නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ෆැට් ලවර්ස්ලට කොවිඩ් අවදානම වැඩියි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ෆැට් ලවර්ස්ලට කොවිඩ් අවදානම වැඩියි

Published January 15, 2024

අධික මේද සහිත ආහාර නිසා තරබාරුව, මලබද්ධය සහ බඩවැල් ආශ්‍රිත පිළිකා තත්ත්වයන් ඇති වන බවට වෛද්‍ය විශේෂඥයින් විසින් නිරන්තරව සමාජය දැනුවත් කරනවා. ඒ වගේම ඔබේ ශරීර ස්කන්ධ දර්ශකය නීරෝගී අගයක පවත්වා ගැනීමේදී මේද අධික ආහාර සීමා කිරීම අත්‍යවශ්‍ය බැව් ඔබ දන්නවා. මේ අතර නවතම පර්යේෂණයක් මගින් මේද ආහාර සීමා කිරීම ගැන ඉතාම වැදගත් තොරතුරක් අපට ලබා දෙනවා. ගෙවුන වසර තුනක කාලයේදී කොවිඩ් 19 ගැන අප නිරන්තරව කතා කළා. වසංගත තත්ත්වයක් ලෙසින් පැතිරුණ කොවිඩ් ගැන වූ කතාබහ තවමත් අවසාන නැහැ.

කොවිඩ් 19 සහ මේද අධික ආහාර

මේද බහුල ආහාර අධිකව අනුභව කිරීම නිසා කොවිඩ් 19 වැනි ආසාදිත රෝග තත්ත්වයන්ට ඉතා පහසුවෙන් ගොදුරු වීමේ අවදානමක් ඇති බැව් කැලිෆෝනියාවේ සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දෙනවා. අධික මේද සහිත ආහාර අනුභව කිරීම නිසා අපේ සිරුරේ ජාන වෙනස්කම් ඇති වීම ඉතාම පහසුවෙන් සිදු වෙනවා. මෙම වෙනස්කම නිසා අපේ සිරුර ඉතා පහසුවෙන් ලෙඩ රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාවයක් ඇති වෙනවා. ඒ නිසා සිරුරට ආගන්තුකයෙකු ලෙසින් එකතු වෙන කොවිඩ් ස්පයික් ප්‍රෝටීනය (Covid spike proteins) සිරුර විසින් පිළිගැනීම නිසා ඉතා පහසුවෙන් කොවිඩ් ආසාදිතයෙකු බවට පත් වීමේ අවදානම ඇති වෙනවා.

මේ ගැන අදහස් ඉදිරිපත් කරන සෛල ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රැන්සිස් ස්ලේඩක් සඳහන් කරන්නේ මේද බහුල ආහර සීමා කිරීම නිසා පුද්ගලයන්ට බොහෝ රෝගාබාධයන්ගෙන් ආරක්ෂා වීමේ හැකියාව ලැබෙන අතර හැකි හැම විටම ශාක ආහාර වෙනුවෙන් යොමු වීම මගින් ශරීරයේ නීරෝගිතාවය ගොඩනඟාගැනීමේ හැකියාව ඔබටම ඇති වෙනවා.

මීයන් යොදා ගත් අධ්‍යයනය

කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායම විසින් මෙම අධ්‍යයනය සඳහා මීයන් කණ්ඩායම් තුනක් තෝරා ගත්තා. ඔවුන් වෙනුවෙන් ආහාර වේල් තුනක් ලබා දුන් අතර එක් ආහාර වේලක් වෙනුවෙන් මේදයෙන් නිස්සාරණය කර ගත් කැලරි 40 ක ආහාර පංගුවක් ලබා දුන්නා. ඔවුන් තෝරා ගත් මේද ප්‍රභව අතර පොල්තෙල්, සංතෘප්ත මේද සහිත ආහාර අන්තර්ගත වුණා. ඊට අමතරව ජාන වෙනස්කම් සහිත monounsaturated සෝයා තෙල් සහ සම්ප්‍රදායික සෝයා තෙල් වලින් සකස් කරගත් බහු අසංතෘප්ත මේද සහිත ආහාරද මේ රටාවට එක් කරනු ලැබුවා.

මේ වෙනුවෙන් සම්බන්ධ වුණ පර්යේෂකයන් සඳහන් කරන අන්දමට මෙම ආහාර රටාව සාමාන්‍ය ඇමරිකානුවන්ගේ ආහාර රටාවක් සමග බෙහෙවින් සමානකම් දක්වනවා. අපට මේදය අවශ්‍ය වුණත් ආහාර වේලකදී එය 10% සිට 15% ක් වැනි අගයක තිබීම හොඳටම ප්‍රමාණවත් බැව් මෙම පර්යේෂණ කණ්ඩායම විසින් පෙන්වා දෙනවා. සති 24 ක් ගත වූ පසුව ඔවුන් මෙම මීයන් වෙතින් ලබාගත් දත්ත විශ්ලේෂණය කළා. අඩු මේද සහිත ආහාර ලබා ගත් මීයන්ට සාපේක්ෂව බලන විට අනිත් කණ්ඩායම්වල මීයන්ගේ ජාන පිළිබඳව පැහැදිලි වෙනස්වීම් දක්නට ලැබී තිබෙනවා.

මෙම පර්යේෂකයින් විසින් මීයන්ගේ ආහාර ජීරණ මාර්ග පද්ධතිය ආශ්‍රිත සිදු කරන ලද ජාන විශ්ලේෂණයේදී අලුත්ම නිගමනයක් ලබා ගත්තා.පර්යේෂණයට භාජනය කරන ලද මීයන් කණ්ඩායම් තුන අතරින් අධික ලෙස මේද ආහාර ලබා ගත් මීයන්ගේ පටක බොහොමයකම ජාන අක්‍රීය වීමේ තත්ත්වයක් දැක ගන්නට ලැබුණා.

ජාන සහ රෝග

ඇමරිකානු හෘද රෝග සංගමය සඳහන් කරන අන්දමට හෘද රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමටත් ආහාර වෙතින් විශාල පිටුබලයක් ලැබෙනවා. ඊට අමතරව ආහාර මගින් සිදුවන ජාන වෙනස්කම් නිසා සෘජු වශයෙන්ම ආහාර පරිවෘත්තික ක්‍රියාවලියට සම්බන්ධ අතර එහි අතුරු සංකුලතාවයක් ලෙසින් බඩවැල් ආශ්‍රිත රෝගාබාධ, මහ බඩවැලේ පිළිකා ඇති වීමේ වැඩි අවස්ථාවක් ඇති වෙනවා. බැක්ටීරියා නිසා බඩවැල්වලට ඇතිවෙන ආසාදන තත්ත්වයන් සහ කොවිඩ් 19 රෝග තත්ත්වයට ඉතා පහසුවෙන් ගොදුරු වීමේ හැකියාවක් ගොඩනගන බවත් මෙම අධ්‍යයනය මගින් පෙන්වා දී තිබෙනවා.

තුන්වේලටම අධික මේද සහිත ආහාර අනුභව කිරීම නිසා කොවිඩ් ප්‍රෝටීනයට ඉතා පහසුවෙන් අපේ ශරීරය ආක්‍රමණය කිරීමේ ශක්තිය ලැබෙනවා. අඩු මේද සහිත ආහාර ලබා ගත් මීයන්ට සාපේක්ෂව බලන විට මේද අධික ආහාර ලබා ගත් පිරිමි මීයන් අතර ජාන වෙනස්වීමේ වැඩි වේගයක් දක්නට ලැබුණා.

එයිනුත් පොල්තෙල් ආහාරයට ගත් මීයන් විශාල ලෙසින් වෙනස්කම් පෙන්වා තිබුණා. අධික ලෙස මේද ආහාර ගැනීම නිසා ප්‍රතිශක්තිකරණයට හානි සිදු වී බඩවැල්වල ඇති අහිතකර බැක්ටීරියාවන්ගේ වර්ධනයට අවශ්‍ය හිතකර පරිසරයක් නිර්මාණය වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ සෙයින් පරිභෝජනය වන්නේ සෝයා තෙල් නිසා පර්යේෂකයන්ටත් මේ ගැන කනස්සල්ලක් ඇති වුණා.

( mail on line ඇසුරෙන් )

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️









 

TAGGED: Covid spike proteins, Low-fat foods, monounsaturated, කොවිඩ්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?