නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නින්දෙන් ගෙරවීම පාලනය කරන්න කොට්ට – මෙට්ට ඇවිත්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

නින්දෙන් ගෙරවීම පාලනය කරන්න කොට්ට – මෙට්ට ඇවිත්

Published January 29, 2024
නින්දෙන් ගෙරවීම ගැන අපි එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. නමුත් ඔබ නින්දෙන් ගොරවනවා නම් එයින් ඔබගේ නිදි යහන බෙදා ගත් පුද්ගලයා අපහසුතාවයට පත් වෙනවා. ඒ වගේම අපි නින්දෙන් ගොරවන්නේ ඇයි කියන එකත් සැලකිල්ලට යොමු කළ යුතු දෙයක්.

හැම දෙනෙක්ම ගොරවන්නෙත් නැහැ

ඔබ ආශ්‍රය කරන සෑම දෙනෙක්ම නින්දෙන් ගොරවන්නේ නැහැ. නමුත් සමහර උදවිය නින්දෙන් තදින්ම ගොරවනවා. ශාරීරික රෝග සහ ඉහළ ශ්වසන මාර්ගයේ ව්‍යුහයේ පිහිටීමේ වෙනස්කම් ඇති පුද්ගලයින් නින්දේදී ශ්වසන අවහිරතාවය ඇති වීමේ අවදානම් කණ්ඩායමක් ලෙසින් සලකන්න පුළුවන්.

තරබාරු පුද්ගලයන්

උගුර ආශ්‍රිත කායික වෙනස්කම්

හකුවල පිහිටීම

තයිරොයිඩ් හෝර්මෝන ගැටලු

උඩු අතට නිදා ගැනීම

දිව විශාල වීම / පපුව ඇතුළත පීඩනය වැඩි වීම ( Pulmonaryhypertension )

අධි රුධිර පීඩනය, රුධිරගත අහිතකර කොලස්ටරෝල් මට්ටම, සීනි මටට්ම ඉහළ යෑමේ රෝග තත්වයන්ට ප්‍රතිකාර ලබන රෝගීන් අවදානම් කණ්ඩායමක් ලෙසින් සැලකෙනවා.

ගෙරවීම සමග ඇති වන ශ්වසන අවහිරතාවයන් (Obstructive Sleep Apnea)

නින්දෙන් ගෙරවීම සැබැවින්ම සුළුවෙන් සිතන්න එපා. එය සාමාන්‍ය සිදුවීමක් වගේ අපි මතුපිටින් දුටුවත් ගොරවන පුද්ගලයාගේ ඉන්ද්‍රියන් නින්දේදී අඩපණ වීමට පුළුවන්. මේ රෝග තත්ත්වය Obstructive Sleep Apnea යනුවෙන් හැඳින්වෙනවා. නින්දෙන් ගොරවන විට ආශ්වාස කිරීම උගුරෙන් නතර වෙනවා. ඒ නිසා ඔක්සිජන් අවහිර වෙනවා. නින්දේදී ඉන්ද්‍රියන් විවේක ගත යුතු වුණත් ගොරවන පුද්ගලයාගේ අවයව අධික ලෙසින් ක්‍රියාකරී වීම නිසා වෙහෙසට පත් වී නින්දෙන් අවදි වෙනවා.

මේ අන්දමින් ඔක්සිජන් ප්‍රමාණවත් නොවීම සහ සිරුරේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වීම නිසා නින්දේදී හදිසි මරණයක් පවා ඇති වන තරම් තත්ත්වයට පත්වන්න පුළුවන්. ගොරවන පුද්ගලයාගේ මොළය, හෘදය, පෙනහළු, පේශි සහ ඇස් වැනි අවයවයන්හි සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා හදිසි මරණය පමණක් නොව, බරපතළ රෝග ඇති වීමට තිබෙන අවදානම ඉහළ යනවා.

ගෙරවීම නවත්වන්න මොකද කරන්නේ?

ඔබේ නිදි යහන බෙදා ගත් පුද්ගලයා ගොරවනවා නම් ඔහුගේ කොට්ටය සකස් කරනවා. මෙය අපේ ජන ජීවිතයේදී සිදු වන සාමාන්‍ය දෙයක්. හදිසියේවත් ඒ අන්දමින් උදව්වට යමෙකු නැත්නම් සමහර විට මුලින් සඳහන් කළ අන්දමේ ඔක්සිජන් ඌනතාවය ඇති වී Obstructive Sleep Apnea රෝග තත්ත්වයේ ගොදුරක් බවට පත් වෙන්නත් ඉඩ තිබෙනවා. කොට්ටය මාරු කිරීමේ ක්‍රියාවලිය පාදක කරගෙන ගොරවන අයට ගැළපෙන නවතම විද්‍යාත්මක උපාංගයක් දැන් හඳුනාගෙන තිබෙනවා.

මිනිසුන්ට සුවදායක නින්දක්

චීනයේ සෞඛ්‍ය ආම්පන්න නිෂ්පාදන සමාගම DeRucci විසින් 2004 වසරේ අලුත් ඉලක්කයක් වෙත යොමු වුණා. ඒ වෙනුවෙන් ඔවුන් “Let People Sleep Better” තේමාව තෝරා ගත්තා. ගොරවන පුද්ගලයාට තවත් කෙනෙකුගේ උපකාරයක් නොමැතිව ගෙරවීම කළමනාකරණය කරගත හැකි මෙවලමක් වෙනුවෙන් වූ පර්යේෂණ ලෝකයේ රටවල් ගණනාවක සෞඛ්‍ය සමාගම් සහ පර්යේෂණ ආයතන සම්බන්ධ කර ගත්තා.

DeRucci සමාගම විසින් මේ සඳහා නවතම කොට්ටයක් හඳුන්වා දී තිබෙනවා. මෙම රොබෝ කොට්ටය විසින් ගොරවන පුද්ගලයාගේ ගොරවන තත්ත්වය නවතා ඔහුගේ සිරුරේ ඔක්සිජන් සැපයුම යාමනය කරනවා. මෙම රොබෝ කොට්ටය මේ වෙන විට ලෝකය විසින් ගෙරවීම කළමනාකරණය වෙනුවෙන් හඳුනා ගත් මුල්ම නිෂ්පාදනය වීමත් වාර්තාවක්.

ගොරවන්න පටන් ගන්නා විට විද්‍යාත්මක අධ්‍යයනයන් සහ සෞඛ්‍ය නිර්දේශ අනුව නිෂ්පාදනය කරන ලද මෙම කොට්ටය කෘත්‍රිම බුද්ධිය මගින් මෙහෙයවනවා. ඒ අනුව නිදා ගැනීමේදී මෙම කොට්ටය භාවිත කරන පුද්ගලයා ගොරවන්න ආරම්භ කරත්තම කෘත්‍රිම බුද්ධිය විසින් කොට්ටයේ සහ හිසේ ඉරියව්ව නිවැරදි ලෙසින් සකස් කරනවා. ඒ අනුව ගෙරවීම නැවතීම සිදු වෙනවා. මේ රොබෝ කොට්ටය නිසා පුද්ගලයාගේ ගෙරවීම 89% කින් පාලනය වන බැව් සමාගම විසින් ඔවුන්ගේ දත්ත විශ්ලේෂණය මගින් හඳුනාගෙන තිබෙනවා.

නින්දෙන් ගොරවන විට ඉරියව්ව වෙනස් කරමින් ගෙරවීම පාලනය කරන කොට්ටයට අමතරව මේ සමාගම විසින් සුවදායක නින්දක් වෙනුවෙන් යෝග්‍ය මෙට්ටයක්ද නිෂ්පාදනය කර තිබෙනවා. මෙම මෙට්ටය T11 යනුවෙන් නම්කර තිබෙනවා. මෙහි ඇති සංවේදන මගින් නිදන පුද්ගලයාට අවශ්‍ය පරිදි උෂ්ණත්වය, නිදන ඉරියව්ව, හෘද වේගය නිවැරදිව පවත්වා ගැනීමට උදව් වෙනවා. මුළු රාත්‍රිය පුරාම නිදා ගත් පුද්ගලයාගේ සුව දායක නින්ද වෙනුවෙන් අවශ්‍ය පරිසර තත්ත්වයන් සූදානම් කරනවා.

අපි නින්දෙන් හැරෙන පෙරළෙන විට අනුගමනය කරන වැරදි ඉරියව් නිසා අපේ බෙල්ල, කොන්ද, ඉඟටිය වැනි ප්‍රදේශයන්හි දැඩි වේදනාවන් ඇති වෙනවා. සමහර වේදනාවන් නිරන්තරවම ඇති වන නිසා සාමාන්‍ය ජීවිතයට පවා කරදරයක් වන අවස්ථාවන් තිබෙනවා. නමුත් මෙම T11 මෙට්ටයේ ඇති වාත බෑග් (Air bag) මගින් නින්දේදී අපි හැරෙන විට ඉහතින් දක්වන ලද අවයවයන්ට පීඩනයක් ඇති නොවන පරිදි අපේ ඉරියව් නිවැරදි අන්දමට හසුරුවනවා. DeRucci සමාගම විසින් ඔවුන්ගේ නවතම නිෂ්පාදන හඳුන්වා දීම 2023 වසරේ දෙසැම්බර් 14 වැනි දින සිදුවුණා. දැන් මේ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කර අවසානයි.

( CNET ඇසුරෙන් )

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: DeRucci, pillows, Pulmonaryhypertension, respiratory tract, sleep, නින්දෙන් ගෙරවීම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?