නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අපිත් එක්ක කතා නැතිව ඉන්න අපේ අයව මේ නත්තලේදී බලන්න යනවා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අපිත් එක්ක කතා නැතිව ඉන්න අපේ අයව මේ නත්තලේදී බලන්න යනවා

Published December 25, 2023

“ කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ
ශුද්ධ වූ නගරේ…
ජේසු මෙලොවට බිහිවුණේ
පුංචි ගව මඩුවේ..”


මෙවැනි ගීත ඇසෙත්ම ලෝකවාසී සියලු දෙනාගේ හදවතේ මැවෙන්නේ සීතල නත්තලේ අසිරියයි. ඒ නිසාම 25 වැනිදා නත්තල් දිනය දා තමන්ගේ හදවතේ ඇති ගැඹුරුම හැඟීමෙන් නත්තල සමරන දෙදෙනෙක් නවලියේ අපි එකතු කරගත්තා. මිනිසුන්ගේ හදවත් සතුටෙන් සුවපත් කරන කාර්යයක දශක ගණනාවක සිට නිරත වන ඇය මෙහි කතා නායිකාව වනවා. ඇගේ ජීවිතයෙන් ආදරය, දයාව, කරුණාව හොඳින්ම කියාදෙමින් ඇය බිහිකළ දියණිය මෙහි දෙවැනි භාගය හරි අපූරුවට වර්ණවත් කරනවා.ඔවුන් නමින් මහාචාර්ය රමණි අර්සකුලරත්න සහ ඇගේ ආදරණීය දියණිය වෛද්‍ය ශානිකා අර්සකුලරත්නයි.

රමණි මේ සැරේ නත්තලට සූදානම කොහොමද?

ඇත්තටම මේ සැරේ නම් අපි නත්තලට කොහේවත් නොගිහින් ගෙදරම ඉන්න හිතුවා. හස්බන්ඩ් නැති වුණාට පස්සෙ නත්තල සමරන එකත් අපි ගොඩක්ම අඩු කරලයි තිබුණේ. යන්න යන්නම ජීවිතය තේරුම් අරගෙන අපිම හිතාගත්තා මේ පාර නත්තල පවුලේ අයත් එක්ක එකතුවෙලා බොහෝම චාමෙට, අර්ථවත්ව සමරන්න.

කාලෙකට පස්සෙ ඉහාන්ගේ අම්මලත් ලංකාවට ඇවිල්ලා.ඒ නිසාමයි අපි හිතුවේ ෆැමිලි එකක් විදිහට ගෙදර ඉඳලා හරිම පීස්ෆුලි ක්‍රිස්මස් එකක් ගතකරන්න. හැබැයි මගේ යටි හිතේ ලොකු අදහසක් තිබුණා අපි හැමදාමත් ක්‍රිස්මස් එක වෙනුවෙන් කන බොන, තෑගි දෙන දේවල්වලින් ටිකක් මිඳිලා අලුත් දෙයක් කරන්න. එහෙම හිතලා මමමයි දුවටයි පුතාටයි කිව්වෙ අපි එක්ක මොනවාට හරි හිත අමනාප කරගෙන ඉන්න අපේම කට්ටිය ක්‍රිස්මස් එකට බලන්න යමු කියලා.

එක්කෝ එතන අපෙන් වැරැද්දක් වෙලා ඇති, නැත්නම් එයාලගෙන් අපට වරදක් වෙලා ඇති, මොනයම්ම හේතුවක් ඇතිව හෝ නැතිව අපිත් එක්ක කතා නැතිව ඉන්න අපේම අයව එයාලා ගාවටම ගිහිල්ලා මේ නත්තලේදී බලන්න හිතුවෙ ඒකයි. ඒ වගේම මම නත්තල වෙනුවෙන් ගොඩක් ප්‍රොජෙක්ට්වලට සපෝට් කළා. වතුකරයේ ළමයි සිය දෙනෙක් තෝරගෙන ලබන අවුරුද්දේ සතුටෙන් එයාලට ඉස්කොලේ යන්න අවශ්‍ය දේවල් ඔක්කොම අරගෙන දුන්නා.

නත්තල වෙනුවෙන් ඔබේ අතින් මේ සැරේ සැරසිලි කළේ නැද්ද?

පසුගිය අවුරුදු කිහිපයේම මගේ හිත දුන්නේ නෑ ඒ වගේ දෙවල් කරන්න. ප්‍රියාන් නැතිවුණ පළවෙනි අවුරුද්දෙ මම මුකුත්ම කළේ නැහැ. ඊළඟ අවුරුදුවල කට්ටියකට දීලා සැරසිලි ටිකක් කරව ගත්තා. ඒක මගේ හිතේ තිබුණ විදිහට ගැළපුණෙත් නැහැ. ඒ නිසා මේ සැරේ මමම බැහැල අපේ ව්‍යාපරවලත් ගෙදරත් නත්තල් සැරසිලි හිතේ හැටියටම කළා.

ඒත් වැඩිය ස්පෙන්ඩ් කරේ නම් නෑ. හැබැයි ක්‍රියේටිව් විදිහට ඒක කරගත්තා. ඉන්න තැන නත්තල් ෆීලින් එක අපි හැමෝටම දැනෙන්න ඉඩ දුන්නා. මට මතකයි ශානි පොඩි කාලෙත් එයාට ඒ හැම ෆීලින් එකක්ම මම දැනෙන්න දුන්නා. දැන් මේ දේවල් මම ආසාවෙන් කරන්නෙ ශානිගෙ බබා කේලා වෙනුවෙන්. එයා හරි ආසයි ඒවා දකින්න, අල්ලන්න.

කොහොමද කේලා එක්ක ගෙවන මේ නත්තල් දවස්?

පළවෙනි ක්‍රිස්මස් එකට එයාට මාස තුනයි. දෙවෙනි ක්‍රිස්මස් එකට එයාට අවුරුද්දයි මාස තුනයි. මේ ක්‍රිස්මස් එකට එයාට අවුරුදු දෙකයි මාස තුනයි. දැන් නම් එයාට ගොඩක් දේවල් තේරෙනවා. සැන්ටා ක්ලෝස් ගැන, ක්‍රිස්මස් ට්‍රී ගැන දැන් එයා දන්නවා. ඩෙකරේට් කරලා තියෙන තැන් පෙන්නන්න මම එයාව අරගෙනත් ගියා.

ක්‍රිස්මස් බඩු විකුණන්න තියෙන්නෙ පාට පාට ලස්සන තැන් පෙන්නුවා. ශානිට වැඩ නිසා ආවේ නැතිවුණත් මම බබාව අරගෙන එළියට ගියා. ඇත්තම කිව්වොත් ප්‍රියාන් නැතිවුණ එකේ පාළුව සහ අඩුව ඔක්කොම නැති කළේ මෙන්න මෙයා තමයි. මට නම් හරිම ඉන්ටරෙස්ටින් කාලයක් මේක.

අපේ කාන්තාවන් කොහොමද අලුත් වසරේ සිතුවිලි වෙනස් කරගන්න ඕනෙ?

අවුරුද්දක් එනවා කියන්නෙ අපි අවුරුද්දකින් වයසට යනවා කියන එකනේ. හැබැයි වයස කියන්නේ ඉලක්කමක් විතරයි. අපි වයසට යනකොට අපිට අදරය කරන එක තව තවත් වැඩි කරගන්න ඕනේ. ගැහැනු අපි මුලින්ම තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙසෙනවා. ඊටපස්සෙ හස්බන්ඩ් වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන්, ගෙදර වෙනුවෙන් කාලය වෙන් කරනවා. එතකොට තමන්ට තමන්ව බලාගන්න අමතක වෙලා යනවා. ඒ නිසා තමන්ගේ ප්‍රසන්ට් ලුක් එක බලාගන්න අමතක කරන්න එපා.

මම හස්බන්ඩ් නැතිවුණාම දුක් වුණා. හැබැයි දුවත් ස්ට්‍රෝන්ග් කරගෙන මාත් නැගිට්ටා. ඒ ගමනට ශානිගේ හස්බන්ඩ් ඉහාන් මගේ ප්‍රියාන් වගේම පුදුම සපෝට් එකක් දුන්නා. ඒ නිසාම මම හිතුවා මගේ ජීවිතයේ ඔටෝ බයෝග්‍රැෆි එකක් ලියන්න කාලය හරි කියලා. මට තියෙන හරි ලස්සන හිස්ටි්‍ර එකෙන් ගොඩක් දේවල් අපේ තරුණ ගෑනු ළමයින්ට ඉගෙන ගන්න පුළුවන් වේවි.

මේ පාරත් නිව් ඉයර් රෙවලූෂන් ලියනවාද ?

ඔව් ඔව් ඒක නම් අමතක කරන්නෙ නැතුව කරනවා. කොහොමටත් මමයි දුවයි එකතුවෙලා නිව් ඉයර් රෙවලූෂන් එක පළවෙනිදට ලියනවාමයි. 31 වෙනිදා රෑට බලනවා ගිය අවුරුද්දේ අපි ලියපු එකේ කොච්චර දුරක් අපි කරලා තියෙනවද කියලා. කරන්න බැරි වුණ දේවල්, බාගෙට කරපු දේවල් මේ සැරේ 31 ලියන අපේ අලුත් ටාගට් ප්ලෑන් එකට එකතු කරගන්නවා. එහෙමයි කියලා අනාගතය ගැන ලොකුවට සිහින මවන්නේ නැහැ. හැම දවසක්ම පුළුවන් තරම් හොඳින් ගතකරන්න බලනවා.

මේ පාර ක්‍රිස්මස්වලදී චාරිත්‍රවලට වඩා බබාගේ කම්ෆට් එක ගැන හිතනවා – Dr. ශානිකා අර්සකුලරත්න Medical Aestheticia/Cosmetologist

ශානී මේ පාර ක්‍රිස්මස් එක කොහොමද ගෙවන්නෙ ?

මේ පාර මම හිතුවේ පවුලේ අයත් එක්ක එකට ඉන්න. මම හරිම කැමතියි කොහොමත් ගෙදර ඉන්න. මගේ හස්බන්ඩ් නම් ටිකක් පාටිවලට කැමති කෙනෙක්. හැබැයි මම ඒකේ සම්පූර්ණයෙන්ම ඔපසිට්. මේ පාර ඉහාන්ගේ අම්මියි, තාත්තියි, නංගියි ලංකාවට ඇවිල්ලා ඉන්න නිසා නත්තල් කෑම හදලා, මූවිස් බලලා, ගෙදරම ඉඳගෙන නත්තල සමරන්න හිතුවෙ ඒකයි.

බබාත් ආසයි මුළු ෆැමිලි එකම ගෙදර ඉන්නවට. එයා හරිම සතුටින් ඉන්නේ මේ දවස්වල. ලංකාවේ හිටියත් දවස් දෙකක් අපට එකට ඉන්න වෙලාවක් නැහැ. හැබැයි මේ පාර නත්තලට දවස් හතරක් පහක් ගෙදරට වෙලා ෆැමිලි එකත් එක්ක ඉන්න දින වෙන්කර ගත්තා.

මේ පාර මිඩ් නයිට් මාස් එකටද යන්නෙ ?

මේ පාර ඒක චුට්ටක් වෙනස් කළා. ඒ බබා නිසා. මිඩ් නයිට් මාස් එක ටිකක් දිගයි. බබාව එච්චර වෙලා ඇහැරවගෙන ඉන්න බැරි වේවි. මෝනින් ක්‍රිස්මස් මාස් එකට යන්න හිතුවා. බබාට එතන වෙන දේවල් බලාගන්න පුළුවන් නිසා. මේ පාර ක්‍රිස්මස්වලදී චාරිත්‍රවලට වඩා බබාගේ කම්ෆට් එක ගැන හිතුවා. එයා ලොකු වුණාම මිඩ්නයිට් මාස් පටන් ගන්නවා. මේ පාර අපි ගොඩක් වෙලාවට බම්බලපිටියේ චර්ච් එකට හරි වත්තල චර්ච් එකට හරි යනවා.

2024 අලුත් විදිහට පිළිගන්න සූදානම්ද?

හැමවෙලේම රෙවලූෂන් වර්ග කිහිපයකට මම අවුරුද්ද බෙදන කෙනෙක්. අම්මි තමයි මට එහෙම උගන්නලා තියෙන්නෙ. පර්සනල් ඒවා, හෙල්ත් ඒවා, එඩියුකේෂන් ඇන්ඩ් ග්‍රෝත් වගේ ඒවා ඒ අතරේ තියෙනවා. හෙල්ත් ගැන බලන එක මේ වෙනකොටත් මම කරගෙන යනවා. ඩේලි වර්ක්අවුට්, හෙල්දි ඩයට් දැනටත් මම කරනවා. එඩියුකේෂන් පැත්තෙන් මගේ මාස්ටර්ස් එග්සෑම් ලබන අවුරුද්දෙ ඉවර කරන්න ඕනේ. බබා නිසා ගැප් ඉයර් එකක් මම ගත්තා. පර්සනල් පැත්තෙන් මම හිතුවා සතියට එක දවසක් හරි මම වෙනුවෙන් තියාගන්න.

ඉස්සර වගේ නෙමෙයි ලයිෆ් එකේ දුවනවා දුවනවා දැන් ඉවරයක් නෑ. අපේම ක්‍රිස්ටල්වල දේවල් තිබුණත් ඒ දේවල් එකක්වත් මට කරගන්න වෙලාවක් නෑ. ඒ නිසාමයි මට වෙලාවක් වෙන් කරගන්න හිතුවේ. ඒ අතරේ දුවටත් වැඩිපුර වේලාවක් දෙන්න ඕන. මගේ වැඩේම පේෂන්ස්ලට මුල්තැන දෙන එක. ඒ නිසා මට යන්න තියෙන ඉවෙන්ට්ස් පවා මම මිස් කරනවා. ගිය අවුරුද්දෙත් මම මේ ටික මේ විදිහටම කිව්වා. හැබැයි කරන්න නම් බැරි වුණා. ගෝල්ස් පැත්තෙන් තියෙන්නෙ අලුත් කොස්මටික් ට්‍රීට්මන්ට්ස් ලංකාවට ගේන එක.

කොස්මැටික් ඩොක්ටර් කෙනෙක් විදිහට පේෂන් කෙනෙක්ට ට්‍රීට් කරලා ලස්සන කළාම මොනවගේ සතුටක්ද හිතට දැනෙන්නේ?

ඩොක්ටර් කෙනෙක්ට පුළුවන් ප්‍රතිකාර කරලා ලෙඩෙක්ව සනීප කරන්න. ඒකට හොස්පිට්ල් එකත් උදව් වෙනවා. හැබැයි මම කරන්නෙ ජීවත්වෙලා ඉන්න කෙනෙක්ගේ ජීවිතයට කොලිටි එකක් දෙන එක. ඒ නිසා කෙනෙක්ට කොන්ෆිඩන්ස්, ඔපචුනිටීස් ඇතිවෙනවා. අපේ ළඟට ගොඩක් එන්නේ මහ ලොකුවට සල්ලි තියෙන ක්ලයන්ට්ලා නෙවෙයි. හැබැයි ලයිෆ් එකේ මොකක් හරි හේතුවක් නිසා ලස්සන ඉස්මතු කරගන්න ඕන කියලා හිතන ගැහැනු සහ පිරිමි. එයාලගෙ ලයිෆ් එක චෙන්ජ් කරාම එන සතුට කියලා නිම කරන්න බැහැ.

ඒකේ හැපිනස් එක ගොඩක් තියෙනවා. සමහර අය එන්නෙ හස්බන්ඩ් මාව දාලා ගියා කැත නිසා කියලා. තවත් කොටසක් වෙඩින් එක නිසා ලස්සන වෙන්න එනවා. අපි කරන ප්‍රතිකාරවලින් එයාලගේ ලයිෆ් එක චේන්ජ් වෙනවා. මිනිසුන් සතුටෙන් ලස්සනට ඉන්නවා බලන්නයි මට ඕනේ. තමන් තමන් ගැන විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. ලස්සන තියාගන්න ඕන. මාව හම්බෙන්න එන අයගේ මූණේ ලස්සන විතරක් නෙවෙයි ඔළුවත් මම හදනවා. අපට බැහැ හැමෝම අයිශ්වර්යා රායි කරන්න. කෙනෙක්ගේ ගන්න පුළුවන් උපරිම ලස්සනක් තියෙනවා. එහෙම කරලා ඔළුව හැදුවම එයාලා එයාලගේ පාඩුවෙ ලස්සන ගමනක් යනවා.

අලුතෙන් හිතන අයට අලුත් අවුරුද්දෙ වෙනස් වෙන්න පණිවිඩයක් දෙන්න

ඉහාන්ගේ බර්ත්ඩේ එක දවසේ මම දන්න ලේඩි කෙනෙක් මට කිව්ව කතාවක් මතක් වුණා. එයා කිව්වෙ මේ දවස්වල එයාගේ මල්ලිට ප්‍රෝපෝසල් හොයනවා කියලා. ඩොක්ටර්ට කියන්න ප්‍රෝපෝසල් 200 කට වඩා බැලුවා කිව්වා. ඒ අක්කා කියනවා එයාගේ තාත්තා ඒකෙන් ප්‍රෝපෝසල් 100 ක් තෝරගෙන එයාට දුන්නාලු සෝෂල් මීඩියාවලින් ඒ ගෑනු ළමයිගේ පෙනුම බලන්න කියලා. එයා මට කිව්වෙ ඒ 100 න් එක්කෙනෙක්වත් තෝරගන්න බැරිවුණා කියලා.

මේ ළමයි ඉගෙනගන්න කැරියර් එකට ෆෝකස් කරලා තියෙනවා මිසක අද කාලෙට ගැළපෙන්න තමන් ගැන බලලා නැහැ කියලා කිව්වා. බලන්නකෝ කියලා පිංතූර කිහිපයකුත් මට ඒ ගමන්ම පෙන්නුවා. ඇත්තටම ගන්න දෙයක් තිබුණේ නැහැ. කිසිම විදිහයකින් ඒ ළමයි අද සමාජයයට ගැළපෙන විදිහට තමන්ව බලාගෙන නැහැ කියලා මටත් තේරුණා. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් අපේ දේවල් ලෝකයට ශෙයා කරන ප්ලැට්ෆෝම් එකක්. සාමාන්‍යයෙන් අපේ හොඳම පින්තූරය තමයි ඒවායේ දාන්න ඕනේ.

එතනින් සමහරක් අය හිටියා මූණ සුදුම සුදුයි බීචින් ක්‍රීම් ගාලා. ඇඟේ ඉතිරි ටික වෙන පාටක්. ලස්සන කියන්නෙ මූණ සුදුවෙන එකට නෙමෙයි. කොලිෆිකේෂන් ඕනවටත් වඩා තිබුණත් එයාලට තවත් කෙනෙක් බලාගන්න තියා තමන්ව බලගන්නවත් බැරි වෙලා. එහෙම ගෑනු ළමයි වෙන්න එපා.

හරින්දී ලියනගේ ✍️




 

TAGGED: cristmas, priyan, ramani
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?