නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මිත්‍යාව වපුරන්නේ මානසික රෝගීන්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

මිත්‍යාව වපුරන්නේ මානසික රෝගීන්

Published February 12, 2024

බුදුදහම කියන්නේ මිනිසාගේ චින්තනයට සහ ගවේෂණයට පූර්ණ අවසරය ලබා දෙන ධර්ම මාර්ගයක්. බෝසත් උපත සිදු වන විටත් භාරතයේ මිථ්‍යා දෘෂ්ටික ආගම් පැවැති බැව් සඳහන් වෙනවා. සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලබා මේ මිථ්‍යා දෘෂ්ටින් අතර තමන්ගේ ධර්ම මාර්ගය පෙන්වා දුන්නා මිසක කිසිදු ආගමකට නිග්‍රහ කළේ නැහැ. ඒ වගේම බුදුන් වහන්සේගේ ධර්ම මාර්ගය තුළ සිතන්න විමසන්න සම්පූර්ණ නිදහස තිබුණා. ඒ වෙනුවෙන් කිසිදු තහංචියක් පනවා තිබුණේ නැහැ. බුදුදහම “එව බලව” හෙවත් ඒහි පස්සික ගුණයෙන් යුක්තයි.අලගද්දූපම සුත්‍රයේදී සිතීමෙන් විමසීමෙන් තොරව යමක් පිළිගැනීම සර්පයා වල්ගයෙන් ඇල්ලීමට සමාන බැව් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබෙනවා.

අද ලෝකය පුරා විවිධ ආගම් තිබෙනවා. නමුත් බොහෝ ආගම්වල තමන්ගේ ආගමික ඉගැන්වීම් ගැන විවේචනයට අවසර නැහැ. ඒවා හරි හෝ වැරදි වේවා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ පරිදිම පිළිගැනීමට සිදු වෙනවා. එය අනිවාර්යයි. ඒ වගේම යම් පුද්ගලයෙක් ආගමික ඉගැන්වීම් ගැන නිර්දය විවේචනයක් එල්ල කළොත් එය රටින් පිටුවහල් කිරීමට තරම් දරුණු දඬුවම් ලබා දිය යුතු වරදක්. කොටින්ම සාහිත්‍ය කෘතියකින් පවා එම ඉගැන්වීම් විවේචනයට අවසර නැහැ. “ඩා වින්චි කෝඩ්”, “ලැජ්ජා” වැනි සාහිත්‍ය කෘතිවල කර්තෘන්ට (සල්මන් රුෂ්ඩි, තස්ලිමා නස්රින්) පවා අත්වුණ ඉරණම ගැන අප නොදන්නවා නොවේ. මෑත ඉතිහාසය තුළ පවා එවැනි සිදුවීම් වන අතර බුදුදහම තුළ ලබා දී තිබෙන විවේචනයේ නිදහස අයුතු ලෙස භාවිත කිරීම තුළ ඇති වෙන්නේ සංවේගයක් නොවේද?

අවසර තිබුණ පමණින් විවේචනය නිවැරදිද?

අද වන විට ඉතා ප්‍රබල ලෙසින් නිර්මල බුදුදහම විවේචනය කරමින් එයට පහර දෙන පිරිසක් බිහි වී සිටිනවා. බුදුරජාණන්වහන්සේගේ ධර්ම මාර්ගය විද්‍යාත්මකව පවා පිළිගෙන අවසානය. ඒ සියල්ල පසෙක තබා බෝසත් උත්පත්තිය ලංකාවේ සිදුවුණ බවට වූ මතවාදයක් වපුරන පිරිසක් සිටිනවා.

නමුත් ශාසන ඉතිහාසය තුළ මේ ගැන ඓතිහාසික සාක්ෂි තිබෙනවා. ධර්මාශෝක රජතුමා විසින් බෝසත් උපත, බුද්ධත්වය සහ පිරිනිවන් පෑ ස්ථානයේ ටැම් ලිපි පිහිටුවා තිබෙනවා. මේ ඓතිහාසික ලේඛන මගින් ඒ බැව් තහවුරු වී තිබියදීත් අනවශ්‍ය අන්දමින් විවිධ මතවාද ගොඩනගා ගෙන සමාජය තුළ කැපී පෙනේනට උත්සාහ දරන පිරිසක් බිහි වෙමින් සිටිනවා.

මානසික රෝගීන් වීමටත් පුළුවන්

බුදුරජාණන් වහන්සේ දවස සිටි ෂඩ් ශාස්තෘන් අතරත් මිථ්‍යාවන් බෙදා හරින පිරිසක් සිටියා. ඇතැම් ශාස්තෘන්වරුන් වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය පවා ලැබී තිබුණා. ඒ අතර නිර්මල බුදුදහම සමාජගත වීම සහ සිව්වනක් පිරිස සමග බුදුදහමේ ඉහළ පිළිගැනීම සමග විවිධ පිරිස් විවිධ උපක්‍රම යොදාගෙන බුද්ධ ශාසනයේ කීර්තිය නැති කිරීමට දැඩි උත්සාහයක යෙදුණා.

ඒ සියල්ල නිෂ්ඵල ක්‍රියාවක් වුණා මිස නිර්මල බුදුදහම වෙනුවෙන් අපකීර්තියක් හෝ නිගාවක් ඇති වුණේ නැහැ.මේ අන්දමින් තමන් බෝසත්ය. තමා රාවණය. එසේත් නැත්නම් දෙවියන්ගේ පණිවිඩකරුය යන මවා ගත් සංකල්පවල ජීවත්වන පිරිසක් සිටිනවා. ඔවුන් ගැන අප නොදකින මානසික විග්‍රහයක් මනෝ විද්‍යාව පිළිබඳ විශේෂඥයන් විසින් පෙන්වා දෙනවා.

මේ අන්දමින් සමාජයේ තමා කැපී පෙනෙන චරිතයක් ලෙසින් ඉස්මතු වීම වෙනුවෙන් මිථ්‍යාවන් හඹා යන ඔවුන් මෝහාබාධ (Delusional disorder ) අභිමාන මෝහය (Grandiose delusion) වැනි මානසික රෝගීන් බැව් පෙන්වා දෙනවා. අද වන අප අතර රැල්ලක් ලෙසින් පැතිරෙන මේ මතවාද ප්‍රචාරය කරන පුද්ගලයන් ගැනත් අප කිව යුත්තේ එයයි.

සමාජ මාධ්‍ය ජාලා වල වගකීමක් නැහැ

අතීතයේ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ තොරතුරු බෙදා හැරීමේදී විශාල වගකීමක් තිබුණා. යම් පුවතක වගකීම ආයතනය විසින් හෝ සංස්කාරක මණ්ඩලය විසින් භාර ගත්තා. ඒ නිසා සමාජය ඇවුළු වන අදහස් ප්‍රචාරය කිරීම වෙනුවෙන් සීමා බන්ධන මුද්‍රිත මාධ්‍ය ඔස්සේ හොඳින්ම තහවුරු වී තිබුණා. අද සමාජ මාධ්‍ය ජාලා තුළ අදහස් ප්‍රචාරය කිරීමට කිසිම බාධාවක් නැහැ. ඒ වගේම ප්‍රචාරය කරන අදහස්වල වගකීමක් නැහැ.

අදහස් දැක්වීම හෙවත් Commentවල විනයක් නැහැ. සමාජ මාධ්‍ය ජාලා අද යහපතට වඩා අයහපත වෙනුවෙන් යොදා ගන්නා බවක් අපට පැහැදිලිවම පෙනෙන කරුණක්. Views ලබා ගැනීම මුල් කරගෙන කිසිදු පදනමක් නැති ශීර්ෂ පාඨයක් යොදා ගැනීම සහ ඒ ශිර්ෂ පාඨය ඔස්සේ බෙදාහරින තොරතුරුවල ඇති දරුණු බව ගැන කිසිදු තක්සේරුවක් සිදු වෙන්නේ නැහැ.

විද්‍යාත්මක අධ්‍යයනයන් අවශ්‍යයි

ආගමික සිද්ධාන්තයක් තුළ ඇති යම් යම් අඩුපාඩුවක් සමාජගත කිරීමට නම් ඒ ගැන විද්‍යාත්මක අධ්‍යයනයක් අවශ්‍ය වෙනවා. එසේ නොමැතිව ආගමකට නිගා කිරීම සැබැවින්ම විනයක් නොවෙයි. යම් අදහසක් සමාජගත කිරීමට පෙරාතුව ඒ ගැන විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් අවශ්‍යයි. පුහු තර්ක ඕනෑ තරම් ගොඩනගා ගැනීමට පුළුවන්. මේ තර්ක කිසිදු ආගමකට, ආගමික නායකයෙකුට විවේචනයක් වීම සුදුසු දෙයක් නොවේ. සාධාරණ විවේචනයට අවසර ඇතත් එය අනිසි අන්දමින් පාවිච්චි කිරීම සුදුසු නැහැ.

එසේනම් කාලාම සුත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්දමට ඔබට සිතන්න, විමසන්නට නිදහස ඇත. නමුත් ඒ නිදහස තුළින් ධර්මයට පහර දීමට අවසරයක් නැත. ධර්මය දකින්නට නම් ධර්මය කියැවිය යුතුය. ඒ නිසා ධර්මයට පහර දීමේ අවි ආයුධ අතට ගැනීමට පෙරාතුව ධර්මය ගැන දැනගන්න. පුද්ගලයෙකුගේ ස්වයං විනයේ පදනම එතැනයි.

කිවියර, ගීත රචක
ශාස්ත්‍රපති පූජ්‍ය මහගම සීලානන්ද ස්වාමින්වහන්සේ
ශ්‍රී අරියනන්දනාරාමය
වේයන්ගොඩ, කටුවස්ගොඩ


පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️


 

TAGGED: Delusional disorder, Lord Buddha, religions, මානසික රෝගීන්, මිත්‍යාව
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?