නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: එක එක විදිහට Mushroom
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

එක එක විදිහට Mushroom

Published May 26, 2025

හොට් බැටර් මශ්රූම්

අවශ්‍ය ද්‍රව්‍ය

  • හතු ග්‍රෑම් 100
  • කෝන් පිටි ග්‍රෑම් 50
  • බිත්තර 1
  • මිරිස් කුඩු මේස හැඳි 1/2
  • කහ කුඩු මේස හැඳි 1/2
  • ගම්මිරිස් කුඩු මේස හැඳි 1/2
  • බටර් මේස හැඳි 2
  • චිලි පේස්ට් මේස හැඳි 2
  • සෝයා සෝස් මේස හැඳි 1
  • තක්කලි සෝස් මේස හැඳි 1
  • සීනි මේස හැඳි 1/2
  • ලූනු ගෙඩි 1
  • කරපිංචා කොළ
  • මාළු මිරිස් කරල් 1
  • ලූනු ගස් 2-3
  • වියළි මිරිස් කරල් 2-3
  • රස අනවු ලුණු
  • තෙල්

සාදාගන්නා ආකාරය

බෝල් එකකට හීනියට කඩා ගත් හතු දාල ඒකට කෝන් පිටි, බිත්තර, මිරිස් කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු සහ ලුණු එකතු කර මිශ්‍ර කර බැද ගන්න. තෙල් රත්වූ භාජනයකට කරපිංච, කඩාගත් මිරිස් කරල්, ඉඟුරු, සුදු ලූනූ සහ චිලි පේස්ටි එකතු කර තෙම්පරාදු කරගන්න. මද වේලාවකට පසුව බටර්, සීනි, සෝයා සෝස්, තක්කාලි සෝස්, රවුමට කපා ගත් ලූනු දික් අතට කැපූ මාළු මිරිස්, ලූණු ගස් සහ ලුණු දාල සෝස් එක හදාගන්න. සෝස් එකට බැදපු හතු දාල කලවම් කරන්න.

මෂ්රූම් කෙබාබ්

අවශ්‍ය ද්‍රව්‍ය

  • Button Mushroom ග්‍රෑම් 100
  • ගරම් මසාලා මේස හැඳි 1
  • චොප් කරගත් ඉඟුරු මේස හැඳි 1
  • චොප් කරගත් සුදු ලූනු මේස හැඳි 1
  • චොප් කරගත් අමු මිරිස් මේස හැඳි 1
  • මිරිස් කුඩු මේස හැඳි 1
  • කෝන් පිටි මේස හැඳි 2
  • රස අනුව ලුණු
  • දෙහි බෑයක යුෂ
  • කේබාබ් ස්ටික්ස්

සාදාගන්නා ආකාරය

දෙකට කපාගත් හතු බෝල් එකකට දාල ගරම් මසාලා, අමු මිරිස්, ඉඟුරු, සුදු ලූනු එකතුකර කලවම් කරගන්න. සාදාගත් මිශ්‍රණයට වතුර මේස හැඳි 1 සහ දෙහි දමා කලවම් කරගන්න.ඉහත මිශ්‍රණයට මිරිස් කුඩු සහ කෝන් පිටි දාල මිශ්‍ර කරගන්න. දැන් හතු ටික කේබාබ් ස්ටික්ස්වල රඳවා ග්‍රිල් කරගන්න.
 

බටර් ගාලික් මශ්රූම්

අවශ්‍ය ද්‍රව්‍ය

  • Button Mushroom ග්‍රෑම් 100
  • බටර් මේස හැඳි 2
  • ඔලිවි ඔයිල් මේසහැඳි 1
  • සුදු ලූණු බික් 4 – 5
  • ලොකු ලූණු ගෙඩි 1
  • ගම්මිරිස් කුඩු 1/4
  • කොත්තමල්ලි කොළ
  • පාස්ලි කොළ
  • විනාකිරි මේසහැඳි 1
  • රස අනුව ලුණු

සාදාගන්නා ආකාරය

භාජනකට බටර් සහ ඔලිව් ඔයිල් දාල හතු ටික බැද ගන්න. දැන් එයට සුදු ලූනු, කපාගත් ලූනු, ගම්මිරිස් කුඩු, විනාකිරි, ලුණු, කපාගත් කොත්තමල්ලි කොළ සහ කපාගත් පාස්ලි කොළ දාල කලවමි කරගන්න.

ක්‍රිස්පි ෆ්‍රයිඩ් මෂ්රූම් සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

  • හතු ග්‍රෑම් 100
  • කෝන් පිටි මේස හැඳි 2
  • පාන් පිටි මේස හැඳි 2
  • රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
  • කහ ස්වලපයක්
  • සිහින්ව කපාගත් රතු ලූනු ගෙඩි 7- 8
  • සිහින්ව කපාගත්තක්කාලි ගෙඩි 1
  • සිහින්ව කපාගත් සලාද කොළ 3 – 4
  • ස්වීට් කෝන් කෝප්ප 1
  • දෙහි ගෙඩි 1

සාදාගන්නා ආකාරය

දික් අතට කඩාගත් හතු බෝල් එකකට දාලා කහ, ගම්මිරිස් සහ ලුණු දාලා කලවම් කරගන්න. මේ මිශ්‍රණයට පාන් පිටි, කෝන් පිටි සහ වතුර මේස හැන්දක් දාලා මිශ්‍ර කර ගැඹුරු තෙලේ බැද ගන්න.

පසුව බෝල් එකකට රතු ලූනු, තක්කාලි, සලාද කොළ, ස්වීට් කෝන්, ගම්මිරිස්, දෙහි සහ ලුණු දමා කලවම් කර බැඳගත් හතු එකතු කර කලවම් කරගන්න.

ෆ්‍රයිඩ් මශ්රූම්

අවශ්‍ය ද්‍රව්‍ය

  • Button Mushroom ග්‍රෑම් 200
  • පාන් පිටි කෝප්ප 1
  • බේකින් පවුඩර් මේස හැඳි 1/2
  • මිරිස් කුඩු මේස හැඳි 1/2
  • රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
  • බිත්තර 1
  • පොල්තෙල්

සාදාගන්නා ආකාරය

බෝල් එකකට පාන් පිටි, බේකින් පවුඩර්, මිරිස් කුඩු, ගම්මිරිස්, කුඩු සහ ලුණු කුඩු දාල හොඳින් මිශ්‍ර කරගන්න. වෙනම බෝල් එකකට බිත්තර කහ මදය දාල හොඳින් මිශ්‍ර කරගන්න.වෙනම බෝල් එකකට සුදු මදය දාල පෙණ එනතුරු ගසා ගන්න. මුලින් හදාගත් මිශ්‍රණ 3 ම එකට දාල බැටර් එක හදාගන්න. බැටර් එකට හතු දාල ගැඹුරු තෙලේ රන්වන් පාට වන තුරු බැද ගන්න.

ඩෙවල්ඩ් මශ්රූම්

අවශ්‍ය ද්‍රව්‍ය

  • හතු ග්‍රෑම් 100
  • ලූනු ගෙඩි 1
  • තක්කාලි ගෙඩි 1
  • මාළු මිරිස් කරල් 1
  • චොප් කරගත් සුදු ලූනු මේස හැඳි 1
  • චොප් කරගත් ඉඟුරු මේස හැඳි 1
  • අමු මිරිස් කරල් 2
  • රම්පේ සහ කරපිංචා
  • සීනි
  • පොල්තෙල්
  • තක්කලි සෝස් මේස හැඳි 1
  • කෑලි මිරිස් මේස හැඳි 2
  • පාන් පිටි මේස හැඳි 2
  • රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු

සාදාගන්නා ආකාරය

දික් අතට කඩාගත් හතු බෝල් එකකට එකතු කර කහ, ගම්මිරිස් සහ ලුණු දාල කලවම් කරගන්න. මිශ්‍රණයට පාන් පිටි, වතුර දමා බැටර් එක හදාගන්න. හතු ටික සාදාගත් බැටර් එකේ තවරා ගැඹුරු තෙලේ බැද ගන්න.

භාජනයකට පොල්තෙල් දාල රත් වෙනකොට එයට සුදු ලූනූ සහ ඉඟුරු දමා බදින්න. ඒකටම රවුමට කපාගත් ලූනු, රවුමට කපාගත් මාළු මිරිස්, අමු මිරිස්, රම්ප, කරපිංචා, රවුමට කපාගත් තක්කාලි, ගම්මිරිස් කුඩු, ලුණු, කෑලි මිරිස් සහ සීනි එකතුකරගන්න. මේ මිශ්‍රණයට බැදගත් හතු සහ තක්කලි සෝස් දාල හොඳින් මිශ්‍ර කරගන්න.

ස්ටර් ෆ්‍රයිඩ් මෂ්රූම් ඇන්ඩ් කියුකම්බර්

අවශ්‍ය ද්‍රව්‍ය

  • Button Mushroom ග්‍රෑම් 250
  • පිපිඤ්ඤා ගෙඩි 1
  • පොල්තෙල්
  • චොප් කරගත් සුදු ලූනු මේස හැඳි 1
  • චොප් කරගත් ඉඟුරු මේස හැඳි 1
  • Oyster සෝස් මේස හැඳි 1
  • ගම්මිරිස් කුඩු
  • රස අනුව ලුණු

සාදාගන්නා ආකාරය

හතු ටික කපාගන්න. පෑන් එකකට පොල්තෙල් එකතු කර හතු දමා වතුර හිf​ඳන තුරු පිස ගන්න. ඒ ටික බෝල් එකකට දා ගන්න. පෑන් එකට පොල්තෙල් ටිකක් දාල ඒකට සුදු ලූනු, ඉඟුරු, කපාගත් පිපිඤ්ඤා, Oyster සෝස්, ගම්මිරිස් කුඩු සහ ලුණු දාන්න. මේ මිශ්‍රණයට බැදගත් හතු දාල විනාඩි 2 තියන්න.





 



 



 


 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Hot Chocolate රස විදින්න.

May 26, 2025

Indian Diner එකක්

May 19, 2025

Indian Sweets

May 19, 2025

‍රාත්‍රියට ඉන්දියානු කෑම වේලක්

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?