නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බබෝ ඔයාට අකුරු ලියන්නත් දවසක් එනවා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බබෝ ඔයාට අකුරු ලියන්නත් දවසක් එනවා

Published January 15, 2024

තමන්ගේ ආදරණීය දරුවාට අකුරු අත්පොත් තැබූ දිනයේ පටන් දෙමව්පියන් ඔවුන් ලවා අකුරු කියවීම, ලිවීම වෙනුවෙන් ලොකු උනන්දුවක් දක්වනවා. එපමණක් නොවෙයි ළදරු පාසලක් තෝරාගැනීමේදී පවා මව්පියන් විමසන්නේ මොන්ටිසෝරියේ අකුරුත් උගන්වනවාද? යනුවෙන්. ඔබ දරුවාට අකුරු කියවීමට ලිවීමට ඉක්මන් වීම සුදුසු නැහැ. අධ්‍යාපනය දියුණු සමහර රටවල පළමු වසර කිහිපය තුළම අකුරු ලිවීමට අවධානයක් දක්වන්නේ නැහැ. ඔවුන් එම කාලය දරුවාට අවශ්‍ය සමාජයීය හැකියාවන්, ආකල්ප, හැසිරීම් හා වෙනත් දක්ෂතාවන් දියුණු කිරීමට යොදා ගන්නවා. විශේෂයෙන්ම එදිනෙදා ජීවිතය තුළ ලබාගත යුතු ජීවන කුසලතා දරුවාට ලබා දී පසුව අකුරු කරවීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

දරුවන්ට අකුරු ලිවීමට ඉක්මන්වීම සුදුසු නැත්තේ ඇයි?

අපේ මොළයේ පාර්ශ්ව ඛණ්ඩිකාව ( Parietal Lobe ) යනුවෙන් හැඳින්වෙන කොටසක් තිබෙනවා. මේ කොටස මගින් අවකාශයේ පිහිටි ඕනෑම වස්තුවක පිහිටීම, දිග, පළල, හැඩය හා එහි දුරස්ථ බව තේරුම්ගැනීමේ හැකියාව ලැබෙනවා.අපි උදාහරණයක් ගනිමු. දරුවාට “ අ ” අකුර ලිවීමට අවශ්‍ය නම් එහි හැඩය, වමට හා දකුණට හැරෙන ප්‍රමාණය, එක් එක් කොටසේ උස හා පළල, ළමයාගේ මොළයේ පිහිටි පර්ශව ඛණ්ඩිකාව මගින් නිසි පරිදි අවබෝධ කර ගැනීම අවශ්‍යයි.

මෙයට අමතරව අකුරු කියවීම හා ලිවීම සඳහා මොළයේ භාෂා මධ්‍යස්ථානයක් ( Language area ) පිහිටා තිබෙනවා. මේ කොටස වර්ධනය වීමට දරුවාට වයස අවුරුදු පහක් පමණ ගතවනවා. මේ කාලය තුළ දරුවාට සියලු අකුරු දිස්වන්නේ කළුපාට බෝල හැඩයටයි. අකුරු වෙන් කරගෙන ඒවායේ විශේෂ හැඩහුරුකම් වටහා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මොළය අවශ්‍ය තරම් වර්ධනය වී නැත්නම් දරුවාට මේ අකුර පිටපත් කිරීම පහසු කාර්යක් නෙවෙයි.

දෙමව්පියන්ට ඉවසීම නැහැ…

නමුත් දෙමව්පියන්ට දරුවාගේ මොළයේ වර්ධනය නිසි පරිදි සිදුවන තෙක් ඉවසීමක් නැහැ. ඔවුන් දරුවා ලවා බලෙන් අකුරු ලියන්න උත්සාහ කරනවා. පාර්ශව ඛණ්ඩිකාව වර්ධනය නොවූ කාලයක් තුළ අකුරක් දිහා බලාගෙන ඒ අකුර නැවත පිටපත් කිරීමට දරුවාට ඉතාම අපහසුයි.

මොළය වර්ධනය වීමට පෙරාතුව අකුරු ලිවීම බලෙන් සිදුකිරීම නිසා සිදුවෙන්නේ දරුවා සමහර විට අකුර ලියනවා. නමුත් බුද්ධියේ භාවිතයක් නැහැ. ඒ නිසාම සමහර විට දරුවා දිනපතා පාසලේදී පළමු වසර දෙක ඇතුළත සාර්ථකව අකුරු ලියන්න පුළුවන්.

නමුත් එය දීර්ඝකාලීන හැකියාවක් නොවෙයි. සමහර මව්පියන් පවා මේ විදිහට කියනවා ඔබටත් ඇසී ඇති. එක, දෙක වසරේදී හොඳට අකුරු ලිව්වා දැන් මොකුත් මතක නැහැ. මේ ඔබේ වරද නිසා සිදුවූවක් බැව් අමතක කරන්නත් එපා.

දරුවාගේ මේ පසුබෑම ඇතිවුණේ ඔබ මොළයේ වර්ධනය වීමටත් පෙරාතුව බලහත්කාරයෙන් දරුවා ලවා අකුරු ලියවීමට ගත් අසාර්ථක උත්සාහය නිසායි.දරුවා වයසටත් කලින් අකුරු ලිවීම සහ කියවීම නිසා ඔබ සතුටු වුණත් එයින් දරුවාට විශේෂ වාසියක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ අඩු වයසේදී ලිවීම සහ කියවීම බුද්ධියේ සලකුණක් ලෙස සැලකීමට බැහැ.

පෙර පාසල් කාලය…

ඔබ දරුවා පෙර පාසල් යැවීමෙන් අකුරු ලිවීම සහ කියවීම ගැන විශාල බලාපොරොත්තු ඇති කරගන්න එපා. දැන් ඔබ මේ විදිහට තර්ක කරයි. එහෙම නම් අපි දරුවන් පෙර පාසල් යවන්නේ ඇයි? පෙර පාසල් කාලය සම්පූර්ණයෙන්ම යොදා ගන්නේ බුද්ධි වර්ධනයට අවශ්‍ය ක්‍රියාකාරකම්, සංකල්ප හා සම්බන්ධතාවන් තෝරාගැනීමට පමණයි.

මේ කාලයේදී අකුරු ලිවීම, කියවීම දත්ත තොරතුරු ඉගෙනීම මගින් දරුවා තුළ බුද්ධි වර්ධනයක් බලාපොරොත්තු වීමට බැහැ. අකුරු හඳුනාගැනීමට වෙනත් ක්‍රම භාවිත කරන්න. උදාහරණයක් විදිහට රූප සටහන්, සත්ව රූප, ප්‍රහෙලිකා වැනි ක්‍රම ඒ වෙනුවෙන් යොදා ගැනීමට පුළුවන්.

කියවීමට…

දරුවාට අකුරු කියවීමටත් ඔබ ඉක්මන් වෙන්න එපා. කියවීම වෙනුවෙන්ද අදාළ කොටසක් මොළයේ තිබෙනවා. මොළයේ භාෂාවට වෙන් වූ කොටස අවශ්‍ය පමණට මෝරා තිබීම කියවීමට අත්‍යවශ්‍යයි.මොළය අවශ්‍ය පරිදි නොමේරූ කාලයේදී දරුවා සියලුම අකුරු දකින්නේ එකම හැඩයකටයි. ඒවා ඔහු දකින්නේ ද කළුපාට බෝල ආකාරයටයි. වයස අවුරුදු 6 ට පෙරාතුව දරුවාට අකුරු වෙන්කර හඳුනාගැනීම අපහසුයි. ඒ නිසා දරුවාට වයස අවුරුදු හය සම්පර්ණ වීමට පෙරාතුව අකුරු කියවීම සඳහා අනවශ්‍ය විදිහට උත්සාහ කරන්න එපා.

කලින් කියවීම…

ඔබ සමහර විට දරුවාට කලින් අකුරු කියවන්න උත්සාහ කරනු ඇත. දරුවා අකුරු කියවීම සිදුකළත් ඒ වෙනුවෙන් ඔහු මොළයේ නියමිත කොටස භාවිත නොකරන නිසා භාෂා භාවිතය නිසි ලෙස සිදුවන්නේ නැහැ. මේ ගැටලුව දිගින් දිගටම පවතින නිසා දරුවාගේ වර්ධනය වීමේදීත් මේ පුරුද්ද වෙනස් වෙන්නේ නැහැ.

අකුරු හා වචන හඳුනාගැනීමේදී…

අකුරු හා වචන හඳුනාගැනීමෙන් පසුව මෙම ක්‍රම භාවිත කරන්න.

විවිධ වර්ණ
විවිධ හැඩතල
රූපසටහන්

අකුරු හා වචන හඳුනාගැනීමට පංච ඉන්ද්‍රියන් භාවිත කරන්න.

දෘෂ්ටිය – ලොකු අකුරු හෝ වචනය දරුවාගේ ඇසට හුරු කරවාගන්න. පාට සහිත ලොකු අකුරු භාවිත කරන්න.

ස්පර්ශය – අකුරු අල්ලා බැලීම සහ ප්ලාස්ටික් හා ක්ලේ මගින් සකස් කළ අකුරු භාවිත කරන්න.

ශබ්දය – ළමයා ලවා අකුරු හඬනගා උච්චාරණය කරන්න.

ශ්‍රවණය – ඔබ අකුරු දරුවාට ඇසෙන සේ හඬනගා කියවන්න.

පොතක් භාවිතා කරන විට– කියවීමට පහසු, සරල හා රූප සහිත පොත් භාවිත කරන්න. පොතක හැඩය තේරුම් කර දෙන්න.

කියවන ආකාරය – වමේ සිට දකුණට, උඩ සිට පහළට එනම් දරුවා සමග පොත් කියවන විට ඇඟිල්ල පොතේ දකුණටද ඉන්පසු පහළටද ගමන් කරවන්න.

වචන ශබ්ද වන ආකරය තේරුම් කරන්න. අකුරු ලිවීමට පෙර වචනයේ ශබ්දය මුලින් තෝරා දෙන්න. එකම ආකරයේ වචන එකට හුරු කරන්න රට, රත, රස, රල එකම වචනය කිහිප වතාවක් ලියන්න.

දරුවා ලවා කතාවක් නිර්මාණය කරන්න

එයට අවශ්‍ය රූප දරුවා ලවා ඇඳගන්න. හැකි නම් ඒවා ලියන්න ඉඩ දෙන්න. එසේ නැත්නම් ඔබ කතාව ලියා දරුවාට ඇසෙන සේ කියවන්න.

දරුවා සමග එකතුව කතන්දර කියවන්න

දිනපතාම කියවීමට කාලයක් වෙන් කරන්න. පවුලේ සියලු දෙනාම එකට එකතු වී පොත් කියවන්න. ඕනෑම විෂය ධාරාවකදී විශිෂ්ටයකු වීමට කියවීමේ හැකියාව සහ භාෂා ඥානය අත්‍යවශ්‍ය කරුණක්.ඒ නිසා කියවීම සහ ලිවීම වෙනුවෙන් ඉහත ආකාරයට දරුවා පුහුණු කිරීමෙන් ඔබට විශිෂ්ට ප්‍රතිඵල ලබා ගතහැක.

ළමා රෝග පිළිබඳ
විශේෂඥ
වෛද්‍ය
පී. එම්. විජයවර්ධන
කුරුණෑගල මහ රෝහල

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: brain, child, Language Center of the Brain, Parietal Lobe, අකුරු ලියන්න
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?