නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දැක්කගමන් Sale පස්සෙ දුවන නෝනලාටයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දැක්කගමන් Sale පස්සෙ දුවන නෝනලාටයි

Published December 18, 2023

“සේල් සේල් සේල්” මේ දවස්වල පාරට බැස්සොත් දකින දකින අත පේන්න තියෙන වචනයක්නෙ ඕක. අපේ කාන්තාවොත් හරිම කැමතියි ඔය වසර අවසාන සේල්වලට. මොකද වසරේ අනිත් කාලවල මිල අධිකව තිබුණ බඩු භාණ්ඩවලට හොඳ වට්ටමක් මේ සේල් කාලෙදි ලැබෙන නිසා.

ඒ නිසාම ගොඩක් අය ගෑනු පිරිමි බේදයක් නැතුව බලන් ඉන්නේ සේල් කාලෙ එනකල් ගණන් වැඩි නිසා ගන්න බැරි වුණ දේවල් ටික අඩුවට ගන්න. හැබැයි ඔය සේල් කියන වචනෙ පිටිපස්සෙ පාරිභෝගිකයො විදිහට අපි හිතන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. ඒ ඇත්තටම සේල් වලින් පාරිභෝගික ජනතාවට සෙතක් වෙනවද? නැත්නම් සේල් මුවාවෙන් වෙන්නෙ පාරිභෝගිකයාව ඇන්දිල්ලක්ද කියලා. සමහර තැන්වලදි ඇත්තටම සේල් අත්දැකීමක් පාරිභෝගිකයන්ට විඳගන්න පුළුවන් වුණත් බොහෝ තැන්වල එහෙම වෙන්නෙ නෑ.

අපි ඔය සේල් ගැන කතා කරන්න කලින් මුලින්ම බලමු මේ නත්තල් කාලෙ ෂොපින් කරන්න එළි බහින්න සූදානමින් ඉන්න අපේ නෝනලා දැනගන්න ඕන ප්‍රධානම දේ මොකද්ද කියලා. අපි ගොඩක් වෙලාවට දකිනවා බඩු ගන්න ගිහින් ආපහු ගෙදර ඇවිත් බලනකොට අත්‍යවශ්‍යම දෙයක් අරගෙන නෑ. ඒකට ප්‍රධානම හේතුව නිසි කළමනාකරණයක් නොමැතිකම.

අපි සුපර් මාකට් එකකට හෝ කොටුව පැත්තෙ ඇවිදින්නෙ එක බඩුවක් දෙකක් ගන්න නෙවේ. සැලකිය යුතු බඩු ප්‍රමාණයක් ගන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම තමන් යන්න ඕනෙ සැලැස්මක් ඇතුවයි. ගෙදරින් එළියට යන්න කලින් යන ගමනේ සියලු විස්තර ප්ලෑන් කරගෙන යන්න. ඒ වගේම තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ මිළදී ගන්න පුළුවන් තැන්, හොඳ සේවාවක් ලබාගන්න පුළුවන් තැන් මොනවද කියලා සැලසුම් කරගන්න.

ඒ මොකද නත්තල් සීසන් එකත් එක්ක වෙළඳ සංකීර්ණ අතුරු සිදුරු නැතුව පිරෙන නිසා කවුරුත් බලන්නෙ හැකි ඉක්මණින් තමන්ගෙ බඩු ටික අරගෙන ගෙදර එන්න. ඒ නිසා මගහැරෙන තැන් ගොඩක් වැඩියි. ඒ වගේම නත්තලට වෙනත් බඩු භාණ්ඩවලටත් වඩා ඇඳුම් පැළඳුම් මිලදී ගන්න තමයි බොහෝ දෙනෙක් වැඩි කාලයක් යොදවන්නෙ. ඔය සීසන් කාලෙ කියනවනෙ සැමියන් අකමැතිම කාලේ. මොකද බිරින්දෑ එක්ක ඇඳුම් කඩේකට ගියාම පැය තුන හතරක් එතන නිකරුණේ මිඩංගු කරන්න වෙනවා. ඇයි හිතට අල්ලන ඇඳුමක් නෑ. හිතට අල්ලන ඇඳුමක් තිබ්බොත් එක්කො ඒක තමන්ගෙ ප්‍රමාණෙට ගැළපෙන්නෙ නෑ.

ඒකට හේතුව හැමෝම දෙසැම්බර් කිට්ටු කරලම ඇඳුම් ගන්න යන එක. මේ අත්දැකීමට හැම අවුරුද්දෙම මුහුණ දුන්නත් කවුරුත් සති දෙකකට විතර වේලාසනින් ගිහින් තමන්ගෙ ඇඳුම් පැළඳුම් ගන්න උනන්දු වෙන්නෙ නෑ. කල් වේලා ඇතුව ඇඳුම් ගන්න ෂොපින් කළානම් හිතේ හැටියට ගැළපෙන ඇඳුම් ටිකක් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.

මේ නත්තල් කාලය ඉලෙක්ට්‍රික් බඩු, ලී බඩු වගේ බොහෝ අංගයන්ටත් විශාල වට්ටම් ලැබෙන කාලයක්. හැබැයි “සේල්” කියලා ලොකුවට ඉලෙක්ට්‍රික් බඩු කඩවල ගහල තිබ්බ පලියට හිතෙන හිතෙන බඩු ගන්න යන්න එපා. මොකද මම මුලින් සඳහන් කළා වගේ සේල් කියන වචනෙ පිටිපස්සෙ පොඩි රැවටීමකුත් තියෙනවා. වචනෙ ආකර්ෂණීය වුණාට ප්‍රතිඵලය ආකර්ෂණීය නොවෙන්න පුළුවන්.

සමහර වෙලාවට අපි ලොකු මිල අඩු කිරීමක් එක්ක සේල් දාලා තියෙනවා දැක්කම භාණ්ඩය ගන්න තියෙන හදිස්සියට ඒකෙ කල් පැවැත්ම, ගුණාත්මක බව ගැනවත් හිතන්නෙ නෑ. පැරණි මිල සඳහන් කරලා ඊට යටින් වට්ටම් සහිත මිලක් පෙන්වා තිබූ පමණින්ම එයින් ලාභයක් ඇතැයි හිතන්න එපා. සමහරවිට පරණ මිල වෙනුවට අලුතින්ම වැඩි මිළක් සඳහන් කරලා වට්ටම් මිළට නියම මිල දාලා තියෙන්නත් පුළුවන්.

උත්සව කාලෙදි අවධානය යොමු කරන්න ඕන තවත් විශේෂම දෙයක් තමයි වට්ටම් එක්ක කියවෙන “කොන්දේසි සහිතයි” කියන කොටස. මේක අපිට ගොඩක් දකින්න ලැබන්නෙ ලීෆ්ලට්ස් මගින්. ලොකු අකුරින් මුළු කොළේ පුරාම ලොකුම ලෙකු වට්ටමක් ගැන දාලා කොළේ කෙලවරක ඇහැට පේන නොපෙනෙන පුංචි අකුරින් ලියල තියෙනවා “කොන්දේසි සහිතයි” කියලා. හැබැයි අපි ගොඩක් වෙලාවට ඒකට අවදානය යොමු කරන්නෙ නෑ.

ලොකු වට්ටමක් දෙන නිසා කොන්දේසි පැත්තකට දාලා භාණ්ඩය මිලට ගන්නවා. ඒත් කොන්දේසිවල බොහෝ වෙලාවට පාරිභෝගිකයාට එකඟ වෙන්න බැරි දේවල් තියෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම කොන්දේසි ගැන වෙළෙඳ සේවකයෙකුගෙන් විමසන එක වැදගත්. ඉතින් මේ හැමදෙයක් ගැනම හිතලා මුදල් පසුම්බියටත් පහසු විදිහට මේ උත්සව සමයේ සාප්පු සවාරි ගියොත් ඒකෙ වාසිය ඔයාටමයි.

පෞර්ෂත්ව හා නායකත්ව
පුහුණු විශේෂඥ,
වෛද්‍ය කුමා ඉද්දමල්ලෙන

එරංදි කෞශල්‍යා ✍️

TAGGED: customer, December, Electrical items, Sale, shopping mall
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?