නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: රුපියල්වලින් හම්බකරලා ඩොලර්වලින් වියදම් කළොත් ඔබ අනාථ‍යි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

රුපියල්වලින් හම්බකරලා ඩොලර්වලින් වියදම් කළොත් ඔබ අනාථ‍යි

Published January 8, 2024

වියදම් පාලනය කරගන්න

අපි කොච්චර ඉපැයුවත් අපි අපේ වියදම් පාලනය කරගත්තෙ නැති වුණොත් අවසානයේ අපි මුහුණ දෙන්නෙ විශාල ආර්ථික අර්බුධයකට. මූල්‍ය සාර්ථකත්වය ගැන කතාකිරීමේදී මම නිතර කියන කාරණයක් තමයි ඔබ උපයන ප්‍රමාණය නෙවේ වැදගත් වෙන්නෙ, එය වියදම් කරන ක්‍රමයයි. වියදම් කළමනාකරණය කරන්නත් මම ඔබට යෝජනා කිහිපයක් කරන්න කැමතියි. ඔබේ සියලුම වියදම් මින්පසු පොතක් අරගෙන ලියන්න පටන්ගන්න. ලියලා විතරක් මදි හැම සතියකටම සැරයක් ඒ ලියපු පොත අරගෙන ඒ වියදම් මොනවද කියලා නැවතත් සාරාංශගත කරන්න.

උදාහරණයක් විදිහට දුරකථනය ගත්තොත් ඩේටාවලට, නෝමල් කාඩ්ස්වලට කොච්චර වියදම් කරලා තියෙනවද කියලා පොඩි සාරාංශයක් හදන්න. සාරංශයක් හැදුවට පස්සෙ මාසෙ අවසානයේදී ආයෙමත් ඒක අරගෙන බලන්න. ඒ වගේම ඔබ ඔබටම සපථ කරගන්න ඒ ලියපු වියදම් ගොන්නෙන් අනවශ්‍ය වියදම් මොනවද කියලා බලලා ඒ වියදම් ඊළඟ දවසෙ ඉඳන් අඩුකරගන්නවා කියලා. උදාහරණයක් විදිහට ඔබ හැමදාම කඩෙන් කන කෙනෙක් නම් ඔබට පුළුවන් ඊළඟ දවසෙ ඉඳලා ටිකක් උදෙන් නැගිටලා උයන්න.

ඒ වගේම ඔබ ගොඩක් ටැක්සිවලට වියදම් කරන කෙනෙක් නම් ඔබට පුළුවන් ටිකක් කලින් නැගිටලා පොදු ප්‍රවාහනයෙන් ගමන් යන්න. ජංගම දුරකථනයට ගොඩක් ඇබ්බැහි වුණ කෙනෙක් නම් ඔබට පුළුවන් තමන්ටම කියල කාල වේලාවක් හදාගෙන ජංගම දුරකථනය පාවිච්චි කරන කාලය අඩු කරන්න. ඒ අතරමැදදි පොතක් කියවන්න පුළුවන්. ටිකක් ගෙදර ඇතුළෙ හරි ඇවිදින්න, ගෙදර තියෙන දෙයක් කරන්න පුළුවන්. මේ විදිහට පුරුදු පුහුණු වුණොත් පුංචි ප්‍රමාණයකින් හරි ඔබේ අනවශ්‍ය වියදම් පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම ඔබේ අතිරික්තය වැඩිවෙන්න පටන්ගනීවි.පරිභෝජනය වෙනුවෙන් ණය ගන්න එපා

මේක ඉතාම දරුණු විදිහට ඔළුවට ගන්න ඕන කාරණයක්. අපිට ජීවත් වෙන්න ලැබෙන ආදායම මදි වුණ ගමන් අපි කරන්නෙ ඒ අඩුව පුරවගන්න ණය ගන්න එක. විවිධ ක්‍රමවලට ණය ගන්න පුළුවන්. එකක් තමයි ක්‍රෙඩිට් කාඩ්ස්. එහෙම නැත්නම් යාළුවන්ගෙන් ණයක් ඉල්ලගන්නවා. මේ අතරින් ගොඩක් අය කරන්නෙ පොලියට සල්ලි ගන්න එක.

ඒක මූල්‍ය හෝ මූල්‍ය නොවන ආයතනයකින් වෙන්න පුළුවන්. මේක ඉතාම භයානකයි. ඔබේ ආදායම වැඩිකරගන්නෙ නැතිව ඔබේ වියදම පියවාගන්න පරිභෝජනය සඳහා ණය ගත්තම වෙන්නෙ ඔබ ඒ මුදල වියදම් කරනවා, හැබැයි ඒ වියදම් කරපු මුදලට ආදාමක් නිර්මාණය වෙන්නෙ නෑ.

ඔබ අහල ඇති ‘ණය උගුල්‘ කියලා වචනයක්. අන්න එතකොට ඔබට වෙන්නෙ ණය උගුලක හිරවෙන්න. ණයක් ගන්නවා ආයෝජනයක් සඳහා පමණයි ඔබ ණයක් ගත යුත්තේ. එතකොට මොනවද මේ ආයෝජන ණය කියන්නෙ? ණය මුදල අරගෙන ආදායම් මාර්ගයක් ලැබෙන තැනක එය යොදවනවා. එතකොට වෙන්නෙ ඒ ලැබෙන ආදායමෙන් ණයත් පොලියත් ගෙවලා අතට යම්කිසි ලාබයකුත් උපයාගන්න පුළුවන් වෙන එක. අන්න ඒ වගේ දේකට ණයක් ගත්තට කමක් නෑ.

උදාහරණයක් විදිහට ඔබේ නිවසේ කාමරයක් ඉදිකරලා ඒක ඔබ කුලියට දීම සඳහා ණයක් ගන්නවා. කාමරය කුලියට දීමෙන් ඔබට ආදයමක් ලැබෙනවා. නමුත් ගෙදර උත්සවයකට සල්ලි මදිපාඩුවක් වෙලා ණයක් ගත්තට ඒකෙන් ආදායමක් ඔබට කවදාවත් ලැබෙන්නෙ නෑ. පස්සෙ වෙන්නෙ ණය, පොලියත් එක්කම ගෙවන්න වෙන එක විතරයි.

මූල්‍ය සාර්ථකත්වය ගැන කතා කරද්දි…

දවසක් මම දේශනයකට අනුරාධපුරයට ගියාම මට තරුණියක් මුණගැසුණා. ඇය අත්කම් නිර්මාණයට දක්ෂයි. දේශීයව සහ විදේශීයව සිටින ශ්‍රී ලාංකිකයින්ට ඇය විවිධ අත්කම් නිර්මාණ කරලා අන්තර්ජාලය හරහා ඇනවුම් ලබාගෙන කුරියර් කරනවා. ඒ අයුරින් ඇය තමන් කරන රැකියාවට අමතරව සැලකිය යුතු ආදායමක් උපයනවා. ආදායම මදිවීමට ඇය හොයපු උත්තරේ තමයි ඒ.

රෑට ගෙදර ගිහින් පාන්දර එක දෙක වෙනකල් ඇය ඒ නිර්මාණ කටයුතුවල නියැළෙනවා. දැන් ඇගේ බලාපොරොත්තුව තවත් දෙන්නෙක් තුන්දෙනෙක් දාගෙන ව්‍යාපාරය වැඩිදියුණු කරගන්න එක. ඇය මාත් එක්ක කිව්වා රැකියාවෙන් ලැබෙන වැටුපට වඩා අමතර ආදායම වැඩි වෙලා තියෙන බව.

ඒ නිසා ඔබත් හිත හිත එකිනෙකාට දොස් කිය කිය කලකිරීමෙන් ඉන්නෙ නැතුව ක්‍රියාත්මක කිරීම තමයි අවශ්‍ය වෙන්නෙ. පහුගිය සතියෙ ලිපියෙනුත් මම ඔබට ආදායම් වැඩිකරග-න්න ක්‍රම කිහිපයක් කියල දුන්නා. දැන් ඔබ කරන්න ඕනෙ වියදම් පාලනය කරගන්න එක.

හදිසි අරමුදලක් තියාගන්න

Emergency Fund එහෙමත් නැත්නම් හදිසි අරමුදලක් හදාගන්න. ඉහත කියපු දේවල් ඒ විදිහට අනුග-මනය කළා නම් කාලයක් දුෂ්කර වුණත් ටික ටික ඔබට ආදායම ඉතිරි කරගන්න පුළුවන් වෙනවා. ඊටපස්සෙ ඔබ කරන්න ඕන දේ තමයි වෙනමම ගිණුමක් ආරම්භ කරලා නිශ්චිතවම සෑම මසකම යම්කිසි මුදලක් ඒ ගිණුමට දාන්න පටන්ගන්න එක. ඒ මුදල හැම මාසෙකම දානවා කියන එක තරයේම හිතේ තියාගන්න. එය රුපියල් 500ක් වෙන්න පුළුවන්. නමුත් ඒ දේ දිගටම කරන්න. සමහරවිට මාසික ආදායම වගේ තුන් ගුණයක් පමණ මේ හදිසි අවශ්‍යතා අරමුදල තුළ ගොඩනගාගන්න පුළුවන්.

සමහරවිට ඔබට හිතෙයි මේ ලැබෙන ගාණෙනුත් වියදම් ඉවර වුණාම කොහේ ඉතුරු කරන්නද කියලා. හැබැයි මේ වැඩේ පටන්ගත්තම ඔබටම පුදුම හිතේවි. ඔබ මොනවම හරි ක්‍රමයකින් ඒ මුදල ඉතිරි කරගන්න පෙළඹේවි. මුල් කාලෙ අමාරු වුණත් අත්හරින්න එපා. ඒ වගේම මේක හරිම ප්‍රගතිශීලී පියවරක්. ඊළඟට ඉතිරි කරන මුදල ටික ටික වැඩි කරගන්න.

මාස කිහිපයක් පන්සීයක් දැම්මා නම් ඊටපස්සෙ දාහ දාහ අකවුන්ට් එකට දාන්න. ඊටපස්සෙ ඔබට පුළුවන් ස්ථාවර තැන්පතුවක් දක්වා හදිසි අරමුදල ගොඩනගාගන්න. ඔබ සමහර විට ඉහළ ආදායමක් ලබන කෙනෙක් නම් හිතාවි අයියෝ මෙච්චර සල්ලි තියෙන එකේ කොහොම වියදම් කරන්න බැරිද කියල. නමුත් වැදගත්ම දේ හම්බ කිරිල්ල නෙවේ. කොපමණ විනයකික් මේ මුදල් කළමනාකරණය වෙනවද කියන එකයි වැදගත්.

ප්‍රවීණ මානව හැකියා
සංවර්ධන පුහුණුකරු හා
මනෝ විද්‍යා උපදේශක
මොහාන් පල්ලියගුරු

එරංදි කෞශල්‍යා ✍️



 

TAGGED: Cost control, Cost management, Debt traps, Spending on taxi
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?