්‍රයක් දෙන එක. ඉතින් මම මුලින්ම කළේ මිනිස්සු අතරට මේ සංකල්පය ගෙනියපු එක.ඒ වගේම මම මේ චිත්‍ර අදින්න පටන් ගන්නකොට ඒකට ඕන කරන පැන්සල්, කොළ වර්ග සහ අනෙක් උපකරණ ලංකාවේ තිබුණේ නැහැ. මොකද ලංකාවේ එතරම් මේවා ජනප්‍රිය වෙල තිබුණේ නැති නිසා. කුරියර් සර්විස් පවා ඒ කලෙ මෙහෙම තිබුණේ නැහැ. මුලින්ම නම් ලොකු කට්ටක් කන්න වුණා. අලුතෙන් ඉන්ඩ්‍රස්ට්‍රී එකක් පටන් ගන්න එක තනිකරම ගේම් එකක්.

ඇඳපු චිත්‍ර ගැන කිව්වොත්…

සනත් ජයසූරීය, පූජා උමාශංකර්, සමනලි ෆොන්සේකා, සංගා, මහේල වගේ අයගේ පැන්සල් සිතුවම් මම ඇන්දා. එයාලගේ චිත්‍ර ඒ වෙනකොට කවුරුත්ම ඇඳල තිබුණේ නැහැ. ඒ වගේම ලංකාවේ ඉන්න දේශපාලනඥයන්ගේ චිත්‍රත් මම ඇඳලා තියෙනවා. මේ කිසිම චිත්‍රයක් මම හිතල මගේ වුවමානවට ඇඳපුවා නෙවෙයි. ඇණවුම්වලට ඇඳපුවා. ඒ වගේ ජනප්‍රිය අයව ඇඳපු නිසා මගේ චිත්‍ර ඉක්මනට මිනිසුන් අතරට ගියා. 2016 ඉඳන් මේ වෙනකල් මම පැන්සල් සිතුවම් දෙදහකට වැඩි ප්‍රමාණයක් ඇඳල තියෙනවා.

අමතක නොවෙන විශේෂ චිත්‍රයක් තියෙනවාද?

මම ඇඳපු හැම චිත්‍රයක්ම මට විශේෂයි. ඒ හැම චිත්‍රයකටම කතාවක් තියෙනවා. ඒවා මගේ හැරවුම් ලක්ෂ්‍ය. සමනලි ෆොන්සේකා අක්කාට 2014 කරපු පෝට්ට්‍රෙට් එක හින්දා මට සමාජ ජාලාවල ලොකු ෆෑන් බේස් එකක් හැදුණා. ඒ නිසා ඒ චිත්‍රය කවදාවත් අමතක වෙන්නෙ නැති විශේෂ චිත්‍රයක්.

ව්‍යාපාර කළමනාකරණ උපාධියක් තියෙද්දි ඇයි චිත්‍ර කලාවට යොමු වුණේ?

මම පොඩි කාලෙ ඉඳලම කැමති වුණේ නැහැ කෙනෙක් යටතේ කොටු වෙලා ඉන්න. මට ඕනෙ වුණේ ස්වාධීනව ඉන්න. ඒ වගේම මම අභියෝගවලට කැමති වෙනස් දේවල් කරන්න කැමති කෙනෙක්. ඒ දේ රැකියාවටත් එහෙමයි. ඒක නිසා තමයි මගේ හිතේ කැමත්ත තිබුණ චිත්‍ර කලාව මගේ රැකියාව විදිහට මම තෝරගත්තෙ.

මවගෙන් මොනවගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ උපාධියක් තිබිලත් මේ වගේ චිත්‍ර කලාවට යොමු වෙද්දි?

ඇත්තටම අම්මගෙන් මට ඒ කාලෙදි ලැබුණේ මූල්‍යමය උදව් විතරයි. මොකද ඒ කාලෙ අම්ම රට නිසා දැන් වගේ නිතර කත බහ කරන්න ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මම මොකක්ද කරන්න ඕනෙ. මොනවද කරන්න ඕනෙ නැත්තෙ කියල කියන්න අවස්ථාවක් හම්බුණේ නැහැ. ඒ හින්දා මම තමයි මාව මෝටිවේට් කරගත්තෙ. හැබැයි වාසනාවකට මම තෝරගත්ත කොයි දෙයිනුත් මට හොඳක් මිස නරකක් වුණේ නැහැ.

කාන්තාවක් විදිහට මෙච්චර දුරක් ආපු ඔබට මොකක්ද කියන්න තියෙන්නෙ කාන්තාවන්ට ?

අපිව පොඩි කාලේ ඉඳලම කොටු කරල තියෙන්නෙ. ඔයාට හවස හයෙන් පස්සෙ එළියට යන්න බැහැ. රෑට තනියෙන් ඩ්‍රයිව් කරන්න බැහැ. ඔයාට තනියෙන් කොහෙවත් යන්න බැහැ. මේ රස්සාව ඔයාට කරන්න හොඳ නැහැ වගේ දේවල් කියල කාන්තාවන්ව කොටු කරල තියෙන්න සමහරුන්. මම කියන්නේ ඒ කිසිම දෙයක් තමන් යන අරමුණට බාධාවක් කරගන්න එපා කියල. මුලින්ම ඕනෙ හොඳ අරමුණක්. මොකද අරමුණ අනුව තමයි අපි යන දුර තීරණය වෙන්නේ. මම කළෙත් එහෙම. හැමදෙයක්ම ගණන් නොගෙන මගේ අරමුණට මම ගියා.

ඒ වගේම කාන්තාවන් විතරක් නෙමෙයි හැම කෙනෙක්ම මොකක් හරි අලුත් දෙයක් නිතරම ඉගෙන ගන්න බලන්න. මොකද අපි දන්නෙ නැහැ අපි දැන් මේ කරගෙන යන දේ තව අවුරුදු පහකින් අපිට කරන්න පුළුවන් වෙයිද කියල. එතකොට අපි මොකක් හරි අලුත් දෙයක් ඉගෙන ගෙන තිබුණොත් මොකක්හරි පාරක් තියෙනවා අපට ඉදිරියට යන්න.

ඔබේ නිර්මාණ ලංකාව තුළ විතරක් නෙමෙයි පිටරටටත් ගිහින් තියෙනවා නේද?

ඔව්. මේ වෙනකොට මගේ නිර්මාණ රටවල් විසිනවයකට මම යවල තියෙනවා. ඒ අතර කොළොම්බියාව, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ග්‍රීන්ලන්තය, ඉන්දියාව සහ බංගලාදේශය වගේ රටවල් තියෙනවා. ලංකාවේ වගේම ඒ රටවලත් මට ලොකු ෆෑන්බේස් එකක් ඉන්නවා.

ලංකාවේ ඇතුලෙදි චිත්‍රවලට ලැබෙන ඉල්ලුම ගැන කිව්වොත්…

ලංකාවේ නම් ඉහළ ප්‍රතිචාරයක් සහ ඉහළ ඉල්ලුමක් තියෙනවා මගේ නිර්මාණවලට. සමහර මගේ නිර්මාණ යාපනයේ තියෙන පුංචි දූපත්වලට පවා ගිහින් තියෙනවා. ලංකාව හැම අස්සක් මුල්ලක් නෑරම මගේ නිර්මාණ තියෙනවා. කියන්න වචන නැහැ ඒ ගැන මතක් කරනකොට.

කරන සමාජ සේවා ගැන කිව්වොත්…

ඒවට නම් ගොඩක් උදව් කරන්නෙ පිටරට ඉන්න මගේ යාළුවොයි ෆෑන්ස්ලයි. මම 2014 දී කරන්න පටන් ගත්තා ලංකාවේ අඩු ආදයම් තියෙන පවුල්වල බබාලට ඉගෙන ගන්න ඕනෙ කරන දේවල් ගන්න සල්ලි සහ එයාලට ඕන කරන බෙහෙත් ලබාදෙන වැඩසටහනක්. ලංකාවේ නැති බෙහෙත් පවා ගෙන්නල සමහර ජීවිත පවා බේරගන්න පුළුවන් වෙලා තියෙනවා ඒ වැඩසටහන හරහා. ඒ වගේම සත්තුන්ට උදව් කරන එකත් මම කරනවා. විශේෂයෙන්ම බල්ලෝ.

මෙච්චර දුරක් එන්න ලැබුණු උදව් ගැන කිව්වොත්…

පොඩි කාලෙ අම්මත් ලංකවේ නැතුව තාත්තත් නැතුව මෙච්චර ගමනක් මට එන්න ලැබුණේ එහෙම උදව් කරපු පිරිසක් මගේ වටේ හිටපු නිසා. මට සහෝදර සහෝදරියෝ නැති නිසා යාළුවෝ තමයි මට ගොඩක් උදව් කළේ. ඉස්සර මට ඕන කරන පැන්සල් හොයාගන්න බැරි වුණාම රට ඉන්න යාළුවෝ තමයි ඒවා එව්වේ. පොඩි කාලෙ අම්ම ළඟ හිටියෙ නැති නිසා මාව බලාගත්තෙ මගේ නෑදෑයෝ. එයලත් මට ගොඩක් උදව් කරල තියෙනවා. නම් වශයෙන් කියන්න බැරි ප්‍රමාණයක් මට උදව් කරල තියෙනවා මේ ඉන්න තැනට එන්න.

මොනවද තියෙන ඉදිරි බලාපොරොත්තු…

ව්‍යවසායිකාවක් සහ චිත්‍ර ශිල්පිනියක් විදිහට ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කරගෙන යන සමාජ සේවා කටයුතු මීටත් වඩා හොඳට ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

අර්චිත ඉඳුවර ✍️


















 

TAGGED: Arts, entrepreneur, චිත්‍ර බිස්නස්, ව්‍යවසායිකා, ෂාමෙන් වෝකර්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love3
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?