බ්‍රොකලි, බෙල්පෙපර් සහ චීස් කේසඩියාස්

ඩෝ එකට අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 1
- තෙල් මේස හැඳි 2
- රස අනුව ලුණු
ෆිලින් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- චොප්කරගත් බ්‍රොකලි කෝප්ප 2
- චොප්කරගත් බෙල්පෙපර් පාට 2කින්
- ග්‍රේට් කරගත් චීස් කෝප්ප 1
- චාට් මසාලා තේ හැඳි 1/2
- රස අනුව ලුණු
- කෑලිමිරිස් ටිකක් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
ඩෝ එකට අවශ්‍ය සියල්ලම දාලා වතුර ටික ටික දාලා අතේ නොඇලෙන ඩෝ එකක් අනාගන්න. මේක විනාඩි 15 ක් වහලා තියන්න. ෆිලින් එකට අදාළ සියල්ලම කලවම් කරගන්න. ෆිලින් එක කොටස් 8 කට බෙදාගන්න. ඩෝ එකත් කොටස් 8 කට කඩාගන්න. එක ගුලියක් අරන් තුනී කර ෆිලින් එක රොටියෙ බාගෙකට දාලා අනික් කොටස උඩින් නවලා වසාගන්න. දැන් තෙල් ගාගත් තැටියක දාලා දෙපැත්ත පුළුස්සගන්න.
බ්‍රොකලි සහ බේබිකෝන් නූඩ්ල්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- බ්ලාන්ච් කරගත් බ්‍රොකලි කෝප්ප 1/2
- බ්ලාන්ච් කරගත් බේබිකෝන්
- කෝප්ප 1/2
- තම්බාගත් නූඩ්ල්ස් කෝප්ප 3
- තෙල් ටිකක්
- තලාගත් ඉඟුරු හා සුදු ලූනු
- ලියාගත් ලූනු කෝප්ප 1/2
- ලියාගත් බෙල්පෙපර් කෝප්ප 1/2
- සෝයාසෝස් තේ හැඳි 1
- කපාගත් කැරට් අල
- චොප්කරගත් සැල්දිරි කෝප්ප 1/4
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
- ගරම් මසාලා තේ හැඳි 1/2
සාදාගන්නා ආකාරය
පෑන් එකක් ලිපේ තියලා රත්වෙනකොට ඉඟුරු, සුදු ලූනු හා ලූනු ටික දාගන්න. විනාඩි 2 කට පස්සෙ කැරට් හා බෙල්පෙපර් දාගන්න. ඊළඟට බ්‍රෝකොලි හා බේබිකෝන් දාලා කලවම් කරගන්න. මේකට නූඩ්ල්ස් ටික දාලා ලුණු, ගම්මිරිස්කුඩු සහ ගරම් මසාලා හා සෝයා සෝස් දාලා හොඳට විනාඩි කීපයක් කලවම් කරලා ලිපෙන් බාගන්න.
ආලු මේති පරාතා
අවශ්‍ය ද්‍රව්‍ය
- ඩෝ එකට අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 1
- තෙල් ටිකක්
- රස අනුව ලුණු
- ෆිලින් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා පොඩිකරගත් අල කෝප්ප 1
- චොප්කරගත් උළුහාල් කොළ ස්වලපයක්
- සූදුරු ස්වල්පයක්
- ඉඟුරු සුදු ලූනු පේස්ට් තේ හැඳි 2
- තෙල් ස්වල්පයක්
- කහකුඩු තේ හැඳි 1/4
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
- චාට්මසාලා තේ හැඳි 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
ඩෝ එකට අදාළ සියල්ලම දාලා වතුර ටික ටික දාලා අතේ නොඇලෙන ඩෝ එකක් අනාගන්න. මේක කොටස් 5 කට බෙදාගන්න. පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට සූදුරු ටික දාගන්න. ටිකකින් උළුහාල් කොළ දාලා කලවම් කරගන්න. ඉඟුරු, සුදු ලූනු එක්ක කහ කුඩු, කොත්තමල්ලි කුඩු, චාට් මසාලා හා ලුණු දාලා හොඳට කලවම් කරගන්න.
ටිකකින් අල ටික දාලා කලවම් කරගන්න. මිශ්‍රණය කොටස් 5 කට බෙදා දැන් මේකෙන් බෝල හදාගන්න. ඩෝ එකක් රවුමට තුනී කරගන්න. ඒ මැදට අල බෝල තියලා කවර් කරගන්න. ටිකෙන් ටික අතින් තද කරලා රොටිය හදාගන්න. තෙල් හෝ ගී ගාගත් තැටියක දාලා දෙපැත්ත පුළුස්ස ගන්න.
