නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: 2024 දී රටට යහපත ගෙනෙන දේශපාලන පෙරළි රැසක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

2024 දී රටට යහපත ගෙනෙන දේශපාලන පෙරළි රැසක්

Published January 1, 2024

2024 යනු වසර 4 කට පසු උදාවන අධික අවුරුද්දක්. 2024 සිට උදාවන ඉදිරි සිව් වසර අභාග්‍ය සම්පන්න නොවන බව මුලින්ම පැවසිය යුතුයි.

2024 ලංකාවට කොහොමද…

ලංකාව සම්බන්ධ පුරෝකථනයන් සිද්ද කරන ලග්නය කුම්භ ලග්නයයි. මේ වනවිට ලංකාව රාහු මහ දශාව ගත කරයි. 2017 සිට 2035 දක්වාම ගතවන රාහු මහ දශා කාල වකවානුව තුළ මෙරට වැසියන් රට රැකියාවලට යෑම සාමාන්‍යයි. මෙයට මූලික හේතුව 2017 දී රාහු මහ දශාව ආරම්භ වීමයි. 2024 ද එහි අඩුවක් නොපෙනේ. තව තව පිරිස් පිටරට යන්නට බලයි.

එසේ යන්නටම අර අදින අයට 2024 පෙබරවාරි, මාර්තු මාස දෙක වඩා යහපත් බවත් පැවසිය යුතුයි. ඉන් පසුව යන්නට බලා සිටිනවා නම් ලෝක දේශපාලන, ආර්ථික ආදී තත්ත්වයන්ද සලකා බලා ඒ තීරණය ගැනීම කාටත් සුදුසුයි. මන්ද 2024 ලෝක රැකියා වෙළඳපල ප්‍රභල ලෙස විවෘත වන තත්ත්වයක් තුළ අපේක්ෂිත වැටුප් සහ රැකියා සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලු මතුවිය හැකි බවයි පෙනෙන්නට තිබෙන්නෙ.

රටේ ආර්ථිකය…

2024 වසරට අදාළව ගත්විට ජනවාරි අවසානය දක්වා ආර්ථික අවපාතයේ කම්පනය තදින් ක්‍රියාත්මක වීමේ ලකුණු ඇතත් ඉන්පසු සුබ ලකුණු පහල වීමක් පුරෝකථනය කළ හැක. 2024 අප්‍රේල් සිට රටේ ඉදිරි ගමනට අදාල යහපත් ලකුණු බොහෝ පහලවනු ඇත. සෘණාත්මක ආකල්පයන්ම මනසේ රුවා සිටින්නන් හට එය පෙනේවිද යන්න සැක සහිත නමුත් ගත වූ සිව් වසරට අදාල තත්ත්වයන් නිරීක්ෂණයේදී මධ්‍යස්ථ දෘශ්ඨියෙන් රට දෙස බලන්නන්හට එහි සුබ ලකුණු බොහෝමයක් පෙනෙනු ඇත.

2024 මැයි මස බ්‍රහස්පති මාරුවෙන් පසු රටේ අපකීර්තියට අදාල සාධක ඉවත් වීමේ සලකුණු ද පහලවිය හැක. එනම් දැනට ඇති “ බංකොලොත් ” නාමය ද 2024 තුළ ඉවත්විය හැකියි. කොහොම නමුත් ඉන්දියාව, බටහිර ආදී අපගේ අසල්වැසි සහ අනිකුත් ප්‍රභල රටවල් සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවතීවිද යන්නනම් සැකයක් ඇත. ඒ සඳහා වන සහයෝගයට තදබල බාධා එල්ල වීමක් වසර මැද හෝ අග කාලවල සිදුවිය හැකියි.

ලංකාවේ දේශපාලනයට…

ඇසෙන කතා අනුව 2024 යනු ලංකාවට මැතිවරණ වර්ෂයකි. දේශපාලන කතිකාවත තුළ බරපතල කැළඹීම් 2024 දී ක්‍රියාත්මක වන බවක් ග්‍රහචාරය හරහාද පෙනේ. මාර්තු මුල සිට අප්‍රේල් 10 දක්වා කාලයත් අගෝස්තු, සැප්තැම්බර් මාස දෙක තුළත් දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ පරිවර්තන සිදුවිය හැකි කාලයකි. එහිදී අප්‍රේල් මුල දක්වා පෙරළීන් රටේ ගුණ පැත්තටත් අගෝස්තු, සැප්තැම්බර් පෙරළීන් රටේ අගුණ පැත්තටත් හේතු විය හැකි බව පෙනේ. 2024 වසරේ සිදුවන සෑම දේශපාලන පෙරළියක් ම රටේ යහපතට සිද්ධ වන පෙරළීන් බව නම් අනිවාර්යයෙන් පැවසිය හැකිය. එය පාට කුමක් වුණත් රටට යහපත් යන්න පමණයි අපට කිව හැක්කේ.

රටේ දේශගුණයට…

ඔක්තෝබරයේ සිට ප්‍රභල දේශගුණික වෙනස්වීම් අපේක්ෂා කළ හැක. වැස්සද අව්වද කියා පැවසීම අපහසු නමුත් ජනයා පීඩාවට පත්වන මට්ටමට ඒවා තීවෘ විය හැකි වගනම් පෙනෙන්නට ඇත. භූමියේ ශක්තිය හීනවීම නිසා වන නායයාම්, කඳු කඩා වැටීම්, සමහර පැතිවල ලැව්ගිනි සක්‍රීය වීම් වැනි ප්‍රභල වෙනස් වීම් නිතර නිරත සිදුවන්නට කාරණා යෙදෙන බව කිව යුතුමය.

සමාජීය තත්ත්වය….

සාමාන්‍ය ජනයාගේ හැසිරීම් රටාවන්වල එතරම් විප්ලවකාරී ස්වභාවයක් නොපෙනේ. එහෙත් අප්‍රේල් මුල දක්වා කාලයත් ඔක්තොම්බර් සිට දෙසැම්බර් දක්වා කාලයත් යම් යම් ජන අවදිවීම් දක්නට ලැබෙනු ඇත. අගොස්තු මැද සිට නොවැම්බර් අවසානය දක්වා ගුරු වර්ජන, උපදේශක ආදීන්ගේ සහ සමහරවිට ආගමික ප්‍රධානීන්ගේ පවා ආක්‍රමණශීලී හැසිරීම් බොහෝ දකිනට ලැබෙන නමුත් ඒවාද ක්‍රමානුකූලව නිශ්ක්‍රීය මට්ටමට පත්වනවා ඇත.

සයිබර් ප්‍රහාර…

රටේ තාක්ෂණික අංශ නම් 2024 තුල බොහෝ අවදියෙන් මෙන්ම සක්‍රීයව කටයුතු කළ යුතුයි. මන්ද නිතර නිතර තාක්ෂණික අංශවල බිඳ වැටීම්, පරිඝණක පද්ධති බිඳ වැටීම් හෝ හැකර් ප්‍රහාර ආදිය දියත් විය හැකියි. සමහර ඒවා ක්ෂණිකව පිළිසකර කළ නොහැකි මට්ටමේ ඒවාද විය හැකියි. විශේෂයෙන් ඒ අංශවල ආරක්ෂණ පද්ධති නිතර නිතර යාවත්කාලීන කරමින් පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි.

2024 දී ලෝකයට මොකද වෙන්නෙ ?

ලෝකායන අනාවැකියක් පැවසීම පහසු නැත. සුපුරුදු පරිදි මෙවරත් ලෝක ගමන ආරම්භ වන්නේ කන්‍යා ලග්නයෙනි. මේ අනුව ලොවෙහි ගමන්මග, ධන හුවමාරුව, භූමියේ හැසිරීම්, සතුරු බාධා, ආධ්‍යාත්මික නැඹුරුතා, සමස්ථ දියුණුව, ඉපැයුම් මාර්ග, අහිමිවීම්, ගිලිහීම් ආදී සෑම පැතිකඩයක්ම විමසා බැලිය හැක. ස්ථානීය වශයෙන් උදාවන තත්කාල කේන්ද්‍ර සටහනට අනුව ඔබට පෙනෙනවා ඇති සඳු 12 වැන්නේත්, ලග්නාධිපති ලෙස බුධ 03 වැන්නේත්, රවි 04 වැන්නේත් බව.

ලෝකයට අදාලව ගත්විට වර්ෂ ආරම්භය යම් ඛේදාන්තයක් බවයි පෙනෙන්නට තියන්නෙ. වෛරස් ආදියේ ව්‍යාප්තියක සලකුණු තියනවා. ඒ හේතුවෙන් යම් බරක්, පීඩාකාරී බවක් ලෝකයට දැනෙන්නට ඉඩ තියනවා. සංචාරක ආදී අංශවලද තරමක පසුගාමීත්වයක් සිදුවිය හැකියි.

එහි උපරිමය පෙබරවාරි දක්වා පවතින අතර යම් යම් සිද්ධීන් නිසා හට ගන්නා වූ කලබලකාරී බවක් අප්‍රේල් මුල් සතිය දක්වා ක්‍රියාත්මක වන නමුත් පෙබරවාරියේ සිට යම් බර හෑල්ලු වීමක ලකුණුද පෙනෙන්නට තිබෙනවා.

අප්‍රේල් 02 වන සතියේ සිට ලෝක මට්ටමෙන් සාමකාමී පිවිසුම් ආදියට කාරණා පෙනෙනවා. බොහෝ යුධමය තත්ත්වයන්වලදී පවා පීඩිතයන් කෙරේ ලෝක අවධානය ඇතිවන තත්ත්වයක් ආරම්භ වනවා. යුධමය තත්වයන්වල සාමකාමී ප්‍රවිශ්ඨයන් සඳහා ලෝක පෙළඹවීම් වැඩිවේවි. වසර ගණනාවක සිට පැවති සැලසුම් ආදිය සුබ පැත්තට ක්‍රියාත්මක වීමේ ලකුණු ද ඒ අතර වනවා.

ලෝක ආර්ථිකය…

2024 යනු ඉතුරුම් වැඩි කර ගැනීම් සහ නාස්තිය අවම කර ගැනීම් යන කාරණාවට සෑම රටක්ම පෙළගැසෙන වසරක්. වසරේ මුල්කාලීනව පසුගාමී වන්නට නියමිත සංචාරක ආදී කටයුතු පෙබරවාරියේ සිට නැවත සක්‍රීය වීමක් සහ ජුනි, ජූලි, අගෝස්තු ආදී කාල වකවානු තුළ සහ දෙසැම්බර් යන මාසවල උපරිමයට ගමන් කරාවි.2024 අප්‍රේල් දක්වා ලෝක ආර්ථිකය සහ දළ දේශීය නිෂ්පාදනයන්ගේ යම් පහල යාමකුත්, අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා තරමක ඉහල යාමකුත්, නැවත ඔක්තෝම්බරයේ සිට පහල අගයකට ගමන් කිරීමකුත් සිදුවිය හැකි බවයි. මේ සඳහා වන කාරණා විවිධ අයුරින් ක්‍රියාත්මක විය හැකියි.

එක පැත්තකින් යුධමය තත්ත්වයන් සහ කාලගුණ, දේශගුණ කාරණා ද තවත් පැත්තකින් ලෝක දේශපාලනමය කාරණාද මේ සඳහා හේතු විය හැක. ජුනි 30 සිට නොවැම්බර් 15 දක්වා වන සෙනසුරුගේ වක්‍රයත්, ඔක්තෝබර් 09 සිට 2025 පෙබරවාරි 04 දක්වා වන බ්‍රහස්පතිගේ වක්‍රයත් මෙහිදී විශේෂ වශයෙන් සලකා බැලිය යුතු අතර ඒ වක්‍ර කාලයන් තුළ බොහෝ දුරට ආර්ථික මෙන්ම කාලගුණ දේශගුණ අවපාතයන් ප්‍රභල ලෙස සක්‍රීය විය හැක.

ලෝක කාළගුණය…

2024 යනු එලිනිනෝ, ලානිනෝ තත්ත්වයන් ප්‍රභල ලෙස ක්‍රියාත්මක විය හැකි බවයි ලෝක කාලගුණ, දේශගුණ පුරෝකථනයන් තුලින් කියැවෙන්නෙ. ඒ පුරෝකථනයන් ජෝතිෂයේදීද එසේම වන නමුත් සාමාජීය වශයෙන් පුද්ගල වර්ධනයක් සඳහා හේතු ද ඒ ඇතුලත පවතින බව කිව යුතුයි. වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂ වර්ධනයක් මෙන්ම නව සොයාගැනීම් ආදියේ පරිවර්තනීය සලකුණු බොහෝමයක් ද 2024 වසර තුළ ක්‍රියාත්මකයි.

AI තාක්ෂණය නරක අතට…

දැනට ලෝක මට්ටමින් වේගයෙන් ව්‍යාප්ත වේගෙන යන කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ කාරණාව සඳහා ලෝක මට්ටමේ නීති සම්පාදනය වීමක් වැනි දේකට අර ඇදීමකි. එනම් ඒ හරහා සිදුවිය හැකි අනර්තයන් ඇතිවන බවයි. 2024 අගෝස්තු අග සිට නොවැම්බර් අවසානය දක්වා කාලය ආගමික අංශ ආදිය සම්බන්ධ ගැටුම් නැවත ඔඩු දුවන්නට ඉඩ ඇත. විශේෂයෙන් 2024 ඔක්තෝබරයේ සිට තත්ත්වය තරමක් නරක අතට පෙන්නුම් කරයි. පීඩිත පංතියද යම් කැළඹීමකට පත් වීමක් පෙන්නුම් කරයි. ලෝක නායකයන් සඳහා ද අගොස්තුවේ සිට නොවැම්බර් අවසානය දක්වා කාලය එතරම් සුබවාදී නැත.

බොහෝ දුරට ලෝකයම කළඹන සිදුවීමක් ඔක්තොම්බර්, නොවැම්බර් මාස 2 තුළ සිදුවිය හැකියි. ලෙඩ තත්ත්වයේ සිටින රාජ්‍ය නායකයන් ඔල්මාදයට හෝ විශාදයට පත්වන ලකුණු ද ඒ අතර වේ. යහපත් මානසික තත්ත්වයන් මාර්තුවේ සිට පිරිහීමට ලක්වන කාරණා සිදුවි හැකි බවත් අවධාරණය කරමි.

ශුද්ධ වන්තයෝ ලෙස රඟපාන්නන් ලොවට අශුද්ධ දේ කරන්නෝ වේ නම් අනිවාර්යයෙන් ඒ අයට දඬුවම් විඳීමටත් 2024 තුළ කාරණා යෙදේ. හුදෙක් එය භෞතික තත්ත්වයේ වුණත් නිරීක්ෂකයා හට එය ගෝචර වන්නේ හේතුපල න්‍යාය මත බව අනුමාන කළ හැක. ඒ අනුව ජෝතිෂ්‍යය විශ්වයේ කැළඹීම්, කැලතීම් සත්ත්වයාට ගලපන්නට උත්සාහ කිරීමකි. එයින් විහිදුවන ආලෝකයේ නිමිත්ත අනුව දත යුතු දේ හරියට දැන උදාවන නව වසරෙහි සියලු දොස් සියලු දෙනා දුරුකොට ගනිත්වා !

දෛවඥ ප්‍රියදර්ශන ආරියරත්න
ගල්කිස්ස

අර්චිත ඉඳුවර ✍️



 

TAGGED: Cyber ​​attacks, economy of the country, Election year, දේශපාලන පෙරළි
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?