නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හිතේ කහට දිය කරන්න නත්තල තමයි හොඳම දවස
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

හිතේ කහට දිය කරන්න නත්තල තමයි හොඳම දවස

Published December 25, 2023

ලෝකවාසී කිතුණු බැතිමතුන් සෑම වසරකම දෙසැම්බර් 24 වැනි දින මධ්‍යම රාත්‍රියේදී ජේසු බිළිඳානන්ගේ උපත මුල් කරගෙන නත්තල් උත්සවය සමරති. මේ අසිරිමත් උත්සවය කිතුණු බැතිමතුන්ට වගේම ලෝකවාසී සැමටත් ඉතා වැදගත් වේ.

අර්ථවත් නත්තල

නත්තල සැබෑ ලෙසින්ම සාමයේ පණිවිඩයක් බවට පත් කර ගැනීමට නම් අපේ සිතුම් පැතුම්ද ඊට අනුගත අයුරින් වෙනස් විය යුතුයි. කරුණාව, දයාව, ආදරය වැනි ධනාත්මක සිතුවිලි එකිනෙකා අතර වාද භේද නොමැති දිනයක් බවට පත් කර ගැනීම ඉතාම වැදගත්. අපි තවත් අයෙකුට හොඳ සවන් දෙන්නෙකු වීම අත්‍යවශ්‍යයි.

වාණිජ වුණ නත්තල

නත්තල වැනි අසිරිමත් දිනයක් අද වනවිට වාණිජකරණයට ලක් වී තිබේ. ජේසු බිලිඳා සාමයේ කුමරු ලෙසින් හැඳින්වෙන අතර නත්තල් දිනය ලෝක සාමයට අත වනන දිනයක් බවට අප විසින් පත් කර ගත යුතුයි.

එනම් වාණිජකරණයෙන් ඔබ්බට ගිය සාමකාමී සමාජයක් සඳහා කිතු සමිදුන්ගේ උත්පත්තියේ ඇති වැදගත්කම තේරුම් ගනිමින් එය වාණිජකරණයෙන් ඔබ්බට ගිය සැබෑ නත්තලක් කර ගැනීම ජනතාවගේ වගකීමයි.

සමාව දෙන්න හොඳම දවස

අපි සාමාන්‍ය වචනයෙන් කියන පරිදි “වැරදීම මනුෂ්‍ය ගතියක් සමාව දීම දේව ගතියක්” වැරදීම් අප කා අතිනුත් සිදු වේ. මනුෂ්‍යයින් ලෙසින් එය පොදු තත්ත්වයක්. නමුත් වරදක් වුණ තැනදී ඒ වරද මත හඹා යෑම වෙනුවට සමාව දීමට තරම් මානුෂිකත්වයක් අපේ සිත් තුළ තිබීම ඉතාම වැදගත්.

ඒ වගේම බොහෝ දෙනෙක් සමාව ගැනීමට සූදානම් නැහැ. එය තමන්ගේ ආත්ම ගරුත්වයට හානියක් ලෙසින් ඔවුන් සිතුවත් තමා අතින් වරදක් සිදු වූ තැනදී සමාව ඉල්ලා සිටීමට තරම් නිහතමානී ගුණය ගොඩනගාගැනීම වැදගත්.

සමාජයක් ලස්සන වන්නේ සමාව දීම සහ සමාව ගැනීමේ පෞරෂයෙන් හෙබි මිනිසුන් නිසාය. පවුල් පරිසරය, සේවා ස්ථානයේ පමණක් නොව ලෝකය පුරා පවතින ගැටලුවලට හේතුවක් බවට පත්ව ඇත්තේ සමාව දීමේ හා සමාව ගැනීමට තරම් මිනිසා නම්‍යශීලී නොවීමයි. කිතු සමිදාණන් අපට කියා දුන් සමාව දීමේ පණිවිඩය අද දැඩි අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.

ලෝකය විවිධ යුධ, ගැටුම් සහ කැරලිවලට මුහුණ පා සිටිති. මෙම යුධ ගැටුම් අවසාන වූ පසුවත් එකිනෙකා දෙස සැකයෙන් බැලීම නිසා ගැටුම් කාලයේදී පෑරුන හදවත්වල තැන්පත්ව ඇති ක්‍රෝධය, වෛරය වැනි සිතුවිළි නිසාම සමාව දීම මදිකමක් සේ සිතන සමාජයක් බිහි වී ඇත. පුද්ගලයා තුළ ඇති උසස් බව පිළිඹිමු වන්නේ අනිත් පුද්ගලයාට කොතරම් ගරු කරනවාද? යන සාධකය මතයි.

ජේරුසලමේ මහ පල්ලියේ නාදදෙන සීනු නාදය වගේම බෙත්ලෙහෙමේ හැඬවෙන සීනු නාදයත්, නසරිත් හි මහ පල්ලියේ සීනු හඬ වගේම ලොව පුරා සියලු පල්ලිවලින් මධ්‍යම රාත්‍රියේ සීතල කපාගෙන එන මේ සීනු නාදයෙන් අපට කියන්නේ ලෝක සාමයේ පණිවුඩයයි. මර්සිලින් ජයකොඩි පියතුමා වරෙක මෙසේ සඳහන් කර ඇත.

මගෙ නත්තල දුගියා බත් කන දාය…මෙවර නත්තල ගිනි ගෙන දැවෙන ලෝකයට සිහිල් දිය බිඳක් බවට පත් වන්නේ නම් කොතරම් අගනේද? වර්තමානය වන විට “ගාසා” තීරයේ ඇති වී තිබෙන කුරිරු යුද්ධය, යුක්රේනයේ පවතින ගැටුම් නිසා සමස්ත ලෝකයම දුකින් කම්පා වී සිටිති. කිරි දරුවන් පවා ඝාතනය කරන යුගයක මනුෂ්‍යත්වය කොතැනකදැයි යන ප්‍රශ්නය අප විසින්ම ගොඩනගාගත යුතුය.

වර්තමානයේ මනුෂ්‍යත්වය අතරමං වී ඇත. විවිධ රටවල් ඔවුනොවුන්ගේ බලය වෙනුවෙන් සටන් වදිති. බලකාමී තරගය තුළ සාමය යනු සැබැවින්ම සිහිනයක් බවට පත් වන වාතාවරණයක් අද අපේ ඇස් ඉදිරියේ ගොඩනැගී තිබේ. මේ ගැන කතා කිරීමට අපටත් යම් සමාජ වගකීමක් තිබේ. ඒ නිසා මෙවර නත්තල ජේසුස් වහන්සේ අපට කියා දුන් සාමයේ පණිවිඩය බවට පත් කර ගැනීම ඉතා වැදගත්.

පරිත්‍යාගශීලී වන්න

ජනතාව පරිත්‍යාගශීලීන් බවට පත් කිරීමට ආගමික නායකයින් උනන්දු වීම ඉතා වැදගත්. කිතු සමිඳාණන් අපට කියා දුන් මේ දයාවන්ත බව පුද්ගලයාට පමණක් නොව සමස්ත ලෝකයටම දැක්විය යුතුය. එය මිනිසාගේ පටන් ගහ කොළ, සතා සිවුපාවා, ගංගා, ඇල දොළ මහා සාගරය වැනි පරිසරය වෙත දැක්වීම වැදගත්. ගෝලීය වශයෙන් අප සැම දෙනාම දේශගුණික විපර්යාසය නිසා ඇති වුණු පාරිසරික වෙනස්කම්වලින් දැඩිව පීඩා විඳිමින් සිටිමු.

දේශගුණික විපර්යාස ඇති වන්නේ මිනිසා දයාවෙන් තොරව සිදු කරන පාරිසරික දූෂණය නිසාය. මේ නත්තලේදී දේශගුණික විපර්යාස පිළිබඳ දයාව පෙරටුව බැලීමට උත්සාහ කළ යුතුය.එසේම සමාජ සාධාරණත්වය, පුද්ගල සමාජභාවය වැනි කාරණාවන්හිදී දයාව පෙරටු කරගෙන බලන්නට පුරුදු විය යුතුය. ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සමාජයේ දැඩි නොසලකා හැරීම් නිසා ආන්තික ප්‍රජාවන් බවට පත් වූ විශාල කණ්ඩායම් සමාජය තුළ සිටිති.

එකිනෙකාට ගරු කරන්න හොඳම දවස

දැඩි නොසලකා හැරීම, ගරු නොකිරීම, අයිතිවාසිකම ලබා නොදීම වැනි හේතු නිසා ආබාධිත පුද්ගලයින්, කාන්තාවන්, ළමුන්, විවිධ ලිංගිකත්වයන් සහිත පුද්ගලයින් හා බලය අතික්‍රමණය කිරීම නිසා සමාජයේ දැඩි නොසැලකිල්ලට භාජනය වී සිටිති. මෙවර නත්තලේ දී එවැනි තත්ත්වයන් ගැන අවධානය යොමු කිරීම, ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිගැනීම හා ගරු කිරීම වැනි උසස් භාවිතයන් දයාව පෙරටු කොට ගෙන සිදු කළ යුතුය.

පවුල් ජීවිත තුළ අඹු සැමි ගැටලු ඇති වී ඇත්තේ ද, මව්පිය දූ දරු සම්බන්ධතාවන් දුරස්ව ඇත්තේ ද, සමාජ සම්බන්ධතාවන් නොසලකා හරින්නේද, රාජ්‍යයන් අතර විරසක බාවය ඇතිවන්නේද එකිනෙකා කෙරෙහි ගෞරවය දැක්වීමට දක්වන මැලි බව නිසාය. එබැවින් මේ නත්තලේදී එකිනෙකාට ගරු කිරීමට පුරුදු වෙමු.

පූජ්‍ය රාජකීය පණ්ඩිත
කරවිලකොටුවේ ධම්මතිලක හිමි
සහකාර අධ්‍යක්ෂ ( පිරිවෙන් ),
අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය, බත්තරමුල්ල

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: church, Jerusalem, meaningful Christmas, නත්තල
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?