නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සැමියා සහ බිරිඳ හොඳම යාලුවා කරගන්න පුළුවන්ද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සැමියා සහ බිරිඳ හොඳම යාලුවා කරගන්න පුළුවන්ද

Published December 18, 2023

අපි හැමෝගෙම ජීවිතවල ඉන්නවා හොඳම යාළුවෙක්. අපි යම්කිසි කෙනෙක්ව එහෙම හොඳම යාළුවා කරගන්නෙ ඇයි? එයාට ගොඩක් වෙලාවට පුළුවන් පහසුවෙන්ම අපේ ලෝකෙ තියෙන සංකල්පමය වටිනාකම අඳුරගන්න. හැම කෙනෙක්ටම අනිත් කෙනාගෙ ලෝකෙ ඇතුළට ගිහින් ඒ ලෝකෙ එයාට පේන විදිහ කොහොමද කියලා බලන්න බෑ. එහෙම බලන්න පුළුවන් කෙනෙක් විතරයි හොඳම යාළුවා බවට පත්වෙන්නෙ. අඬන වෙලාවට උරහිසක් දෙන්න පුළුවන් කෙනා හොඳම යාළුවෙක්. වැටුණ වෙලාවක අත දෙන්න පුළුවන් කෙනා තමයි හොඳම යාළුවා වෙන්නෙ. හැබැයි ඒ හැම එකක් අස්සෙම හොඳම යාළුවෙක්ගෙ හැංගුණ න්‍යාය පත්‍ර නෑ.

හොඳම යාළුවා කවදහරි පෙම්වතා, පෙම්වතිය වීම හෝ සැමියා, බිරිඳ වීම විරල වෙන්න පුළුවන්. මොකද එතනදි අනුරාගය කියන දේ ටිකක් අඩු වෙන නිසා. අනිවාර්යයෙන්ම පෙම්වතා සහ පෙම්වතිය අතරේ අනුරාගී හැඟීම් තියෙන්නම ඕනෙ. නමුත් ඒක හොඳම යාළුවො දෙන්නා අතරේ නැති වෙන්න පුළුවන්. සැමියා, බිරිඳ කිව්වම එතන නෛතික රාමුවක් තියෙනවනෙ. ඒත් එක්කම කසාදෙ දවසට මාර වගකීම් ගොන්නක් සැමියෙක් විදිහට මනමාලයට පැවරෙනවා.

එතනින් පස්සෙ ඔහුට හැමවෙලේම සමාජ පීඩනයක් තියෙනවා. ගොඩක් වෙලාවට වෙන්නෙ සැමියගේ භූමිකාව ඒ කෙනා ඇඳගන්නවා. එතකොට වෙන්නෙ හොඳම යාළුවා සහ හොඳම යෙහෙළිය කියන රෝල් එක ප්ලේ කරන්න ඒ අයට බැරි වෙනවා. සමාජයෙන් දීලා තියෙන වගකීම් නිසාම සැමියා, බිරිඳ කිව්ව ගමන්ම ඔළුවට එන්නෙ ඒ අයගෙන් වෙන්න ඕන යුතුකම් සහ වගකීම්. ඒක හරි. පෙම්වතා, පෙම්වතිය කාලෙට වඩා සැමියා, බිරිඳ වුණ කාලෙක වගකීම් පැවරෙනවා.

පෙම්වතා, පෙම්වතිය කියන රෝල් එක හරියට වෙරළෙ ඉඳගෙන මුහුද දිහා බලන් ඉන්නවා වගේ වැඩක්. හැබැයි සැමියාගේ සහ බිරිඳගේ රෝල් එක කියන්නෙ මුහුද මැද්දෙ නැවක් පදවනවා වගේ වැඩක්. අපි දන්නෙ නෑ ඊළඟට එන රැල්ල මොන වගේ වෙයිද කියලා. ඊළඟට එන්නෙ ටොනේඩෝ එකක්ද කුණාටුවක්ද කියල අපිට කියන්න බෑ. ඒත් හොඳම යාළුවෙක් එක්ක මේ නැව පදවනවනම් එන ඕනම දේකට ඒ දෙන්නා මුහුණ දෙන්න ලෑස්තියි.

‘අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්
ඉඩ ලබාගනිමු තරමින් වියතක්
හඳ පානේ… මද අඳුරේ…


අත් පටලා යමු ආයේ…’ මේ සින්දුවට එක එක්කෙනා එක එක අර්ථකථන දෙනවනෙ. මේ අතරින් වැඩියෙන්ම මේ සින්දුව අර්ථ නිරූපණය කරන්නෙ මේක අනියම් සම්බන්ධතාවයක් ගැන කියවෙන සින්දුවක් කියලා. ඒත් මේකෙන් කියවෙන්නෙ අනියම් සම්බන්ධතාවයක් ගැන නෙවේ. මේ සින්දුවෙන් කියවෙන්නෙ ආර්ථික පීඩාවලින්, විවිධ වගකීම්වලින් බැඳුණු හස්බන්ඩ්, වයිෆ් කියන රෝල් එකෙන් ටික වෙලාවකට මිදිලා සැහැල්ලුවෙන් යන ගමනක් ගැනයි. හොඳම යාළුවො වුණාම ඒ අයට සැමියා, බිරිඳ ඉස්සරහා වෙනම චරිතයක් ආරූඪ කරගන්න වුවමනා නෑ.

ඕන විදිහට කන්න බොන්න, ඕන විදිහට හැසිරෙන්න නිදහස තියෙනවා. යම්තාක් දුරකට හෝ හොඳම යාළුවා කියන භූමිකාව නැත්නම් සැමියගෙයි බිරිඳගෙයි සම්බන්ධතාවය පවතින්නෙ නෑ. ගොඩක් වෙලාවට අපි දකිනව එක්කො සැමියා බිරිඳට ගහලා, පිහියෙන් ඇනලා. නැත්නම් බිරිඳ සැමියට ගහලා. ඒත් හොඳම යාළුවො වගේ ඉන්න සැමියෙක් සහ බිරිඳක් තරහා වුණත් ඒ තරහා තියෙන්නේ එක්කො පැයක් එකහමාරක් වගේ. උපරිම දවසක් කතා නොකර ඉඳී. හැබැයි ගහමරාගන්නෙ නෑ.

මම මේකට හොඳ උදාහරණයක් කියන්නම්. දවසක් මං ගාවට ආවා කපල් එකක්. හොඳම යාළුවො වගේ ඉන්න දෙන්නෙක්. නමුත් ඒ දෙන්නට ලිංගික ගැටලුවක් තිබුණා. ඒ කියන්නෙ දෙන්නට දෙන්නා ලිංගිකව ගැළපෙන්නෙ නෑ. හැබැයි ඒ දෙන්නා පට්ට යාළුයි. දෙන්නම සතුටින් ජීවත් වෙනවා. එකම ගැටලුව අර ලිංගිකව නොගැළපීම. අනිත් එක ගෑනු ළමයට පොඩි ඔපරේෂන් එකක් කරලා තිබුණ නිසා විවිධ සංකූලතා තිබුණා. එතනදි සැමියා කිව්වෙ මම බිරිඳට යම් කාලයක් ඒ වෙනුවෙන් දෙන්න ඕන කියල. හිතන්නකො එහෙම හොඳම යාළුවො වගේ නැති දෙන්නෙක්ට ඔහොම දෙයක් වුණොත් ඇති වෙන තත්ත්වය කොහොමද කියලා.

ඇත්ත යාළුකමක් සැමියා, බිරිඳ අතරෙ තියෙනවනම් අනිත් දේවල් කිසිසේත්ම අදාළ නෑ. ඔළුවට බරක් වෙන්නෙ නෑ. එකිනෙකාගෙ අඩුපාඩු පේන්නෙත් නෑ. අපේ ඇඳුමක අඩුපාඩුවක් තිබුණොත් ඒක හාස්‍යයට ලක්කරන්නෙ හොඳම යාළුවා නෙවේනෙ. හොඳම යාළුවා කරන්නෙ ඒ අඩුපාඩුව වහන්න උත්සාහ කරන එක. ඕක ඔය විදිහටම සැමියා සහ බිරිඳ රෝල් එකටත් ඇප්ලයි වෙනවා. මුහුදෙ බෝට්ටුවක් පදවද්දි කුණාටුවක් ආවොත් දෙන්නා දෙපැත්තට හබල් ගහල හරියන්නෙ නෑ. එකම පැත්තකට හබල් ගැහුවොත් විතරයි දෙන්නටම ගොඩයන්න පුළුවන්.

මනෝ විද්‍යාඥ,
ආචාර්ය අශෝක් ප්‍රියදර්ශන

එරංදි කෞශල්‍යා ✍️



 

TAGGED: Dr. Ashok Priyadarshan, Husband, Psychologist, wife, බිරිඳ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?