නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කාලෙන් කාලෙට රඟා නටන බෝධිසත්වයෝ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

කාලෙන් කාලෙට රඟා නටන බෝධිසත්වයෝ

Published February 5, 2024

කිරෙන් දිය වෙන් කරගැනීමේ හැකියාව ඔබ සතුයි

පහුගිය කාලෙ අපේ රටේ බෝධිසත්වයෝ, අර බුද්ධලා මේ බුද්ධලා බිහිවුණානෙ. මේක මනෝවිද්‍යාව පැත්තෙන් කතා කරන්න හොඳ මාතෘකාවක්. මේ මාතෘකාව ගැන කතා කරද්දි අපිට පැති දෙකක් ගැන කතා කරන්න වෙනවා. එකක් තමයි මේක දිහා මනෝවිද්‍යාත්මකව බලන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් සමාජ විද්‍යාත්මකව බලන්නත් පුළුවන්. මෙහෙම කෙනෙක් දැක්කම සමාජයේ එක්තරා කොටසක් කියනවා මේ මනුස්සයට පිස්සු, මානසික ලෙඩෙක් කියලා. තව කොටසක් කියනවා නෑ එයාට පිස්සු නෑ. ඇත්තටම එයාට මොකක්හරි බලයක් තියෙනවා කියලා. එහෙම කියන අයගෙන් බොහෝ පිරිසක් අනුගාමිකයො බවටත් පත්වෙනවා.

ලෝකෙ මානසික රෝග බෙදෙනවා කොටස් දෙකකට. එකක් සයිකෝෂීය ගණය. අනිත් එක නියුරෝෂීය ගණය. සරලවම ගත්තොත් සමහරුන්ට හැදෙනවා උග්‍ර මානසික රෝග. සමහරුන්ට හැදෙනවා සරල මානසික රෝග. උග්‍ර මානසික රෝග තියෙන අයට තමයි අපි ‘පිස්සු’ කියන්නෙ. ඇත්තටම ඔය ‘පිස්සු’ කියන වචනෙ හොඳ වචනයක් නෙවේ. සයිකෝෂීය රෝග ගණයේ එක කොටසක් තමයි හින්නොන්මාදය කියන්නෙ. ඒක ලෝකෙ 1% ක වගේ පිරිසකට හැදෙන උග්‍ර මානසික රෝග තත්ත්වයක්. මෙහෙම රෝගීන්ගේ ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි ඒ මිනිස්සුන්ට නැති දේවල් පේන්න ගන්නවා. නැති දේවල් ඇහෙන්න පටන්ගන්නවා.

ලෝකෙ නැති රසවල් දැනෙන්න ගන්නනවා. කෙටියෙන් කිව්වොත් යථාර්ථයේ නැති දේවල් තමයි එයාගෙ වටේට එයා මවාගෙන ඉන්නෙ. මම මේ කතා කළේ අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කරපු කෙනෙක් ගැන නෙවේ. මොකද මත්ද්‍රව්‍ය අධික ලෙස ගත්ත කෙනෙක්ටත් මෙහෙම මායාවන් දැනේනන පුළුවන්.

මානසික රෝගය අඳුරගන්න යම් කාලයක් ගතවෙනවා. පහුගිය කාලෙ ලංකාවෙ දුටුගැමුණුලා, රාවණාගෙ නංගිලා පවා බිහිවුණානෙ. එතකොට ඔය ඔක්කොම අපිට සලකන්න වෙන්නෙ මානසික රෝග හැටියට. ඒ අයටත් තියෙන්නෙ මුලින් සඳහන් කරපු මායාව සහ භ්‍රාන්තිය. සාමාන්‍ය මිනිස්සුන්ට යාථාර්තයයි ෆැන්ටසියයි අඳුරගන්න පුළුවන් වුණත් එයාලට යථාර්තයයි ෆැන්ටසියයි අඳුරගන්න බෑ. ඔවුන් හිතන්නෙ ෆැන්ටසිය යථාර්තය කියලා.

මට එක්තරා චිත්‍ර ශිල්පියෙක් මුණ ගැහුණා. ඔහු හින්නෝමාදය නිසා ප්‍රතිකාරවලට යොමු කරපු පුද්ගලයෙක්. එයා මට කිව්වෙ එයාට දෙවියන් වහන්සේ නිතරම කතා කරනවා කියලා. ඔහු චිත්‍ර අඳින්නෙත් දෙවියන් වහන්සේ ඔහුට දෙන උපදෙස් අනුවලු. බටහිර මනෝවිද්‍යාවට අනුව මොහුට තියෙන්නෙත් උග්‍ර මානසික රෝගයක්. මේ වගේ ලංකාවෙ හතු පිපෙනවා වගේ ඒක එක එක අය මානසික රෝග තියෙන අය කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. මානසික රෝහලකට ගියොත් අපිට මැරිලා ආයෙ ඉපදුණ දෙවිවරු ඕනතරම් බලාගන්න පුළුවන්. හැබැයි ඕකම තව පැත්තකින් ගත්තොත් තවත් පිරිසක් ඉන්නවා මාකටර්ස්ලා. ලංකාවෙ මිනිස්සුන්ව ඉක්මණට අන්දවන්න පුළුවන්. එයාලට ඇත්තටම උග්‍ර මානසික රෝගයක් කියල එකක් නෑ.

මේ අතරේ ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය අයත් ඉන්නවා. ප්‍රතිකාර අවශ්‍ය නැති අයත් ඉන්නවා. ඖෂධ අවශ්‍ය නැති කියන කාරණාව වැරදියට ගන්න එපා. ඇත්තටම එයාලා මානසික ගැටලු තියෙන අය නෙවෙයි. එයාලා වංචනිකව උත්සාහ කරනවා එයාලව මාකට් කරගෙන,අනුගාමිකයො ටිකකුත් හදාගෙන පොප්අප් වෙලා සල්ලි හොයන්න.

සමහරවිට මේ අයට පෞරුෂ අක්‍රමිකතා තියෙන්න පුළුවන්. බෞද්ධ දර්ශනයත් බොහෝ දෙනා අල්ලන් ඉන්නෙ වැරදි තැනකින්. වීමංස සූත්‍රය ගත්තොත් ඒකෙ තියෙනවා ලස්සනට දෙයක් පිළිගන්නෙ කොහොමද සහ ඉවත් කරන්නෙ කොහොමද කියලා. මිනිස්සුන්ගෙ ශ්‍රද්ධාවත් කොටස් දෙකකට බෙදෙනවා. අමූලිකා ශ්‍රද්ධාව සහ ආකාරවතී ශ්‍රද්ධාව. සමහරු අන්ධ භක්තියකින් සමහර දේවල් හිස් මුදුනින් පිළිගන්නවා. ඒ නිසා තමයි දෙවියො වගේ මවාපා, එක එක අය මිනිස්සු ඉස්සරහට එන්නෙ. මිනිස්සුන්ගේ බය තමයි ඔවුන් මාකට් කරන්නෙ.

ඇත්තටම ලෙඩක් තියෙන, ප්‍රතිකාර අවශ්‍ය මානසික රෝගීන් ඉන්නවා වගේම තමන්ව මාකට් කරගන්න තමන් බුදුන්, තමන් අවලෝකිතේෂ්වර කියලා හිතන් ඉන්න, භ්‍රාන්ති තියෙන පිරිසකුත් ඉන්නවා. ඇත්තටම බුදුන් ආවානම් මම තමයි බුදුන්, මම තමයි අවලෝකිතේෂ්වර කියලා රට වටේ කිය කිය යන්නෙ නෑනෙ. මේ ලංකාවෙ යන ඔහොම රැලි දැක්කම කියන්න තියෙන්නෙ ඇත්තටම උග්‍ර මානසික රෝග තියෙන පිරිස් වගේම මාකටර්ස්ලත් බහුතරයක් ඉන්න නිසා මිනිස්සු දැනගන්න ඕනෙ කිරෙන් දිය වෙන් කරගන්න.

මනෝ විද්‍යාඥ, ආචාර්ය
අශෝක් ප්‍රියදර්ශන


එරංදි කෞශල්‍යා ✍️
 

TAGGED: drugs, god, mental problems, බෝධිසත්වයෝ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?