නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: රස්නෙට Cool Drinks විසඳුම නෙවෙයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

රස්නෙට Cool Drinks විසඳුම නෙවෙයි

Published February 26, 2024
කෙතරම් වැස්සත් උණුසුම් කාලගුණය අප ශ්‍රී ලාංකිකයින්ට සුපුරුදු අත්දැකීමක්. එයට මුහුණ දීම ඇත්තෙන්ම අපහසුය. හුදෙක් මානසික සහනයක් ලබා ගැනීම සඳහා කරන්නන් වාලේ කරන ප්‍රතිකර්ම වලින් අපට අවැඩක් මිස ඵලක් සිදු නොවේ. උණුසුමින් මිදීම සඳහා ශීතකළ බීම හෝ ජලය පානය කිරීම බොහෝ අයට නැතිවම බැරි වීම මේ සඳහා එක් උදාහරණයකි.

එහෙම හිතෙන එක නවත්වන්න බැහැ

අධික රශ්මිය දැනෙද්දී හුස්ම සිරවී සිරුර බොයිලේරුවක් වගේ වෙද්දී සිසිල් කළ පානයක් දෙසට අප ඇස යොමුවන්නේ හිතාමතා නොවේ. උණුසුමේ විරුද්ධ පාර්ශ්වය සිසිල බවයි අප අත්දැකීම වන්නේ.

අහනකොටත් අපට හිනා යනවා නේද?

දහඩිය දමන වේලාවක උණුසුම් තේ කෝප්පයක් බීමට මිතුරකු යෝජනා කළහොත් බොහෝ දෙනෙකු සිනහවනු ඇත. බැලූ බැල්මට සිසිල් බීමක් පානයක් කිරීම නිවැරදි ලෙස ඔවුන් දකිති.

ඒත් විද්‍යානුකූලව වැරදියි

ඔටාවා විශ්වවිද්‍යාල පර්යේෂකයින්ගේ නිරීක්ෂණය වන්නේ උණුසුම් පානයක සිරුරේ ගබඩා වීම තුළින් දහඩිය වාෂ්පීකරණය වේගවත් වන බවයි. එයින් සිදු වන්නේ සිසිලස ඇතිවීම නොවේද? ඔබ උණුසුම් පානයක් පානය කරන විට සිරුර උණුසුම් වන අතර දහඩිය මගින් ඒවා පිටවීමේදී සිරුර සිසිල් වෙයි.

පහසුම ක්‍රමය ජලයයි

උණුසුම් බීමක් ලබාගැනීමට නොහැකි විට ජලය පානය කිරීම හොඳම විසඳුමයි. තාප ආඝාතය වැනි අධික උණුසුමේ අතුරු ආබාධ වළක්වා ගැනීම සඳහා ජලය හොඳම විසඳුමයි.

ශරීර උෂ්ණත්වය පවත්වා ගැනීම

ශරීර උෂ්ණත්වය පවත්වා ගෙනයෑම සඳහා දහඩිය දැමීම ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරයි. වැඩිපුර දහදිය දැමීම යනු සිසිලස ඉක්මන් වීමයි. වාතයට අවශෝෂණය වන තාප ශක්තිය මගින් සිරුර සිසිල් වෙයි. උණුසුම් පානයේ රහස මෙයයි. නිවර්තන කලාපීය රටවල දහදිය දැමීම නිරෝගී සංසිද්ධියක් ලෙස සැලකෙන්නේ එබැවිනි.

මතභේදාත්මක අදහස්

පර්යේෂකයන් උණුසුම් පාන මගින් සිදුවන වාෂ්පීකරණය නිසාම සිරුරේ උෂ්ණත්වය අඩු වන්නේ යැයි ස්ථිර නිගමනයකට එළඹ නැත. සමහරු මත පළ කරන්නේ උණුසුම් පානවලට සංවේදී වන මුඛයේ ඇති තාප සංවේදක වලට පානයෙන් නිකුත් වන තාපය සංවේදනය කළ හැකි වීම ඊට හේතුවක් වන බවයි.

දහඩිය හා සිසිලස සනාථ කරන විකල්ප ක්‍රම

දහඩිය දැමීමේ යාන්ත්‍රණය මනාව ක්‍රියාත්මක කිරීම මගින් සිරුරේ සිසිලස ඇතිකරවන බව සනාථ කරන තවත් කටයුත්තක් වනුයේ නිවර්තන කලාපයීය රටවල ජනතාව අතර ජනප්‍රියය. එනම් ගම්මිරිස් ආහාරයට ගැනීමයි. එමගින් දහඩිය දැමීම වැඩිකර සිසිලස ඇතිකරයි.

දේශගුණයත් බලපානවා

ඔබ ආර්ද්‍රතාවය අඩු උණුසුම් කලාපයක සිටින්නේ නම් උණුසුම් පානය මැජික් බලයක් මෙන් ක්‍රියාකරනු ඇත. එහෙත් ඔබ දැනටමත් සිරුරෙන් අධික ලෙස දහඩිය පිටවන දේශගුණයක සිටින්නේ නම් එය එතරම් හොඳින් වැඩ නොකරනු ඇත. එවන් අවස්ථාවක ඔබට ලෙමනේඩ් පානයක් වෙත යොමුවිය හැකිය.

වෛද්‍ය උපදෙස් අවශ්‍යයි

කෙසේ වෙතත් අධික දහඩිය දැමීම සම්බන්ධ ප්‍රශ්න වලදී සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවීම සුදුසුය.

( https://pharmeasy.in/ ඇසුරෙන්)

සුනිල් අල්ගම ✍️

















 

TAGGED: Cool Drinks, ජලය, රස්නෙ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?