නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔෂීන්ගේ කෑම ගෙදර හදමු.
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

ඔෂීන්ගේ කෑම ගෙදර හදමු.

Published June 2, 2025

Kani Salad

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බා පොඩියට කඩාගත් කුකුල් මස් ග්‍රෑම් 100
  • නූඩ්ල්ස් හැඩයට කපාගත් කැරට් අල 2
  • නූඩ්ල්ස් හැඩයට කපාගත් පිපිඤ්ඤා ගෙඩි 2
  • නූඩ්ල්ස් හැඩයට කපාගත් බාගෙට ඉඳුණ අඹ 1
  • රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු
  • Japanese Mayonnaise කෝප්ප 1/3
  • Rice Vinegar මේස හැඳි 2
  • සරසා ගැනීමට කළු තල ඇට


සාදාගන්නා ආකාරය

ලොකු බෝල් එකකට කුකුල් මස්, කැරට්, පිපිඤ්ඤා සහ අඹ එකතු කර හොඳින් කලවම් කරගන්න. එයට ලුණු, ගම්මිරිස් කුඩු, විනාකිරි, Mayonnaise එකතු කර මිශ්‍ර කර ගන්න. ශීතකරණයේ තබා සීතලෙන්ම පිලිගන්වන්න.පිලිගන්වන භාජනයට Salad එකතු කර උඩින් කළු තල ඇට ටිකක් ඉසින්න.

Japanese Gyoza ජැපනීස් ඩම්ප්ලින්

අවශ්‍ය ද්‍රව්‍ය

  • ගෝවා කොල 3
  • සිහින්ව කපාගත් ලූනු ගස් 2
  • සිහින්ව කපාගත් හතු ස්වල්පයක්
  • අඹරා ගත් මස් ග්‍රෑම් 300
  • ග්‍රේට් කරගත් සුදු ලූනු බික් 2
  • ග්‍රේට් කරගත් අඟලක ඉඟුරු කැබැල්ලක්
  • සකේ තේ හැඳි 1
  • තල තෙල් තේ හැඳි 1
  • සෝයා සෝස් තේ හැඳි 1
  • රස අනුව ලුණු
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
  • Gyoza ශීට් පැකට් 1
  • වතුර ටිකක්

සාදාගන්නා ආකාරය

ගෝවා කොළ ටිකට ලුණු ටිකක් එකතු කර විනාඩි 15 ක් පමණ වසා තබන්න. වතුර හොඳින් මිරිකා හැර සිහින්ව කපා ගන්න.එයට ලූනු කොළ, හතු, මස්, සුදු ලූනු, ඉඟුරු. සකේ, තල තෙල්, සෝයා සෝස්, ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කර හොඳින් අනා පදම් වෙන්න විනාඩි 30 ක් තියන්න.

Gyoza ශීට් පැකට් එකෙන් එක ශීට් එකක් ගෙන අත්ල මත තියා ඉහත මිශ්‍රණයෙන් තේ හැඳි 1 ක් මැදින් තියා වටේට වතුර ස්වල්පයක් තවරා පැටිස් හැඩයට නවා ගන්න. ලොකු ෆ්‍රයින් පෑන් එකක් ලිපේ තියා තෙල් මේස හැඳි 1 ක් දා අඩු ගින්දරේ රත් වන විට ඉහත සාදා ගත් Gyoza ටික වටේට තියා එක පැත්තක් පමණක් රන්වන් පාටට රෝස්ට් කර ගන්න.

Tamagoyaki තමගොයාකි

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 5
  • සෝයා සෝස් තේ හැඳි 1
  • සීනි තේ හැඳි 2
  • රස අනුව ලුණු
  • සිහින්ව ලියාගත් ලූනු ගස් 1
  • කොටු හැඩයට කපාගත් කැරට් මේස හැඳි 2
  • තෙල් ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

බිත්තර හොඳින් ගසා ගන්න. කැරට්, ලූනු ගස්, සෝයා සෝස්, ලුණු සහ සීනි එකතු කර හොඳින් ගසා ගන්න. කොටු හැඩති නොන්ස්ටික් පෑන් එකක තෙල් ස්වල්පයක් තවරා බිත්තර මිශ්‍රණයෙන් ටිකක් එකතු කරන්න.

බිත්තර ටික සෙට් වුණ පසු එක පැත්තක සිට රෝල් එකක් වගේ නවා ගෙන පෑන් එකේ පැත්තට තද කර තියා ගන්න.දැන් නැවත බිත්තර මිශ්‍රණයෙන් ටිකක් එකතු කර කලින් වගේම රෝල් කර ගන්න. බිත්තර මිශ්‍රණය අවසන් වෙන තුරුම මේ විදියට කරන්න. අවසානයේ දී පැති 4 ම හොඳින් බැද ගන්න. පෙති කපා පිලිගන්වන්න.

Onigiri ඔනිගිරි

අවශ්‍ය ද්‍රව්‍ය

  • Sushi  සුදු හාල් කෝප්ප 1
  • ලුණු තේ හැදි 1
  • සෝයා සෝස් මේසහැදි 2
  • ජැපනීස් කුකින් වයින් (mirin) මේස හැඳි 2
  • බටර් කෝප්ප 1/4

සාදාගන්නා ආකාරය

Sushi හාල් පැකට්ටුවේ උපදෙස් අනුව උයා ගන්න. තරමක් තැම්බෙන විට ලුණු, සෝයා සෝස්, Mirin එකතු කර හොඳින් පිස ගන්න.ලිප ඕෆ් කළ පසු බටර් එකතු කර හොඳින් විස්ක් කරන්න. ටිකක් නිවුණ පසු ඔනිගිරි මෝල්ඩ්වලට ටික ටික දා තද කර හැඩය හදා ගන්න (කුඩා කෝප්පයකට එකතු කර හැඩය හදා ගන්නත් පුළුවන්)

Japanese Pancakes ජැපනීස් පෑන් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි ග්‍රෑම් 150
  • සිහින් සීනි මේස හැඳි 2
  • බේකින් පවුඩර් තේ හැඳි 1 1/2
  • ලුණු තේ හැඳි 1/3
  • නැවුම් කිරි මි ලී 200- 250
  • දිය කරගත් බටර් මේස හැඳි 3
  • වැනිලා තේ හැඳි 1/3
  • ක්‍රීම් ඔෆ් ටාටර් තේ හැඳි 1/8
  • බිත්තර සුදු මද 3
  • බිත්තර කහ මද 3
  • තෙල් ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

බෝල් එකකට පාන් පිටි, සීනි, බේකින් පවුඩර් දමා හොඳින් කලවම් කර ගන්න. වෙනම බෝල් එකකට කිරි, ලුණු, බටර්, වැනිලා සහ බිත්තර කහ මද එකතු කර කලවම් කරන්න.බිත්තර සුදු මදවලට ක්‍රීම් ඔෆ් ටාටර් එකතු කර ස්ටිෆ් පීක් එනතුරු බීට් කරන්න. පාන් පිටි මිශ්‍රණයට කිරි මිශ්‍රණය එකතු කර කලවම් කර බිත්තර සුදු මද ටික ටික එකතු කර ෆෝල්ඩ් කර ගන්න. නොන්ස්ටික් පෑන් එකක තෙල් යාන්තමින් තවරා මිශ්‍රණයෙන් ලොකු හැඳි 2 ක් බැගින් එකතු කර පියන වසා අඩු ගින්දරේ රන්වන් පාට වෙන තුරු පිස ගන්න. අනිත් පැත්ත හරවා රන්වන් පාටට පිස ගෙන පිගානකට මාරු කර ගන්න. මේපල් සිරප් සමග පිලිගන්වන්න.

Japanese Potato Salad

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොතු ඉවත් කර තම්බාගත් අර්ථාපල් අල කිලෝ 1
  • රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු
  • Rice Vinegar තේ හැඳි 4
  • දෙකට කපා සිහින්ව ලියාගත් පිපිඤ්ඤා 1/2
  • දෙකට කපා සිහින්ව ලියාගත් කැරට් පොඩි ගෙඩි 1
  • ඉරිඟු ඇට කෝප්ප 1/3
  • සිහින්ව කපාගත් හැම් පෙති 3
  • Japanese mayonnaise කෝප්ප 1/3

සාදාගන්නා ආකාරය

ලොකු බෝල් එකකට අල, ලුණු සහ ගම්මිරිස් කුඩු, විනාකිරි එකතු කර ගෑරුප්පුවකින් පොඩි කර ගන්න. පිපිඤ්ඤා ටික වෙනම භාජනයකට එකතු කර ලුණු ටිකක් කලවම් කර විනාඩි 10 ක් තබන්න. ඉන් පසු හොඳින් වතුර මිරිකා ඉවත් කර ගන්න. කැරට් ටික උණු වතුරෙ විනාඩි 2 ක් තම්බා හොඳින් වතුර ඉවත් කර ගන්න. අල ටිකට ඉරිඟු, කැරට්, පිපිඤ්ඤා, හැම් එකතු කර කලවම් කරන්න. ලුණු, ගම්මිරිස්, Mayonnaise එකතු කර හොඳින් කලවම් කර ගන්න.

Tonkatsu ටොන්කට්සු

අවශ්‍ය ද්‍රව්‍ය

  • අඟල් 1/2 ක් පමණ ඝනකම් ඌරු මස් පෙති 2
  • බිත්තර 2
  • පාන් පිටි කෝප්ප 1/2
  • පාන් කුඩු කෝප්ප 1
  • රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු
  • බැද ගැනීමට තෙල්

සාදාගන්නා ආකාරය

ඌරු මස් පෙතිවලට අවශ්‍ය තරමට ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කර පදම් කර ගන්න.පාන් පිටිවල ඌරුමස් පෙති දවටා ගන්න.බිත්තර හොඳින් ගසා ගෙන මස් පෙති දවටා පාන් කුඩු දවටා ගන්න. පෑන් එකකට ෂැලෝ ෆ්‍රයි කරන තරමට තෙල් එකතු කර මස් පෙති හොදින් බැද ගන්න. තරමක තීරු කපා ගන්න.බත් කෝප්පයක් සමග පිලිගන්වන්න.

Salmon Sushi සැමන් සුෂී

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිසගත් සුෂී බත් කෝප්ප 1
  • Rice Vinegar කෝප්ප 1/3
  • දුඹුරු සීනි තේ හැඳි 1
  • කුඩාවට කපාගත් සීවිඩ් පත්‍ර කිහිපයක්
  • Mayonnaise Sauce මේස හැඳි 2-3
  • පොඩි කරගත් ඉදුණ අලිගැටපේර 1/2
  • සිහින්ව පෙති කපාගත් සැමන් මාළු ග්‍රෑම් 300

සාදාගන්නා ආකාරය

පොඩි බෝල් එකකට විනාකිරි සහ සීනි එකතු කර හොදින් දිය කර ගන්න. ලොකු බෝල් එකකට බත් එකතුකර ඉහත විනාකිරි මිශ්‍රණය සහ සීවීඩ් එකතු කර හොඳින් කලවම් කරන්න.අයිස් කියුබ් ට්‍රේ එකකට පොලිතින් කොලයක් දා Mayonnaise තැවරූ සැමන්, අලිගැටපේර එකතු කර උඩින් බත් තබා හොඳින් තද කර ගන්න. දැන් අයිස් කියුබ් ට්‍රේ එක අනිත් පැත්ත හරවා සුශී වෙන් කර ගන්න.


 




 


 


 



 


 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

රස නහර පිනායන Japanese Dessert

June 2, 2025

එක එක විදිහට Mushroom

May 26, 2025

Hot Chocolate රස විදින්න.

May 26, 2025

Indian Diner එකක්

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?