නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අත්වලිනුත් ඔයාගේ ලස්සන පේනවා.
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

අත්වලිනුත් ඔයාගේ ලස්සන පේනවා.

Published June 2, 2025
හම, නිය පෙළ ලස්සනයි. නමුත් වයසින් වැඩෙත්ම අපගේ ජීවන  රටාවන් අනුව දෑතේ සුන්දරත්වය සහ සිනිඳු බව ටිකෙන් ටික වියැකෙනවා. ඔබට මතක ඇති අපි මීට පෙර සතියක කතා කළා කාන්තාවකගේ දෙපාවල සුන්දරත්වය ඇයගේ පෞරුෂත්වයට කෙතරම් බලපානවද කියලා. ඒ වගේම දෑත්වල සුන්දරත්වයත් ඇයගේ පෞරුෂත්වය පවත්වාගෙන යාමේදී අනිවාර්යෙන්ම බලපාන කරුණක් බව පැහැදිලිවම කිව යුතුයි. මොකද ඔබ වටිනා ඇඳුම් ඇඳගෙන වටිනා ආභරණවලින් සැරසී ලස්සනට මේකප් එකක් දාගෙන ගියත් දකින කෙනෙකුට ඔබේ දෑත අධිකව වියලිලා රැලි වැටිලා, නියපොතු නරක් වෙලා, දෑත ගොරෝසුයි නම් ඇත්තටම එයම ඇති ඔබගේ පෞරුෂත්වය බිඳ දැමීමට හේතුවක් වෙන්න.

දෑතේ සුන්දරත්වයට බාධා ඇතිවෙන්නේ ඇයි?

පළමු කාරණය විදිහට ඔබගේ ශරීරයේ  උෂ්ණාධික බව මෙයට ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්. දෑත් රැළි වැටෙන්නට, වියළි වෙන්නට, ගොරෝසු වෙන්නට ශරීරයේ අධික උෂ්ණත්වය අනිවාර්යෙන්ම බලපානවා. ඉතින් හැමදාම කියනවා වගේ ඇඟ නිවා ගන්න නෙල්ලි, රසකිඳ, ඉරමුසු වගේ පානයක්නම් ගතවුතුමයි. ඒ වගේම ඉතා හොඳින් ජලය ද පානය කළ යුතුයි.

සේදුම් දියර ස්පර්ශ කිරීමෙන් අනතුරු බේබි සබන් ගා දෑත් සෝදන්න

ඊට අමතරව ඔබ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාමේදී සේදුම්කාරක ලෙස භාවිත කරන සබන්, රෙදි සෝදන කුඩු, භාජන සෝදන දියර ආදිය දෑතට ඉතාමත් හානි කරයි. මේ ඔබ නොදන්නා කාරණාවක් විය හැකියි.

මෙම නිෂ්පාදනවල ඇති කෝස්ටික් සෝඩා ඇතුළු රසායනික ද්‍රව්‍ය ඔබගේ දෑත රැළි වැටීම, වියළීම, සම පුපුරා යාම, අව පැහැ ගැන්වීම, ගොරෝසුවීම වගේම සම පිළිස්සුනු ස්වභාවයක් ගැනීම වැනි තත්ත්වයන් ඇති කරනවා.

ඒ වගේම බොහෝ කාන්තාවන්ගේ නියපොතු දෙපස නරක් වීමටද මෙය ප්‍රධාන හේතුවක්. එම නිසා සේදුම්කාරක මිලදී ගැනීමේදී ලාභයට වඩා ඔබගේ දෑත ගැන සිතා උසස් ප්‍රමිතියකින් යුතු සේදුම්කාරක මිලදී ගැනීමට වගබලාගත යුතුයි. ඒ වගේම සේදුම්කාරක දියර ස්පර්ශ කිරීමෙන් අනතුරුව බේබි සබන් ගා දෑත් හොඳින් සෝදා තෙත මාත්තු කිරීමෙන් මේ තත්ත්වය බොහෝ දුරට මගහරවා ගත හැකියි.

බාල තත්ත්වයේ නිය ආලේපනත් හොඳ නෑ

යුවතියන් බොහෝ ප්‍රිය කරන නිය ආලේපන භාවිතයේදීත් හොඳින් සැලකිලිමත් විය යුතුයි. පර්ස් එකට පහසු නිසා සේල් වගේ දාලා තියෙන බාල නිය ආලේපන  පස්සෙ දුවන්නැතුව උසස් තත්ත්වයේ නිය ආලේපනයක් ගානවනම් නියපොතු නරක්වීමක් වෙන්නෙ නෑ. නිය ආලේපන විතරක් නෙවේ නේල් රිමූවර්ස් පවා උසස් තත්ත්වයේ විය යුතුයි.

අපි බලමු මේ කුමන තත්ත්වයක් නිසා හෝ ඔබගේ දෑතෙහි සුන්දරත්වයට හානි පමුණුවන විවිධ හේතුවලට ආයුර්වේදෙන් ලබා ගත හැකි පිළියම් මොනවාද කියලා.

වියළි ගොරෝසු දෑතට ස්ක්‍රබ් එකක්

■ වෙනිවැල් කුඩු, නෙල්ලි කුඩු පිරිසිදු පොල් තෙල් සමග කලවම් කර පිරිසිදු කරගත් දෑතෙහි ආලේප කර විනාඩි දහයක් පමණ තිබෙන්නට හරින්න. පසුව රවුම් ආකාරයට හොඳින් පිරිමැද සෝදා ඉවත් කරන්න.

■ සුදු හඳුන් කුඩු, කෝපි කුඩු, රතු හාල්පිටි ඔලිව් තෙල් හෝ පොල්තෙල් සමග කලවම් කර ඉහත ආකාරයටම ආලේප කර, පිරිමැද සෝදා ඉවත් කරන්න.

වියළි රැලි වැටුණු සමට සත්කාර

■ හණ ඇට කොටා පවුඩර් කර දිනපතා එම පිටි තේ හැන්දක් පමණ ගෙන ජලය ස්වල්පයකින් දියකර ජෙල් ස්වභාවයට පත් වූ පසු එය දෑත්වල ආලේප කර පිරිමදින්න. පිරිසිදු පොල්තෙල්, තල තෙල්, ඔලිව් තෙල් සමව ගෙන එයට විටමින් E කරලක් එකතු කර දිනපතාම රාත්‍රියට ආලේප කළොත් ඔබ වයසට ගියත් ඔබේ දෑත නම් වයසට නොයනු ඇත.

දෑත් පැහැපත් කර ගැනීමට පැක්ස්

■ කෝමාරිකා, කහ කුඩු, මී පැණි සමව ගෙන කෝමාරිකා යුෂෙන්ම හොඳින් කලවම් කරගන්න. පසුව හොඳින් ආලේප කර විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර සෝදා ඉවත් කරගන්න. මෙය ඔබේ දෑත පමණක් නොව මුහුණ ද රන්වන් පාට කරන දිව්‍ය ඖෂධයක්.

■ රත් හඳුන් කුඩුවලට අර්තාපල් යුෂ හා තක්කාලි යුෂ එක් කොට සාදා ගන්නා ආලේපනයෙන් පුළුවන් දෑත් පැහැපත් කරන්න. වැල් මදට කුඩු, වැල්මී කුඩු, කස්තුරි කහ, සූදුරු කුඩු, සැවැන්දරා මේ සියල්ල ගස්ලබු යුෂෙන් මිශ්‍ර කර ආලේප කරන්න.

අව්වට පිළිස්සුණු දෑතට

■ රාබු ඉස්ම, දෙහි ඇඹුල් සමග මිශ්‍ර කර දෑත්වල ආලේප කරන්න.

■ අර්තාපල් යුෂ, කහ කුඩු සමග මිශ්‍ර කර ආලේප කරන්න.

■ තක්කාලි යුෂ, කහ කුඩු සමග මිශ්‍ර කර ආලේප කරන්න.

නියපොතු නරක් වීමට විසඳුම්

දිනපතා රාත්‍රියට දෙහි ඇඹුලෙන්  නියපොතු පිරිසිදු කර කෝමාරිකා මදය ගෙන එය නරක් වූ නියපොත්තට තබා බුලත් කොලයකින් හෝ කෙසෙල් කොළයකින් ඔතා රෙදි කැබැල්ලකින් බැඳ උදේට ඉවත් කරන්න. මේ ආදී ලෙස ඇප කැප වී සත්කාර කිරීමෙන් ඔබට ඉතා සුන්දර වූ දෑතක් හිමිකර ගත හැකියි.

ආයුර්වේද රූපලාවන්‍ය ශිල්පිණී
හිමාලි ෂර්මිලා

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ටෝනර් එකක් ගෙදර හදමු.

May 26, 2025

Cool  එකේ ඉන්නනම් මේ දේවල් Cool  කරලා පාවිච්චි කරන්න.

May 19, 2025

දිදුළන කොන්ඩෙකට Silicone Oil

May 12, 2025

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?