නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සතිමත්බව පුරුදු කළොත් බඩවැල ආශ්‍රිත සහලක්ෂණය 18% කින් අඩුවේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සතිමත්බව පුරුදු කළොත් බඩවැල ආශ්‍රිත සහලක්ෂණය 18% කින් අඩුවේ

Published February 5, 2024

ලන්ඩනයේ කින්ස් විශ්වවිද්‍යාලය කියයි

සතිමත්බව එහෙම නැත්නම් “වර්තමානයේ සිහියෙන් ජීවත්වීමේ සංකල්පය” මගින් පුද්ගලයාගේ බුද්ධිමය, සෞඛ්‍යමය අධ්‍යාපනය, ආර්ථිකය, සමාජයීය සහ වෘත්තිමය තත්ත්වයන්ගේ පැවැත්ම සාර්ථකව පවත්වා ගැනීමට හේතු වන බැව් විවිධ අධ්‍යයනයන් මගින් හඳුනා ගෙන තිබෙනවා. අණුක ජීව විද්‍යාඥයෙකු ලෙස ලොව ප්‍රකටව සිටින එරික් ලැන්ඩර් විසින් අධි සංඛ්‍යාත ගැමා තරංගයන් සමග මොළයේ සතිමත්බවට සම්බන්ධ කොටස අතර පවතින සම්බන්ධතාවය අධ්‍යයනය කරනු ලැබුවා. එහිදී පෙනී ගියේ සතිමත්බව මගින් දකින මොළයේ පිබිදීම ඉතාම අපූරු බවයි. මෙම මානසික ක්‍රියාකාරකමෙන් ලැබෙන පිබිදීම ගෝල්ෆ් හෝ ටෙනිස් ක්‍රීඩාවෙන් මොළයට ලැබෙන ප්‍රබෝධයට සමාන බව පර්යේෂකයින් සඳහන් කරනවා. බොස්ටන් විශ්වවිද්‍යාලයේ සාරා ලාසන් විසින් MRI ස්කෑන් දර්ශනයක් ආශ්‍රිතව ලබා ගත් තොරතුරු පාදක කරගෙන පෙන්වා දෙන්නේ සිහිය පිහිටුවාගෙන සිදු කරන භාවනාවන් මගින් මානසික වෙහෙසකර තත්ත්වය පවා නැති කර ගත හැකි බවයි.

සතිමත්බව වැදගත් වෙන්නේ ඇයි?

සතිමත්බවෙන් මනසට සිදු වෙන වෙනස්කම් රාශියක් දැනටමත් හඳුනාගෙන තිබෙනවා. FMRI ස්කෑන් වාර්තාවකින් ඒ වෙනස්කම් හඳුනා ගන්න පුළුවන්. සාමාන්‍ය පුද්ගලයෙකුගේ මොළය සම්පූර්ණයෙන්ම පරිණතවීමට අවුරුදු 25 ක් පමණ කාලයක් ගත වෙනවා. මොළයේ සිදු වන විශේෂ වෙනස්කම් සතිමත්බව හරහා එමිග්ඩිලාව, හයිපොකැම්පසය හා පූර්ව මස්තිෂ්ක බාහිකය හඳුනා ගැනීමට පුළුවන්.

ඇමිග්ඩිලාව යනුවෙන් හඳුන්වන්නේ බිය, චිත්තවේග හා මානසික ආතතිය හඳුනා ගැනීම සහ ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති මධ්‍යස්ථානයයි. සතිමත්බව පුහුණු කිරීම නිසා බිය, චිත්තවේග හා මානසික ආතතිය දැනෙන්නේ අඩුවෙන්. ඒ වගේම හයිපොකැම්පසය යනුවෙන් හඳුන්වන්නේ ඉගෙනීම, මතකය පිළිබඳ විශේෂිත කාර්යක් කරන මධ්‍යස්ථානයයි.

පූර්ව මස්තිෂ්ක බාහිකය චිත්ත රෝගවල පරිණත බව, චිත්තවේග පාලනය විශ්ලේෂණාත්මක චින්තනය වැනි උසස් මානසික ක්‍රියාවන්ට සම්බන්ධයි. සතිමත්බව පුහුණුවෙන් අනතුරුව මෙම කලාපයේ ක්‍රියාකාරිත්වය ඉතා හොඳින් සිදුවන බව විවිධ අධ්‍යයනයන් මගින් පෙනී ගොස් තිබෙනවා. මේ පර්යේෂණ වාර්තාව Emotional life of Brain : Oxford journal මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.මේ වෙනුවෙන් වූ අදියර කිහිපයක් තිබෙනවා.

හුස්ම ඉහළට ගැනීම සහ පහළට දැමීම ගැන අවධානය යොමු කරන්න. නැත්නම් උදරයේ උස් පහත් වීම ගැන අවධානය යොමු කිරීම.

ඇවිදීම, පියගැට පෙළක් නැගීම ගැන අවධානය දක්වන්න.

කෙටි සහ දෛනික ජීවිතයේ කටයුතු ගැන අවධානය යොමු කිරීම. ඇඳුම් ඇඳීම, ආහාර අනුභව කිරීම වැනි කටයුතු.

ආහාර ගැනීමේදී අවධානය යොමු කිරීම.

සතිමත්බව රෝග සුවයට

සතිමත්බව පුරුදු කිරීම නිසා බඩවැල් ආශ්‍රිත සහලක්ෂණය Inflammatory Bowel Disease (IBD) යනුවෙන් හැඳින්වෙන රෝග තත්ත්වය 18 % කින් අඩු කර ගැනීමේ හැකියාව ලැබෙන බැව් ලන්ඩනයේ කින්ස් විශ්වවිද්‍යාලයේ සිදු කරන ලද අධ්‍යයනයක් මගින් පෙන්වා දී තිබෙනවා.

මළපහ පිටවීමේ රටාවේ ඇති වන වෙනස්කම් මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය ලෙසින් සැලකෙනවා.

ආහාරයක් ගත් විගසම මළපහ කිරීමට අවශ්‍යතාවයක් ඇති වීම.

උදරයේ වේදනාව.

උදරයේ ඇති වන අපහසුතාවය.

පපුවේ දැවිල්ල.

ඔක්කාරය හා වමනය.

හිසරදය.

නිතර නිතර මළපහ කිරීමේ අවශ්‍යතාවය.

මෙම අධ්‍යයනය වෙනුවෙන් රෝගීන් 1789 දෙනෙකු සම්බන්ධ කරගත් අතර එරට ජාතික සෞඛ්‍යායතනය සහ සෞඛ්‍ය පර්යේෂණායතනය විසින් මෙම අධ්‍යයනය මෙහෙයවනු ලැබුවා. මෙම රෝගීන් සඳහා සතිමත්බව පුහුණු කිරීමෙන් පසුව ඔවුන්ගේ රුධිරයේ C- reactive protein අඩු වීමත් දක්නට ලැබුණා.

අපේ ජීවිතයේ සතිමත්බව පුහුණු කිරීම මගින් ප්‍රතිශක්ති පද්ධතියේ ඇති වන වෙනස්වීම නිසා කායික රෝගාබාධ තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට සුවිශේෂී පිටුවහලක් ලැබෙන බැව් මහාචාර්ය වැලරිනා මොන්ඩෙලි සඳහන් කරනවා.

මානසික ප්‍රතිකාර සහ කායික රෝග අතර සම්බන්ධතාවය

මෙම අධ්‍යයනයේදී පර්යේෂකයන් විසින් පෙන්වා දෙන අන්දමට චර්යාත්මක ප්‍රතිකාර Cognitive behaviour therapy) සතිමත්බව මත පිහිටා ලබා දෙන මානසික සැහැල්ලුව ලබා දෙන ප්‍රතිකාර මගින් මළබද්ධය සහ ඊට සම්බන්ධතාවයක් දක්වන රෝග තත්ත්වයන් බොහොමයකින් ආරක්ෂාව ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

( mail on line ඇසුරෙන් )

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: MRI, ලන්ඩනයේ කින්ස් විශ්වවිද්‍යාලය, සතිමත්බව
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?