බඩවැල් අපේ ශරීරයේ ආහාර ජීරණ පද්ධතියට අයත් වන වැදගත් කොටසක්. ඒ වගේම බඩවැල් ආශ්‍රිත රෝගාබාධයන්ගෙනුත් අප නිතර පීඩා විඳිනවා. ඒ නිසාම අපේ ජීරණ පද්ධතියේ වැදගත් මෙහෙයක් ඉටුකරන බඩවැල් ආශ්‍රිත රෝගාබාධ ගැනත් අප දැනුවත්ව සිටීම ඉතාම වැදගත්. බඩවැල, මහ බඩවැල සහ කුඩා බඩවැල යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා.
ස්වරූපය සහ කාර්යයන් අනුව කුඩා බඩවැල කොටස් තුනකින් යුක්තයි
■ ග්‍රහණිය
■ ක්ෂුද්‍ර අන්ත
■ Ileum
බඩවැලේ කාර්යභාරය කුමක්ද?
අප ගන්නා ආහාර, ජීරණයෙන් පසුව හැදෙන පෝෂක කොටස් සහ ජලය අවශෝෂණය කිරීම වගේම ඉතිරි වන මල අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ ශරීරයේ අයන යාමනය (Maintain Electrolyte Balance) බඩවැලේ කාර්යභාරය ලෙස සලකන්න පුළුවන්.කුඩා බඩවැල සම්බන්ධයෙන් ගත්විට එය ඉහත සඳහන් කාර්යන් කිරීමට ගැළපෙන සේ මනාව හැඩගැහී තිබෙනවා. එහි ඇතුළත පෘෂ්ඨයේ තියෙන සියුම් නෙරුම් (Villi and micro villi ) මගින් පෘෂ්ටික වර්ගඵලය වැඩි කරමින් අවශෝෂණය ඉක්මන් කරනවා. ඒ වගේම මහබඩවැල මල අපද්‍රව්‍ය ඉවත්කිරීම සහ ජලය අවශෝෂණය කිරීම සඳහා හැඩ ගැසී තිබෙනවා.
බඩවැල ආශ්‍රිතව ඇතිවන රෝග මොනවාද?
- ආහාර පෝෂක කොටස් අවශෝෂණය අඩාල කරන රෝග තත්ත්ව (Malabsorption Disease)
- පණු රෝග (Worm infectio )
- බඩවැල් ආශ්‍රිත ආසාදන (Infection)
- බඩවැල් ආශ්‍රිත ප්‍රදාහ (Inflammatory Bowel Disease )
- බඩවැල් කුපිත වීම (Irritable bowel Disease)
Malabsorption Disease
පෝෂක කොටස් අවශෝෂණය අඩාල වීම නිසා මෙම රෝගී තත්ත්වය ඇති වේ. මෙම රෝග තත්ත්වය නිසා බඩ එළිය යෑම, බර අඩුවීම සහ යකඩ ෆෝලික් වැනි පෝෂණ ඌනතාවන් ඇති වේ.
Celiac රෝග තත්ත්වය
ග්ලුටන් ප්‍රෝටීනයට ඇති අධිසංවේදීතාව නිසා ඇතිවන Celiac යනු ජානගත රෝගයකි. කුඩා අන්ත්‍රය ඇතුළත අවශෝෂක බිත්තියට හානි වී පෝෂක අවශෝෂණය අඩාල වීම.
Crohn’s Disease
දීර්ඝ කාලයක් බඩවැලේ ඇතිවන (Inflammation) ප්‍රදාහ නිසා ඇති වේ. ආහාර ජීරණ පද්ධතියේ ඕනෑම කොටසකට බලපෑම් ඇති වේ. ආහාර අරුචිය, බර අඩුවීමට අමතරව බඩවැලට හානි වී මල පහ සමග ලේ සීදම් පිටවීමත් බඩවැලේ සිදුරු තත්ත්වය දක්වා වර්ධනය වේ. වැසිකිළි යන විට ලේ ගැලීම, සෙවල සීදම් පිටවීම වගේම බඩවැල් සිදුරුවීම වැනි දරුණු තත්ත්වයන් දක්වා වර්ධනය විය හැක.
පණු රෝග
වට පණු, පටි පණු හා කොකු පණුවන් වැනි රෝග බහලුව දක්නට ලැබේ. එමගින් පෝෂණ ඌනතා සහ දරුවන්ගේ වර්ධනය අඩාල වීම් වැනි තත්ත්ව ඇති වේ.බඩවැල් ආශ්‍රිත ආසාදන, වෛරස සහ බැක්ටීරියා ආසාදන නිසා ඇතිවන Acute Gastroentertis තත්ත්වය නිසා ආහාර අරුචිය, වමනය, උණ, බඩඑළිය යෑම වැනි රෝග ලක්ෂණ සමග ඇතැම් අවස්ථාවන්හි මල සමග ලේ පිටවීම සිදු විය හැක.
Inflammatory Bowel Disease
මෙය ප්‍රධාන ආකාර දෙකකි.
■ Crohn’s Disease:(මේ රෝග තත්ත්වය ගැන මුලින් සාකච්ඡා කර තිබෙනවා)
■ Ulcer Colitis
මෙ Crohn’s තත්ත්වය මෙන් දීර්ඝ කාලයක් ඇති ප්‍රදාහ තත්ත්වයන් නිසා ඇතිවන මහ බඩවැල ආශ්‍රිත රෝග තත්වයකි. බඩඑළිය යෑම (ලේ සමග හෝ ලේ නැතුව) වැසිකිළි යන වාර ගණණ වැඩිවීම, රෝග ලක්ෂණ උත්සන්න වූ විට ආහාර අරුචිය, බර අඩුවීම, තද බඩ කැක්කුම හා අධික ලෙස මල සමග ලේ පිටවීම හා රක්ත හීනතාව ඇති වේ.
බඩවැල් කුපිත වීම- IBS
මෙය ඉතා සුලබ රෝග තත්වයක්. නිශ්චිත හේතුවක් නොමැත. බඩේ කැක්කුම, බඩඑළිය යාම, වැසිකිළි යෑමේ වෙනස් වීම (බඩඑළිය යෑම සහ වේලීම)
බඩවැල ආශ්‍රිත පිළිකා
මෙයද බහුලව වාර්තා වෙන රෝගී තත්ත්වයකි. අහිතකර ජීවන රටාවන් නිසා වර්තමානය වන විට මෙම
රෝගීන්ගේ වාර්තා වීම් බහුලව සිදුවේ. සෑම රෝගීන් 10000 කට එක් අයකුටම බඩවැල් ආශ්‍රිත පිළිකා වැළඳීමේ අවධානමක් ඇත. අවදානම් ලක්ෂණ වන්නේ (Red Flag sign)
- වයස අවුරුදු 50 ට වැඩි රෝගීන්
- ශරීරියේ බර හේතුවක් නොමැතිව අඩුවීම
- අධික මහන්සිය
- දීර්ඝ කාලයක් පවතින උදරයේ වේදනාව හෝ ගෙඩියක් වැනි යමක් හසුවීම
- වැසිකිළියාමේ රටාවේ මෑතකදී වෙනසක් සිදුවීම
බඩවැල් ආශ්‍රිත රෝග හඳුනාගැනීමට කළ හැකි පරීක්ෂණ මොනවාද?
- රුධිර පරීක්ෂණ
- මලපහ සාම්පල පරීක්ෂණ
- එන්ඩොස්කොපි පරීක්ෂණ
- විකිරණ පරීක්ෂණ
බඩවැල් ආශ්‍රිත රෝග වළක්වා ගැනීමට කළහැකි දේවල් මොනවාද?
- පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගැනීම
- දිනපතා ව්‍යායාම කිරීම
- දුම්පානයෙන් වැළකීම
- මත්පැන් පානයෙන් වැළකීම
- කලින් හඳුනාගැනීමේ පරීක්ෂණවලට යොමුවීම ( screening tests )
මේ අනුව ආහාර අවශෝෂණ ක්‍රියාවලියේ වැදගත් මෙහෙයක් ඉටු කරන බඩවැල් රෝගීවීම රෝග රැසක් සඳහා හේතුවන බැව් සඳහන් කළ යුතුම වෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️