නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අනුෂ්කා – විරාත් කැදැල්ලට මේ සැරේ කොල්ලෙක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අනුෂ්කා – විරාත් කැදැල්ලට මේ සැරේ කොල්ලෙක්

Published March 4, 2024

‘අකායි කෝලි’ මේ දවස්වල හුළඟටත් වඩා වේගයෙන් බොලිවුඩයේ විතරක් නෙවේ මුළු ලෝකෙම පැතිරෙන නමක් වෙලා. ඒ ඔහුට උප්පත්තිය දුන් ලෝක ප්‍රසිද්ධ තරු අම්මයි තාත්තයි නිසා. ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිටත් සුපිරි නිළි අනුෂ්කා ශර්මාටත් දාව ඉපදුණු දෙවන දරුවා තමයි අකායි කෝලි කියන්නෙ.

පසුගිය අවුරුද්දෙ අග බාගයේ ඉඳන් මේ තරු යුවල සිය දෙවන දරුවා බලාපොරොත්තුවෙන් ඉන්න බවට විවිධ කටකතා පැතිරුණත් අනුෂ්කා – විරාත් ඒ ගැන කිසිඳු හෝඩුවාවක් පැපරාසීන්ගේ කන වැකෙන්නටත්, ඇස ගැටෙන්නටත් ඉඩ දුන්නෙ නෑ. අනුෂ්කා – කෝලි කියන්නෙ සිය පළමු දරු උපතේ පටන් තමන්ගේ පෞද්ගලිකත්වය ලොවට නිරාවරණය නොකළ දෙදෙනෙක්.

ඒකට හොඳම උදාහරණය ඔවුන්ගෙ පළමු දියණිය වන වාමිකා කෝලිට මේ වෙද්දි වයස අවුරුදු තුනක් වුණත් ක්‍රිකට් තරගයක් අතරතුර කැමරා කාචයට බොඳව පෙනුණ පින්තූරයක් හැරෙන්නට තවමත් වාමිකාගේ හරි පින්තූරයක් සමාජගත නොවීම. ඒ ගැන වරෙක ඔවුන් කියා තිබුණේ සමාජ මාධ්‍ය තුළට දියණියගේ ඡායාරූප එක්කාසු කිරීම දිනෙක ඇයටම තීරණය කරන්න දෙන්න ඕන කාරණාවක් මිස තමන්ගේ කැමැත්ත මත නොවිය යුතු බවයි.

දෙවන දරු උපත පිළිබඳ කටකතා කිසිඳු හෝඩුවාවක් නොමැති හෙයින් කටකතාම විතරක්ම වෙද්දි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ඒබී ඩි විලියර්ස් විරාත් අනුෂ්කාගේද මුනිවත බින්දේ ඔවුන් දෙදෙනා සැබෑවටම දෙවෙන වරටත් මවුපිය පදවිය බලාපොරොත්තු ඉන්නා බව සමාජ මාධ්‍යයේ පැවසීමෙන් අනතුරුවයි.

එයින් පසුව කඩි ගුලක් වගේ ඇවිස්සුණු විරාත් – අනුෂ්කා රසිකයින් නිසා පසුව විලියර්ස් ඒ ගැන සිය කණගාටුව පළ කර තිබුණේ හරිහැටි කිසිවක් නොදැන එසේ පැවසීම ගැන තමන් කණගාටු වන බවයි.

කොහොමවුණත් තමන් දෙපල දෙවන වතාවටත් මව් පිය පදවි ලත් බව ඔවුන් දෙදෙනා තම තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ නිල වශයෙන් පහුගිය 20 වැනිදා මෙලෙස දැනුම් දී තිබුණා.

“අප්‍රමාණ සතුටකින් සහ ආදරයෙන් පිරුණු අපගේ හදවත් සමඟින් පෙබරවාරි 15 ​​වන දින, අපි අපේ පුතු ආකායි සහ වාමිකාගේ කුඩා සොහොයුරා මෙලොවට පිළිගත් බව සැමට සතුටින් දන්වා සිටිමු.! අපගේ ජීවිතයේ මේ සුන්දර කාලය තුළ අපි ඔබේ ආශිර්වාදය සහ සුබ පැතුම් පතමු. මෙම අවස්ථාවේදී අපගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ආදරය සහ ස්තූතිය.”

විරාත් සහ අනුෂ්කා

ආකායි ඉපදුණේ ලන්ඩනයේ රෝහලක. ඒ ගැනත් තවමත් නිවැරදි තොරතුරක් වාර්තා වෙන්නෙ නෑ. කෙසේවෙතත් මේ ගැන ආරංචි වුණු සැණින්ම ලොව වටෙන්ම අනුෂ්කාටත් විරාත්ටත් සුබ පැතුම් කන්දරාවක් වගේම සිඟිති ආකායිට වටිනා තෑගි බෝග බොහොමයක් අම්මගෙයි තාත්තගෙයි සෙලිබ්‍රිටි යාළු මිත්‍රයන්ගෙන් ලැබුණා. ෂාරුක් ඛාන් ලක්ෂ හතරක සොෆ්ට් ටෝයිස් ආකායි වෙනුවෙන් තෑගි කරලා තිබුණා.

ඒ වගේම අමීර් ඛාන් ලක්ෂ දෙකක් වටිනා තොටිල්ලක් සහ සෙල්ලම් බඩු, ආලියා බාත් සහ රන්බීර් ලක්ෂ 50ක් වටිනා රත්තරන් මාලයක් සහ අනුෂ්කා වෙනුවෙන් ගූජි වර්ගයේ බෑගයක්, සචින් තෙන්ඩුල්කාර් ලක්ෂ පහක් වටිනා කස්ටමයිස්ඩ් කළ සෙල්ලම් කාර් රථයක්, එම්. එස් දෝණි ගණ දෙවි පිළියමයක් සහ වරුන් ධාවන් පනස්දහසක් වටිනා බාත් සෙට් එකක් අකායි වෙනුවෙන් තෑගි කරලා තියෙනවා.

‘අකායි’ යන්නෙහි හින්දි තේරුම ‘භෞතික ශරීරය ඉක්මවා ගිය’ යන්නයි. තුර්කි භාෂාවෙන් අකායි කියන්නෙ දිදුලන සඳ යන්නයි. ජ්‍යොතිෂයට අනුව අනුෂ්කාගේ සහ විරාත්ගේ විවාහය සිදු නොවිය යුත්තක් වුණා. විවාහ වුවොත් නොබෝ දිනකින් දික්කසාද වන බව විවිධ ජ්‍යොතිෂවේදීන් පැවසුවා.

නමුත් ඒවා කනකට නොගත් ඔවුන් දැඩි අවබෝධයකින් තමන්ගේ ජීවන ගමන යන්න අදිටන් කරගනිමින් 2017දී විවාහ දිවියට එළඹුණා. විවාහයෙන් වසර 07 ක් ගතවුණත් තවමත් ඔවුන් දික්කසාදයනම් වුණේ නෑ. දවසින් දවස ආදරය පිරෙන කැදැල්ලක දරුවන් දෙදෙනෙක්ද සමග ඔවුන් සාර්ථකව තමන්ගේ විවාහ ජීවිතය ගෙනියනවා.

එරංදි කෞශල්‍යා ✍️
 

TAGGED: anushka, cricket, අනුෂ්කා - විරාත්, කැදැල්ල, වාමිකා කෝලි
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?