Mexican Hot Chocolate
අවශ්‍ය ද්‍රව්‍ය

- කිරි කෝප්ප 2
- චොප්කරගත් ඩාක් චොක්ලට් කෝප්ප 1/2
- කුරුඳුපොතු කැබැල්ලක්
- රතු සීනි මේස හැඳි 3
- වැනිලා ස්වල්පයක්
- ලුණු ස්වල්පයක්
- මිරිස් කුඩු පින්චක්
- කොකෝවා පවුඩර් මේසහැඳි 2
සාදාගන්නා ආකාරය
කිරි ටික පෑන් එකට දාලා කුරුඳුපොතු කෑල්ලක් දාලා ලිපේ තියන්න. මේකට සීනි, වැනිලා හා ලුණු දාලා කලවම් කරන්න.
ටිකකින් ඩාක් චොක්ලට් ටික දාන්න.මිරිස්කුඩු හා කොකෝවා පවුඩර් ටික දාගන්න.කිරි ටික හොඳට උණුවෙනකොට ලිපෙන් බාගන්න. කෝප්පෙට දාලා කුරුදුපොතු කෑල්ලක් දාලා සර්ව් කරන්න.
Nutella Hot Chocolate

අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි කෝප්ප 1
- නියුටෙලා මේස හැඳි 2
- කොකෝවා පවුඩර් තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
කිරි ටික ලිපේ තියලා නියුටෙලා හා කොකෝවා පවුඩර් දාලා කලවම් කරගන්න. ළිපේ තියෙන ගමන් වේගෙන් විස්ක් කරගන්න ඕනේ. ටිකක් තික් වේගෙන එනකොට ළිපෙන් බාලා කෝප්පෙට දාගන්න.
Milkmaid Hot Chocolate
අවශ්‍ය ද්‍රව්‍ය
- මිල්ක්මේඩ් පොඩි ටින් 1
- කොකෝවා පවුඩර් කෝප්ප 1/4
- රස අනුව ලුණු
- වැනිලා ස්වල්පයක්
- වතුර කෝප්ප 1
සාදාගන්නා ආකාරය
පෑන් එකට මිල්ක්මේඩ් දාලා කොකෝවා පවුඩර් දාලා විස්ක් කරගන්න. මේක ළිපේ තියලා වතුර, ලුණු හා වැනිලා දාලා හොඳට විස්ක් කරමින් උණු කර උණුවෙන්ම පිළිගන්වන්න.
Simple Hot Chocolate
අවශ්‍ය ද්‍රව්‍ය
- කොකෝවා පවුඩර් මේස හැදි 1
- සීනි මේස හැඳි 1
- ලුණු ස්වල්පයක්
- කිරි කෝප්පයක්
- මාෂ්මෙලෝස්
- ගාගත් චොකලට්
- වීපින් ක්‍රීම්
සාදාගන්නා ආකාරය
කුඩා සාස්පානක් ගෙන එයට කොකෝවා කුඩු, සීනි සහ ලුණු එකතු කර හොඳින් කලවම් කරගන්න. දැන් එයට කිරි එක්කර කලවම් කර ලිප තබා මද වේලාවක් රත්කර ගන්න. පසුව මග් එකකට වත් කරගන්න. එයට මාෂ්මෙලෝස් එකතු කර ගාගත් චොකලට් වලින් ගානිෂ් කරගන්න.දැන් වීපින් ක්‍රීම් එකතු කර ගන්න.
French Hot Chocolate
අවශ්‍ය ද්‍රව්‍ය
- ඩාක් චොක්ලට් ග්‍රෑම් 100
- කිරි මිලිලීටර් 500
- කුරුදුපොතු කෑල්ලක්
- වැනිලා ස්වල්පයක්
- කොකෝවා පවුඩර් මේස හැඳි 1
- සීනි මේස හැඳි 1
- ලුණු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
කිරි ටික ලිපේ තියලා රත්වෙනකොට ඩාක් චොක්ලට් ටික දාගන්න. මේකට කුරුඳුපොතු හා වැනිලා දාලා කලවම් කරගන්න. ඊලඟට මේකට කොකෝවා පවුඩර් දාලා සීනි හා ලුණු ටික දාගන්න.රත්වෙනකොට ග්‍රේට්කරගත් චොක්ලට් ටික දාලා කලවම් කරගන්න. හොඳටම මෙල්ට් වෙලා මිශ්‍රණය තික් වෙනකල් හැඳිගාලා ලිපෙන් බාගන්න.
Italian Hot Chocolate
අවශ්‍ය ද්‍රව්‍ය
- ඩාක් චොක්ලට් ග්‍රෑම් 100
- කිරි කෝප්ප 1
- කොකෝවා පවුඩර් මේස හැඳි 1
- කෝන්ෆ්ලා මේස හැඳි 1/2
- සීනි මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
කිරි ටික ලිපේ තියලා උණුවෙනකොට ලිප ඕෆ් කරගන්න. වෙනම බෝල් එකකට කොකෝවා පවුඩර් හා කෝන්ෆ්ලා දාලා කිරි චුට්ටක් දාලා හොඳට කලවම් කරගන්න. දැන් මේක කිරි මිශ්‍රණයට දාලා කලවම් කරගන්න.
සීනි ටිකත් දාලා ආයෙ ලිප ඔන් කරලා කලවම් කරගන්න. ඊළඟට මේකට චොක්ලට් ටික දාලා කලවම් කරගන්න. මිශ්‍රණය ටික ටික තික් වේගෙන එනවා පෙනෙයි. තව ටිකක් තියලා ලිපෙන් බාලා කෝප්පෙට දාගන්න.
