නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පියයුරේ සහ බඩවැලේ පිළිකා අවදානම 18% කින් අඩු කරන දම් ගෝවා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පියයුරේ සහ බඩවැලේ පිළිකා අවදානම 18% කින් අඩු කරන දම් ගෝවා

Published December 25, 2023

ගෝවා ගැන කී විට අපේ මතකයට නැගෙන්නේ කොළ සහ සුදු පැහැති ගෝවා. නමුත් දම් පැහැති ගෝවා අපි ආහාරයට එක් කර ගැනීමට එතරම් උනන්දුවක් දක්වන්නෙ නැහැ. සාමාන්‍යයෙන් හෝටල් කර්මාන්තයේදී සකස් කරන ආහාර වෙනුවෙන් දම් ගෝවා යොදා ගත්තත් ගෙදරදී නම් සුලබව භාවිත වන්නෙ නැහැ. කොළ පැහැති ගෝවා වගේම රසවත් දම් ගෝවා පෝෂණ ගුණයෙන්ද ඉතා ඉහළයි. කපා ගත් දම් ගෝවා කෝප්පයක අන්තර්ගත පෝෂණ සංයුතිය ලෙස

කැලරි 28
ප්‍රෝටීන් ග්‍රෑම් 1
කාබොහයිඩ්ඩ්‍රේට ග්‍රෑම් 7
තන්තු ග්‍රෑම් 2
විටමින් C 56% (දිනක භාවිතය)
විටමින් K 28% (දිනක භාවිතය)
විටමින් A 6%
පොටෑසියම් 5%
තයමින් 5%
රයිබොෆ්ලේවින් 5%
යකඩ, කැල්සියම්, සින්ක් සහ පොස්පරස් අඩංගුයි.

ප්‍රතිඔක්සිකාරක ශක්තිය

දම් ගෝවාවල අන්තර්ගත ස්වභාවික ප්‍රතිඔක්සිකාරක ශක්තිය නිසා සෛල වලට හානි සිදු වීමට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම කොළ පැහැති ගෝවාවලට සාපේක්ෂව බලන විට විටමින් C කැරොටොනොයිඩ් සහ ඇන්තොසයිනින් ඉහළ සංයුතියක් දම් ගෝවාවල අන්තර්ගතව තිබෙනවා. රතු, දම් සහ නිල් වර්ණයේ එළවළු සහ පලතුරුවල ඇන්තොසයිනින් වැඩි ප්‍රතිශතයක් තිබෙනවා.

දම් ගෝවාවල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ශක්තිය මෙම වර්ණයන්හි වෙනත් එළවළු සහ පලතුරුවල වර්ගවලට වඩා පස් ගුණයකින් ඉහළ බව පර්යේෂණයන් මගින් හඳුනාගෙන තිබෙනවා. මේ නිසාම අද බොහෝ දෙනෙක් පීඩාවට පත්ව සිටින අවාසනාවන්ත රෝග තත්ත්වයක් ලෙස සැලකෙන පිළිකා රෝගයෙන් ආරක්ෂා වීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම දම් ගෝවා ආහාරයට ගැනීමෙන් බඩවැල් ආශ්‍රිත පිළිකා සහ පියයුරු ආශ්‍රිත පිළිකා වැළඳීමට ඇති අවදානම 18% කින් අඩු වෙනවා.

ප්‍රදාහ තත්ත්වයන්ට

දම් ගෝවා අපේ ශරීරයේ විවිධ ප්‍රදාහ තත්ත්වයන්ට එරෙහිව ක්‍රියා කරන බැව් අධ්‍යයනයන් කීපයකින්ම හඳුනාගෙන තිබෙනවා. බඩවැල් ආශ්‍රිත ප්‍රදාහ තත්ත්වයන්හිදී මෙය ඉතා ගුණදායක ආහාරයක්. ඒ නිසාම ප්‍රදාහ තත්ත්වයන් නිසා ඇති වෙන අහසුතාවයන්ට මනා වූ සහනයක් ලැබෙන බවත් සතුන් ආශ්‍රිතව සිදු කරන ලද පර්යේෂණ මගින් හඳුනා ගෙන තිබෙනවා.

සන්ධි වේදනාවට

වියපත් වීමත් සමග ඇති වෙන සන්ධි වේදනාව වයස නිසා ඇති වෙන බව කිව්වත් එයින් ඇති අපහසුතාවය හඳුනන්නේ රෝගියා පමණක් බැව් නොකියාම බැහැ. නමුත් දිනකට දම් ගෝවා පත්‍රයක් බැගින් ආහාරයට ගතහොත් සති හතරක් පමණ යන විට සන්ධි වේදනාව යම් අන්දමකින් අඩු වෙන බවටත් දැන් වාර්තා වෙනවා.

කිරි දෙන මව්වරුන්ට

දරුවෙකුට මව්කිරි ලබා දෙන කාලයේදී මවගේ පියයුරු වේදනාවන් ඇති වෙනවා. මව් සෙනහස නිසා ඒ වේදනාව ඉවසා සිටියත් දම් ගෝවා ආහාරයට ගැනීමෙන් මේ වේදනාවන් සමනය කර ගැනීමට හැකියාව තිබෙනවා.

හදවතට ගුණයි

දම් ගෝවා හදවතට ගුණ ලබාදෙන එළවඵවක්. මෙහි ඇති ඇන්තසයිනින් සංයුතිය නිසා හෘද රෝග සංකුලතාවයන් අවම කර ගැනීමේ හැකියාව ලැබෙනවා. දිනකට ප්‍රමාණවත් පරිදි දම් ගෝවා ආහාරයට ගත් කාන්තාවන් දම් ගෝවා ආහාරයට නොගන්නා කාන්තාවන්ගේ හෘදය වස්තුව නීරෝගී මට්ටමක පවතින බවත් දැන් හඳුනාගෙන තිබෙනවා. ඇන්තසයිනින් නිසා රුධිර පීඩනය යහපත් තත්ත්වයක පවත්වා ගැනීමට පුළුවන්. ඒ නිසාම හදවත් ආශ්‍රිත රෝග තත්ත්වයන්ද අවම කර ගැනීමේ හැකියාව ලැබෙන බැව් අමුතුවෙන් කිව යුතු නැහැ.

අස්ථි ශක්තිමත් කිරීමට

දම් ගෝවාවල අන්තර්ගත විටමින් C, විටමින් K, කැල්සියම්, මැග්නීසියම් සහ සින්ක් මගින් ඔබේ අස්ථිවල නීරෝගි බව ආරක්ෂා වෙනවා. අමු දම් ගෝවා ග්‍රෑම් 89 කින් ඔබට විටමින් C 56% ක් උපයා ගැනීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව කොළ එළවඵවල අන්තර්ගත විටමින් K ප්‍රභවයන් වැඩි ප්‍රතිශතයක් දම් ගෝවා ආහාරයට ගැනීමෙන් උපයා ගැනීමට හැකියාව තිබෙනවා.

බඩවැල් නීරෝගීව තබා ගැනීමට

දම් ගෝවාවල තන්තු බහුලයි. ප්‍රතිශතයක් ලෙසින් එය 70% ක්. ඒ නිසා ආහාර ජීරණය පහසු කරනවා. මලබද්ධයට ඉතා හොඳ ආහාරයක්. දම් ගෝවා ආහාරයට ගැනීමෙන් ඇතැම් ඖෂධ ප්‍රතිකාර ලබා ගන්නා විට ඇතිවන ජීරණ අපහසුතාවයන්ගෙන් නිදහස් වීමටත් හැකියාව ලැබෙනවා. ඒ වගේම දම් ගෝවාවල 30% ක් ජීරණ තන්තු අන්තර්ගතව තිබෙනවා.

උදරයේ ඇති හිතකර බැක්ටීරියා මගින් බොහෝ උදර අපහසුතාවයන්ට සහනයක් ඇති කිරීමටද සමත් වෙනවා. දිනකට දම් ගෝවා යුෂ මිලි ලීටර් 946 ක් බැගින් දින 6 -7 ක් අතර පානය කිරීමෙන් උදරයේ ඇති තුවාල සුවපත් කර ගැනීමටත් ඔබට හැකියාවක් තිබෙනවා.

ආහාරයට සකස් කර ගැනීම

දම් ගෝවා ඔබට විවිධ විදිහට ආාහරයට ගැනීමට පුළුවන්. අමුවෙන්, ව්‍යංජන ලෙසින් වගේම වාෂ්පෙන් තම්බා ගෙන, ඩම්ප්ලින් පිරවුමකට යොදාගෙන, ඇපල්, කැරට් හෝ බීට් වැනි එළවළු සලාද සමග බේක් කරන ලද බෝංචි සුප් සමග වගේම කිමිචි සමග ආහාරයට ගත හැකියි.

( Healthline ඇසුරෙන් )

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️



 

TAGGED: Antioxidant power, calories, Cancer risk, පිළිකා
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?