නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දරුවන්ට අන්තර්ජාලයේ රජ වෙන්නට දී අම්මයි තාත්තයි අහක බලාගන්න එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දරුවන්ට අන්තර්ජාලයේ රජ වෙන්නට දී අම්මයි තාත්තයි අහක බලාගන්න එපා

Published January 29, 2024

අන්තර්ජාලය යන්න ඉතා විශාල දත්ත ප්‍රමාණයක් ගැබ් වූ තොරතුරු තාක්ෂණයේ නැතුවම බැරි විෂය පථයකි. එය භාවිතය දැලි පිහියෙන් කිරි කනවාක් වැනි ඉතා සුපරික්ෂාකාරී ලෙස සිදුකළ යුත්තකි. ලොවට ඉතා වටිනා දත්ත මෙන්ම විනාශකාරී දත්තද විවිධ තරාතිරමේ පුද්ගලයා විසින් ගබඩා කර ඇත. එම දත්ත විවිධ මෘදුකාංග හා පද්ධති භාවිතයෙන් හිතකර මෙන්ම අහිතකර කටයුතු සඳහා ඉතා පහසුවෙන් භාවිතා කළ හැක. (උදා- අන්තර්ජාල වෙළඳ කටයුතු, සමාජ ජාලා, දුරස්ථ ගිණුම්) මේ සඳහා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකය දුරකථනයක් හෝ ටැබ් එකක් භාවිතා කළ හැක.

දැන් දරුවන් මාර්ගගත ඉගෙනුමට යොමු වීම නිසා දරුවන් විසින් අන්තර්ජාල පරිහරණය නොවැළැක්විය හැකි කරුණකි. මෙහිදී දෙමාපියන් වැඩිහිටියන් වෙත විශාල වගකීමක් පැවරී ඇති බව අමතක නොකළ යුතුය. ඔබේ දරුවාට අන්තර්ජාලය ධනාත්මක භාවිත කිරීමට ඉගැන්වීම ඉතාමත් වැදගත් වේ. ඒ සඳහා ඔබට කිසිඳු වියදමින් තොරව කළ හැකි ඉතා සරල හා පහසු ක්‍රම කිහිපයක් පහතින් සාකච්ඡා කරමු.

දරුවන් දැනුවත් කිරීම

මෙහිදී දරුවාට ඉතා ආදරෙන් හා විවෘතව අන්තර්ජාලය තුළ ඇති හොඳ මෙන්ම නරකත් අවබෝධ කර දිය යුතුය. එහිදී දරුවාට අනවශ්‍ය වෙබ් අඩවි හෝ මෘදුකාංග භාවිතයෙන් ඔහුට හෝ ඇයට විය හැකි විනාශය විවෘතව පැහැදිලි කරන්න. උදාහරණයක් ලෙස වෙඩි තැබීම හෝ යුදමය ක්‍රීඩා මඟින් ක්‍රීඩා කරන්නන්ගේ මොළේ කෘරත්වය සඳහා පුහුණු කිරීමට මෙම මෘදුකාංග නිපදවා ඇති බව දරුවාට පැහැදිලි කර දෙන්න.

ඉන්පසු ඔහුගෙන් මේ වැනි දරුණු දාමරික අදහස් ඇත්තෙකු ලෙස ජීවිතය ඉදිරි කාලයේ ගෙවීමට කැමතිදැයි ඉතා කරුණාවෙන් අසා සමාජය වෙසෙන දාමරික පුද්ගලයන් උදාහරණ ඔවුන්ගේ ජීවිත ඛේදවාචක ලෙස අවසන් වූ අවස්ථා පැහැදිලි කර දෙන්න. ඔහුට හෝ ඇයට සුදුසු විකල්ප ක්‍රීඩාවක් විනෝදාංශයක් ඔහු සමගම සොයන්න. ඔබගේ ඉවුම් පිහුම් කටයුතුවලට දරුවන්ගේ සහාය ලබාගන්න. ඒ සඳහා ඔවුන් රැසක ඇවිල්ලක් වෙන්නේ කුඩා සංග්‍රහයක් කර දරුවා අගයන්න. නිතරම දරුවාට ඔබගේ ඇසුර සතුට දනවන අවස්ථාවක් කිරීමෙන් ඔවුන් විකල්ප මගින් සතුට සැලසීම පෙළඹෙන්නේ නැතිවේවි.

කාලය

දරුවන් අන්තර්ජාලය හා සම්බන්ධ වී අධ්‍යාපන කටයුතු යෙදෙන කාලය පිළිබඳව වැඩිහිටියෙකු විසින් අධීක්ෂණය කිරීම ඉතාමත් වැදගත් වේ. ඔබේ දරුවා පසෙකින් සෑම මොහොතකම සිටීම මින් අදහස් නොකෙරේ. ඒ සඳහා ඔහුගේ ඇයගේ ඉගෙනීම් කල් සටන් පිළිබඳව ඔබ දැනුවත් වී ඔහු ඇය එම කාලය තුළ සැබවින්ම ඉගෙනුම හා සම්බන්ධ වූ බවද සොයා බලන්න.

රාත්‍රී නින්දට පෙර රවුටරේ ක්‍රියා විරහිත කරන්න. නොඑසේ නම් පේරන්ටල් කන්ට්‍රෝල් මෘදුකාංගය මගින් දරුවාගේ පරිගණකය හෝ දුරකථනය ස්වයංක්‍රීය ක්‍රියාවිරහිත වන ලෙස සකසන්න. මෙම මෘදුකාංගය මඟින් අනවශ්‍ය වෙබ් අඩවි බ්ලොග් කිරීම අන්තර්ජාලයේ භාවිත කරන කාලයේ සීමා කිරීම දවසේ වේලාව අනුව සීමා කිරීම අන්තර්ජාලයේ සිදු කරන ක්‍රියාකාරකම් අධීක්ෂණය වැනි බොහෝ ආරක්ෂාකාරී පියවරයන් අනුගමනය කළ හැක.

විශ්වාසය

දරුවා සැරිසරු වෙබ් අඩවි හා ඔහු ඇය එහි ගත කළ කාලය පිළිබඳ සොයා බලන්න. පෙර සඳහන් කළ පේරන්ටල් කන්ට්‍රෝල් මෘදුකාංගය භාවිත කළ හැක. ඔබ මෙවැනි මෘදුකාංගයක් භාවිත කරන බව හා ඒ දරුවාගේ ආරක්ෂාව සඳහාම මිසක් අවිශ්වාසයක් නිසා නොවන බවට ඔහුට හෝ ඇයට පහදා දෙන්න. ඔවුන් දැනුවත්ව අනවශ්‍ය වෙබ් පිටු වෙත ස්වයංක්‍රීයව හෝ පොළඹවා යොමු කරවීමේ හැකියාව අන්තර්ජාලය සතු බැවින් එය නිසි ලෙස කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය අවබෝධ කරවන්න. ඔබ දරුවාට තදින්ම විශ්වාස කරන බව සහතික වීමෙන් අනවශ්‍ය සිත් බිඳීම් මඟහරවා ගත හැකිවේ.

ස්ථානය

ඔබේ දරුවා අන්තර්ජාලය භාවිත කළ යුත්තේ පොදු ස්ථානයක සිටයි. එය බිත්තියට පිටුපා තැබීමෙන් මොනිටරය බාහිරව නිවා නිරාවරණය වෙන නිසා අනවශ්‍ය දේ කිරීමේ ඉඩ ඇහිරේ. දුරකථනයද නිවසේ සාලයේ සිට භාවිත කිරීම අනිවාර්ය කරන්න. අන්තර්ජාලය සමග දරුවාට තනිවීමට කිසිවිටක ඉඩ නොතබන්න. එමෙන්ම රාත්‍රියේදී දුරකථනය ක්‍රියාවිරහිත කර ඔබ අතට පත් කිරීම යහපත් පුරුද්දක් ලෙස මුල සිටම පුහුණු කරන්න. නැතිනම් පේරන්ටල් කන්ට්‍රෝල් මෘදුකාංගය මගින් අවහිර කරන්න. නිරන්තර සුපරක්ෂාකාරී වීම මගින් යම් අයුතු පරිහරණයක් සිදුවේ නම් එය දුර දිග යාමට පෙර හඳුනාගෙන නිසි  පිළියමක් යෙදීම පහසුවනු ඇත.



 

TAGGED: management, Unwanted websites, අන්තර්ජාලය, ක්‍රීඩාව
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?