නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කායවර්ධන පදක්කම්වලට ජයරුක්ෂි ගෙනගිය Life Disciplines
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

කායවර්ධන පදක්කම්වලට ජයරුක්ෂි ගෙනගිය Life Disciplines

Published March 4, 2024

ක්‍රීඩාව තුළින් ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ඔසවා තබන්න වෙහෙසෙන බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන අප ඕන තරම් අසා තිබෙනවා. එවන් දස්කමකින් මෑතකදී ලක්මවට අභිමානයක් ගෙන දුන් කායවර්ධන ශිල්පිනියක් අපට හමුවුණා. ඇය කෙටි කලක් තුළදී කායවර්ධන ක්ෂේත්‍රයට යොමු වෙලා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියකදී පදක්කම් තුනක් දිනා ගැනීමට සමත් වුණා.

ලක්මව පදක්කම්වලින් සැරසු ඔබ කවුද?

මගේ නම ටිකක් දිගයි. ඒ නිසා මම පාවිච්චි කරන්නේ ජයරුක්ෂි සමන්කුල කියන මගේ කෙටි නම. මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ වැලපිල්ලෑව ජයකොඩි මහා විද්‍යාලයෙන්. ඊටපස්සෙ උසස් අධ්‍යාපනය මම ලැබුවේ වත්තල ශාන්ත ආනා බාලිකා විද්‍යාලයෙන්. මම විවාහකයි. මගේ ස්වාමිපුරුෂයා සේවය කරන්නේ ඩුබායිවල. එයා ගුවන් යානා ඉංජිනේරුවරයෙක්. ඒ නිසා මමත් ජීවත් වන්නේ ඩුබායිවල.

කායවර්ධන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පිවිසුනේ අහම්බෙන්…

මම කොහොමත් සැරින් සැරේ ජිම් එකට ගිය කෙනෙක්. එතනදී මගේ මුල්ම පුහුණුකරු වුණේ ඉන්දික ධනංසුරියයි. ඊටපස්සෙ ඩුබායි ගියාට පස්සෙ එහෙ තියෙන ජිම් එකට ගියේ මගේ ඇගේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් කර ගන්න වුවමනා වුණ නිසා.මගේ බර කිලෝග්‍රෑම් 69 ක් වෙනකම් වැඩි වුණ නිසා මට අවශ්‍ය වුණා ඇගේ බර අඩු කරගන්න. එහිදී තමයි මට කෝච් හර්ෂ ඩි. පිරිස් මුණ ගැහුණේ. එයාගෙන් මම ටෙක්නික් යූස් කරන විදිහ, මගේ ස්ට්‍රෙන්ත් එක ඔක්කොම බලලා කෝච් කිව්වා නිකම් ඉදලා හරියන්නේ නැහැ ඔය ඇගෙන් මොකක් හරි වැඩක් ගන්න කියල. එහෙම තමයි මාව තරගාවලියට යොමු කළේ. ඇත්තම කිව්වොත් මාස හතරයි මම බොඩි බිල්ඩින් කළේ.

දිනු පදක්කම්…

සිංගප්පුරුවේ තිබුණු ජාත්‍යන්තර යෝග්‍යතා සහ කායවර්ධන ලෝක ශුරතාවලියේ දී මම ‘ලයිෆ් ස්ටයිල් මොඩ්ල්’ සහ ‘ස්පෝර්ට්ස් මොඩ්ල්’ යන අංශ දෙක නියෝජනය කරමින් ඉසව් තුනකට තරග කළා. ඒ ඉසව් තුනෙන්ම ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කිරිමට මට හැකියාව ලැබුණා.

කොහොමද ශ්‍රී ලංකාව නියෝජනය කළේ

මම ඩුබායිවල ජීවත් වුණත් මේ තරගාවලිය නියෝජනය කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන්. තරගාවලියට චීනය ඇතුළු රටවල් රැසකින් තරගකාරියන් 35 ක් වගේ ඉදිරිපත් වෙලා හිටියා.

ලැබුණු උදව්…

මට මේ ගමන එන්න මගේ පවුලේ අයගෙන් වගේම හස්බන්ඩ්ගෙනුත් ලොකු ශක්තියක් ලැබුණා. කොටින්ම කියනවා නම් මම බැහැයි කියල අත්හරින්න යන හැම වෙලාවෙම එයා තමයි කිව්වේ නැහැ ඔයාට පුළුවන් කියල. ඒ වගේම ලංකාවට ආවම මගේ කෑම ටික නියම විදිහට හදලා දෙන්නේ මගේ තාත්ති.

කෑම පාලනය තමයි ප්‍රධානම දේ…

මේකෙ තියෙන ප්‍රධානම දේ තමයි කෑම පාලනය කරන එක. තරඟය තියන්න කලින් තියෙන අන්තිම සතිය වෙනකොට සීනි, ලුණු ආහාරය ගන්න බැහැ. අන්තිම දවස් තුනේ වතුර බිව්වෙත් නැහැ. ඒ වගේ කට්ටක් කන්න ඕනෙ. එහෙම කට්ට කෑවෙ නැත්නම් මෙහෙම ජයග්‍රහණයක් ලංකාවට ගේන්න වෙන්නෙ නැහැ.අනික් දේ තමයි ඩිසිප්ලින්ස්. ඩිසිප්ලින් නැතිව මුකුත් කරන්න බැහැ. මේ ක්ෂේත්‍රයටක් ඒක එහෙමයි. ඩිසිප්ලින්ස් නැත්නම් මෙච්චර දුරක් මට එන්න වෙන්නේ නැහැ.

අනාගත බලාපොරොත්තුව

මගේ අනාගත බලාපොරොත්තු තමයි ඔලිම්පියා කායවර්ධන තරගාවලියක් නියෝජනය කරලා ලංකාවට පදක්කමක් ගේන එක. ඒ වගේම පෞද්ගලික කායවර්ධන උපදේශකවරියක් ලෙස ඉදිරියට කටයුතු කරන්නත් මම බලාපොරොත්තුවෙන් ඉන්නෙ.

අර්චිත ඉඳුවර ✍️

TAGGED: Life Disciplines, කායවර්ධන, ජයරුක්ෂි
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?