නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගෙදර ඇතුළේ ලස්සනට Plant Pots තියමු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ගෙදර ඇතුළේ ලස්සනට Plant Pots තියමු

Published February 19, 2024
ගෘහස්ථ ශාක නිවසේ සහ පුද්ගලයාගේ ශක්තිය කෙරෙහි හොඳ බලපෑමක් ඇති කරනවා. නමුත් ගෘහාශ්‍රිත ශාක නිවස තුළ හිතු මනාපෙට තියන්න නම් බැහැ. එහෙම කරන්න යෑමෙන් බොහෝ ගැටලුවලට ඔබට මුහුණ පාන්න සිදුවෙනවා. නිවසේ අභ්‍යන්තර සුන්දරත්වය තවත් ඉස්මතු වී පෙනෙන විදිහට නිවස තුළ ශාක තියන්න පුළුවන් නම් ඔබේ නිවහන අපුරු තැනැක් කරගත හැකියි...

පොකුරක් ලෙස තබන්න

නිවසට හෝ කාමරයට පිරිපුන් පෙනුමක් ලබාදීම සඳහා ගෘහාශ්‍රිත පැළෑටි යොදා ගත හැකියි. නිවස තුළ තනි තනි පැළෑටි තබනවාට වඩා පොකුරක් ලෙස තැබීමෙන් නිවසේ හෝ කාමරයේ පිරිපුන් පෙනුම වැඩි කරනු ඇත. පැළෑටි කීපයක් එක ළඟ තැබූ විට ඒ අවට ආර්ද්‍රතාවය ඉහළ යනවා.

ඒ හරහා පැළෑටි වර්ධනයට අවශ්‍ය ක්ෂුද්‍ර පරිසරයක් නිර්මාණය වේ. මෙය සියලුම පැළෑටිවල වර්ධනයට උපකාරී වෙනවා. මේ සඳහා නිවස තුළ ඇති සිමෙන්ති පොළොව මත කොටයක්, ලෑල්ලක් වැනි දෙයක් යොදාගත හැකියි. කෙසේවෙතත් මෙම ක්‍රමයෙන් අවාසියක් ද සිදු වෙන්න පුළුවන්. පැළෑටි අතර තරඟය වැඩිවීමෙන් දුර්වල පැළෑටි මිය යාමේ අවදානමක්ද මතු වීමට ඉඩ ඇත.

තනි තනි පැළෑටි ලෙස

ප්‍රමාණයෙන් විශාල ගෘහස්ථ පැළෑටියක් නිවස තුළ ස්ථානගත කිරීමේදී එය තනිවම තැබිය හැකියි. තෝරාගත් පැළෑටිය තනිව තැබීමට අපේක්ෂා කරනවා නම් ඒ සඳහා කැපී පෙනෙන අලංකාර, වෙනස් හැඩයක් ඇති මල් පෝච්චියක් තෝරාගන්න. එවිට එහි ආකර්ෂණීය බව ඉහළ නැංවිය හැකියි. එමෙන්ම ඔබගේ නිවස හෝ කාමරය තුළ පැළෑටි පොකුරක් ස්ථානගත කිරීමට තරම් ඉඩකඩ නොමැති නම් තනි පැළෑටි කීපයක් පමණක් ස්ථානගත කිරීම සුදුසු වනු ඇත.

එල්ලා වැටෙන ලෙස

මේ සඳහා වැල් වර්ග, එල්ලා වැටෙන සුළු දුර්වල කඳන් ඇති පැළෑටි හොඳින්ම ගැළපෙනවා. නිවස තුළ එල්ලා වැටෙන ආකාරයේ ගෘහස්ථ පැළෑටි ස්ථානගත කළ හැකි නම් එය නිවසට අලංකාර දර්ශනයක් ගෙන දේමට පුළුවන්. නමුත් මෙම ක්‍රමයේ දී පැළෑටියට අවශ්‍ය ආලෝකය සහ ජලය නිසි පරිදි සැපයිය යුතුයි. ලබා දෙන පෝෂණයේ, ජලයේ හෝ හිරු එළියේ අඩුවක් සිදු වුවහොත් පත්‍ර වැටී යෑමට පුළුවන්. එල්ලා වැටෙන වැල් වර්ගවල පත්‍ර නොමැතිව කඳ පමණක් ඉතිරි වූවොත් එම දර්ශනය නිවසේ අලංකාරය නැති කර දමයි. ඔබට මේ සඳහා බිත්තියේ කොටසක් හෝ රාක්කයක් යොදා ගත හැකියි. නැතිනම් පැළෑටි සිටුවන ලද බඳුන් ඉහළ සිවිලිමේ එල්ලා බඳුනෙන් පිටතට පැළෑටියේ කඳ කඩා වැටෙන ලෙස වර්ධනය වන්නට ඉඩ දිය හැකිය.

එල්ලෙන මල් පෝච්චි

එල්ලෙන මල් පෝච්චි භාවිතය ඉතා පහසු ක්‍රමයකි. ජලය සහ පොහොර සැපයීමෙන් මෙය සාර්ථකව වැඩෙනු ඇත. නිවසක ඇති කම්මැලි පෙනුම සම්පූර්ණයෙන්ම නැති කරන්න එල්ලෙන මල් පෝච්චියකට පුළුවන්. නිවස තුළට හිරු එළිය හොඳින් ලැබෙන්නේ නැතිනම් දවස් දෙකකට වතාවක් පමණ එල්ලෙන මල් පෝච්චිය නිවස තුළ ඇති ස්ථානයෙන් ඉවත් කර එළිමහන් ස්ථානයක තබන්න. එල්ලෙන මල් පෝච්චිය වරින්වර කරකැවීම මඟින් එහි සිටුවා ඇති පැළෑටියේ වර්ධනය වේගවත් කරගත හැකිය.

බෝතලයක් ඇතුළේ උද්‍යානයක්

මෙය විශාල බෝතලයක් තුළ වගා කරන ක්‍රමයකි. බෝතලයේ කට හොඳින් වැසෙන මූඩියක් ද මෙයට අත්‍යවශ්‍ය වේ. මෙහිදී සිදුවන්නේ බෝතලය තුළ පැළෑටි සිටුවා බෝතලයේ කට වසා දැමීමයි. මෙහිදී බෝතලය තුළ මුද්‍රා කළ පරිසරයක් ඇති වේ. බෝතලය තුළ ස්වභාවිකව ජලය, ජල බිංදු සහ ජලවාෂ්ප ඇතිවෙමින් බෝතලය තුළම සංසරණය වීම ඇරඹේ. එවිට ඔබට පිටතින් ජලය යෙදීම අවශ්‍ය වන්නේ නැහැ.

මේ සඳහා තෝරා ගත යුත්තේ වීදුරු බෝතල් පමණයි. ප්ලාස්ටික් බෝතල් මේ ක්‍රමයට සුදුසු වන්නේ නැහැ. ප්ලාස්ටික් බෝතලයක බිත්ති මත ජල වාෂ්ප තැන්පත් වන වේගය වැඩියි. වීදුරු බෝතල් තෝරා ගැනීමේ දී අවර්ණ වීදුරු බෝතලයක් තෝරාගන්න. එවිට බෝතලය තුළ ඇති පැළෑටි පැහැදිලිව පෙනෙනු ඇත.

ඒ වගේම තෝරාගන්නා බෝතලයේ කට විශාල වීමද වැදගත් වෙනවා. පැළෑටිවලට යම් හානියක් සිදුවන බවක් දැනෙනවා නම් වහාම ක්‍රියාත්මක වන්න. මුලින්ම ඔබ තෝරා ගන්නා බෝතලය හොඳින් සෝදා පිරිසිදු කර බෝතලයේ පතුලේ සෙන්ටිමීටර් 25 ක් පමණ උසට රළු වැලි තට්ටුවක් ඇතිරිය යුතුයි. ඒ මත තුනී අඟුරු කැබලි තට්ටුවක් අතුරා කොම්පෝස්ට් තට්ටුවක් අතුරා ගන්න. නමුත් ඊට පෙර කොම්පෝස්ට් ජිවානුහරණය කළ යුතුය. වාෂ්ප මඟින් කොම්පෝස්ට් තැම්බීම කොම්පෝස්ට් ඇතුළත ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන් විනාශ වී යනු ඇත.

කොම්පෝස්ට් තට්ටුව ඇතිරීමෙන් අනතුරුව ලී කෝටුවක් ඇතුළට දමා කොම්පෝස්ට් හොඳින් තද කර ගත යුතුය. ඉන්පසු කොම්පෝස්ට් මිශ්‍රණය මත කුඩා සිදුරු සකසා පැළෑටි සිටුවීම ආරම්භ කළ යුතුය. බෝතලය තුළ පැළෑටි සිටුවීමේ දී මල් පිපෙන පැළෑටි තෝරා නොගත යුතුයි. එයට හේතුව වන්නෙ මල් පර වූ පසුව ඒවා ඉවත් කිරීම අපහසු වීමයි. බෝතල් උද්‍යානයක සිටුවීමට ගැළපෙන හොඳම ශාක වර්ගයක් වන්නේ පර්ණාංගය. මීට අමතරව ඔබට පාසි වර්ගත් එක්ක කළ හැකියි. බෝතලයේ ප්‍රමාණය සහ පැළෑටිවල ප්‍රමාණය එකිනෙක ගළපා ගත යුතුය. පමණට වඩා වැඩි පැළෑටි ප්‍රමාණයක් බෝතලය තුළට එකතු නොකළ යුතුයි.

අර්චිත ඉඳුවර ✍️

TAGGED: Hanging flower pots, Plant Pots, පැළෑටි ලෙස
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy3
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?