නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: උන්මාදනීය KNIGHT RIDER ලංකාවේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

උන්මාදනීය KNIGHT RIDER ලංකාවේ

Published January 15, 2024

80 දශකයේ නයිට් රයිඩර් විද්‍යා ප්‍රබන්ධ ටෙලි කතා මාලාවට වයස් භේදයකින් තොරව කවුරුත් ආකර්ශනය වුණා. ඒ වගේම මේ විද්‍යා ප්‍රබන්ධය ආචාර්ය ආතර් සී ක්ලාක් මහතාගේ “2001 ඔඩිසි” විද්‍යා ප්‍රබන්ධය අනුව නිර්මාණය වූ නාටකයක් වී තිබුණා.

මෙහි තිබෙන විශේෂත්වය

නයිට් රයිඩර් වාහනයේ රියදුරු මයිකල් නයිට්ගේ විධාන හසුරුවන්නේ “KITT” යනුවෙන් හැඳින්වෙන කෘතිම බුද්ධියෙන්. 1980 දශකයේ කුඩා දරුවන් වගේම නව යොවුන් වියේ පසුවුණ දරුවන් අතර නයිට් රයිඩර් වාහනය ගැන උන්මාදයක් ගොඩ නැගුණා.

කවුද මේ නයිට් රයිඩර්

ඔහු මහනුවර, ගලහ නිල්ලඹ ප්‍රදේශයේ පදිංචි එරංග වීරකෝන්. දන්තුරේ මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරා එතැනින් පසුව ක්ෂුද්‍ර මුල්‍ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා ක්ෂුද්‍ර මුල්‍ය කළමනාකරුවකු ලෙසින් රැකියාවක නිරත වෙනවා. නමුත් අද වනවිට අපට ඔහු වැදගත් වෙන්නේ නයිට් රයිඩර් වාහනයක නිර්මාණශිල්පියා නිසයි.

ඔබට මේ අදහස ඇති වුණේ

මට පුංචි කාලයේ පටන්ම වාහන ගැන ලොකු උනන්දුවක් තිබුණා. අනිත් දරුවන් වගේම ළමා කාලයේදී මමත් නයිට් රයිඩර් වාහනයට ආකර්ශනය වුණා. කවදා හෝ දවසක නයිට් රයිඩර් වාහනයක් හදනවා කියන ඉලක්කයක් මගේ හිතේ තිබුණා.නමුත් මට නයිට් රයිඩර් වාහනය නිෂ්පාදනය කිරීමට බැරි වුණත් මම මැස්ඩා වාහනයක් මිලට අරගෙන ඒ වාහනයට නයිට් රයිඩර් වාහනයේ තිබෙන සියලු පහසුකම් ඇතුළත් කරමින් නවීකරණය කළා.

වාහනයට උපාංග ඇතුළත් කිරීම පිළිබඳ දැනුම

මම ඉලෙක්ට්‍රොනික් පාඨමාලා කීපයක් හදාරා තිබෙනවා. ඊට අමතරව සමාජ මාධ්‍ය ඔස්සේ නයිට් රයිඩර් වාහනය ගැන තොරතුරු ගවේශනය කළා. ඒ අනුව මම මගේ වාහනයට නයිට් රයිඩර් වාහනයේ තිබෙන කොටස් එකින් එක එකතු කරමින් සිටිනවා.

වාහනය කෘත්‍රිම බුද්ධියෙන් හසුරුවන්න පුළුවන්ද?

ඔව්. මේ වාහනයත් ඇප් එකක් ඔස්සේ රොබෝවරයකුගෙන් හසුරුවනවා. එහි නමත් “KITT” දැනට ඇප් එකක් ඔස්සේ ලබා දෙන voice command ඔස්සේ මේ රොබෝ හැසිරෙනවා.“pop up light” විධානයට ලයිට් දැමීම, විස්තරයක් ඉදිරිපත් කිරීම වගේ විධානයන්ට සාර්ථකව ප්‍රතිචාර දක්වනවා.

වාහනයේ සියලුම කොටස් ඔබේම ස්වයං නිර්මාණයක්ද?

ඔව්. මේ වාහනයේ ඩෑෂ් බෝඩ් එක, ටේල් නයිට් වැනි එකතු කරන ලද සියළු පහසුකම් මගේම නිෂ්පාදන බව කියන්න ඕන. එහෙම නැතුව වෙළෙදපොළ අලෙවි වෙන කොටස් ගෙනත් වාහනයට සවි කළා නොවෙයි.

මේ වාහනයේ ස්ටියරින් වීල් එකත් මගේම අතින් නිෂ්පාදනය කළා. ඊට අමතරව ශබ්ද, ආලෝක පද්ධති, මගේ නිර්මාණ විදිහට එකතු වුණා. මේ වනවිට නයිට් රයිඩර් වාහනයේ ඇතුළත් විශේෂ එකතුවලින් 50% ක් පමණ මම මේ වාහනයට ඇතුළත් කර තිබෙනවා. මීට පෙරාතුව නයිට් රයිඩර් වාහනය වෙනුවෙන් වූ අත්හදා බැලීමක් විදිහට මම වොයිස් බොක්ස් එකක් හැදුවා. එය මං වගේම වාහනයට විශේෂ එකතු කරන දරුවෙකුට නොමිලේම දුන්නා.

තමන්ගේ වාහනයටත් නයිට් රයිඩර් උපාංග ඇතුළත් කරන්න කැමැත්ත ඇති කෙනෙකුට

ඒ වගේ කැමැත්ත ඇති කෙනෙකුට උදව් කරන්න මට හැකියාව තිබෙනවා. කාලය පිළිබඳ ගැටලුව තිබෙනවා. නමුත් වාහනවලට මේ වගේ විශේෂාංග එකතු කරන්න උන්මාදයක් තිබෙන කෙනෙකුට මට පුළුවන් උදව් කරන්න.

වාහනයට ආකර්ෂණය ඇති වුණේ?

වාහනය පදවන විට මට ඒ බව අත්දැකීමෙන්ම පෙනී ගියා. නයිට් රයිඩර් වාහනය වගේම බාහිර පෙනුමත් තියෙන නිසා හැම දෙනෙක්ම නැවතත් හැරී බලන ස්වභාවයක් තිබෙනවා. නමුත් ඔවුන් වාහනය ඇතුළත තිබෙන සුවිශේෂීත්වය දන්නේ නැහැ. පෙනුමට පවා බොහෝ දෙනෙක් ආකර්ෂණය වෙනවා. ඒ නිසා මේ වාහනය ධාවනය වන විට බොහෝ දෙනෙක් නැවත හැරී බලනවා. වාහනය නවතා තිබෙන විට මේ වාහනයේ ඡායාරූප පවා ගන්නවා. ඒ තරමටම සුවිශේෂී තත්ත්වයක් තිබෙනවා.

මම වාහනය නිෂ්පාදනය කළේ මගේ විනෝදාංශයක් විදිහට. මේ ගැන ප්‍රචාරණයක් කරන්න මට අදහසක් තිබුණේ නැහැ. නමුත් “විනී ප්‍රඩක්ෂන්” ඔවුන්ගේ චිත්‍රපටයක් වෙනුවෙන් මේ වාහනය යොදා ගත්තා. මාත් දින ගණනාවක් ඔවුන් සමග කටයුතු කළා. එතැනින් පසුව වාහනය මටත් නොදැනීම ජනප්‍රියත්වයට පත් වුණා. වාහනයේ ජනප්‍රිය වීමේ මුල්ම පියවර එතැනින් පටන් ගත්තා කිව්වොත් නිවැරදියි.

මයිකල් නයිට්ගේ වාහනය ඒ විදිහටම නිෂ්පාදනය කරනවා කියල මම කවදාවත්ම කියන්නේ නැහැ. තවත් කෙනෙකුගේ නිර්මාණයක් අනුකරණය කළත් එය 100% කින්ම මුල් ආකෘතියට සමාන වෙන්නේ නැහැ. නමුත් මගේ නිර්මාණයට නයිට් රයිඩර් වාහනය ආදර්ශයට ගත්තත් සමහර විට ඊටත් වඩා වැඩිදියුණු වුණ වාහනයක් නිර්මාණය වෙන්නත් පුළුවන්. ඒ වගේම අනාගතයේදී Full Electronic Knight Rider වාහනයක් නිෂ්පාදනය කරන ඉලක්කයක් හිතේ තිබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: Artificial intelligence
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?