නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Indian Sweets
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

Indian Sweets

Published May 19, 2025

Rasagulla

අවශ්‍ය ද්‍රව්‍ය

  • කිරි ලීටර් 3/4
  • ලෙමන් යුෂ මේස හැඳි 3

ශුගර් සිරප් එකට අවශ්‍ය ද්‍රව්‍ය

  • සීනි කෝප්ප 1
  • වතුර කෝප්ප 2

සාදාගන්නා ආකාරය

 කිරි ටික ලිප තබා උණු කරගන්න. කිරි ටික උණුවන අතරතුර ලෙමන් යුෂ එකතු කරගන්න. දැන් කිරි කැටි ගැහෙනවා පෙනෙයි. පිරිසිඳු රෙදි කැබැල්ලකින් කැටිගැහුණු කිරි ටික පෙරා වතුර ස්වල්ප ප්‍රමාණයක් එකතු කරගන්න.

දැන් හොඳින් මිරිකා එමරෙදි කෑල්ලෙන්ම ගැටගහලා පැය බාගයක් පමණ තියන්න. දැන් මේ කිරි කැටිය අතින් කඩලා විනාඩි 10 ක් හොඳට නීඩ් කරගන්න. මේ මිශ්‍රණයෙන් පොඩි බෝල හදාගන්න.

පෑන් එකකට සීනි දාලා ලිපේ තබා එයට වතුර ස්වල්පයක් දමා සීනි දියවෙනකල් හැඳිගාන්න.හොඳින් නටාගෙන එනවිට සාදාගත් බෝල ටික දාලා විනාඩි 10 ක් පමණ තියන්න. දැන් මේ බෝල ටික රැයක් ශීතකරණයේ තියන්න.

Malpua

අවශ්‍ය ද්‍රව්‍ය

  • කපාගත් කැරට් අල 2
  • කිරි කෝප්ප 1/2
  • වෙනම කිරි කෝප්ප 3/4
  • පාන්පිටි කෝප්ප 1
  • රුලං කෝප්ප 1/4
  • කරදමුංගු කුඩු ස්වල්පයක්
  • සැෆ්‍රන් ස්වල්පයක් හෝ කලරින්
  • සීනි මේසහැඳි 1
  • බැදීමට තෙල්
  • ශුගර් සිරප් එකට අවශ්‍ය ද්‍රව්‍ය
  • සීනි කෝප්ප 2
  • කරදමුංගු ඇට 2
  • සැෆ්‍රන් හෝ කලරින් ස්වල්පයක්
  • වතුර කෝප්ප 2

සාදාගන්නා ආකාරය

කැරට් ටික ග්‍රයින්ඩර් එකට දාලා කිරි ටික දාලා ග්‍රයින්ඩ් කරගන්න. දැන් මේ පියුරි එක බෝල් එකකට දාලා පාන්පිටි, රුලං හා කරදමුංගු කුඩු, සැෆ්‍රන් හා සීනි එකතු කරගන්න. ඉතිරි කිරි ටිකත් දාලා තික් බැටර් එකක් වෙනකල් විස්ක් කරගන්න. කිරි මදිනම් තව ටිකක් එකතු කරගන්න.

මේ බැටර් එක විනාඩි 30 ක් වගේ වහලා තියන්න. වෙනම භාජනයකට ශුගර් සිරප් එකට අදාළ සියල්ලම දාලා ලිපේ තියලා හැඳිගාන්න. විනාඩි 5කින් විතර නටන්කොට ලිපෙන් බාගන්න. වෙනම පෑන් එකකට තෙල් දාලා රත්වෙනකොට බැටර් එකෙන් මේස හැන්දක් වගේ ගැඹුරු තෙලට දාලා පූරි එක වගේ හැදෙනකොට දෙපැත්ත හරවමින් බැදගන්න.රන්වන්පාට වෙනකල් බැදුනම ලිපෙන් බාලා ශුගර් සිරප් එකට දාගන්න. විනාඩි 5ක් වගේ පොඟවන්න.

Gulab Jamun

අවශ්‍ය ද්‍රව්‍ය

  • කිරිපිටි කෝප්ප 1
  • පාන්පිටි මේස හැඳි 3
  • යෝගට් කෝප්ප 1/2
  • ලුණු ස්වල්පයක්
  • බේකින් සෝඩා තේ හැඳි 1/2
  • බටර් හෝ ගී ඔයිල් මේස හැඳි 1
  • බැදීමට තෙල්
  • ශුගර් සිරප් එකට අවශ්‍ය ද්‍රව්‍ය
  • සීනි කෝප්ප 1 1/2
  • වතුර කෝප්ප 2
  • කරදමුංගු කුඩු තේ හැඳි 1/2
  • රෝස් වෝටර් ස්වල්පයක්
  • සැෆ්‍රන් ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

පාන්පිටි හා කිරිපිටි එකතුකර කලවම් කර ලුණු හා බේකින් පව්ඩර් දමා හලාගන්න.ඊලඟට මේකට යෝගට් ටික දාලා බටර් ටිකත් එකතු කරලා අනාගන්න. මේ මිශ්‍රණය පැය 1/4 ක් වගේ වහලා තියන්න. ඒ අතරෙ ශුගර් සිරප් එක හදාගන්න. පෑන් එකකට වතුර හා සීනි ටික දාලා කරදමුංගු කුඩු ටික දාගන්න.

රත්කරමින් සීනි ටික දියකරගන්න. සීනි හොඳට දියවුණාම රෝස්වෝටර් දාලා ලිපෙන් බාලා සැෆ්‍රන් ටික එකතු කරන්න. තාච්චියකට තෙල් දාලා රත්වෙනකොට ගුලබ් පොඩි බෝල හදලා අඩු ගින්දරේ හිමින් බැදගන්න. ඊළඟට ලිපෙන් බාලා ගුලාබ් ටික එහෙම්මම ශුගර් සිරප් එකට එකතු කරන්න.

Kesar Burfi

අවශ්‍ය ද්‍රව්‍ය

  • කිරි කෝප්ප 3/4
  • සැෆ්‍රන් තේහැඳි 1/4
  • ගී ඔයිල් කෝප්ප 1/4
  • පිටිකිරි කෝප්ප 2 1/2
  • කුඩුකරගත් කජු කෝප්ප 1/4
  • සීනි කෝප්ප 1/2
  • තැඹිලි පාට කලරින් ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

කිරිවලට සැෆ්‍රන් දාගන්න. කලවම් කරලා විනාඩි 20ක් පෙඟෙන්න තියන්න. දැන් මේක පෑන් එකකට දාලා ගී ඔයිල් එකතුකරන්න.ඊළඟට කිරිපිටි ටික එකතු කර හොඳට කලවම් කර ලිපේ තියලා හැඳිගාන්න.

දැන් කලරින් ටික එකතු කරගන්න. මිශ්‍රණට ටික ටික තික් වෙලා පෑන් එකෙන් අයින් වෙලා එක ගුලියක වගේ පදමට එයි. මේකට විනාඩි 15 ක්වත් හැඳිගාන්න ඕනේ. දැන් මේ නොඇලෙන ඩෝ එක බටර් ගාගත් ටේ්‍ර එකකට දාලා ලෙවල් කරලා උඩින් චොප්කරගත් නට්ස් ටික දාගන්න.පැය භාගයක් පමණ ශීතකරණයේ තියලා කෑලි කපාගන්න.

Kesari

අවශ්‍ය ද්‍රව්‍ය

  • රුලං කෝප්ප 1
  • ගිතෙල් මේස හැඳි 2
  • කජු ස්වල්පයක්
  • රේසින් ස්වල්පයක්
  • සීනි කෝප්ප 1/2
  • සැෆ්‍රන් හෝ කලරින් ස්වල්පයක්
  • ගිතෙල් කෝප්ප 1/4
  • කරදමුංගු කුඩු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

පෑන් එකට තෙල් ටිකක් දාලා කජු හා රේසින් ටික දාගන්න. මේ ටික පොඩ්ඩක් බැදුනම ලිපෙන් බාලා මේ පෑන් එකටම රුලං ටික දාගන්න. රුලං ටික විනාඩි 5 ක් පමණ බැදගෙන ලිපෙන් බාගන්න. වෙනම පෑන් එකකට වතුර කෝප්පයක් දාලා රත්වෙනකොට රෝස්ට්කරගත් රුලං ටික දාගන්න.

රුලංවලට වතුර උරාගෙන ටික ටික වතුර ගතිය අඩු වෙනකොට සීනි දාගන්න. හොඳට කලවම් කරලා සීනි දියවෙනකොට කලරින් දාලා ගිතෙල් කෝප්ප 1/4 දාගන්න. හොඳට කලවම් කරලා විනාඩි 2 ක් විතර වහලා පිසගන්න. ටිකකින් රෝස්ට් කරගත් කජු හා රේසින් ටික දාලා කරදමුංගු කුඩු ටික දාගන්න. දැන් වතුර ගතිය අඩු වෙලා මිශ්‍රණයෙක ගුලියක් වගේ එනකොට ලිපෙන් බාලා බටර් ගාගත් ටේ්‍ර එකකට දාලා ලෙවල් කරන්න. පැය 2 ක් වගේ තියලා කෑලි කපන්න.

Coconut Jaggery Laddo

අවශ්‍ය ද්‍රව්‍ය

  • ගාගත් පොල් කෝප්ප 2
  • කුඩුකරගත් හකුරු කෝප්ප 1
  • කරදමුංගු කුඩු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

පෑන් එකකට පොල් හා හකුරු දාලා ලිපේ තියන්න. අඩු ගින්දරේ විනාඩි 10 ක් පමණ වසා පිසගන්න. හකුරු දියවේගෙන එනවිට හොඳට කලවම් කරගන්න. මේකට කරදමුංගු කුඩු ටිකත් දාලා හොඳට කලවම් කර නිවෙන්න හැර බෝල හදාගන්න.

Peda

අවශ්‍ය ද්‍රව්‍ය

  • ගිතෙල් මේස හැඳි 3
  • කිරි කෝප්ප 1/2
  • සීනි කෝප්ප 1/2
  • කිරිපිටි කෝප්ප 2
  • චොප්කරගත් පිස්ටාචියෝ ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

පෑන් එකකට ගිතෙල් ටික දාලා ලිප තබා කිරි හා සීනි දමා හැඳිගාන්න. පසුව මේකට කිරිපිටි ටික ටික දාලා කැට නැතිවෙනකල් හැඳිගාන්න. හොඳට හැඳිගාලා තික් මිශ්‍රණයක් ආවම ගින්දර අඩු කරලා තවත් හොඳට හැඳිගාන්න.

පෑන් එකේ නොඇලී එක ගුලියක් වගේ මිශ්‍රණයක් ආවම ලිපෙන් බාලා බෝල් එකකට දාගන්න. විනාඩි 5 ක් වගේ නිවෙන්න හරින්න. අතේ තෙල් ටිකක් ගාලා මිශ්‍රණයෙන් ටික ටික අරන් බෝල හදාගන්න.දැන් මේ බෝල පොඩ්ඩක් පැතලි කරලා මැදට පිස්ටාචියෝ පෙත්තක් තියන්න.



 

 

 



 



 


 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Indian Diner එකක්

May 19, 2025

‍රාත්‍රියට ඉන්දියානු කෑම වේලක්

May 12, 2025

මාළු, මස් නැති දවල් කෑම වේලක්

May 12, 2025

try කරනවානම් මෙන්න වෙනස් Dessert

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?