නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නව වසරේ ඉලක්ක  ජයගනිමු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

නව වසරේ ඉලක්ක  ජයගනිමු

Published January 8, 2024

අලුත් වසරකට පා තැබීම යනු අලුත් බලාපොරොත්තු ඉටු කරගැනීමේ ගමනයි. අප සෑම දෙනෙකුටම මේ වෙනුවෙන් වූ පැතුම් පොදි ගැසී ඇත. මේ සියල්ල මුදුන්පත් කර ගැනීමේදී අප අමතක නොකළ යුතු දෙයක් වන්නේ සමාජ සම්බන්ධතා නිසි අයුරු පවත්වාගෙන යෑමයි. එය අපගේ මූලික ඉලක්කය විය යුතු වන්නේ එබැවිනි.

කළ යුතු සහ නොකළ යුතු දෑ

පසුගිය වසර තුළ උගත් පාඩම් තුළින් නොකළ යුතු දෑ ලැයිස්තුගත කිරීම අපගේ ප්‍රයත්නය සඳහා වැදගත්ය. එසේම මගහැරුණු දෑ අලුතින් එකතු කරගත යුතු දෑ ගැන දැනුවත් වීම කළ යුතුමය. සම්බන්ධතා ඉලක්ක අපගේ ඉදිරි වර්ෂයේ වැඩකටයුතුවල නිවැරදි දිශාව පෙන්වන යන්ත්‍රය බව අමතක නොකරන්න.

කළ යුතු දෑ

සන්නිවේදනය

මෙය මහජන සම්බන්ධතා ඉලක්කවල යතුරයි. සන්නිවේදනය පෝෂණය කිරීමට නම් විවෘත සහ අවංකභාවය අත්‍යවශ්‍යය. ගෞරවනීය සන්නිවේදනය ගෞරවනීය ජීවිතයකට මං පාදයි.

කාලය

අප කෙතරම් කාර්යබහුල වූවත් සම්බන්ධතා සඳහා යොදන කාලය ගුණාත්මකව යෙදවීමේ වැදගත්කම අමතක නොකළ යුතුයි.

අන්‍යෝන්‍ය සහාය

ඔබේ මෙන්ම අනෙකාගේ ජයග්‍රහණ සහ අභියෝග හමුවේ සහයෝගීතාව පෙන්වන්න. අනෙකාගේ උදව් ඉල්ලීමට පසුබට නොවන්න.

විශ්වාසය

අනෙක් අය සමග විශ්වාසය වගා කරනවා මිස පළුදු වීමට කටයුතු නොකරන්න. කල් පවතින හා ශක්තිමත් සම්බන්ධතා සඳහා විශ්වාසය නැතිවම බැරි සාධකයකි.

නොකළ යුතු දෑ

සන්නිවේදන බිඳ වැටීම්

හැඟීම් ඇවිස්සීම නොකළ යුතුය. මේ සඳහා විවෘත සන්නිවේදනය ඉතා වැදගත්ය. ඔබ ඔබ හා සන්නිවේදනය කරන ආකාරයෙන් අන්‍යයන් හා සන්නිවේදනය කිරීම මහෝපකාරී වේ.

වැයකළ යුතු කාලය පැහැර හැරීම

වැය කළ යුතු කාලය පැහැර හැරීම පසුතැවීමට හේතුවේ. යහපත් සම්බන්ධතාවකදී ඔබ මනාව කාල කළමනාකරණය කළ යුතුය.

පෞද්ගලික වර්ධනය නොසැළකීම

පොදු ඉලක්කයක් කරා යෑමේදී ඔබ හා හවුල්කාර පාර්ශවයන්හි ගුණාත්මක වර්ධනය පවත්වාගෙන යෑම නිරන්තරයෙන් කළ යුතුය.

නොපිළිගැනීම

අනෙකාව පිළිගන්න. උදාසීන නොවී නිතරම උද්යෝගයෙන් සිටින්න. අනෙක් අයව අගය කිරීමට හා කෘතඥතාව දැක්වීමට පසුබට නොවන්න.

(https://relationshipsgoal.com/  ඇසුරෙන්)

සුනිල් අල්ගම ✍️



 

TAGGED: Social Relations, ඉලක්ක  ජයගනිමු
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?