නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සම්ප්‍රදායික කෝලම් Modify වෙලා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සම්ප්‍රදායික කෝලම් Modify වෙලා

Published January 8, 2024

කෝලම් කියන්නෙ රජ කාලේ පටන්ම මිනිස්සුන්ගේ රසවින්දනය වෙනුවෙන් නිර්මාණය වුණ අපූරු සෞන්දර්ය සම්ප්‍රදායක්. අපි අහලා තියෙනවා ජස ලෙංචිනා කෝලම, පොලිස් කෝලම, අණබෙර කෝලම වගේ කෝලම්. හැබැයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් මේ කෝලම් චරිත වර්තමානයට ආදේශ කරගනිමින් අලුත්ම කෝලම් චරිත රාශියක් පහුගිය දවසක ජනගත කළා. ඔහු නමින් චානක සම්පත්. මේ අලුත්ම කෝලම් වැඩේ ගැන අපි ඔහුගෙන් අහලා බැලුවා….

මොකද්ද මේ අලුත් කෝලම?

මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්ථන හා නාට්‍ය කලා පීඨයේ පහතරට නර්තන අධ්‍යනාංශයේ කථිකාචාර්යවරයෙක්. මේ වැඩසටහන ගැන කතා කළොත් අපේ පැරණි කෝලම් සම්ප්‍රදාය පදනම් කරගනිමින් නූතන සමාජයේ විවිධ චරිත අලලා ගොඩනැගුණු නව කෝලම් චරිත හඳුන්වාදීමක් තමයි සිදුකළේ. පෙර තිබුණු ජස ලෙංචිනා වගේ වර්තමාන සමාජයේ ඉන්න දොස්තර, ඇමතිලා, හෙදියෝ, ලේකම්, ලිපිකරු වගේ දේශපාලනික, ආර්ථික වටපිටාවක ජීවත් වෙන පිරිසකගේ චරිත කෝලම් චරිත ලෙස සමාජගත කිරීමක් මේක. අලුත් වෙස් මුහුණු, අලුත් බෙර පද සහ අලුත් නාද මාලා එක්ක තමයි මේ වැඩේ වුණේ.

කෝලම් චරිත කීයක් හඳුන්වා දුන්නද?

කෝලම් චරිත 16 ක් හඳුන්වා දුන්නා. ඒ වගේම නර්තනාංගයක් විදිහට රිද්දි බිසව් කියලා කෝලමකුත් එළිදැක්වුවා. මේ අලුත් කෝලමත් එක්ක අලුත් චරිත 23ක් අපි එලියට දැම්මා.

කාගෙද මේ අලුත් සංකල්පය? ඇයි මෙහෙම අදහසක් ආවේ?

මේක මගේ සංකල්පයක්. මට පුංචි කාලේ ඉඳලම ගැටලුවක් තිබුණා මේ ශාන්තිකර්ම ක්ෂේත්‍රයේ නියැලෙනකොට සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබද්දි මේ කෝලම් චරිත ගොඩනගලා තියෙන්නේ සමාජයේ තියෙන ප්‍රශ්නවලින්ම නේද කියලා. මට ඊටපස්සෙ ඒ ගැන අධ්‍යයනයක් කළා. එතනදි මම හොයාගත්ත දේ තමයි මේවා කාලෙන් කාලෙට තත්කාලීන චරිත කෝලම් තුළින් ඉදිරිපත් කරලා තියෙනවා කියලා. ඊටපස්සෙ මට හිතුණා අපේ වර්තමාන සමාජයේ තියෙන ප්‍රශ්න සහ අඩුපාඩුත් කෝලම් තුළින් ඉදිරිපත් කරන්න පුළුවන් නේද කියලා. ඒ අනුව මම මුලින්ම නිර්මාණය කළේ ඇමති කෝලම. ඊටපස්සෙ තමයි අනිත් සේරම නිර්මාණය කළේ.

මේ වැඩේදි විවේචන එහෙම එල්ල වුණේ නැද්ද?

තවමත් විවේචනනම් එල්ල වුණේ නෑ. නමුත් ප්‍රශ්නකිරීම්වලට ලක්වුණා. මොකද කෝලම් කියන්නෙ සංවේදී කලාවක්. ඉතින් මේක හරි පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. මම අවුරුදු හතක් වෙහෙසිලා ඉවසීමෙන් සහ පරිස්සමෙන් නිර්මාණය කරපු කෝලම තමයි මේ ජනගත කළේ. කෝලම් කියන්නෙ ශාස්ත්‍රීය වටිනාකමකින් යුතු දෙයක්. ඒ නිසා මේ ශාස්ත්‍රයේ නියැලෙන පිරිසගෙන් ප්‍රශ්න කිරීම් සිදුවුණා. නමුත් ඒ හැම ප්‍රශ්නයකටම මට දෙන්න උත්තර තිබුණා.

මේ වැඩෙන් පැරණි කෝලම්වලට අසාධාරණයක් වෙනවද?

කිසිසේත්ම එහෙම වෙන්නෙ නෑ. මහා සම්මත රජ කාලෙ පටන් ආරම්භ වුණ කෝලම්වල සමාජ තතු තමයි පැවසුණේ. අණබෙර කෝලම, නොංචි කෝලම, ජස ලෙංචිනා කෝලම වගේ හැම කෝලමට විවේචනාත්මක නැතිව උපහාසාත්මකව වේදිකාවෙ පෙන්නුවා. දැනටත් පොලිස් කෝලම පෙන්නන්නෙ ඕනතරම් පොලිස් නිලධාරියො ඉස්සරහා. ඉතින් මං හිතන්නෙ නෑ මේකෙන් පැරණි කෝලම්වලට අසාධාරණයක් වෙනවා කියලා. මොකද මේක විය යුත්තක්.

චරිත රඟදක්වන්නෙ කවුද?

බෙරපද නිර්මාණයෙන් ප්‍රසන්ත රූපතිලක ගුරුතුමා, කාව්‍ය නිර්මාණයෙන් නිහාල් චන්ද්‍රසිරි ගුරුතුමා, වෙස් මුහුණු නිර්මාණයෙන් කරුණාදාස ඔලබොඩුව ගුරුතුමා සහ වෙස්මුහුණු වර්ණ ගැන්වීමෙන් චාමර අනුදත් ගුරුතුමා සහයෝගය දුන්නා. චරිත වේදිකාගත කිරීමේදී විශ්වවිද්‍යාල ආචාර්යවරු, මගේ සමකාලීනයන් සහ දැනට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ විද්‍යාර්ථීන් චරිත රඟදක්වනවා.

මේ වැඩෙන් ඔබේ විශේෂ බලාපොරොත්තුවක් තියෙනවද?

ලොකුම බලාපොරොත්තුව කෝලම් යාවත්කාලීන කිරීම. මම කෝලම් දකින්නෙ සමාජයේ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන් මාධ්‍යක් හැටියට. ඉතින් අපි ඒක නූතනයට ගැළපෙන විදිහට නිර්මාණය නොකරනතාක් කෝලම් අපේ ජන සමාජයෙන් ඈත් වෙනවා.

එරංදි කෞශල්‍යා ✍️
 

TAGGED: chanaka sampath, jasa lenchina, කෝලම්, බෙර පද
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?