නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ජීවිතය ආපස්සට හරවන ෆෝබියා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ජීවිතය ආපස්සට හරවන ෆෝබියා

Published January 8, 2024

ෆෝබියාව කියල කියන්නෙ යමකට තියෙන අධික සහ අසාමාන්‍ය බය. ඒවගේම ෆෝබියාව කියන්නේ මානසික රෝග තත්ත්වයක්. එන්නතක් විදින්න කලින් එන්නත් කටුවක් දැක්කම බය හිතෙන එක සාමාන්‍යයි. නමුත් ඒ හේතුවෙන් අතවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාරවලින් ඉවත් වී සිටී නම් ඔබට ඇත්තේ ෆෝබියාවක් විය හැකියි. යමෙකුට ෆෝබියාව වැලඳීමට නිශ්චිත හේතුවක් කියන්න බැහැ. නමුත් ෆෝබියාවට හේතු වියහැකි දේවල් කිහිපයක් තියෙනවා…

Social Phobia

කෙටියෙන්ම කිව්වොත් සමාජය තුළ ගැවසීමටත් අන්‍යන්‍යය සබඳතා පැවැත්වීමටත් ඇති බිය තමයි Social Phobia  කියලා හඳුන්වන්නේ. අනික් අය මේ අයව දකින්නේ ලැජ්ජාශීලී, නිශ්ෂබ්ද, පසුගාමී, මිතුරු නොවන, නොසැලකිලිමත්, කලබල, කම්මැලි පිරිසක් විදිහටයි. නමුත් ඇත්තටම ඔවුන් යහළුවන් ඇතිකර ගැනීම, කණ්ඩායමවලට සහභාගී වීමට, සමාජ අන්තර් ක්‍රියාවලට කැමතියි. නමුත් ඔවුන්ගේ Social Phobia තත්ත්වය එම ආසාවන් යටපත් කරනවා. Social Phobia කියන්නේ ගොඩක් අය මුහුණ දෙන දෙයක්.

නමුත් මෙය ඇතිවන අවස්ථා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. හැබැයි.. සමාජය සමග කටයුතු කරන විට කලාතුරකින් තමන්ට එන බය Social Phobia  කියල හිතන්න එපා. පිරිසක් ඉදිරියේ කතාවක් කිරීමට, විභාගයකට පෙර බියක් ඇතිවීම සාමන්‍යය දෙයක්. ඒවා Social Phobia  නොවෙයි. මොකද ඒ කුඩා බිය අපගේ ජීවිතයේ එදිනෙදා කටයුතුවලට බලපැමක් ඇති කරන්නේ නැති නිසා. නමුත් ඒ බිය මගින් අපගේ ජීවිතයේ එදිනෙදා කටයුතුවලට බලපැමක් එනවානම් එය බොහෝ විට Social Phobia විය හැකියි.

Phobia සඳහා ප්‍රතිකාර

මේ රෝගී තත්ත්වය නිවැරදි මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලින් සුව කරගන්න පුළුවන්. ඒ වගේම මේ රෝග සුවවීමට බොහෝ කල් ගත වෙන්න පුළුවන්. ඒ නිසා නිවැරදි ප්‍රතිකාරවලට සහභාගි වීම ගොඩක් වැදගත්. මෙහිදී මනෝ වෛද්‍යවරයෙකු විසින් ඖෂධ ප්‍රතිකාර වගේම බොහෝ දුරට ඖෂධ රහිත මනෝ චිකිත්සාවේදී ප්‍රතිකාර තමයි යොදාගන්නෙ.

දැනට සමාජයේ බහුලව දක්නට ලැබෙන Phobia කිහිපයක්

Turophobia (චීස්වලට තියෙන බය)

චීස් කියන්නේ අපි බොහෝ දෙනෙක් කන්න ආස කෑමක්. හැබැයි ලෝකයේ සමහර අය ඉන්නවා චීස්වලට බියක් දක්වන. මේ බිය දක්වන්නේ සමහර විට එක චීස් වර්ගයකට වෙන්න පුළුවන්. ඒ වගේම සියලුම චීස් සහ ඒවා ආශ්‍රිත නිෂ්පාදනවලට බයක් දක්වන තත්ත්වයක් වෙන්නත් පුළුවන්. මේ බය ඇති වෙන්න බොහෝ විට චීස් එක්ක බැඳිලා තියෙන ඔවුන්ගේ අමිහිරි මතක බලපාන්න පුළුවන්.

Somniphobia (නින්දට ඇති බිය)

නින්ද කියන්නේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් වුණත් ඔබ අහලා තියෙනවද නින්දට බයක් දක්වන පුද්ගලයින් ගැන? මේ ෆෝබියා තත්ත්වයට පත්වන පුද්ගලයින් නින්දට යාමට යම් බියක් දක්වනවා. ඔවුන් නින්දට බිය වන්නේ නින්දේදීම ඔවුන් මරණයට පත්වේයැයි දැනෙන නිසා. මේ භීතිකාව බොහෝ විට නින්දේදී පෙනෙන බියකරු සිහින නිසා ඇති වන තත්ත්වයක්. ඒ වගේම තවත් දේවල් හරහා මේ ෆෝබියාව හටගන්න පුළුවන්.

Nomophobia (ජංගම දුරකථනය නැති වේයැයි ඇතිවන බිය)

අද තාක්ෂණයේ දියුණුවත් එක්ක ජංගම දුරකථනය කියන්නේ කාගෙත් ළඟ සුලබව දකින්න ලැබෙන දෙයක්. නමුත් ජංගම දුරකථනය තමන් ළඟ නැතිවීම ෆෝබියාවක් බවට පත් වූ පුද්ගලයනුත් අද සුලබ වෙලා තියෙන බව තමයි මනෝවෛද්‍ය මතය.

මේ රෝගය ඇති බොහෝ දෙනෙක්ට දවසේ නින්දෙන් ඇහැරුණ වෙලාවේ සිට නාන්න යාමේදී පවා දුරකථනය නැතිවම බැරි දෙයක්.මේ රෝගය එක්කෝ දුරකථනය ළඟ නැති වීම, බැටරි නොමැතිකම හෝ අන්තර්ජාල සම්බන්ධතා නැති වීම කියන කරණා එක්ක මතුවෙන්න පුළුවන්. තරුණ පරම්පරාව මේ රෝගයට ගොදුරු වෙන්න වැඩි ඉඩක් තියෙනවා.

Triskaidekaphobia (අංක 13ට ඇති බය)

මේ ෆෝබියාව තරමක් විශේෂ එකක් විදිහට සලකන්න පුළුවන්. මොකද සමහර තැන්වලදි 13 අසුබ අංකයක් ලෙස සලකනවා. මීට සමානවම Numerophobia Tetraphobia (අංක 4ට ඇති බිය) වැනි භීතිකාවන් මිනිසුන් තුළ දක්නට ලැබෙනවා. මේ ෆෝබියාවන් ඇති බොහෝ දෙනෙක් එම අංක සහිත දේවල් මගහරිනවා. උදාහරණයක් විදිහට ලැගුම්හලක තමන්ට ලැබෙන කාමරේ අංකය 13 වුණොත් එය ප්‍රතික්ෂේප කරන්නට ඔවුන් පෙළඹෙනවා.

Trypophobia (සිදුරු සහිත රූපවලට ඇති බිය)

කුඩා සිදුරු සහිත දේවල් දැකීම තුළින් හටගන්නා භීතිකාව තමයි Trypophobia කියන්නේ. නමුත් මෙය නිල වශයෙන් ෆෝබියාවක් ලෙස නම් කර නැහැ. නමුත් දහස් ගණනක් මේ ගැන මැසිවිලි නගන බව කියැවෙනවා. මී වද හි ඇති සිදුරු, කුඩා සිදුරු සහිත ශාක හා ස්පොන්ච් වැනි දෑ නිසා මේ බිය හටගන්නවා. මේ භීතිකාව නිසා සම කැසීම් වගේම ක්ලාන්ත වීම් සිදුවෙන්නත් පුළුවන්.

( අන්තර්ජාලය ඇසුරෙනි )

අර්චිත ඉඳුවර ✍️

 

TAGGED: Psychiatric treatment, Social phobia, ෆෝබියා
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?