නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: තැඹිලි පාට තැඹිලි ගෙඩියේ කහකඩයෙන් හර්බල් තේ හදන ලඳක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

තැඹිලි පාට තැඹිලි ගෙඩියේ කහකඩයෙන් හර්බල් තේ හදන ලඳක්

Published December 25, 2023

තැඹිලි ගෙඩියක් පානය කිරීමෙන් පසුව එහි කෝම්බය ඉවතට දමනවා. එහෙම නැත්නම් දෙකට පලලා දර ළිපක් දැල්වීමට යොදාගන්නවා එතැනින් ඔබබ්ට ගිය ප්‍රයෝජනයක් ගැන අපි කවුරුත් හිතුවේ නැහැ. නමුත් අලව්ව, මඩවල, කැප්පටිවලාන පදිංචි මධුශානි තක්ෂිලා ඉවත දමන තැඹිලි ගෙඩියේ “කහකඩ” කොටස යොදාගෙන හර්බල් තේ පැකැට්ටුවක් නිෂ්පාදනය කළා…

ඔබට තැඹිලි ගෙඩියක “කහකඩ” කොටස ගැන අවධානයක යොමුවුණේ…

තැඹිලි කියන්නේ අපේ රටට ආවේණික පොල් වර්ගයක්. මෙය රන් තැඹිලි සහ ගොන් තැඹිලි යැයි ප්‍රභේද දෙකකින් යුක්තයි. තැඹිලි Cocosmucifera varantiaca යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙනවා. ඒ වගේම තැඹිලි ගෙඩියක් ගත්තාම එය වතුර (Water), ලොඳ (Endosperm), කහකඩ (Endocarp) සහ ලෙල්ල (Mesocarp) යන කොටස්වලින් යුක්ත වෙනවා.

තැඹිලි වතුරට තිබෙන අගය “කහකඩ” වෙනුවෙන් නැහැ..

අපේ රටේ තැඹිලි වතුර අපනයනය කරනවා. Th tetra pack සහ බෝතල් කළ තැඹිලි වතුර විදිහට අපනයනය කරනවා. ඒ වුණත් නොමේරූ තැඹිලි ගෙඩියක කහකඩ කොටස ඒ කියන්නේ තැඹිලි ගෙඩියක පොල්කටුව සහ ලෙල්ල කොටස ඉවත දමනවා. තැඹිලි වතුර වැඩි උෂ්ණත්වයක් යටතේ ( Ultra heat treatment (UHT) කල් තබාගන්න පුළුවන්.තැඹිලි වතුර බොහොම ගුණදායක බව අපි කවුරුත් දන්නවා. තැඹිලි වතුර සහ ලොඳ කොටස පෝෂණ පදාර්ථයන්ගෙන් යුක්ත වෙනවා.

ඛණිජ ලවණ, පොටෑසියම්, විටමින් සහ ඇමයිනෝ අම්ලයන්ගෙන් යුක්තයි. මෙහි අන්තර්ගත ස්වභාවික විද්‍යුත් විච්චේදක නිසා ශක්තිජනක පානයක් (Energy drink) විදිහටත් පානය කරනවා. ස්වභාවික විද්‍යුත් විච්චේදක සෛල නිසා ඇතුළත හා පිටත ජලය සමතුලිතව තබනවා. ඒ වගේම සිරුරට අවශ්‍ය ප්‍රදේශවලට ජලය ලබා දෙනවා. තැඹිලි වතුර වගේම මේ කහකඩ කොටසේ කැල්සියම්, මැග්නීසියම්, විටමින් සහ ප්‍රතිඔක්සිකාරක බහුලව අන්තර්ගතව තිබෙනවා. මේ සියල්ල පොතපත ඇසුරින් මං ලබාගත් දැණුම.

ඔබ අත්දැකීමෙන් දැනගත් දේ

පොල් කහකඩ වුණත් බොහොම ගුණදායක ආහාරයක් වගේම ආයුර්වේද ඖෂධයක්. අපි කුඩා කාලයේදී තුවාලයක් වුණාම කුරුම්බා ඇට්ටියක පිට පොත්ත ගල ගාලා තුවාලයට ආලේප කළා. බොහෝ අවස්ථාවල එයින්ම තුවාලය සුවවුණා. එදා මට නොතේරුණ දෙයක් අද තේරුම් යනවා. මේ කුරුම්බා ඇට්ටියේ අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ශක්තිය තුවාලය සුවවීමට හේතු වුණා. මේ වගේ එදිනෙදා ජීවිතයේදී මම ලබා ගත් අත්දැකීම් බොහොමයක් මගේ හිතේ කොනක තිබුණා.

කහකඩ යොදාගෙන ඖෂධීය තේ පානයක් සඳහා යොමුවුණේ

මම නාරම්මල මයුරපාද ජාතික පාසලෙන් ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වුණා. එතැනින් පසුව කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ ආහාර තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට සම්බන්ධ වුණා. මම දැනට “ලංකා බිස්කට් ආයතනයේ (CBL)“පරීක්ෂණ සහ සංවර්ධන නිලධාරී ( Research) Development ) විදිහට සේවයට සම්බන්ධව සිටිනවා.

ඒ අතර රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සති අන්ත පාඨමාලාවක් හදාරනවා. අද සමාජයේ බොහෝ දෙනෙක් ගුණදායක ආහාර ඉවත් කරලා ක්ෂණික ආහාර වෙත යොමුවෙලා සිටිනවා.මේ නිසා මිනිසුන් අඩු වයසෙන් රෝගීන් බවට පත්වනවා. ඖෂධීය වටිනාකමක් ඇතිකහකඩවලින් අලුත් නිෂ්පාදනයක් කරන්න ඕන කියන අදහස මගේ සිතේ කාලයක පටන් පැවැතුණා.

ඔබේ නිෂ්පාදනය ගැන

ඉවත දමන දෙයකින් ඉහළ පෝෂණ අගයක් ඇති නිෂ්පාදනයක් හඳුන්වා දීම මගේ අරමුණ වුණා. මගේ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම කොටින්ම 100% ක් ම කහකඩ යොදාගෙන සිදුවුණා. මේ කොටසේ කහට ගතිය හොඳින් තිබෙනවා. අඹරා වියළා ගත් කහකඩ ඇසුරුම් නොකොට මාසයක් වුණත් කල් තබාගන්න පුළුවන්.කහකඩ පෝෂණයෙන් ඉහළයි.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ප්‍රතිකාර වෙනුවෙන් මේ කහකඩ යොදාගන්නවා. මෙහි ස්වභාවයෙන්ම කහට සංයුතිය තුළ අන්තර්ගත ප්‍රතිඇසිඩ් නිසා ආමාශ ශ්ලේස්මල සමනය කරනවා. ආමාශ ආස්තරණය සමනය කරනවා. ඒ නිසා අම්ල පිත්තය සහිත රෝගීන්ට මෙය ඉතාම ගුණදායකයි. කාන්තා රෝග ගැන සඳහන් කරනවා නම් ඔසප් චක්‍රය ආශ්‍රිත සංකුලතාවන්ට, කාන්තා හෝර්මෝන ආශ්‍රිත අක්‍රමතාවන්ට ගුණදායකයි.

අමුද්‍රව්‍ය සොයා ගැනීමත් ගැටලුවක් නැහැ

අපට ඕනෑම ගමක නගරයක තැඹිලි විකුණන වෙළෙඳ මහතුන් සිටිනවා. ඔවුන් තැඹිලි ගෙඩිය ඇස්ස කපා කෝම්බය ඉවත දමනවා. මේ විදිහට ඉවත දමන තැඹිලි කෝම්බ කඳු ගණනින් අපි මග තොට දකිනවා. එක් පැත්තකින් පරිසරයේ ලස්සන නැති කරනවා. තවත් අතකින් ඩෙංගු මදුරුවන් වෙනුවෙන් නිවාස ගොඩනගනවා.

නමුත් ඉවත දමන තැඹිලි කෝම්බයේ කහකඩ කොටස ලබාගෙන අතුරු නිෂ්පාදනයක් සිදුකරනවා නම් අද මුහුණ පා තිබෙන පාරිසරික ගැටලුවටත් නොදැනීම විසඳුමක් ලැබෙනවා. ඒ විතරක් නොවෙයි තැඹිලි වතුර අපනයනය කරන සමාගම්වලටත් ඔවුන්ගේ අතුරු නිෂ්පාදනයක් (By product) විදිහට මේ කහකඩ යොදාගත් නිෂ්පාදන හඳුන්වා දෙන්න පුළුවන්.

ඔබේ නිෂ්පාදනයේ සන්නාමය

මගේ නිෂ්පාදනය ”Tender endocarp of king coconut herble tea˜” යනුවෙන් නම්කර තිබෙනවා. මේ නිෂ්පාදනය විශ්වවිද්‍යාලයේ පැවැති “Food ex” ප්‍රදර්ශනය වෙනුවෙන් ඉදිරිපත් කර එතැනින් තේරී “Pro food pro pack ” ජාත්‍යන්තර ප්‍රදර්ශනයට ඉදිරිපත් කළා. එය තේ බෑගයක් විදිහට ඇසුරුමකින් ඉදිරිපත් කළා. අපි සාමාන්‍ය තේ බෑගයක් සකස් කරගන්නා ආකාරයටම ඉතාම පහසුවෙන් උතුරන වතුර කෝප්පයකින් සකස් කරගන්න පුළුවන් මේ තේ පානය හරියටම තැඹිලි වතුර බොනවා වගේ කහට රසයකින් මිශ්‍ර රසයක් ඇතිකරනවා.

මම තවත් දෙයක් කියන්න කැමැතියි

ඔබ තැඹිලි කහකඩ යොදාගෙන නිෂ්පාදනය කළ හර්බල් තේ පානයක රසය බැලුවේ නැතැත් කමක් නැහැ. ඒත් කිසිම දවසක තැඹිලි වතුර පානය කළොත් එහි කහකඩ කොටස ආහාරයට නොගෙන ඉවත දමන්න නම් එපා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

TAGGED: CBL, Cocosmucifera varantiaca, king coconut, UHT
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love53
Sad0
Happy4
Sleepy0
Angry0
1 Comment
  • Perera says:
    December 26, 2023 at 12:05 pm

    Please provide contact information. How we can purchase this Herbal Tea.

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?