නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මොකක්ද මේ  Envelope Budgeting
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

මොකක්ද මේ  Envelope Budgeting

Published January 1, 2024

2024 අමාරුවේ නොවැටී Life එක ප්ලෑන් කරන්න

ලංකාවේ අපට නම් 2024 අලුත් අවුරුද්ද වියදම් වැඩි අවුරුද්දක්. ඒ හින්දම අපි කරන වියදම් පවා හොඳට හිතල මතල කරන්න ඕනෙ. මාසේ අන්තිමට අමාරුවේ නොවැටී ගෙදර හැම වියදමක්ම ලස්සනට මැනේජ් කරගන්න අලුත් System එකක් තියෙනවා. ඒ තමයි Envelope Budgeting System. තේරෙන විදිහට කිව්වොත් ලියුම් කවර ක්‍රමය, එහෙමත් නැත්තම් ලියුම් කවර අයවැය ක්‍රමය. මේ ක්‍රමයෙන් ගෙදරදොරේ වියදම් හොඳ පාලනයක් ඇතුව කරන්න පාවිච්චි කරන්න පුළුවන් ලෝකයේම පිළිගත්ත ක්‍රමයක්. මූල්‍ය විනය මදි කියලා හිතෙන, වියදම් පාලනය කරන්න නොතේරෙන අයට ගොඩක් ඵලදායී ක්‍රමයක් තමයි මේක.

මොකක්ද මේ Envelope ක්‍රමය?

මුලින්ම මේ ක්‍රමය හොයාගෙන තියෙන්නෙ ඇමරිකාවේ ඩේව් රැම්සේ කියන පුද්ගලයා. මේ පුද්ගලයා ආර්ථික විශේෂඥයෙක්වත් ඒ ක්ෂේත්‍රයේ මහා ලොකු තැනක් තියෙන කෙනෙක්වත් නෙමෙයි. මුල්‍ය අංශයට සම්බන්ධ උපාධියක් තියෙන ව්‍යාපාරිකයෙක්.

මේ ක්‍රමයෙන් වෙන්නෙ මාසිකව ඔයාට ලැබෙන ආදායමෙන් එක එක ප්‍රභේදයන්ට ඒ කියන්නෙ ගෙදර විවිධ වියදම්, ගෙවල් කුලී, ආහාර, බිල්පත් වගේ ඒවට වෙන වෙනම අවශ්‍ය කොච්චර මුදල් ප්‍රමාණයක්ද කියන එක තීරණය කරලා ඒ මුදල් ලියුම් කවරවලට වෙන් කරලා දාගෙන වියදම් කරන එක. මේ ක්‍රමයෙන් මූලිකවම සිදුවෙන්නේ හිතුමනාපෙට කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කරන අනවශ්‍ය වියදම් පාලනය වෙන එක.

Envelope ක්‍රමය ක්‍රියාත්මක වෙන හැටි

මාසෙ මුදල් වියදම් කරනකොට අපේ අතින් වෙන මේ සීමාවක් නැතුව කෙරෙන වියදම්වලට ලොකුම හේතුව තමයි මේ දේට වියදම් කළා දැන් ඇති කියලා කියන්න කිසිම මිණුම් දණ්ඩක් නැතිකම. අන්න එතැනදී තමයි මේ ක්‍රමය අපිට වැදගත් වෙන්නේ.

බජට් ප්ලෑන් එක

මුලින්ම කරන්න ඕන පෑනක්, කොළයක් එහෙමත් නැත්තම් එක්සෙල් ෂීට් එකක් හරි අරගෙන තමන්ගෙ මාසික ආදායමයි ඒකෙන් කරන්න තියෙන වියදම් ටිකයි වෙන් කරලා හඳුනාගන්න එක. ඊළඟට අදායම අනුව ඒ ඒ කැටගරි එකට කොච්චර මුදල් ප්‍රමාණයක් වියදම් කරන්න පුළුවන්ද කියලා ලියාගන්න. උදාහරණයක් කිව්වොත් මෙන්න මෙහෙමයි. ගෙවල් කුලිය රු. 30,000, පාසල් ගාස්තු රු. 15,000, ආහාර වියදම් රු. 20,000 වගේ. ඒ මාසෙට එන්න තියෙන උපන්දින පාර්ටි, මඟුල් ගෙවල් වගේ ඔක්කොම අතිරේක වියදම් ටිකත් කලින්ම ප්ලෑන් කරලා ගාණක් වෙන් කරලා තියාගන්න.

Envelope පිරවීම

ඊළඟට තියෙන්නේ ලියුම් කවර පිරවීම. මේක හරිම ආස හිතෙන වැඩක්. මෙතනදි මේ ලියුම් කවර කියන්නෙ අමුතු කවර ජාතියක් නෙමෙයි. අපි ලියුම් යවන්න පාවිච්චි කරන සාමාන්‍ය කවර. තමන්ට කැමති, පහසුයි කියලා හිතෙන සයිස් එකකින් ලියුම් කවර ගන්න. නැත්නම් තමන්ටම පුළුවන් ලස්සන ලියුම් කවර ටිකක් හදාගන්න. කලින් අපි ලියාගත්ත කැටගරීස් ප්‍රමාණයට ටිකක් වැඩියෙන් කවර ගන්න.

ඒ වගේම තමයි මේ ක්‍රමය ඔන්ලයින් වියහියදම් කරන්න හරියන්නෙ නැහැ. මොකද ඔන්ලයින් වියදම් කෙරෙද්දී පාලනය බොහොම අඩුයි. මේක ඊට වඩා සෑහෙන්න මුදල් පාලනය වෙන ක්‍රමයක්. ඒ නිසා මාසය ඇතුළත වියදම් කරන සල්ලි ඔක්කොම බැංකුවෙන් අරගෙන තමයි වැඩේට බහින්න ඕන.

දැන් සටහන් කරගත්ත කැටගරීස් ටිකට අදාළ බජට් එකත් එක්ක ලියුම් කවරවල ලිය ලිය කවර පුරවන්නයි තියෙන්නෙ. සල්ලි මාරු කරගෙනම වැඩේ පටන් ගත්තනම් වැඩේ ලේසියි. ගෙවල් කුලී කියලා කවරයක් ලියල ඒකෙම ලියනවා රු. 30,000 කියල. 30,000ක් ගණන් කරලා ඒකට දාන්න. ඒ වගේ ඔක්කොම කවර ටික ගාණට පුරවගන්න.

වියදම් කීරීම

ඊළඟට තියෙන්නෙ අපේ ආසම වැඩේ. හැබැයි මතකම තියාගන්න ඕන දේ තමයි ඒ වැඩේට වියදම් කරන්න තියෙන්නෙ ඒ කවරේ තියෙන ප්‍රමාණය විතරයි. මේක ක්‍රමයට ඉතින් පොඩි විනයක් තියෙන්නත් ඕන. අනික් කවරවලින් සල්ලි අදින්නත් බැහැ. මේ කවරෙ සල්ලි ඉවරයි නම් ඉවරයිම තමා.

මේ ක්‍රමයේ වාසි

කලින් කිව්ව වගේ මේ ක්‍රමයේ තියෙන ලොකුම වාසිය තමයි මුදල් නිකරුණේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වියදම් කිරීම වැළකෙන එක. ඒ වගේම කාලයක් මේ ක්‍රමය පාවිච්චි කරනකොට ඔයාගේ මූල්‍ය විනය කියන එක හොඳ මට්ටමකට හැදෙනවා. ඊට පස්සේ කවරෙ සල්ලි ඉතුරු වුණත් අනවශ්‍ය වියදමක් කියල හිතෙනවනම් නොකර ඉන්න මට්ටමට හිතෙන්න පුළුවන්.

ඔන්ලයින් කෙරෙන වියදම්

මේ ක්‍රමයේදී ඔන්ලයින් වියදම් බැහැ කළොත් වැඩේ සාර්ථක වෙන්නෙ නැහැ. මොකද ඔන්ලයින් වියදම් පාලනය කරන්න අමාරුයි. ඒකට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. ඔබ ඔන්ලයින් වියදම් කරන්න හදන අදාළ කැටගරි එකට ඒ කිව්වේ බිල් පේමන්ට්ස් එහෙම නැත්තම් ඇඳුම් මිලදී ගන්න වගේ ඒ වියදමට අදාළවත් වෙනම කවරයක් වෙන් කරලා වියදම් කරන්න හිතන මුදල ඒකෙ ලියන්න.

සල්ලි දාන්නෙ නැහැ. මොකද ඔන්ලයින්නෙ ගෙවන්නෙ අපි. හැබැයි කාර්ඩ් එකෙන් හෝ ඔන්ලයින් බෑන්කින්වලින් ගෙව්වත් වියදම් කරන්නෙ අර ලියපු ගණන හෝ ඊට අඩුවෙන් විතරයි.

එන්විලොප් එක හිස් වුණහම?

මේක තමයි ලොකුම ප්‍රශ්නෙ. ඒ වියදමට අදාළ එන්විලොප් එකේ සල්ලි කලින්ම ඉවර වුණාම ? මේක ලොකුම නීතිය’ “වෙන Envelope වලින් සල්ලි ගන්නම බැහැ” මේ ක්‍රමය පටන් ගත්ත මුල්කාලෙ නම් “ඔන්න ඔහේ වෙන කවරෙකින් ගන්නවා” කියල හිතෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. මේ ක්‍රමයේ මූලිකම අරමුණ තමයි වැඩි වියදම් පාලනය කරලා ඔයාව හරි ට්‍රැක් එකේ තියාගන්න එක. ඉතින් එහෙම කවරයක් ඉවර වුණ වෙලාවට ස්වයං පාලනයක් ඇතුව ඒ අවස්ථාව කොහොමහරි පාලනය කරගන්න වෙනව. ඒ කියන්නෙ ඇඳුම් ගන්න සල්ලි ඉවරනම් ආසම ඇඳුමක් තිබ්බත් වැඩේ ඊළඟ මාසෙට කල්දාන්න ඕන.

හදිසි අවස්ථා

අනිවාර්යෙන්ම එහෙම අවස්ථා අපි කාගෙත් ජීවිතවලට එන්න පුළුවන්. ඒත් හැබැයි හිතුමතේට වෙන කවරෙකින් සල්ලි ඇදලා ක්ෂණිකව වියදම් කරන්නනම් බැහැ. මුලින්ම අපි හදපු බජට් එක ආපහු අතට අරගෙන සල්ලි ගන්න පුළුවන්, ලේසිම සහ වඩාත්ම ගැටළු අඩු කැටගරි එක තෝරාගෙන ඒකෙන් තමයි සල්ලි ගන්න ඕන.බජට් එකත් ආපහු වෙනස් කරලා ඒ කවරෙන් මුදල් අරන් හදිසි අවස්ථාව පාලනය කරගන්න.

එහෙමත් නැත්තම් පුළුවන්කමක් තියෙනවනම් කරන්න තවත් වැඩක් තියෙනවා. මාසෙ මුලදිම හදිසි අවශ්‍යතාවලට වෙනම කවරයක් වෙන් කරල ඒකටත් පොඩි මුදලක් දාල තියාගන්න. එතකොට බජට් එක අවුල් යන්නෙත් නැහැ. හැබැයි මේ කවරයෙන් සල්ලි ගන්න ඕනෙ අර වගේ වියදම් නොකරම බැරි හදිස්සිම වෙලාවක් අවොත් විතරයි කියන එකත් හොඳටම මතක තියාගන්න ඕන.

මාසෙ අන්තිමට ඉතුරු

මේ System එකේ තියෙන ලස්සනම කොටස තමයි මේක. මාසෙ අන්තිමට කවරවල ඉතුරු සල්ලි! මේක කියවද්දි නම් ඔයාල අනිවාර්යෙන්ම හිනායයි. මාසෙ වියදම් කරන්නත් මදි අපිට මොන ඉතුරු සල්ලිද කියලා. හැබැයි මේ Envelope System එක පටන් අරන් ඒකට හුරු වුණාම ඔයා නොහිතන විදිහට කවරවලින් පුංචි පුංචි ගණන් ඉතුරු වෙයි. ඒ වගේම මේ ක්‍රමයට ඇබ්බැහි වුණාම පාරේ යන එන ගමන් අපි කරන ගොඩක් අනවශ්‍ය වියදම් නොදැනුවත්වම අඩුවෙනවා. මාසෙ අන්තිමට කලින් නොතිබුණ විදිහට එහෙම ගාණක් ඉතුරු වුණාම දැනෙන සතුටනම් මිල කරන්න බැරිවෙයි.

අර්චිත ඉඳුවර ✍️









 

TAGGED: Budgeting System, Envelope Budgeting, management, Spending online
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?