නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අතේ සතේ නැතත් TIN එක ගන්නයි ඕනේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අතේ සතේ නැතත් TIN එක ගන්නයි ඕනේ

Published January 15, 2024

2024 ජනවාරි මස 01 වන දා හෝ ඊට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ කරන සියලු ශ්‍රී ලාංකිකයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී “බදු ගෙවන්නන්ගේ අනන්‍යතා අංකයක්” (Taxpayer Indentification Number – TIN) ලබාගත යුතු බවට ගැසට් නිවේදනයකින් දැනුම් දී තිබෙන්නේ.කෙසේ වෙතත් මෙම අංකය ලබා ගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ පැහැදිලි අවබෝධයක් නැති බවයි පෙනී යන්නේ.බදු ගෙවන්නන්ගේ අනන්‍යතා අංකය (TIN) තැපැල් මාර්ගයෙන් මෙන්ම ඔන්ලයින් මාර්ගයෙන්ද අයැදුම් කළ හැකියි.

තැපැල් මාර්ගයෙන් අයදුම් කිරීම

1. ඔබට ළඟම පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් වෙත ගොස් අයදුම්පතක් ලබා ගන්න. එසේ නැතහොත් www.ird.gov.lk වෙබ් අඩවියට පිවිස අයදුම් පත ඩවුන්ලෝඩ් කර ගත හැකියි.

2. සම්පූර්ණ කරන ලද අයදුම්පත සහ අවශ්‍ය සෙසු ලියකියවිලි පහත ලිපිනයට තැපැල් කරන්න.

කොමසාරිස් ජනරාල්,
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,
චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත,
කොළඹ 02.


ඔබේ TIN අංකය සහිත සහතික පත්‍රය තැපැල් මාර්ගයෙන් ඔබ වෙත ලැබෙනු ඇත.

ඔන්ලයින් ඔස්සේ අයදුම් කිරීම

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ‘බදු ගෙවන්නන්ගේ අනන්‍යතා අංකය’ (Taxpayer Indentification Number -TIN) මාර්ගගත ආකාරයටද ලබා ගැනීමට අවස්ථාව ඔබට පවතිනවා.’TIN Certificate’ ලබා ගැනීමට ඔබ කිසියම් ආයතනයකින් හෝ පුද්ගලයෙකුගෙන් සේවාවක් ලබාගන්නේ නම් කිසිම හේතුවක් මත තමන්ගේ පෞද්ගලික තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැර අදාළ වෙනත් කිසිම පාර්ශවයකට ලබා නොදෙන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අවශ්‍ය ලියකියවිලි

බදු ගෙවන්නන්ගේ අනන්‍යතා අංකය (TIN ) අයදුම් කිරීමට පෙර පහත ලේඛනවල පැහැදිලි ස්කෑන් පිටපත් සූදානම් කරගත යුතුය.

ජාතික හැඳුනුම්පත/ වලංගු රියැදුරු බලපත්‍රය/ වැඩිහිටි හැඳුනුම්පත.

ඔබගේ ස්ථිර ලිපිනය, ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනයට වඩා වෙනස් නම් ලිපිනය තහවුරු කිරීම සඳහා ඔබගේ නමට නිකුත් කළ ජල හෝ විදුලි බිල්පතක්/ ස්ථාවර දුරකතන බිල්පතක්/ ග්‍රාම නිලධාරී සහතිකයක්.

ඔබ ලියාපදිංචි කරන ලද තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් අදාළ ව්‍යපාර ලියාපදිංචි කිරීමේ සහතිකය.

ඉන්පසු අනුගමනය කළ යුතු පියවර පහත දැක්වේ…

1 වන පියවර

TIN  Certificate ලබා ගැනීම සඳහා https://eservices.ird.gov.lk/ වෙත පිවිසීම හෝ QR Code එක ස්කෑන් කළ යුතුය.

2 වන පියවර

වෙබ් පිටුවෙහි ‘Registration Type’ ලෙස සඳහන්ව ඇති තැන ‘INDIVIDUAL LOCAL’ලෙසින් තෝරා ගැනීමෙන් පසු ලැබෙන අයදුම්පත නිවැරදිව පුරවන්න.

Nearest Regional Office යන කොටස පිරවීමෙන් වළකින්න.

Contact Number කොටසේ ඔබගේ ජංගම දුරකතන අංකය සහ භාවිතයේ පවතින Email Address එක නිවැරදිව ඇතුලත් කරන්න.

අයදුම්පත පිරවීමේදී Bank Infomation ලබා දීම අනිවාර්ය නැත. ඔබ කැමති නම් එම කොටසට තොරතුරු ඇතුලත් කිරීම හෝ නොකිරීමට හැකියාව පවතී.

ඔබ විවාහක නම් FAMILY INFORMATION යටතේ සම්පූර්ණ කළ යුතු විස්තරද නිවැරදිව සම්පූර්ණ කරන්න.

තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් INDIVIDUAL BUSINESS යටතේ ඔබගේ ව්‍යාපාරයේ විස්තර නිවැරදිව ඇතුලත් කරන්න.

3 වන පියවර

Supporting Documents ලෙසින් ඇති කොටසට ඔබගේ ජාතික හැඳුනුම්පත ඇතුළු ස්කෑන් කරගත් ලේඛන නිවැරදිව තෝරා අප්ලෝඩ් කරන්න. Purpose of Registration ලෙසින් ඇති කොටසට Tax Purpose ලෙස තෝරන්න.එම පිටුව අවසානයේ පහළ ඇති Next Button එක click කරන්න.

4 වන පියවර

ඔබ ඇතුලත් කළ සම්පූර්ණ තොරතුරු දැන් ඔබට දැක ගත හැකිය.එම තොරතුරු වෙනස් විය යුතු නැත්නම් Declaration යන කොටස සම්පූර්ණ කර පසෙකින් පෙන්වන සත්‍යාපන කේතය ( Authentication Code ) ඇතුලත් (Submit) කරන්න.එවිට ඔබට ලැබෙන Acknowledgement එක TIN Certificate ලැබෙන තුරු සුරැකිව තබාගන්න.

වැඩ කරන දින 5 ක් ඇතුළත ඔබ ලබා දුන් ඊ-මේල් ලිපිනය වෙත ඔබගේ TIN Certificate සහ රහස්‍ය කේතය (PIN) එක ඔබට ලැබෙනු ඇත.TIN Certificate ලබා ගත් පමණින් ඔබ ආදායම් බදු ගෙවීම සඳහා බැඳි නොසිටින අතර ඔබගේ ආදායම බදු ගෙවිය යුතු මට්ටමේ පවතී නම් පමණක් බදු ගෙවීම සඳහා අවස්ථාව ඇත.

TIN අංකය නොගත්තොත්…

ටින් අංකය ලබා නොගතහොත් පෙබරවාරි මස පළමුවැනිදා සිට රුපියල් පනස් දහසක දඩ මුදලක් අය නොකරන බවත්, ටින් අංකය ලබාගැනීම සඳහා ජනතාව හුරු වීමෙන් අනතුරුව යම් කාලයකට පසුව ඊට අනුකූලව කටයුතු නොකරන්නන්ට විරුද්ධව දඩ නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි පැවසෙන්නෙ.

බදු නොගෙවන පුද්ගලයින්ට දඩ නියම කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු පනතේ ප්‍රතිපාදන තිබෙන බවත්, TIN අංකය ලබාගැනීම ප්‍රමාද වූවා යැයි පවසා දඩ නියම කිරීමක් සිදුනොවන බවයි පැවසෙනවා.

(B. B. C ඇසුරෙන්)

අර්චිත ඉඳුවර /පුන්‍යා චාන්දනී ✍️

 

TAGGED: business, Spending online, TIN, දේශීය ආදායම් දෙපාර්තමේන්තු
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?