නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වැලන්ටයින් සමරන ලෝක විදි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

වැලන්ටයින් සමරන ලෝක විදි

Published February 12, 2024
ආදරවන්තයින්ගේ දිනය කියන්නේ අපේ රටෙත් අඩුවක් පාඩුවක් නැතුව සැමරෙන දවසක්නේ. චොකලට්, රෝසමල් වගේ තෑගිබෝග හුවමාරු කරගනිමින් තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය එක්ක රොමෑන්ටික් දවසක් ගෙවන්න අපේ රටේ පෙම්වතුනුත් මේ දවස යොදාගන්නවා. හැබැයි අපේ රටේ අපි එක එක්කෙනාගෙ කැමැත්ත පරිදි මේ වැලන්ටයින් සැමරුම සිද්ධ වුණාට වෙනස් වෙනස් විධිවලට මේ ආදරවන්තයින්ගේ දිනය සමරන රටවල් තිබෙනවා.

ආදර දේවාල වැඳපුදාගන්න යන චීන ජාතිකයෝ

ලංකාවෙ සමහර පෙම්වතුන් ආදරවන්තයින්ගේ දවස ගත කරන්න ආගමික ස්ථාන යොදාගන්නවා. හැබැයි චීනෙ පෙම්වතුන් ආදරවන්තයින්ගේ දවසේදි යන ආගමික සිද්ධස්ථානවල වෙනසක් තියෙනවා. ඒ තමයි ඒවා ආදරය වෙනුවෙන්ම නිර්මාණය වුණු දේවාල වීම. යුවෙ ලාඕ කියන චීනයේ ආදරයට අධිපති දෙවියන් ඉන්න මේ ආදර දේවාලවලට වැලන්ටයින් දවසේදි යන චීන පෙම්වතුන් තමන්ගේ ආදරය සර්වප්‍රකාරයෙන් සාර්ථක කරල දෙන්න කියල ඉල්ලනවා. ඒ විතරක් නෙමෙයි, තනිකඩ තරුණ තරුණියොත් තමන්ගේ සහකරුවා ඉක්මනින්ම මුණ ගස්වන්න කියල ඉල්ලන්න නොවැරදීම පෙබරවාරි 14 වැනිදට මේ දේවාලවලට යනවා.

දකුණු කොරියාවේ අමුතු වැලන්ටයින්

පෙබරවාරි 14 වැනිදා දකුණු කොරියානුවනුත් වැලන්ටයින් දිනය සමරනවා. හැබැයි ඒ අයගෙ ආදරය සැමරීම පෙබරවාරි 14 වැනිදායින් නතර වෙන්නෙ නෑ. ඒ වෙනුවට හැම මාසයෙම 14 වැනිදා ආදරය හා සම්බන්ධ දෙයක් සමරන්න දකුණු කොරියානුවන් යොදාගන්නවා. කොරියාවේ සාමාන්‍යයෙන් වැලන්ටයින් දවසෙදි පෙම්වතියො තමයි පෙම්වතුන්ට තෑගි ලබාදෙන්නෙ. පෙම්වතුන්ගේ වාරය එන්නෙ ඊළඟ මාසෙ. ඒ කිව්වෙ මාර්තු 14 වැනිදා. ඒ දවස හඳුන්වන්නේ වයිට් ඩේ නමිනුයි.

මේ දවසෙදි සුදු පාට තෑගි, විශේෂයෙන්ම වයිට් චොක්ලට් තමන්ගේ පෙම්වතියන්ට තෑගි දෙන්න පෙම්වතුන්ට සිද්ධ වෙනවා. ඊට පස්සෙ එළඹෙන අප්‍රේල් 14 වැනිදා වෙන්වෙලා තියෙන්නෙ තනිකඩයින්ට. බ්ලැක් ඩේ නමිනුයි මේ දවස හඳුන්වන්නෙ. තනිකඩ අය එදාට තමන්ගේ තනිකඩ බව සමරන්න ආපනශාලාවලට එකතුවෙලා කළු නූඩ්ල්ස් නමින් හැඳින්වෙන විශේෂ ආහාරයක් ලබාගන්නවලු. මේ දවස්වලට අමතරව හාදු දිනය, වැළඳගැනීමේ දිනය, චිත්‍රපට දිනය වගේ විශේෂ දවසුත් ඊළඟට යෙදෙන මාසවල 14 වැනිදාවල මේ අය විසින් සමරනවා.

සිය, දහස් ගණන් විවාහ මංගල උත්සව පවත්වන පිලිපීනය

පිලිපීනය කියන්නෙත් වැලන්ටයින් දවස ඉතාම ඉහළින් සමරන රටක්. මේ අය ආදරවන්තයින්ගේ දවස කොයිතරම් සීරියස් විදිහට අරගෙන තියනවද කියනවනම් පෙබරවාරි මාසයේදී තමන්ගෙ විවාහ උත්සවය ගන්න ගොඩක් අය පොරකනවා. මේ හින්දම රජයේ වියදමින් සිද්ධ කරන මහා විවාහ මංගලෝත්සවත් වැලන්ටයින් දිනය සහ ඒ මාසය ඇතුළත පිලිපීනයේදී පැවැත්වෙනවා.

එකපාර මනාල යුවළවල් සිය ගණන් තමන්ගේ මුදු මාරු කරගෙන විවාහ ජීවිතේට පා තබන සුන්දර උත්සව පෙබරවාරි මාසය පුරාවට පිලිපීනයේදි දකින්න පුළුවන්. රජයෙන් වැඩි බරපැනක් දරණ නිසා ආර්ථික අපහසුකම්වලින් පෙළෙන පෙම්වතුන්ටත් මේ හින්දා වැඩි වියදමක් නැතිව, අමතක නොවෙන ආකාරයකට විවාහ මංගල්‍යය ගන්න අවස්ථාව උදා වෙනවා.

ආදරය කොටු නොකරන එස්තෝනියානුවන්

එස්තෝනියාවේදී වැලන්ටයින් දවස යෙදෙන පෙබරවාරි 14 වැනිදා හඳුන්වන්නේ ‘Sobrapaev’ නමින්. මේකෙ ඉංග්‍රීසි තේරුම තමයි මිත්‍රත්වයේ දිනය කියන එක. ගොඩක් වෙලාවට යාලුවො එක්ක එක්කාසු වෙලා මිත්‍රත්වය සමරන එක මේ දවසෙදි එස්තෝනියානුවන් සිද්ධ කරනවා. හැබැයි මේ අයගෙ ආදර සැමරුම එතනට විතරක් සීමා වෙන්නෙ නෑ. පෙම්වතුන්, අඹුසැමියන්, දෙමාපිය දරුවන්, සහෝදර හිතවතුන් වගේ හැමෝම අතරේ මේ ආදර සැමරීම් බෙදී යනවා. මේ හැම කෙනෙක් එක්කම තෑගි බෝග සහ සුබපැතුම් හුවමාරු කරගන්න ගමන්ම සංගීතය නර්තනය සහ රස ආහාර එක්ක වැලන්ටයින් දින සැමරුම ඉහළින්ම සිද්ධ කරන්න එස්තෝනියානුවන් වගබලාගන්නවා.

ඩෙන්මාර්කයේ සහ නෝර්වේහි රහසිගත පෙම්පත්

කාලයක් තිස්සේ තමන් හිතේ තියන් ඉන්න ආදරය තමන්ටත් ලැජ්ජාවක් නොවෙන වැඩෙත් හරියට කරගන්න බලන පෙම්වතුන්ට අවස්ථාව සලස්වන වැඩක්. මේ රටවල පෙම්වත්තු වැලන්ටයින් දවසට හාස්‍යමය ගතියෙන් යුතුව ලියපු, එළිසමය සහිත පදවැල් සහ පණිවුඩ පෙම්වතියන්ට යවනවා. Gaekkebrev නමින් තමයි මේ හසුන්පත් හඳුන්වන්නෙ. හැබැයි මේවාවල තමන්ගෙ නම සඳහන් කරන්නේ නැතිව ඒ තැනට තිත් පේළියක්ලු තියන්නේ. ඉතින් පෙම්වතියට සිද්ධ වෙනවා තමන්ට රහසින් ආදරය කරන මේ හසුන්පතේ හිමිකරුවා කවුද කියලා හඳුනාගන්න.

ජර්මිනියේ වැලන්ටයින් වැඩිහිටියන්ට පමණයි

ජර්මනිය කියන්නෙත් වෙනස්ම විදිහට වැලන්ටයින් සමරන රටක්. හැබැයි මේ අයගෙ ඉස්කෝල ළමයින්ට එහෙම වැලන්ටයින් කාඩ්, තෑගි හුවමාරු කරගන්න තහනම්. මොකද එහෙ මේ උත්සවය වැඩිහිටියන්ට පමණක් සීමා වුණ එකක් හැටියටයි පැවැත්වෙන්නෙ. ජර්මනියේ වැලන්ටයින් තෑගි සහ කාඩ්පත්වල තියන තවත් විශේෂත්වයක් තමයි ඒවායේ එන ආදර සංකේත අතර ඌරන් ප්‍රධාන තැනක් ගැනීම. ඌරෙක් විසින් මල් කළඹක් දෙන වැලන්ටයින් පින්තූර තමයි ජර්මානුවන් වැඩිපුරම භාවිත කරන්නෙ. මේ ඌරන්ගේ පින්තූර මගින් ආදරය සහ රාගය සංකේතවත් වෙන බවක් තමයි ජර්මානුවන් විශ්වාස කරන්නෙ.

අර්චිත ඉඳුවර ✍️

 

TAGGED: Gaekkebrev, Valentine, වැලන්ටයින්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?