නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ජානමය හේතු නිසා ඇතිවන තයිරොයිඩ් රෝග
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ජානමය හේතු නිසා ඇතිවන තයිරොයිඩ් රෝග

Published May 19, 2025

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග තත්ත්වයන් ගැන කතාකිරීමේදී අපි මුලින්ම මේ තයිරොයිඩ් ග්‍රන්ථිය හඳුනාගැනීම ඉතාම වැදගත්.මිනිස් සිරුරේ බෙල්ල ප්‍රදේශය ඉදිරියේ තයිරොයිඩ් ග්‍රන්ථිය පිහිටා තිබෙනවා. උරස් කුහරය ප්‍රදේශයට ආසන්නව පිහිටා තිබෙන තයිරොයිඩ් ග්‍රන්ථිය සමනළයකුගේ හැඩයෙන් යුක්ත අතර එය පිටතට පෙනෙන්නේ නැහැ. තයිරොයිඩ් ග්‍රන්ථියට යටින් “පැරා තයිරොයිඩ්” යනුවෙන් හැඳින්වෙන ග්‍රන්ථි දෙකක් තිබෙනවා. ඊට යටින් ස්නායු දෙකක් තිබෙනවා. එයින් අපේ කටහඬ පාලනය කරනවා. ඒ නිසා තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ශල්‍යකර්ම සරල නැහැ. එය බෙහෙවින් සංකීර්ණයි. ඒ නිසා අපි තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ශල්‍යකර්මයක් කිරීමේදී එය අත්‍යවශ්‍ය නම් පමණක් හැර සිදුකරන්නේ නැහැ.

තයිරොයිඩ් ග්‍රන්ථියෙන් සිදුවෙන කාර්යන් මොනවාද?

තයිරොයිඩ් ග්‍රන්ථිය අපේ අන්තරාසර්ග පද්ධතියට සම්බන්ධ වැදගත් ග්‍රන්ථියක්. ඒ වගේම අපේ සිරුරේ හැම ග්‍රන්ථියකම ක්‍රියාකාරීත්වය පාලනය කරනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් තයිරොක්සින් හෝර්මෝනය නිපදවන අතර අපේ සිරුරේ පරිවෘත්තික ක්‍රියාවලිය පවත්වා ගැනීම සඳහා මෙම හෝර්මෝනය වඩාත් වැදගත් මෙහෙයක් ඉටු කරනවා.දැරියක් මල්වර වෙන කාලයේදී, කිරි දෙන කාලයේදී සහ කාන්තාවක් ගර්භණී අවස්ථාවේදී තයිරොයිඩ් හෝර්මෝනය වැඩියෙන් නිපදවීම නිසා ග්‍රන්ථිය විශාල වෙනවා. එය සාමාන්‍ය තත්ත්වයක්.

තයිරොක්සින් හෝරමෝනය වැදගත් ඇයි?

  • හෘද ස්පන්දනය යහපත් පරිදි පවත්වා ගැනීම
  • මානසික මට්ටම යහපත්ව තබාගැනීම
  • අපේ සම සහ හිසකෙස් යහපත්ව තබාගැනීම
  • කාන්තාවන්ගේ ඔසප් චක්‍රය යහපත්ව තබාගැනීම
  • මලපහ කටයුතු යහපත් පරිදි පවත්වා ගැනීම

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් මොනවාද?

  • තයිරොක්සින් හොර්මෝනය අඩුවීම
  • තයිරොක්සින් හොර්මෝනය වැඩිවීම
  • තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටිති

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග ඇතිවීමට හේතු මොනවාද?

  • දිගුකාලයක් පවතින අයඩින් ඌනතාව
  • තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන ආසාදන
  • තයිරොයිඩ් ග්‍රන්ථියට විරුද්ධව ප්‍රතිදේහ නිපදවීම
  • තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන ගැටිති නිසා වැඩිපුර තයිරොක්සින් හෝර්මෝනය නිපදවීම

තයිරොක්සින් හෝර්මෝන වැඩිවීම නිසා දැනෙන රෝග ලක්ෂණ

  • බඩගිනි වැඩියෙන් දැනීම
  • හෘද ස්පන්දනය වැඩිවීම
  • අධික ලෙස දහඩිය දැමීම
  • බඩ බුරුල් වීම
  • කෙට්ටු වීම
  • මානසික වෙනස්කම් කේන්ති යෑම
  • ඔසප් චක්‍රය අසමාන්‍ය වීම සහ රුධිර වහනය වැඩිවීම
  • වෙනත් ඉන්ද්‍රියන්ට ඇතිවන බලපෑම උදාහරණ ලෙස හදවත වැඩිපුර වැඩකිරීම නිසා හෘද සංකුලතාවන් ඇතිවීම

තයිරොක්සින් හෝර්මෝනයේ ඌනතාවක් ඇති වූ විට දැනෙන රෝග ලක්ෂණ මොනවාද?

■ අලසබව

■ නිදිමත

■ මානසික පීඩනය

■ මොළය හා ශරීරයේ ක්‍රියාකාරිත්වය අඩුවීම

■ අධික සීතල

■ සම ගොරෝසු වීම

■ හදවතේ ස්පන්දය අඩුවීම

■ හිසකෙස් ගිලිහීම

■ මලබද්ධය

■ ඔසප් චක්‍රය අක්‍රමත් වීම

■ මදසරුබව

තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග හඳුනාගැනීමට සිදුකරන පරීක්ෂණ මොනවාද?

■ මුලින්ම රෝගියා පරීක්ෂා කරනවා. හදවත වගේම බෙල්ල පරීක්ෂා කරනවා. රුධිර පරීක්ෂණයකින් මේ ගැන බලාගන්න පුළුවන්. මෙම TSH , T4 පරීක්ෂණය රුධිර පරීක්ෂණය සඳහා නිරාහාරව සිටීම අවශ්‍ය නැහැ.

■ බෙල්ල ආශ්‍රිතවඬ සිදුකරන අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂාව.

තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝග වෙනුවෙන් ලබාදෙන ප්‍රතිකාර

මේ වෙනුවෙන් ලබාදෙන තයිරොක්සින් ප්‍රතිකාර උදේ පාන්දර හිස්බඩ නියමිත මාත්‍රාවෙන් ලබාගැනීම. පෙති ලබාගෙන විනාඩි 30 ක් යනතුරු ආහාර ලබාගැනීම සුදුසු නැහැ. මාස තුනක් හෝ හයකට පසුව වෛද්‍යවරයාගේ උපදෙස් අනුව පරීක්ෂණ වාර්තා ලබාගැනීම වැදගත්.

අවදානම් කණ්ඩායම් කවුද?

  • පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්
  • ජානමය හේතු
  • තයිරොයිඩ් ආශ්‍රිත ගැටිති ඇති රෝගීන් ගැටිති නිසා ඇතිවන අවදානම ගැනත්
  • ගැටිති විශාල වී ඉදිරියට නෙරා තිබීම නිසා ස්වාස නාලය තදවීම නිසා හුස්ම ගැනීමේ අපහසුතාවන්
  • උරස් කුහරය තුළට නෙරා ගිය විට ධමනී අවහිර වීම

ගැටිති වෙනුවෙන් ප්‍රතිකාර ලබාගැනීම

තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇති ගැටිතිවල ස්වභාවය අනුව ප්‍රතිකාර ලබාදෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමුන රෝගීන් හැම දෙනෙක්ම පිළිකා රෝග තත්ත්වයක් නොවේ. ඒ නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවිය යුතුයි. නමුත් 10% ක් පමණ තයිරොයිඩ් පිළිකා වීමට පුළුවන්.

පිළිකාවක් වුණත්

තයිරොයිඩ් පිළිකා මුල් අදියරේදී හඳුනාගත් විට 100% කින්ම සුව කරන්න පුළුවන්. මෙම ගැටිති ඉවත් කර අයඩින් ප්‍රතිකාර ලබාදීමෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබෙනවා. ප්‍රතිකාරවලින් පසුව පිළිකා සෛල තිබෙනවාදැයි හඳුනාගැනීමට පරීක්ෂණ තිබෙනවා.

  • ස්කෑන් පරීක්ෂාව
  • FNAC- පරීක්ෂණය (Fine needle aspiaration Cytology)
  • රුධිර පරීක්ෂාව
  • පටක පරීක්ෂාවක් (Biopsy)

මෙම පරීක්ෂණ වාර්තාවට අනුව පිළිකා සෛල ඉතිරිව ඇත්නම් නැවත ප්‍රතිකාර ලබාදීම සිදුවනවා.

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග වළක්වා ගැනීම

ආහාර සමතුලිතව ලබාගැනීම – අයඩින් මිශ්‍ර ලුණු භාවිත කිරීම, මාළු ආහාරයට ගැනීම.

පවුල් ඉතිහාසයක් ඇත්නම් ඒ ගැන උපදෙස් ලබාගැනීම.

මේ අන්දමින් ඔබට තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග තත්ත්වයක් ඇත්නම් ඒ ගැන නොසලකා හරින්න එපා. සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ඒ ගැන උපදෙස් ලබාගැනීමෙන් ඔබට මෙම රෝග තත්ත්වය නිසා ඇතිවිය හැකි අතුරු අපහසුතාවන් අවම කරගෙන ජීවිතය යහපත්ව ගත කිරීමට හැකියාව ලැබෙනු ඇත.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️





 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බඩවැලෙත් ලෙඩ ඇතිවෙන්න පුළුවන්

May 19, 2025

ටෙස්ටොස්ටොරන් මට්ටම හොඳින් තියාගන්න.

May 19, 2025

බබාලගේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සාමාන්‍ය තත්ත්වයක්ද?

May 12, 2025

හන්දි වේදනාව, ඉදිමුම, උණ සමග රතු ලප තිබෙනවා නම් චිකුන්ගුන්යා විය හැකියි වහාම ප්‍රතිකාර ගන්න

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?