නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ටෝනර් එකක් ගෙදර හදමු.
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

ටෝනර් එකක් ගෙදර හදමු.

Published May 26, 2025

ටෝනර් කියන්නෙ සම පිරිසිදු කරන්න යොදාගන්නා පිරිසදුකාරකයක්. අපි මේක්අප් එකක් කළාම හෝ ක්ලෙන්සර් එකක් කළාම මුහුණේ විවර වන රෝම කූප ටෝනර් එකක් භාවිතයෙන් වසාගන්න පුළුවන්. ඒ නිසා ටෝනර් කියන්නෙ එදිනෙදා මේක්අප් දාන අය අනිවාර්යයෙන්ම භාවිත කළ යුත්තක්. මොකද මේ දේවල් කරල රෝමකූප විවර වෙලා තියෙද්දි සාමාන්‍ය ජලයෙන් විතරක් මුහුණ සෝදා එළිමහනේ රැඳුණොත් වෙන්නෙ අව්වට සහ දුහුවිලිවලට සම නිරාවරණය වීමෙන් සමේ ආසාදිත තත්ත්වයන් ඇති වන එක. ඒ වගේම බොහෝ දෙනා ලේසියට පහසුවට භාවිත කරන්නෙ වෙළෙඳපොළේ ඇති කෘතිම ටෝනර්ස්. ඒත් හැමෝම කැමතියි ඕනම රූපලාවන්‍ය සත්කාරයක් ස්වභාවිකව සකසාගන්න පුළුවන් නම්. ඒ වගේම මේ දවස්වල ගෙදරදිම ඉතාම පහසුවෙන් මේ දේවල් සකසාගන්න පුළුවන් නම් එය ඔබට මෙබේ මුදල් පසුම්බියටත් පහසුවක් වේවි. ඒ නිසයි අද බියුටි පිටුවෙන් කියල දෙන ස්වභාවික ටෝනර් එකක් ගෙදරිම හදාගන්න ඔබත් උත්සාහ කරල බලන්න.

ස්වභාවික සහ කෘත්‍රිම ටෝනර්ස්වල ඇති වෙනස

වෙළෙඳපොළේ ඇත් කෘත්‍රිම ටෝනර්ස්වල කල්තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු වෙනවා. එවැනි කෘතිම රසායනික ද්‍රව්‍ය අඩංගු ටෝනර් එකකට වඩා ඔබට නිවසේදීම ස්වභාවිකව ටෝනර් එකක් හදාගන්න පුළුවන් නම් එය ඉතාම සෞඛ්‍යාරක්ෂිතයි. වැදගත්ම දේ ස්වභාවික ටෝනර් වර්ගවලින් ඔබේ සම ආරක්ෂා කරනවා වගේම සමට ඉතා නැවුම් බවක් ලබාදෙනවා.මේ ටෝනර් රෙසිපිවලට නියමාකාර ප්‍රමාණයන් නෑ. ඔබට කැමති ප්‍රමාණවලින් ගැළපෙන ආකාරයට සකසාගත හැකියි.

ඕනෑම සමකට පිපිඤ්ඤා ටෝනර්

පිපිඤ්ඤා ගෙඩියේ පොතු ඉවත් කරලා කැබලි කපා ඇටත් සමගම හොඳින් බ්ලෙන්ඩ් කරගත යුතුයි. පසුව එයට මී පැණි බිංදු කිහිපයක් එකතු කර හොඳින් කලවම් කර ටෝනර් එකක් විදිහට භාවිත කරන්න පුළුවන්.

වියළි සමකට පිපිඤ්ඤා, කැරට්,මිදි මික්ස් ටෝනර්

මේ පිපිඤ්ඤා ටෝනර් එකම තව ටිකක් වැඩිදියුණු කරල හදාගන්නත් පුළුවන්. එයට අවශ්‍ය වෙන්නෙ පිපිඤ්ඤා, කැරට්, ලෙමන් යුෂ සහ මිදි ගෙඩි දෙකක්. මේ සියල්ලම බ්ලෙන්ඩරය හොඳින් මික්ස් කරල මී පැණි තියෙනවා නම් බිංදු තුනක් විතර දාලා ටෝනර් එකක් විදිහට භාවිතයට ගන්න පුළුවන්. මී පැණි කියන්නෙ ටෝනර් එකකට අත්‍යවශ්‍යම සාධයක් නෙවෙයි.

එළවළු තෙලෙනුත් ටෝනර් එකක්

මේකට ඕන වෙන්නෙ එළවළු තෙල් මේස හැන්දක්, පිපිඤ්ඤා යුෂ අවශ්‍ය ප්‍රමාණයට, මී පැණි තේ හැඳි භාගයක්. මේකත් කලින් වගේම හොඳින් බ්ලෙන්ඩ් කිරීම පමණයි අවශ්‍ය වෙන්නේ. එළවළු තෙල් ටෝනර් එක පිළිස්සුණු ස්වභාවයක් ඇති හොඳින්ම වියළුණු සමකට ඉතාම ප්‍රතිඵලදායකයි. සමේ පිළිස්සුණු ස්වභාවය නැති කර දීප්තිමත් ස්වභාවයක් ලබාගන්න මේ ටෝනර් එකෙන් පුළුවන්.

රෝස, පිච්ච පිනි ටෝනර්

එළවළු වගේම ප්‍රසිද්ධම මල් පෙතිවලින් සකසාගන්න ටෝනර් වර්ග ඉතාම ජනප්‍රියයි. ඒ වගේම ලෝකේ ටෝනර්ස් සඳහා භාවිත කරන ජනප්‍රියම මල් වර්ග තමයි රෝස, පිච්ච, චැමොමයිල්, ජෙරනියම් සහ ලැවෙන්ඩර් කියන්නේ.

මේ අතරින් ලංකාවේ අපිට එදිනෙදා ගෙවත්තෙන් ලේසියෙන්ම හොයගන්න පුළුවන් මල් වර්ග තමයි රෝස සහ පිච්චි කියන්නේ. විශේෂම කාරණාව මුලින් සඳහන් කළ සියලුම ටෝනර් වර්ගයන්ට වඩා මේවා සකසාගැනීම ඉතාම පහසුයි.

රෝස මල් ඔබට අවශ්‍ය ප්‍රමාණයෙන් සොයාගෙන පෙති ගලවා වෙන් කරගත යුතුයි. පිච්ච මල්වල පෙති ගැලවීම අවශ්‍ය නෑ. පසුව මල් පෙති පිරිසිදු ඵාජනයකට දමා මල් පෙතිවලට සරිලන ප්‍රමාණයෙන් ජලය එකතු කර එක් රැයක් එළිමහනේ පින්නේ තැබිය යුතුයි. පසුව ඔබට පසුදා උදෑසන එම මල් පෙති මිශ්‍ර වූ ජලය පෙරලා අරගෙන ටෝනර් එකක් ලෙස භාවිතයට ගතහැකියි.

කල් තබාගැනීම උපරිම සතියයි

මේ සියලුම ටෝනර් වර්ග භාවිත කරන්න පුළුවන් සතියයි. නමුත් ප්‍රමාණය අනුව කල්තබාගැනීමේ දින වෙනස් වෙන්න පුළුවන්. ශීතකරණයක තබාගෙන භාවිත කළ හැකියි.

මහා පරිමාණයෙන් කරනවා නම්…

මල්වලින් සකසන ටෝනර්ස් මහා පරිමාණෙන් කරනවා නම් බොයිලර් එකක් අවශ්‍යයි. ඒ වගේම මහා පරිමාණෙන් මල් පෙතිත් අවශ්‍යයි. මල් පෙති සියල්ලම හොඳින් පිරිසිදු කර බොයිලේරුවට දමා එය රත් වනවිට ඉවතට පැමිණෙල වාෂ්ප බිඳිති බටයක් මාර්ගයෙන් එළියට ගෙන කුඩා බෝතල්වලට එකතු කරගන්න පුළුවන්.

එරංදි කෞශල්‍යා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

අත්වලිනුත් ඔයාගේ ලස්සන පේනවා.

June 2, 2025

Cool  එකේ ඉන්නනම් මේ දේවල් Cool  කරලා පාවිච්චි කරන්න.

May 19, 2025

දිදුළන කොන්ඩෙකට Silicone Oil

May 12, 2025

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?