නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අපට නොමැති ගෙදර පූසාට ඇති පොෂ් සැලකිලි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අපට නොමැති ගෙදර පූසාට ඇති පොෂ් සැලකිලි

Published January 15, 2024

අපේ නිවෙස් ආශ්‍රිතව බල්ලන් වගේම බළලුන් ඇති කිරීම අනාදිමත් කාලයක පටන් සිදු වෙනවා. බල්ලන් කිව්වාම අපි විවිධ ප්‍රභේද ගැන දන්නවා. ඒත් අපි බළලුන් කිව්වාම දකින්නේ අපේ ගෙවැසි බළලා පමණයි. නමුත් බළලුන් අතරත් විවිධ ප්‍රභේද සිටිනවා.Persian ” Maine, coonSlamese,British Shorthair, Abtssinian,Rusian Blue, Bengal, Scotch fold,Siberian, Birman, Himalayan,Chatreux, American short hair,Bomby cat, Ragdoll Sphynx මේ අන්දමේ බළල් ප්‍රභේදත් ගණනාවක් සිටිනවා. ඔවුන්ගේ මිලත් ඒ වගේම ඉහළයි. සාමාන්‍යයෙන් බළලලෙකුගේ වටිනාකම රුපියල් පන්දහසේ සිට ලක්ෂ 25 කටත් වැඩි වෙන්න පුළුවන්.

බල්ලන් සහ බළලුන් අතර වෙනසක් තිබෙනවාද?

බල්ලා තමන්ගේ ස්වාමියා දෙවියා විදිහට දකිනවා. නමුත් බළලා ඊට වෙනස්. බළලා හිතන්නේ තමා නිවසේ දෙවියා විදිහටයි. සාමාන්‍යයෙන් බල්ලන් තමන්ගේ ස්වාමියාට වැඩක් කර දෙන්න කැමැති වුණත් බළලුන් එහෙම නැහැ. තමන්ගේ අවශ්‍යතාවයන් ගැන ස්වාමියා මත රැඳී සිටිනවා.

බළලුන්ටත් සැලකිලි අවශ්‍යද?

බල්ලෙක් වගේම සුරතලයට ඔබ නිවසේ බළලෙක් ඇති කරනවා නම් බල්ලාට වගේම බළලුන් ගැනත් සැලකිලිමත් වීම වැදගත්. බළලෙක් ඇති කරනවා නම් බල්ලාට වගේම එන්නත් ලබා දීම අවශ්‍යයි. ඒ වගේම ප්‍රමිතියකින් යුක්ත සත්ව ආහාර, පණු බෙහෙත්, පානීය ජලය, ශාරිරික පවිත්‍රතාවය, අසනීප වූ විට ප්‍රතිකාර කිරීම වගේම අනිවාර්යෙන්ම ආදරය ලබා දීමත් වැදගත්.

බළලුන් වෙනුවෙන් ලබා දෙන ආහාර මොනවාද?

බළලුන් සඳහා නිෂ්පාදනය කරන ලද සත්ව ආහාර Pettlet Food වෙළඳපොලෙන් මිලට ගන්න පුළුවන්. ඒවා වියළි ආහාර විදිහට වගේම තෙත ආහාර විදිහටත් තිබෙනවා. සුරතලයට බළලලෙකු ඇති කරනවා නම් වඩාත් සුදුසු වියළි ආහාරයි. ඒ වගේම අමු බිත්තර, සුදුලූනු, චොකලට්, මිදි, බළලුන්ට සුදුසු නැහැ. කිරි ආශ්‍රිත ආහාර වුණත් ජීරණ අපහසුතාවයන් ඇති වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ආහාර ලබා දීමේදි ප්‍රවේසම් වීම වැදගත්. ඒ වගේම ඔබේ නිවසේ සිටින බලු සුරතලා වෙනුවෙන් වූ Pettlet Food බළල් සුරතලාට යෝග්‍ය නැහැ.

බළලුන්ටත් ලෙඩ හැදෙනවාද?

බල්ලන් වගේම බළලුන්ටත් ලෙඩ වෙනවා. බළලුන්ට වැඩියෙන්ම ඇති වෙන්නේ පණු රෝග, අජීර්ණ තත්ත්වයන්, කන පැසවිම, කිනිතුළු උණ, වෛරස් උණ, කුෂ්ට වර්ග සහ විදුරු මස් රෝග සඳහන් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් Cat flu වෛරස ආසාදන තත්ත්වය ඉතා භයානකයි. නිසි ප්‍රතිකාර නොකළහොත් සතා මියයෑමටත් පුළුවන්. ඒ වගේම ජලභීතිකා රෝග තත්ත්වයත් බළලුන්ගේ ජීවිතයට මාරාන්තිකයි.

බළලුන්ගේ ලෙඩ රෝග වළක්වා ගන්න බැරිද?

Cat flu රෝග තත්ත්වයෙන් බළලා ආරක්ෂා කර ගැනීමට නම් Tricat එන්නත ලබා දීම වැදගත්. මේ එන්නත මගින් Feline Rhinotracheitis Virus සහ Feline panleukopenia යන වෛරස්වලට එරෙහිව ප්‍රතිශක්තිය ගොඩනගනවා. ජලභීතිකා රෝගය වළක්වා ගැනීම සඳහා එන්නත නිසි පරිදි ලබා දිය යුතුයි. ඊට අමතරව අභ්‍යන්තර පරපෝෂිත තත්ත්වයක් වඳ කර ගැනීම වඩාත් වැදගත් ඒ වගේම බළලුන්ට ලබා දෙන ජලයේ පිරිසිදු බව, දත් පිරිසිදු ලෙසින් තබා ගැනීම මගින් ඔවුන් නීරෝගී ලෙසින් තබා ගත හැකියි.

බළලුන්ට එන්නත ලබා ගැනීමට පහසුකම් තිබෙනවාද?

අපේ රටේ සත්ව සායනවලින් ජලභීතිකාව වෙනුවෙන් වූ එන්නත වගේම Tricat එන්නත ලබා ගැනීමේ පහසුකම තිබෙනවා.

කුඩා දරුවන් සිටින නිවසක බළළාගෙන් ආරක්ෂා වීමට අපි කළ යුත්තේ කුමක්ද?

නිවසේ බළලලෙකු ඇති කරනවා නම් වෛද්‍යවරයාගේ උපදෙස් මත ජලභීතිකා එන්නත ලබා දීමට කටයුතු කිරීම ඉතාම වැදගත්. බල්ලා වගේ බළලා නිතරම නෑවීම සුදුසු නැහැ. නමුත් මාසයකට වතාවක් වගේ බළලා නාවා පිරිසිදු කර ගැනීම හොඳයි.

බළලුන්ගේ ලෝම ඉතාම සැහැල්ලු නිසා වාතයට එකතු වී අපට කුඩා දරුවන්ට ආසාත්මිකතාවයන් ඇති කරන්න තිබෙන ඉඩ කඩ වැඩිනිසා බළලුන්ගේ ලෝම දිනපතා පිරිසිදු කරන්න ඕන. ඒ වගේම දත් පිරිසිදුව තබා ගැනීමත් වැදගත්. බළල් රෝම ගැලවී යෑම සාමාන්‍ය දෙයක් වුණත් අධික ලෙසින් ලෝම ගැලවෙනවා නම් ඒ වෙනුවෙන් ඇති විටමින් වර්ග පශු වෛද්‍යවරයාගේ උපදෙස් මත ලබා ගැනීමත් වැදගත්.

පශු වෛද්‍ය සුගත් ප්‍රේමචන්ද්‍ර

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️





 

TAGGED: Cat flu, Disease complications, Tricat, ගෙදර පූසා, බළල් ප්‍රභේද
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?